Phone එකට හොඳ Power Bank එකක් තෝරාගමු

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Phone එකට හොඳ Power Bank එකක් තෝරාගමු

    ගොඩක් අය PowerBank හොයන නිසා දැම්මේ
    මේක Apple සම්බන්ද site එකේ තිබ්බේ එත් Apple ගැන කියල තිබ්බට එත් ඕනෙම Phone එකකට වැදගත් නිසයි දැම්මේ

    iPhone එකක් පවිච්චි කරන අයට තියන ලොකු ප්‍රශ්නෙයක් තමයි Battery එක.
    තියන දේවල් ඔක්කොම Off කරලා iPhone එක පාවිච්චි කරලා වැඩක් නැති හින්දත් ගොඩක් අය Power bank එකක් ගන්න යනවා
    එත් මෙතැනදී ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ අපි ගන්න Power bank එක ගැන මොකාද
    දැන් ලංකාවේ වෙළඳපොලේ කියන්න බැරි තරම් Power Bank models තියනවා.
    iPhone එකට Power bank එකක් ගන්නවානම් නමක් නැති company එකක් නැති Power bank නොගත්තට කමක් නැ මොකද ඒවායේ ප්‍රමිතිය ගැන සහතිකයක් කාටවත් දෙන්න බැරි හින්දා
    මෙතැනදී Apple Site එකේ තියන Power banks ඔක්කොම recommend කරන්න පුළුවන් මොකද ඒවා
    Apple එකෙන්ම certify කරලා තියන නිසා එත් ඒවා වල ගණන් වැඩි කියලා ලංකාවේ අය විතරක් නෙමයි
    ලෝකෙම අය කියන දෙයක් එක නිසා මෙතන ඉඳන් අඩු ගානකට iPhone එකට support කරන හොඳ
    Power banks ටිකක් ගැන කියන්නම.
    Impotent :- ඕනෙම Power bank එකක එකේ දාලා තියන store කරගන්න පුළුවන් mAh ගානට වඩා අඩු අගෙයක් තමයි output කරන්නේ කියලා මතක තියාගන්න.
    Xiaomi Power Bank 5000 mAh

    මේක හොඳ Power bank එකක් කියන්න පුළුවන් මේක ගොඩක් ම වැදගත් වෙන්නේ iPhone 4,,4s ,5,5s,SE පාවිච්චි කරන අයට මොකද
    ඒවා වල battery eke mAh ප්‍රමාණය අඩු නිසා දෙපාරක් වගේ මේකෙන් full charge කරන්න පුළුවන් iPhone 6,6s පාවිච්චි කරනවානම් එත් මේක පාවිච්චි
    කරාට කමක් නැ නමුත් දෙපාරක් full charge කරන්න බැරි උනත් එක පාරක් ++ නම් පුළුවන් වෙයි නමුත්
    iPhone 6 plus හරි 6s plus හරි පාවිච්චි කරන කෙනෙක් නම් මේක එච්චර හොඳ Power bank එකක් නෙමෙයි.

    Anker PowerCore 5000 mAh

    PowerCore 5000 කියන්නේ Anker company එකෙන් හදන හොඳ Power bank එකක් මේක හැබැයි ටිකක්
    ගණන් කියන්න පුළුවන් මොකද මේ Power bank එක ගොඩක්ම target කරලා හදල තියෙන්නේ Europe users ලට නිසා මේක මෙහෙ ටිකක් හොයාගනත් අමාරුයි නමුත් ගන්න පුළුවන් නම් iPhone user කෙනෙකුට හොඳ
    Power bank එකක් කියන්න පුළුවන්. මේකෙත් හැබැයි කලින් කතාකරපු Xiaomi Power Bank 5000mAh එකේම capacity තියන නිසා ඒ සමානවම තමයි charge කරන්න නම් පුළුවන් වෙන්නේ.
    Huawei Power Bank 4800 mAh

    Huawei එකෙන් හදන මේ Power bank එකත් දැනට ගොඩක් ප්‍රසිද්ද ගොඩ දෙනෙක් පාවිචිචි කරන Power bank එකක් මේකත් වැඩි මුදලක් වියදම් නොකර
    ගන්න පුළුවන් තමන්ගේ iPhone battery එකට මේක ගලපෙනවානම් ගත්තට කමක් නැ මේකත් අර කලින් කිව්වා වගේ iPhone 6 plus හරි 6s plus පාවිච්චි
    කරන කෙනෙක් නම් පොඩ්ඩක් හිතල
    බලලා ගන්න මොකද Power bank එකක් ගන්න එකේ අඩුම iPhone එක එක පාරකට වඩා charge කරන්න පුළුවන් එකක් ගන්න එක හොඳයි.

    Xiaomi Power Bank 10,000 mAh

    මේකත් Xiaomi එකෙන්ම හදන හොඳ Power bank එකක් කලින් කතා කරපුවට වඩා මේකේ විශේෂත්වය තමයි මේකේ වැඩි වාර ගණනක් iPhone එක charge කරන්න පුළුවන් හැකියාව,
    iPhone 6 plus හරි 6s plus පාවිච්චි
    කරන කෙනෙක් නම් මේක තමයි හරියටම හරියන Power bank එක මොකාද මේකෙන් දෙපාරකට
    වැඩි වාර ගානක් charge කරන්න පුළුවන් වෙන නිසා ගොඩක් වැදගත්.

    Xiaomi Power Bank 16,000 mAh

    අයෙත් Xiaomi එකෙන් හදන එකක් නමුත් මේක නම් normal user කෙනෙකුට වැදගත් Power bank එකක් නෙමෙයි මොකද මේකේ 16,000 mAh තිබ්බට කලින් කියපු ඒවාට වඩා size
    එකෙන් ගොඩක් ලොකුයි එක නිසා මේක ගොඩක් ම වැදගත් වෙන්නේ ගෙදරින් පිට ඉන්න
    කෙනෙකුට හරි Travel කරන කෙනෙකුට හරි එහෙම කෙනෙක් නම් මේක තමයි වටිනාම Power bank එක.
    Impotent :-කියපු Power bank වලම Fake/Duplicate ඒවා Sri Lankan Market එකේ තියන නිසා ගනිද්දී සැලකිලිමත් වෙන්න.

    උපුටගනිමකි Apple SL : http://www.applesl.com/how-to-choose-power-bank-for-iphone-in-sri-lanka-sinhala/