මීවනපලානේ මොඩර්න් බණ!

Jul 5, 2012
1,773
265
0
පින්වත් ජිංතක ජිල්ලබකිට,



මෙසේ සිතා අවශ්‍ය විටෙකත් පරප්‍රවාදයන් මැඩීමට ක්‍රියා නොකරනවානම් එය සුදුසු දෙයක් නොවෙයි. බුදු සසුනේ ශ්‍රාවක භික්ෂූහු වේවා, භික්ෂුණීහු වේවා, උපාසක වේවා, උපාසිකා වේවා පරප්‍රවාද මතුවූ විට එම පරප්‍රවාදයන් කරුණු සහිතව මැඩලීමට සිව්වනක් පිරිස ක්‍රියා කල යුතුයි. මහාපරිනිර්වාණ සූත්‍රයේ බුදු රජානන් වහන්සේ හා මාරයා සමඟ වූ කතා බහ කියවා බලන්න (http://thripitaka.org/view/sp/sp2/178 අංක 61න් පටන් ගන්නා කොටසේ මේ ගැන සඳහන්).

මේ නිසා "මීට පසු මම මේවගේ විඩියෝ පෝස්ට් නොකරමි." ලෙසින් අන්තයකට යෑම නම් සුදුසු නැහැ.

අධර්මයත්, අවිනයත් මේ වන විට බහුල ලෙසින්ම බුදු සසුන වහ වහා අතුරුදහන් කිරීමට ක්‍රියා කරනවා. අධර්මයත්, අවිනයත් බහුල පිරිස් විසින් පිළිගන්නා විට ධර්මයත්, විනයත් මේ යැයි ගෙන හැර දක්වන්න ක්‍රියා කිරීම පහසු ක්‍රියාවක් නොවෙයි. මෙහි ඇති අපහසුව ගැන විනය පිටකයේ ඇති සත්තසතිකා විනය සංගායනාව (http://thripitaka.org/view/vp/vp4p2/590) ගැන කියවා තේරුම් ගත හැකියී. එම සංගායනාව සිදුව ඇත්තේ බුදු රජානන් වහන්සේ පිරිනිවී අවුරුදු 100 කට පසුව. රහතන් වහන්සේලාත් බහුල ලෙසින් සිටි ඒ කාලයේත් එසේ නම් අද අපට ඇති අපහසුව ගැන කවර කතාද? අනික අපි උනත් දැනගත යුතු හැම දෙයක්ම දන්නේත් නැහැනේ.

ඔබ මීවනපලානේ දෙව්දත් බණ වීඩියෝව අධර්මයක් ලෙසින් ගෙන හැර දැක්වීමෙන් කලේ බුදු රජානන් වහන්සේ තම ශ්‍රාවකයින්ගෙන් බලාපොරොත්තු වූ දෙයක්මයි. කී දෙනෙක් නම් ඔවැනි දෙව්දත් බණ අසා ඒ බුදු දහම් යැයි මුලාවට වැටෙනවාද? ඉතින් ඔබ කල දේ නිසා අඩු තරමින් යම් හෝ පිරිසක් මීවනපලානේ දෙව්දත් බණ අපායගාමී දේශනාවන් ලෙසින්ම හේතු සහිතව දකීවී. ඒ යම් හෝ පිරිසක් අසද්ධර්මයෙන් මුදවා සද්ධර්මයේ පිහිටුවීමට ඔබේ ක්‍රියාව පිටුවහල් වීම කෙතරම් අනර්ඝද?

"වැඩි වැඩියෙන් දොස් සහිත දේම ගෙන හැර දක්වන්න එපා. සමතුලිත බවක් ඇති කර ගන්න." ලෙස මම පැවසුවේ මෙවන් වීඩියෝ පෝස්ට් නොකර ඉදීම සුදුසු යැයි යන අදහසින් නොවෙයි. විද්‍යා ආලෝකය වෙනුවට අවිද්‍යා අන්ධකාරය පතුරුවන මීවනපලානේ දෙව්දත් බණ වන් දේශනාවන් පුන පුනා ශ්‍රවණය කරන්න යෑම සුසුදු නැහැ, සොයන්න යැම සුදුසු නැහැ. හොදම දේ තමයි අවිද්‍යා අන්ධකාරය පතුරුවන මෙවන් දේශනාවන් අවිද්‍යා අන්ධකාරය පතුරුවන දේශනාවන් ලෙස කරුණු සහිතවම තේරුම් ගෙන එවන් දේශනා කසල ගොඩටමයි සුදුසු යැයි දකිමින් නැවත එවන් කසළ දේශනාවන් අහන්න නොයා, විමසන්න නොයා ඒ වෙනුවට ධර්මයත්, විනයත් දෙසටම යොමු වීම. බහුල ලෙසින් ධර්මයට හා විනයට යොමු වීම හේතුවෙන් අධර්මය හා අවිනය යනු කුමක්දැයි වෙන් කොට වටහා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ හැකියාව වැඩි වැඩියෙන් තමා තුලම ඇති කරගන්නා විට අධර්මයත්, අවිනයත් අහන්න ලැබුනොත් අන් අයටත් විස්තර ඇතිව අධර්මය අධර්මය ලෙසිනුත්, අවිනය අවිනය ලෙසිනුත් පැහැදිලි කර දීමට හැකියී. අධර්මය හා අවිනය ධර්මය හා විනය ලෙස ගෙන හැර දක්වන දේශනාවන් අහන්න වැඩි පුර අපි කාලය මිඩංගු කලොත් ධර්මයත්, විනයත් ගැන සොයන්න අපට ඇති කාලය අඩු වෙනවා. එය අප අපටම කර ගන්නා හානියක්. ඒ නිසා අප ක්‍රියා කල යුත්තේ වැඩි වැඩියෙන් අපව ධර්මයත්, විනයත් දෙසටම යොමු වන ආකාරයට. එසේ ධර්මයටත්, විනයටත් වැඩි වැඩියෙන් යොමු කෙරෙන ප්‍රතිපත්තියක අප ක්‍රියා කරමින් කරුණු කාරණා සහිතව පරප්‍රවාදයන් මැඩීමට යම් උත්සාහයක් ගත්තොත් අන්න ඒ උත්සාහයත් අප තුල ධර්ම අවබෝධය තව දුරටත් වැඩි කිරීමටම හේතු වෙනවා.

සද්ධර්මය බෙහෙවින්ම සියුම්. නොපසක් කල දහම් පසක් කිරීම මේ සියුම් බව නිසා පහසු නැහැ. නොපසක් කල දහම් පසක් කිරීම පිණිස නීවරන ධර්මයන් යටපත් කිරීමට නම් සිතේ මනා වූ තැන්පත් බව ඇති කරගැනීම උවමනායි. ඉතින් යම් අධර්මයක්, අවිනයක් අන් අයගේ හිත සුව පිණිස අධර්මයක්, අවිනයක් ලෙසම ගෙන හැර දක්වන්න යෑමේදී තමන්ගේ සිතේ තැන්පත් බව පවත්වාගෙනම එම ක්‍රියාව කරන්න උත්සාහ ගැනීම තමයි සුදුසු. නමුත් බහුල ලෙසින් වරදවා ගන්නා ලද පිරිසකට ධර්මය මෙයයි, විනය මෙයයි, අධර්මය මෙයයි, අවිනය මෙයයි ලෙසින් ඔවුන්ගේම හිත සුව පිණිස දක්වන්න යෑම කර්කශ සහ චණ්ඩ විය හැකියී. මෙසේ වූ විට අන් අය නිවැරදි බවට පමුණුවන්න උත්සාහ ගන්නා පුද්ගලයාට තම සිතේ ඇතිවන බිය හෝ නොසන්සුන්කමක් නිසා නීවරන ධර්ම යටපත් කිරීම අපහසු විය හැකියී. මෙසේ වූ විට නොපසක් කල සියුම් දහම් පසක් කිරීම තාවකාලිකව හෝ අපහසු වෙනවා. මේ හේතුව නිසා අධර්මයක්, අවිනයක් අහන්න ලැබුනොත් සහ එම කරුණු අධර්මයක්, අවිනයක් ලෙසින්ම වටහා ගන්න හැකි වුවත් මම උනත් හැම විටම ඒ ගැන කියන කෙනාට හෝ අන් අයට කියන්න යන්නේ නැහැ. නමුත් සුදුසු යැයි හිතෙන අවස්ථාවලදී මම ඒ ගැන පවසනවා. සමහර පුද්ගලයන්ට කියන්න යෑම එහෙම් පිටින්ම නිශ්ඵලයි.

අංගුත්තර නිකායේ දුක නිපාතයේ පුග්ගල වග්ගයේ ඇති එකාදසම සූත්‍රයේදී (2.2.6.11 - http://thripitaka.org/view/sp/sp12/188) බුදු රජානන් වහන්සේ විසින් අසත්පුරුෂයෝ එක්ව වසන අයුරුත්, සත්පුරුෂයෝ එක්ව වසන අයුරුත් පවසා තිබෙනවා. තමන්ගේ දෝෂයන් අන් අය දක්වනවාට කැමතිත් නැතිව, තමන් අන් අයගේ දෝෂ දක්වන්න යන්නෙත් නැතිව අසත්පුරුෂයෝ එක්ව වසනවා. තමන්ගේ දෝෂයන් අන් අය දක්වනවාට කැමතිවත්, අනුන්ට හිතානුකම්පී බැවින් අන් අයගේ දෝෂ දැක්වීමෙනුත් සත්පුරුෂයෝ එක්ව වසනවා. භික්ෂූන් වහනසේලාට දේශනා කර තිබුනත් මේ සූත්‍රය අපි හැමෝම කවර ලෙසින් අපේම යහපත පිණිස කටයුතු කල යුතු දැයි වටහාගන්න උදව් කරනවා. ඉතින් ඔබ අදාල පුද්ගලයාටම වැරැද්ද නොපැවසූ නමුත් ඔබට "බැරිම තැන, මිනිස්සු නොමඟ යන එක බලා ඉන්න බැරි නිසායි දැම්මේ." යැයි අදහසක් වූවානම් එයත් අනර්ඝයි. ඒ සත්පුරුෂයින් එක්ව වසන ආකාරයට අනුරූපයි. අන් අයත් එලෙසම හිතා අපේ දෝෂත් අපට තේරුම් ගන්න හැකි ආකාරයට අපටම දක්වනවානම් එය අපට කෙතරම් යහපත් දෙයක්ද? අන් අයත් මෙහි දක්වන ලද එකාදසම සූත්‍රයේ ඇති අසත්පුරුෂයෝ එක්ව වසන ආකාරයත්, සත්පුරුෂයෝ එක්ව වසන ආකාරයත් හොදින් තේරුම් ගෙන ඔවුනුත් සත්පුරුෂයෝ එක්ව වසන ආකාරයටම නැඹුරු උනොත් එයත් කෙතරම් යහපත් දෙයක්ද?

අද කාලේ බොහෝ භික්ෂූන් වහන්සේලා අසත්පුරුෂයෝ එක්ව වසන ආකාරයට තමයි ඉන්නේ. මේ නිසා ඔවුන් එක්ව නිරයට යනවා. ඒ ක්‍රමයෙන් අධර්මය වැඩි වැඩියෙන් පැතිරෙනවා මිස ධර්මය ඉස්මතු වන්නේ නැහැ. ඒ ක්‍රමයෙන් ඔවුන් විසින්ම සදධර්මය අතුරුදහන් කරනවා. වරදවා ගන්නා ලද භික්ෂූන් වහන්සේලාත් ඉන් මිදී සත්පුරුෂයෝ එක්ව වසන ආකාරයට යොමු උනොත් කෙතරම් භාග්‍යක්ද?

Skylark


ඔබට බොහෝ පිං. ඔබ නිතර නිතර මේ අඩවියට පැමිණ මෙසේ සියලු දෙනා දැනුවත් කරනවා නම් කොතරම් අපුරුද?
 
  • Like
Reactions: DjAtrocity

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පින්වත් ජිංතක ජිල්ලබකිට,

මම මේ ත්‍රෙඩ් එකේ ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම වැනි කරුණු ගැන ලියුවානේ. එම කරුණු ගැන තවත් විස්තර ටිකක් දන්වන්න හිතුවා. මොකද ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම වැනි කරුණුම උතුම් යැයි යම් අයෙක් හිතා ඒ පිණිස දහම් අවබෝධ කරන්න ගියොත් ඒ පුද්ගලයාට සිදුවන්නේ අයහපතක්මයි. එහෙම කරන පුද්ගලයාගේ දහම් අවබෝධ කිරීම සාර්ථක වෙන්නේ නැහැ.

නමුත් ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම යන කාරණාවන් කරන්න කියාත් බුදුරජානන් වහන්සේ පවසා තිබෙනවානේ. ඒ නිසා කවරක් උතුම් යැයි සිතා දහම් අවබෝධයට යොමු විය යුතුද, කවර ස්වරූපයකින් තමන්ට හා අන් අයට ප්‍රයෝජනයක් ඇති ලෙස ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම යන කරුණු වෙත යොමු විය යුතුද යන්න ගැන බුදුරජානන් වහන්සේ පවසා ඇති දහම් කරුණු කිහිපයක් මෙහි දැක්වෙනවා.

විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ පාතිමොක්ඛට්ඨපනක්ඛන්ධකයේ උපාලි ස්ථවිරයන් වහන්සේට බුදුරජානන් වහන්සේ ශාසන ශොධනය කරනු කැමති භික්ෂූහු විසින් සලකා බැලිය යුතු කරුණු පහක් විස්තර කර තිබෙනවා. මෙන්න මෙතන ඒ කරුණු දැකිය හැකියී: http://thripitaka.org/view/vp/vp4p2/478 . මම මේ කරුණු කලින් දැන හිටියේ නැහැ. බොහෝම අපුරු කරුණු පහක් මෙහි විස්තර වෙනවා.

විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ පාතිමොක්ඛට්ඨපනක්ඛන්ධකයේම ඉහත කරුණු වලට පසුව "පරහට චොදනා කරනු කැමති චොදක භික්ෂුව විසින් කෙතෙක් කරුණු තමා කෙරෙහි සලකා බලා අන්‍යයා චොදනා කළයුතු ද?" යන කරුණු විස්තර කර තිබෙනවා. ඒ මෙතන: http://thripitaka.org/view/vp/vp4p2/480 . මේ කරුණු නම් මට මතකයි සූත්‍ර පිටකයේත් තිබූ බව.

සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මූල පන්නාසකයකයේ ඕපම්ම වග්ගයේ අලගද්දූපම සූත්‍රයේ [ අලගද්දූපම සූත්‍රය - http://thripitaka.org/view/sp/sp4/344 ] මෙහෙම සඳහන් වෙනවා:

20. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සුත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන ධර්‍ම උගනිත්. ඔහු ඒ ධර්‍ම ඉගෙන ඒ ධර්‍මයන්ගේ අර්‍ථ‍ය ප්‍රඥාවෙන් පරීක්‍ෂා නො කරත්. නුවණින් අදහස මෙනෙහි නො කරන්නා වූ ඔවුන්ට ඒ ධර්‍මයෝ මැනැවින් නො වැටහෙත්. ඔහු පරවාදයන්හි දොස් නැඟීම අනුසස් (ප්‍රයෝජන) කොට ඇත්තාහු, ‘මෙසේ වාදයෙන් මිදෙමු’ යි යන්න අනුසස් කොට ඇත්තාහු ධර්‍මය උගනිත්. යමක් සඳහා ධර්‍මය හදාරත් නම්, ඒ ප්‍රයෝජන ද නො ලබත්. ඔවුන්ට වරදවා ගත් ඒ ධර්‍මයෝ බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිත්. එය කවරහෙයින යත්: මහණෙනි, දහම් වරදවා ගත් හෙයිනි.

21...

22. මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් කුලපුත්‍ර කෙනෙක් සුත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන ධර්‍ම හදාරත්. ඔහු ඒ ධර්‍ම ඉගෙන ඒ ධර්‍මයන්ගේ අර්ථය නුවණින් පරීක්‍ෂා කරත්, නුවණින් අර්ථ පරීක්‍ෂා කරන්නා වූ ඔවුන්ට ඒ ධර්‍මයෝ වැටහෙත්. ඔහු පරවාදයෙහි දොස් නැංවීම අනුසස් කොට ඇත්තාහු ද ධර්‍මය නො උගනිත් . ‘මෙසේ වාදයෙන් මිදෙමු’යි යන්න අනුසස් කොට ඇත්තාහු ද ධර්‍මය නො උගනිත්. යමක් සඳහා උගනිත් නම් ඒ ධර්‍මයාගේ ඒ ඵලය ද ලබත්. ඔවුන් විසින් මැනවින් උගත් ඒ ධර්‍මයෝ ඔවුන්ට දිගුකලක් හිත පිණිස සුව පිණිස පවතිත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, ධර්‍මයන් මැනවින් උගත් බැවිනි.
මේ අලගද්දූපම සූත්‍රයේ සර්පයා අල්ලා ගන්නා ආකාරය ගැන උපමාව සහ පහුර උපමාවත් සඳහන්.

ඉතින් තමන්ටත්, අනුන්ටත් ප්‍රයෝජනය පිණිස දහම් හදාරන අය දහම් හදාරන්න ඕනෑ පරවාදයෙහි දොස් නැගීමම උතුම්ය යන අදහසින් නොවෙයි. දහම් අවබෝධය ලැබීමම උතුම් ලෙස සලකා ඒ උතුම් කාරණාව පිණිස තමයි දහම් හදාරන්න ඕනෑ. දහම් අවබෝධයම උතුම් ලෙස සලකා බුදුරජානන් වහන්සේ පවසා ඇති පරිදි ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම යන කරුණු කෙරෙහිත් සුදුසු සේ එළබෙන ලෙසින් ප්‍රතිපදාවේ යෙදෙන අය ධර්මයේ ඵලය ලැබීමටත් සමත් වෙනවා, අන් අය කෙරෙහිත් යහපතක්ම කරනවා.

මම මේ ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම යන කරුණු ගැන මතුවටත් මෙහි විස්තර සඳහන් කිරීම සුදුසු යැයි හිතනවා. මේ ත්‍රෙඩ් එකේ මගේ මුල්ම කමෙන්ටුවේදී බුදුරජානන් වහන්සේ දාරුකම්‌මික සූත්‍රයේදී [ දාරුකම්‌මික සූත්‍රය - http://thripitaka.org/view/sp/sp15/193 ] ගිහියන්ටත් පවසලා තියෙනවා භික්ෂූන්ව ගරහන්න කියා ලෙස මම සඳහන් කලානේ. යම් අයෙක් එම සූත්‍රයේ දුටු පමණින් ගිහියන් භික්ෂූන්ව ගරහනවා කියන කාරණාව ලිහිල්ව සලකලා භික්ෂූන්ව ගරහන්න ගියොත් ඒක බොහෝම විනාශකාරී ප්‍රතිඵල ඇති කරන්න පුළුවන්. මේ කරුණේදිත් ඉහත සදහන් කල උපාලි ස්ථවිරයන් වහන්සේට බුදුරජානන් වහන්සේ පවසන ලද කරුණු, අලගද්දූපම සූත්‍රයේ සඳහන් කරුණු ආදිය ගැන චෝදනා කරන අය හොදින් සලකා බලන්න වටිනවා. අතිරේක කරුණුත් මතුවට සඳහන් කරන්නම්. පිහියක මිටෙන් අල්ලා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. නමුත් තලයෙන් අල්ලා පාවිච්චි කරන්න ගියාම කැපෙනවා. එවන් දහම් කරුණු බොහෝ පවතිනවා. මෙයත් ඒ වගේ දෙයක්. වැරදි ලෙස භික්ෂූන්ට චෝදනා කරන්න ගියොත් සුළු පටු නොවන මහා පරිමාන විනාශයක් ඒ චෝදකයින් තමන්ටත්, අන් අයටත් කරනවා. නිවැරදි ලෙසින් කලොත් එය තමන්ටත්, අන් අයටත් යහපත් ඵල ඇති කරනවා.

ධර්මය කුමක්ද, අධර්මය කුමක්ද, විනය කුමක්ද, අවිනය කුමක්ද යන්න දැන ගැනීම සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයින්ට බොහෝම ප්‍රයෝජනවත්. මතුවටත් ත්‍රිපිටකය අනුසාරයෙන්ම මනා සේ ගැලපෙන ලෙස දේශනා කර ඇති ධර්ම, විනය කරුණු ගැන තව තවත් සොයා බලමු.

Skylark
 
Last edited:

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අපි කවුරුද බුද්ධ ශාසනයක නව විනය නීති දමන්න ,, බුදු රජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහිම සිත පහදවා ගන්න ...:):)


    මහ රහතුන් වැඩි මඟ ඔස්සේ....
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    අපේ මේ ත්‍රෙඩ් එක මාතෘකා වූ මීවනපලානේ හාමුදුරුවෝ තමාගේ දොඩමළු බව නිසා තමාත් නිරයට පාර කපා ගන්නවා, අනුන්ගේත් නිරයට පාර කපනවා.

    සඞ්ඝභෙදය කියන්නේ මහා පරිමාණ පාප කර්මයක්. ඔබ දන්නවාද මේ හාමුදුරුවෝ සඞ්ඝභෙදය ගැන කියන්න ගොස් ඒ කාරණයත් පටලවාම කී ආකාරය සහ අවසානයේ අහගෙන සිටි අය සාධු සාධු යැයි කියමින් ඒ අධර්මය, ඒ අවිනයම පිළිගත් ආකාරය?

    ඒ සඞ්ඝභෙදය ගැන විස්තරයම සඞ්ඝභෙදයට තුඩු දෙන ක්‍රියාවක්. මේ දේවල් බලා සම්මා සම්බුද්ධ ශාසනය විනාශ වෙන හැටි ඉගෙන ගන්න පුළුවන්. දැනගන්න කැමති නම් විස්තර කර කියන්නම්. සඞ්ඝභෙදය ගැන විස්තර නොදන්නා අය ඉන්න පුළුවන්. මීවනපලානේ හාමුදුරුවන්ගේ සඞ්ඝභෙදය ගැන දොස් සහිත විස්තරය අහලා වරදවා වටහා ගත් නමුත් නිවැරදි දේ වටහාගන්න හැකි අය ඉන්නත් පුළුවන්.

    තමනුත් නොමඟ ගොස් අනුනුත් නොමඟ යවන මේ හාමුදුරුවන්ගේ ක්‍රියාවන් දිහා බලපුවාම මේ හාමුදුරුවෝ කවර අපායක ඉපිද කවර දුක් විදීවිදැයි හිතා ගන්නත් අමාරුයි. මේ හාමුදුරුවෝ වටේ ගෝල බාලයෝවත් නැද්ද දන්නේ නැහැ මේ හාමුදුරුවන්ව මේ වැටෙන්න යන අගාධයෙන් බේරන්න. හරිම අභාග්‍යයක්නේ මෙහෙම වීම.

    Skylark
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    අපේ මේ ත්‍රෙඩ් එක මාතෘකා වූ මීවනපලානේ හාමුදුරුවෝ තමාගේ දොඩමළු බව නිසා තමාත් නිරයට පාර කපා ගන්නවා, අනුන්ගේත් නිරයට පාර කපනවා.

    සඞ්ඝභෙදය කියන්නේ මහා පරිමාණ පාප කර්මයක්. ඔබ දන්නවාද මේ හාමුදුරුවෝ සඞ්ඝභෙදය ගැන කියන්න ගොස් ඒ කාරණයත් පටලවාම කී ආකාරය සහ අවසානයේ අහගෙන සිටි අය සාධු සාධු යැයි කියමින් ඒ අධර්මය, ඒ අවිනයම පිළිගත් ආකාරය?

    ඒ සඞ්ඝභෙදය ගැන විස්තරයම සඞ්ඝභෙදයට තුඩු දෙන ක්‍රියාවක්. මේ දේවල් බලා සම්මා සම්බුද්ධ ශාසනය විනාශ වෙන හැටි ඉගෙන ගන්න පුළුවන්. දැනගන්න කැමති නම් විස්තර කර කියන්නම්. සඞ්ඝභෙදය ගැන විස්තර නොදන්නා අය ඉන්න පුළුවන්. මීවනපලානේ හාමුදුරුවන්ගේ සඞ්ඝභෙදය ගැන දොස් සහිත විස්තරය අහලා වරදවා වටහා ගත් නමුත් නිවැරදි දේ වටහාගන්න හැකි අය ඉන්නත් පුළුවන්.

    තමනුත් නොමඟ ගොස් අනුනුත් නොමඟ යවන මේ හාමුදුරුවන්ගේ ක්‍රියාවන් දිහා බලපුවාම මේ හාමුදුරුවෝ කවර අපායක ඉපිද කවර දුක් විදීවිදැයි හිතා ගන්නත් අමාරුයි. මේ හාමුදුරුවෝ වටේ ගෝල බාලයෝවත් නැද්ද දන්නේ නැහැ මේ හාමුදුරුවන්ව මේ වැටෙන්න යන අගාධයෙන් බේරන්න. හරිම අභාග්‍යයක්නේ මෙහෙම වීම.

    Skylark
    ඔබට කාල වේලා තිබේ නම් අපි ගැන අනුකම්පාවෙන් විස්තර කරන්නේ නම් බොහෝ පින්! මේ විකාර දැක්කාම මට නම් විශාදය හැදෙන තරම් කලකිරීමක් ඇති වෙනවා.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මට මේ ඉහත විඩියෝ එක දැක්කම සිහියට එන්නෙ අර ටීවී එකේ තෙල් බේත් (ඔයෙ එක එක වර්ගයේ ක්‍රීම්, ආලේපන ) විකුණන ඇඩ්ස් වල දාන ටෙස්ටිමෝනියල්. අර අන්තිමට කියන්නේ මම වර්ග 150 ක් පාවිච්චි කලා මේක තමයි සත්‍යය! කියලා.
    මේ කියන මීවණ පලානේ ගේ ධරමය අහලා, කොමන් සෙන්ස් ටිකක් වත් තියෙනවනම් කල්පනා කර බලන්න- ඔය කියන දර්මය ඉතිහාසේ දන්න, හොයාගත්ත, එකම හාමුදුරුවෝ මෙයා විතරයි?? ඈ යකෝ ලංකාවේ හිටිය එකම රහතන් වහන්සේ නමක් වත් මේක දැක්කේ නැද්ද? ලංකාවේ අදටත් ඉන්න එකම මාර්ගපල ලාභියෙක්වත් මේ කියන අමුතු දර්මේ ගැන නොකියන්නේ ඇයි කියලා මැදහත් සිතින් විමසා බලන්න.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;20201359 said:
    මීවනපලානේ කියන ඒව ඇත්ත නම් මේ වර්ගපූර්ණිකාව ත් ඇත්ත! :lol::lol:

    මේ බ්ලොග් එක කරපු කෙනා "මීවන්පලානේ ජයරත්න" යන නම භාවිත කලේ සත්‍ය ඉතිහාසය සොයා ප්‍රකාශ කල මීවනපලානේ හිමියන්ට සහ ජයරත්න පතිරාරච්චි මහතාට අපහාස කරන අරමුණින්. මොහු කළේ හෙළ ඉතිහාසය අද්භූත ලෙස අතිශයෝක්තියෙන් හුවා දක්වා සැබෑ හෙල ඉතිහාසය විහිලුවට ලක් කර, හෙළ ඉතිහාසය ගැන සත්‍ය මතුවීම වලක්වාලීමයි.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ජිංතක ජිල්ලබකිට;20191364 said:
    ඔබට කාල වේලා තිබේ නම් අපි ගැන අනුකම්පාවෙන් විස්තර කරන්නේ නම් බොහෝ පින්! මේ විකාර දැක්කාම මට නම් විශාදය හැදෙන තරම් කලකිරීමක් ඇති වෙනවා.

    මිනිසුන්ගේ දහම් අවබෝධය පිණිසය කියමින් කරන විකාර දැක්කාම කලකිරීමක් ඇති වෙනවා නම් ඒක ස්වාභාවිකයි. ධර්ම අවබෝධය ඇති කරවීම දුෂ්කරයි. භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංතෙර අජපල් නුගරුකමුල වැඩ වසන විට සහම්පති බ්‍රහ්මයාගේ ආයාචනයට පෙර භාග්‍යවතුන් වහන්සේටම පහත පරිදි හිතුන බව සඳහන්:

    මම ද දහම් දෙසන්නෙම් නම් පරහුදු මාගේ ධර්මය දැන නොගන්නාහු නම් ඒ මට කළකිරෙනු වෙයි. ඒ මට වෙහෙසෙක් වෙයි.


    ඉහත පරිදි බුදුරජානන් වහන්සේම දහම් දෙසීමට මන්දෝත්සාහී වූ ආකාරය සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සගාථා වග්ගයේ බ්‍රහ්‌ම සංයුත්‌තයේ කෝකාලික
    වග්ගයේ ආයාචන සූත්‍රයේ [ ආයාචන සූත්‍රය - http://thripitaka.org/view/sp/sp7/274 ] දැකිය හැකියී. සූත්‍රය හොදින් කියවා බලන්න. සූත්‍රයේ පරිදි කලකිරීමට හේතුවත් විමසා බලන්න. එම කලකිරීම මැඩලිය යුත්තක් බවත් විමසා බලන්න.

    එළකිරියේ පෝස්ට් දැමීම, අන් අයට දහම් අවබෝධයට උදව් කිරීම, ඒ කාරණයෙන් අන් අයගෙන් දොස් හෝ පැසසුම් ලැබීම ආදී කරුණු වල හොදත් තිබෙනවා, නරකත් තිබෙනවා.

    එහි හොදක් නම් තමාගේම දහම් අවබෝධය වැඩිවීමට, තමාගේම දහම් අවබෝධය තියුණු වීමට එය රුකුලක් වීම. අන් අයෙකුගේ දහම් අවබෝධය පිණිස සුදුසු දහම් කොටස කවරක්ද, කවර උපමාවක් සුදුසුද, කවර කලෙක ඉදිරිපත් කල යුතුද, කවර ලෙසින් ඉදිරිපත් කල යුතුද ආදී ලෙස හිතන පුද්ගලයාගේ එම ක්‍රියාවන් ධර්මය සිහි කිරීම, පුනපුනා සිහි කිරීම සහ ධර්මය නුවනින් සෙවීම, නුවන හැසිරවීම, විමසීම සමඟමයි පවතින්නේ. මේ සතිසම්බොඡ්ඣඞ්ගය සහ ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගය. මේ ගැන සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ මහා වග්ගයේ බොජ්ඣඞ්ග සංයුත්තයේ පබ්‌බත වග්ගයේ සීල සූත්‍රයේ [ සීල සූත්‍රය - http://thripitaka.org/view/sp/sp11p1/174 ] දැකිය හැකියී. ඉතින් අන් අයගේ දහම් අවබෝධයට උදව් දෙන්න යෑම බොඡ්ඣඞ්ග ධර්මයන් වැඩීමට හේතුවක් වෙනවා.


    ඉතින් අන් අයගේ දහම් අවබෝධයට උදව් කිරීම කියන්නේ මහත් ඵල ඇති ක්‍රියාවක්. ඒ නිසා එහි වැඩි වැඩියෙන් යෙදෙන්න පුළුවන් නම් හොදයි.

    මහත් ඵල ඇති වැඩි වැඩියෙන් යෙදෙන්න පුළුවන් නම් හොද යැයි කී අන් අයගේ දහම් අවබෝධයට උදව් කරන්න යෑමේ නරකක් කුමක්ද? පාලනයක් නොමැතිව සීමාව ඉක්මවා එහි යෙදෙන්න ගියොත් අන් අයට දහම් අවබෝධ කරවන්නේ මෙසේ යැයි හිත හිතා ඉන්න පුද්ගලයා ඒ කාරණයම සියුම් ලෙසින් සමාධියට බාධාවක් කරගන්නවා. සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ තික නිපාතයේ ලොණඵල වග්ගයේ දහවන සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp12/490 ] පාංශුධෝවනය ගැන උපමාව භාවිතා කර අධිචිත්තයට බාධා කරන උපක්ලෙශයන් ඕළාරික, මධ්‍යමසහගත සහ සූක්ෂමසහගත ලෙස කාණ්ඩ තුනකට වෙන්කොට දක්වා තිබෙනවා. අධිචිත්තයේ යෙදෙන විට සූක්ෂමසහගත උපක්ලෙශ දුරු කිරීමෙනුත් මතුව ඇතිවන ධර්මවිතර්කය විශිෂ්ට දැනීමෙන් (අභිඤ්ඤා) දතයුතු දහම් ප්‍රත්‍යක්ෂ කිරීමට සුදුසු ශාන්ත, ප්‍රණීත, කෙලෙස් සන්සිඳුනු, එකඟ බවට පැමිණි, ප්‍රයෝගයක් නොමැතිවම කෙලෙස් යටපත් වූ ස්වරූපයේ සමාධියට බාධාවක් වෙනවා. අධිචිත්තයේ නොයෙදෙන විට කරන ධර්මවිතර්කය යහපත් ඵල සහිතයි. ධර්මවිතර්කය හේතුවෙන් උවත්, අන් අයෙකුගේ දොස් පැවරීම නිසා හටගත හැකි ව්‍යාපාදවිතර්කය හේතුවෙන් උවත්, අන් උපක්ලෙශ හේතුවෙන් උවත් අධිචිත්තයට බාධා නොවීමට නම් එළකිරියේ පෝස්ට් දැමීම, අන් අයට දහම් අවබෝධයට උදව් කිරීම ආදී කවර කටයුත්තක නියැළුනත් ඒ ඒ කාරණාවන්ගේ සීමාවන් ගැන අවබෝධයක් ලබන්න ඕනෑ. එවිට තමයි දහම් අවබෝධයටම රුකුල් දෙන අයුරින් ඒ ඒ කාරණාවන්ගේ නියැළෙන්න පුළුවන් වෙන්නේ.


    ඉතින් කොහොමද ඔය කාරණාවන්ගේ සීමාව හරි හැටි අවබෝධ කරගන්නේ? මේ අවබෝධ කරන්න යන්නේ අවබෝධය පිණිසම රුකුල් දෙන වැඩි වැඩියෙන් යෙදෙන්න පුළුවන්නම් හොද දෙයක සීමාවක් තියෙනවානම් ඒ සීමාව කුමක්ද කියා. සමාධියට බාධාව ගැන හිතලා වැඩි වැඩියෙන් කිරීමට සුදුසු දේ අඩුවෙන් කිරීම සුදුසු යැයි හිතුවොත් ඒකත් අනුවනකමක්. ඒ සීමාව හරියටම අවබෝධ කරගන්න නම් සතර සතිපට්ඨානය [ මහාසතිපට්ඨාන සූත්‍රය - http://thripitaka.org/view/sp/sp2/452 ] වඩන්න ඕනෑ. චිත්තයේ ස්වරූපයන් තමන්ම දකිමින්, ඒ ඒ චිත්ත ස්වරූපයන් ධර්මයට අනුව දකිමින් සතර සතිපට්ඨානය වඩන පුද්ගලයාට පෙර දැක්වූ සූත්‍රයේ මෙන් ඕළාරික උපක්ලෙශයන් මේවායි, මධ්‍යමසහගත උපක්ලෙශයන් මේවායී, සූක්ෂමසහගත උපක්ලෙශයන් මේවායී, සමාධියට අහිතකර ලෙසින් ඇතිවන ධර්මවිතර්කය මෙයයි, එම කරුණු හටගැනීමට හේතු මේවායී, එම කරුණු වැනසීමට හේතු මේවායී යන අවබෝධය තමා තුලින්ම ඇතිවෙනවා. එනම්, බුදුරජානන් වහන්සේ දේශනා කරණ ලද සද්ධර්මය එම ප්‍රතිපදාවේ යෙදීම හේතුවෙන් ඒ දේශනා කර ඇති පරිදිම ප්‍රතිවෙධ වෙනවා. අධිචිත්තයට බාධා වන අයුරින් උපදින උපක්ලෙශයන් හා ධර්මවිතර්කය යනු කවරේදැයි ප්‍රතිවෙධ කිරීම පමණක් නොවෙයි, නිවන සක්ෂාත් කිරීම පිණිස සතර සතිපට්ඨානය ඒකායන මාර්ගය ලෙසයි බුදුරජානන් වහන්සේ දේශනා කර ඇත්තේ. මේ හේතුවෙන් සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානය වඩන පුද්ගලයාට අන් අයට දහම් අවබෝධයට උදව් කිරීම යන කාරණාව උවත්, අනුන්ගෙන් දොස් හෝ පැසසුම් ලැබීම යන කාරණාවන් උවත් අවබෝධය පිණිසම පවතිනවා සේම තමන් කරන නොයෙක් කාර්යයන්ගේ සීමාව කෙබදු විය යුතුද යන අවබොධයත් තමා තුලින්ම ඇති වෙනවා.

    ඒ නිසා සුදුසු විටෙක එළකිරියේ පෝස්ට් දැමීම, අන් අයට දහම් අවබෝධයට උදව් කිරීම යන කාරණාවන්ගේ යෙදෙන්න. සුදුසු විටෙක ඉක්මන් වන්න. සුදුසු විටෙක හෙමින් කරන්න. සුදුසු විටෙක නොකර ඉන්න. අන් අය කවරක් කීවත් තමන්ම තමාගේ සීමාවන් අවබෝධ කරගන්නත්, ඒ ඒ කාර්යයන්ගේ විටෙක ඉක්මන් වන්නත්, විටෙක හෙමින් කරන්නත්, විටෙක නොකර ඉන්නත් අවශ්‍ය අවබෝධය ලැබීම පිණිසත්, නිවන සාක්ෂාත් කිරීම පිණිස වන ඒකායන මාර්ගයත් වන සතර සතිපට්ඨානය වඩන්න.

    ඒ ආකාරයට ක්‍රියා කරොත් දහම් අවබෝධය පිණිසය කියමින් නොයෙක් අය කරන නොයෙක් ආකාරයේ විකාර දැක්කාම කලකිරීමක් ඇති උවත් එයත් තමන්ගේත්, අන් අයගේත් අභිවෘද්ධිය පිණිසම හේතුවන කරුණක් වන පරිදි සුදුසු පරිදි ඊට ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්.

    Skylark
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    මම මේ මීවනපලානේ හාමුදුරුවන්ගේ බුද්ධ භාවනා සමාලෝචන අදහස් එකතු කරනවා. මම එකතු කරගත් වීඩියෝ ටික මෙතන දැක්වෙනවා:

    http://www.trekmentor.com/si/content/book/487

    මට අතහැරුණු ඒවා හෝ අළුත් ඒවා හම්බ උනොත් එලකිරියේ මේ ත්‍රෙඩ් එකේම දාන්නකො. එකට එක් කර ගත්තාම මටත් ලෙහෙසියී, අන් අයටත් ලෙහෙසියී.

    Skylark
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    මීවනපලානේ අඥාන හාමුදුරුවන්ගේ අනුගාමිකයින්ගේ බුද්ධ භාවනා සමාලෝචන අදහස් පමණක් එකතු කර මම කුමක් කරන්නද? ඒ නිසා ඒ හාමුදුරුවන්ගේම බුද්ධ භාවනා දේශනාත් මම එකතු කරන්න පටන් ගත්තා. මේ තියෙන්නේ මම එකතු කරගත් අළුත්ම වීඩියෝ ටික:

    http://www.trekmentor.com/si/content/book/488

    මේ ලැයිස්තුවට පරණ ඒවාත් එකතු කරන්න සුදුසු යැයි හිතුනොත් මේ ත්‍රෙඩ් එකේම දාන්නකො.

    එකට එක් කර ගත්තාම මටත් ලෙහෙසියී, අන් අයටත් ලෙහෙසියී.

    Skylark
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    මීවනපලානේ අඥාන හාමුදුරුවන්ගේ
    අනුගාමිකයින්ගේ බුද්ධ භාවනා සමාලෝචන අදහස් හා බුද්ධ භාවනා දේශනා පමණක් එකතු කර මම කුමක් කරන්නද? ඒ නිසා ඒ හාමුදුරුවන්ගේම පෝ දා බණ දේශනාත් මම එකතු කරන්න පටන් ගත්තා. මේ තියෙන්නේ මම එකතු කරගත් වීඩියෝ ටික:

    http://www.trekmentor.com/si/content/book/489

    මේ ලැයිස්තුවට එකතු කරන්න මට අතපසු වූ වීඩියෝ එහෙම හමු උනොත් ඒවාත් මේ ත්‍රෙඩ් එකේම දාන්නකො.

    එකට එක් කර ගත්තාම මටත් ලෙහෙසියී, අන් අයටත් ලෙහෙසියී.

    Skylark
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    මීවනපලානේ අඥාන හාමුදුරුවන්ගේ අනුගාමිකයින්ගේ බුද්ධ භාවනා සමාලෝචන අදහස්, බුද්ධ භාවනා දේශනා හා පෝ දා බණ දේශනා පමණක් එකතු කර මම කුමක් කරන්නද? ඒ නිසා ඒ හාමුදුරුවන් පවසන දේ ගැන ඇති වෙබ් අඩවි වල ලිපිනත් මම එකතු කරන්න පටන් ගත්තා. මේ තියෙන්නේ මම එකතු කරගත් ලිපින ටික:

    http://www.trekmentor.com/si/content/book/490

    මේ ලැයිස්තුවට එකතු කරන්න මට අතපසු වූ වෙබ් අඩවි එහෙම හමු උනොත් ඒවාත් මේ ත්‍රෙඩ් එකේම දාන්නකො.

    එකට එක් කර ගත්තාම මටත් ලෙහෙසියී, අන් අයටත් ලෙහෙසියී.

    Skylark