ජලභීතිකාවෙන්_මැරුම්_කන්න_එපා

sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
ජලභීතිකාවෙන්_මැරුම්_කන්න_එපා

ජලභීතිකාවට ගොඩ වෙදකම් නොකරනු. මව්බිම කතෘ රෝගීන් මරු තුරුලට යැවීමට මන් පෙත් විවර කරදෙයි.


logo.jpg


අප සමාජයේ බොහෝ දෙනෙක් දන්නවා ජලභීතිකාව කියන්නේ මොකක්ද කියලා. ජලභීතිකාව තවත් වචනයකින්කි කියනවා එය පිස්සු බලු රෝගය වේ.

ජලභීතිකාව සැදුනහොත් රෝගියෙකු ගොඩ ගැනීමට අපහසුය. නමුත් නවීන වෛද්‍ය විද්‍යාවට අනුව වලක්වාගැනීම ඉතාමත් පහසුය. කොටින්ම කියනවනම් කිරි කජු කනවා වගේ වැඩක් ය.

ප්‍රථමයෙන්ම කිවයුත්තේ නොදන්නා සුනකයින් බළලුන් සුරතල් කිරීමට යාමෙන් වැළකීමය.
ගෙදර දොරේ වෙසෙන සුරතල් සුනකයින් සහ බළලුන් නියමිත කලට වෙලාවට එන්නත් කල යුතුය.
හදිසියෙවත් බල්ලෙකු හෝ ජලභීතිකාව වැළදුන සතෙකු සපා කෑ අවස්ථාවේ මුලින්ම කල යුත්තේ ගලා යන ජලයෙන් සබන් යොදා සේදීමය. දෙවෙනුව හැකි ඉක්මනින් ලගම තියන රෝහල වෙත යා යුතුය. කිසිසේත්ම මෙහිදී ගොඩ වෙදකම් සිදු නොකළ යුතුය. ඔබට රජයේ රෝහලකදී අවශ්‍ය ප්‍රතිකාර නොඅඩුව ලැබෙනු ඇත. එයට අමතර සපා කන ලද සුනකයා සති කිහිපයක් යන තුරු බැඳ දැමිය යුතුය. යම් හෙයකින් සතා මිය ගියහොත් පරීක්ෂණ කිහිපයක්ම සිදු කොට එම සතාට ජලභීතිකාව වලදී ඇති දැයි නිර්ණය කල යුතුම වේ.

නමුත් මාහට ලක්බිමෙහි ලිපියක් දක්නට ලැබුණි. ඒ ජලභීතිකාවට ආයුර්වේද ප්‍රතිකාරය. මෙවැනි යල් පැනගිය ප්‍රතිකාර මෙවැනි අනතුරු දායක තත්වයන් තුල කොහෙත්ම සිදු නොකළ යුතුය. අද නවීන තාක්ෂනය අනුව එන්නත් කිහිපයකින් ජලභීතිකාවෙන් වැළකිය හැකිය. එය කිරි කජු කනවා වැනි වැඩක් වේ.

එත් මිනිස්සුන්ව මුලාවේ දමා මෙවැනි ලිපි පලකරන මවුබිම පුවත්පත කරන්නේ රෝගීන් මාරු තුරුලට යැවීමය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රම තුල වැරද්දක් නැත. නමුත් මෙවැනි අවදානම් සහගත තත්වයන් යටතේ මෙවැනි ප්‍රතිකර්ම කිරීමෙන් මරුවා වෙත මාවත ලේසියෙන්ම මග පෑදේ. එම මවු බිම ලිපිය පහත ලින්ක් එකෙන් බලන්න. කිසිසේත්ම කිසිම ගොඩ වෙදකමක් හෝ ආයුර්වේද වෙදකමක් වෙත යොමුවීමෙන් වැළකෙන්න. හැකි ඉක්මනින් ජලභීතිකාවට එරහි වන එන්නත් කිහිපය ලබා ගන්න.




http://www.mawbima.lk/117-96848-news-detail.html
 
Last edited:
  • Like
Reactions: sika2 and pbdissa

MindTalk

Member
Jun 11, 2016
162
41
0
අප සමාජයේ බොහෝ දෙනෙක් දන්නවා ජලභීතිකාව කියන්නේ මොකක්ද කියලා. ජලභීතිකාව තවත් වචනයකින්කි කියනවා එය පිස්සු බලු රෝගය වේ.
l

mama nam ahala thiyenne ජලභීතිකාව onama sheerpai sathekge asaditha rudhiraya shareera gatha weema nisa hadenna puluwan kiyalai...kotinma minisagen minisatath..
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේක මේ ඛේත් ටෙස් කර කර ඉන්ඩ පුලුවන් ලෙඩක් නෙමේ කල් පැන්නොත් පන පිටින් අපායෙ ගියා වගේ තමා.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ රටේ ගොඩක් බුරුවො මැරෙන්නේ ගොඩ වෙදකන් කරන්න ගිහින් තමයි. එකත් එක අතකින් හොදයි. ඔක්කොම බුරුවො ටික මැරුණම මොලේ තියෙන උන් ටිකවත් ඉතුරු වෙයිනෙ.
     

    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    මේක මේ ඛේත් ටෙස් කර කර ඉන්ඩ පුලුවන් ලෙඩක් නෙමේ කල් පැන්නොත් පන පිටින් අපායෙ ගියා වගේ තමා.

    Sirawatama ban