ඉන්සෙප්ශන් චිත්‍රපටය ගැන නොදත් කරුණු
ලෝකයේ එදා මෙදා තුර නිර්මාණය වුන අති විශිෂ්ටතම චිත්‍රපටයක් තමා 2010 දි ක්‍රිස්ටෝෆර් නෝලන් විසින් අධ්‍යයක්ශණය කරපු ඉන්සෙප්ශන් චිත්‍රපටය.
ක්‍රිස්ටෝෆර් නෝලන් ඉන්සෙප්ශන් අතුලුව බොහොමයක් ඔහුගෙ නිර්මාණ වලට කාලය කියන සංකල්පය ප්‍රබල ලෙස යොදා ගන්නව.
නමුත් මෙහි ප්‍රධානම වස්තු විශය වෙන්නෙ බොහොම ආකර්ශනීය මාතෘකාවක් වන හීන කියන සංකල්පයයි.
IMDB ශ්‍රේණිගතකිරීම් වලට අනුව 8.7ක ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන ලොව හොඳම චිත්‍රපට අතර 14වෙනි ස්ථානය ලබාගෙන තියෙන්නෙ ඉන්සෙප්ශන් චිත්‍රපටයයි.
දැන් කතාකරන්න යන්නෙ මේ චිත්‍රපටයේ එතරම් ප්‍රසිද්ධියට ලක් නොවුනු විශේෂ කාරණා කීපයක් ගැන, හැබැයි ඒටික කියවන්න ඕන ඕගොල්ලො මේ වෙනකොට ඉන්සෙප්ශන් චිත්‍රපටය බලල තියෙනවනම් විතරයි.
මොකද මේ කාරණා ටික තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ දැනට චිත්‍රපටය බලල තියෙනවනම් විතරයි.
ඉන්සෙප්ශන් බලල නැත්නම් චිත්‍රපටය පුලුවන් තරම් ඉක්මනට බලන්න. බලලම මේටික කියවන්න, ඉන්සෙප්ශන් බලන්න යන කාලය නම් කිසිසේත්ම අපතෙ යන්නෙ නම් නෑ.
ඔන්න ටොරන්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එකත් දැම්ම.
https://yts.ag/movie/inception-2010
බොහෝ විට ජීවිත කාලෙටම බලපු හොඳම චිත්‍රපටයක් වෙයි, මටනම් ඉන්සෙප්ශන් තමා දැනට ජීවිත කාලයටම බලපු හොඳම චිත්‍රපටය.
ඔන්න එහෙනම් කරුණු ටික පටන් ගමු.
1.Dom,Robert, Eames, Ariadne/Arthur, Mal, Saito කියන ප්‍රධාන චරිත වල මුල් අකුරු ගත්තහම හදෙන්නෙ මේ චිත්‍රපටයෙ ප්‍රධාන තේමාව වෙන DREAMS යන වචනය.
2. කතාව ඉදිරිපත් කිරීමට බාධාවක් ලෙස දැනුන නිසා ක්‍රිස්ටෝෆර් නෝලන් මේ චිත්‍රපටය 3D වලින් හදන එක ප්‍රතිකේෂ්ප කලා.
කලා අධ්‍යක්ශක වොලී ෆිශ්ර් කියන විදියට, වෝනර් බ්‍රදර්ස් සමාගමේ විධායක නිලධාරින් 3D වලින් චිත්‍රපටය හදන්න කිව්වත් ක්‍රිස්ටෝෆර් නෝලන් ඒ අදහස ප්‍රතිකේෂ්ප කරල.
3. නෝලන් ඉන්සෙප්ශන් ලියන්න පටන් ගන්නෙ 2001, චිත්‍රපටය රූගත කරන්න අවුරුදු 10කට කලින් ඉඳලම.
මේ දවස් වලදි නෝලන්ට අත්දැකීම් මදි කියල හිතුනු නිසා දැවැන්ත පරිමාණයේ චිත්‍රපටයක් නිර්මාණය කරන එක ගැන ලොකු ආතම විශ්වාසයක් තිබිල නෑ .
මේ කාලය අතරතුර තමයි නෝලන් අති දැවැන්ත සාර්ථකත්වයක් ලබපු "බැට්මෑන් බිගින්ස් ", "දි ඩාර්ක් ක්නයිග්ට්" සහ "දි ප්‍රෙස්ටිජ් " යන චිත්‍රපට නිර්මාණය කරන්නෙ.
2001 පටන් ගත්තත් කලින් කියපු චිත්‍රපටි තුනම නිශ්පාදනය වුනාට පස්සෙ 2009දි තමයි වෝනර් බ්‍රදර්ස් සමාගම ඉන්සෙප්ශන් පිටපත මිලට ගන්නෙ.
4. මොරිස් ෆිශර් එහෙමත් නැත්නම් රොබට් ෆිශර් ගෙ රෝගාතුරවූ පියාගෙ චරිතය රඟපෑ නලුව සබෑ ජීවිතයේදී රූපගතකිරීම් අතරතුරත් පිලිකා රෝගයෙන් පෙලූනා.
ඉන්සෙප්ශන් ඉදිරිපත් කරල මාස 5කට පස්සෙ ඔහු ජීවිතයෙන් සමුගන්න.
5. ක්‍රිස්ටෝෆර් නෝලන් ගැන උනන්දු අය හොඳටම දන්න දෙයක්නෙ, නෝලන් පරිගණක සජීවීකරණය මගින් දර්ශන නිර්මාණය කරන්න අකැමැතිම කෙනෙක් කියල.
ඔහු පරිගණක සජීවීකරණ එහෙම නැත්නම් CGI (Computer Generated Imagery) භාවිතා කරන්නෙ පරිගණක නොමැතිව කරන්න කිසිසේත්ම බැරි දර්ශන පමණක්මයි.
ඕගොල්ලන්ට සමහරවිට මතක ඇති "දි ඩාර්ක් ක්නයිග්ට් රයිසස් " චිත්‍රපටයෙ පලවෙනි විනාඩි කිහිපය අතුලත තියෙන බැට්මෑන් ගෙ ප්‍රධාන සතුරෙක් වෙන බේන් අඩි 1000ක් ගානකට ඉහළින් යන ගුවන් යානයක සිටින සියලු දෙනාම පැහරගෙන, ඒ ගුවන් යානය පොලොවට අතහරින දර්ශනයක්.
මේ දර්ශනය නෝලන් සම්පූර්ණයෙන්ම රූගත කරල තියෙන්නෙ සජීවීව කිසිඳු පරිගණක සජීවීකරණ වලින් තොරව ඇත්තම භාවිතයෙන් ඉවත් කල ගුවන් යානයක් යොදාගෙන.
දැන් හිතාගන්න පුලුවන්නෙ ක්‍රිස්ටෝෆර් නෝලන් කොයිතරම් පරිගණක සජීවීකරණවලට අකැමැතිද කියල.
ඉන්සෙප්ශන් චිත්‍රපටයෙ තියෙනව, පලමු වෙනි සිහින මට්ටමේදි කොබ් ගෙ කාර් එක තාර පාරෙන් එන කෝච්චියකට හැප්පෙන අවස්ථාවක්.
මේ දර්ශනයත් කිසිඳු පරිගණක සජීවීකරණයක් නැතුව ඇත්තටම කරපු රූගත කිරීමක්.
හැබැයි මේක කෝච්චියක් වගේ පෙනුනට ඇත්තටම මේක කෝච්චියක් වගේ පේන්න හදපු ට්‍රැක්ටර් එකක්.
6. ක්‍රිස්ටෝෆර් නෝලන් ඉන්සෙප්ශන් නිශ්පාදනය කරන්න තීරණය කරල තිබුනෙ Horror එහෙම නැතනම් අද්භූත චිත්‍රපටයක් විදියට.
නමුත් කතාවෙ ඇති කොබ් හා මියගිය බිරිඳ මාල් සමඟ තියෙන දැඩි මානසික සම්බන්ධය නිසා ඒ තීරණයෙන් ඉවත් වෙන්න සිදුවෙනව.
7. ක්‍රිස්ටෝෆර් නෝලන් ගෙ පලමු චිත්‍රපටය ෆලෝවින් (1998) හා ඉන්සෙප්ශන් (2010) චිත්‍රපටයෙ ප්‍රධාන චරිතයට තියෙන්නේ එකම නම, කොබ්.
8. මේ නම සම්බන්ධයි ගොඩක් ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන හෙන්රි එන්. කොබ් ට.
ඔහු චිත්‍රපටයේ මාල් හා කොබ් අතිශය ගැඹුරු හීන මට්ටමේ (Limbo State) සිටින විට නිර්මාණය කරන ඉතා උස් ගොඩනැගිලි (Skyscapers) හා සමාන ගොඩනැගිලි ඇත්ත ලෝකයේ සැලසුම් කලා.
9. ඉන්සෙප්ශන් ජපානයේ රූපවාහිනියේ විකාශය වන විට රූපවාහිනි තිරයේ පසෙකින් අදාළ හීන මට්ටම හා එය කාගේ හීනයක්ද කියන එක ඉදිරිපත් කලා වටහා ගැනීම පහසු වෙන්න.
10. ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ හැම චිත්‍රයක්ම වගේ මේකත් සම්පූර්ණයෙන් රූගත කරල තියෙන්නෙ එකම එක කැමරා පද්ධතියකින්.
11. සෛටෝ කියන චරිතය විශේෂයෙන්ම ලියවිල තියෙන්නේ සෛටෝ චරිතය රඟපාන කෙන් නම් රංගන ශිල්පියා සඳහාමයි.
ඒකට හේතුවෙලා තියෙන්නේ "බැට්මෑන් බිගින්ස් " චිත්‍රපටයෙ කෙන් ට ප්‍රමාණවත් තරම් රංගන කාලයක් නොලැබුනා යැයි නෝලන් ට සිතුණු නිසා.
12. ක්‍රිස්ටෝෆර් නෝලන් කියන විදියට, ඉන්සෙප්ශන් හි හැම ප්‍රධාන චරිතයකම කාර්‍යය සමානලු චිත්‍රපටයක කාර්‍ය මණ්ඩලයට.
කොබ් තමා "අධ්‍යක්ශක",
ආතර් තමා "නිශ්පාදක",
සෛටෝ තමා සියලු දේට පසුබිම හදන "චිත්‍රාගාර අධ්‍යක්ශක",
අරියඩ්නි තමා සියලුම මට්ටම් වල හීන සැලසුම් කරන "නිශ්පාදන අධ්‍යක්ශක",
ඊම්ස් තමා පීටර් බ්‍රව්නින් විදියට පෙනීසිටින "නළුව",
රොබට් ෆිශර් තමා මේ හීන වලට රැවටෙන "ප්‍රේක්ෂකයා"
13. ආතර් ගෙ චරිතය රඟපාන ජෝශප් ගෝඩ්න්, බොහොම කෙටියෙන් ඉදිරිපත් කෙරුනු ආතර් ගේ චරිතය ගැන අහගෙන යනව සම්මුඛ පරීක්ෂණයට.
මේ සම්මුඛ පරීක්ෂණයට කෝකටත් හොදයි කියල හිතිල ෆුල් සූට් එකක් තමයි ජෝශප් ඇඳගෙන යන්නෙ.
හැබැයි මේ කෝකටත් කියල ඇඳපු ෆුල් සූට් එක චරිතයට හොදටම ගැලපුනා.
14. චිත්‍රපටයේ පෙන්වන් ඉවරවෙන්නෙ නැති පඩිපෙළ (පෙන්රෝස් පඩිපෙළ) 1960දි ඩච් ජාතික එම්.සී.ඒශෙර් කියන සජීවීකරන ශිල්පියගෙ නිර්මාණයක්.
15. ජෝශප් ගෝඩ්න් එකම එක දර්ශනයක් හැරෙන්න අනිත් සියලුම සටන් ජවනිකා තමන් විසින්ම ඉදිරිපත් කලා.
කැරකෙන හෝටල් කොරිඩෝවෙ සිදුකෙරෙන සටන් ජවනිකාව හැරෙන්න සියලුම සටන් ජවනිකා ජෝශප් කිසිම පැකිලීමක් තොරව කරනව.
16.ගුවන් ගමනේදී රොබට් ෆිශර් ට බීමට වතුර ගේන ගුවන් සහායිකාව ක්‍රිස්ටෝෆර් නෝලන් ගෙ ඥාතියෙක් වන මිරැන්ඩා නෝලන්.
ඇය "දි ඩාර්ක් ක්නයිග්ට් රයිසස් " චිත්‍රපටයේත් සුළු චරිතයකට සහභාගි වෙනවම
17. සාමාන්‍යයෙන් මේවගෙ දැවැන්ත සජීවීකරණයන් අවශ්‍ය චිත්‍රපටයකට වී.එෆ්.එක්ස් ශොට් 2000ක් වත් අඩුම තරමෙ භාවිතා කරනව,
නමුත් ඉන්සෙප්ශන් වලට භාවිතා කරල තියෙන්නෙ වී.එෆ්.එක්ස් ශොට් 500ක් විතරයි.
මේකට ඉතින් හේතුව 5වෙනෙ කරුණෙදි ටිකක් වැඩියෙනුත් එක්ක විස්තර කලානෙ.
මේ විදියට පරිගණක සජීවීකරණ වලින් ඈත් වෙන්න ප්‍රධාන හේතුවක් විදියට නෝලන් කියන්නෙ, කොයි තරම් වර්තමාන පරිගණක සජීවීකරණ දියුණු වුනත් ඇත්තටම කරන තරම් හොඳ ප්‍රතිඵලයක් පරිගණක හරහා ගන්න බෑ කියන එකයි.
තවත් හොඳ උදාහරණයක් තමයි මේ කැරකෙන හෝටල් කොරිඩෝවෙ සිදුවෙන සටන් ජවනිකාව,
අනිවාර්යයෙන්ම බලන කෙනෙකුට හිතෙන්නෙ මේ දර්ශනය අතිශයින් නිවැරැදිව ලෝකයේ තිබෙන හොඳම, මිල අධිකම පරිගණක සජීවීකරණ තාක්ෂණය භාවිතයෙන් කරා කියලයි,
නමුත් මේ නිවැරැදි බවට හා ඉතා ඉහළ ගුණාත්මක බවට හේතුව පරිගණක භාවිත නොකර සත්‍ය ලෙසම රූගත කිරීමයි.
18. චිත්‍රපටයේ ධාවන කාලය පැය 2යි විනාඩි 28යි, ඒ වගේම ඉන්සෙප්ශන් චිත්‍රපටයේ ප්‍රධාන තේමා ගීතය විදියට සැලකෙන Edith Piaf ගායනා කරන “Je ne regrette rien” ගීතයේ ධාවන කාලය විනාඩි 2යි තත්පර 28යි.
19. චිත්‍රපටය බලපු අයට මතක ඇති හීන මට්ටම් වල ගැඹුරට යන්න යන්න කාලය බොහෝ ලෙස වැඩි වෙනව.
උදාහරණයක් විදියට කිව්වොත් විනාඩියක හීනයක් නම්, හීනය අතුලත අපි පැයක් විතර ජීවත් වෙනව.
මේ සම්බන්ධය තමා මේ කාල අතර සමානත්වයට හේතුව.
ඉන්සෙප්ශන් වල දෙන අදහස තමා මේ මුළු චිත්‍රපටයම ප්‍රේක්ෂකයා දකින හීනයක්.
චිත්‍රපටයේ ආරම්භයේදී වගේම අවසානයේදී ඇහෙන ගැඹුරු සංගීත ඛණ්ඩය මේ තේමා ගීතය ඉතාම අඩු වේගයෙන් ධාවන කලවිට ලැබෙන හඬ,
ඔබට මෙය ප්‍රායෝගිකවම අත්හදා බලන්න පුලුවන්.
මෙයින් අදහස් කරන්නෙ අපි මේ ගීතය අසා සිටින විට දකිනව හීනයක් ,
ඒ ගීතයේ ධාවන කාලය විනාඩි 2යි තත්පර 28ක කාලය අතුලත අපිට පැය 2යි විනාඩි 28ක කාලයක් හීනය තුල ජීවත් වීමට ලැබෙනව, ඒ කාලය තමා මේ ඉන්සෙප්ශන් චිත්‍රපටය.
20. චිත්‍රපටයේ අවසානය බොහෝදෙනාට කුතුහලයකින් තමා ඉවරවෙන්නෙ, කොබ් අයෙත් තමාගෙ ලමයි එක්ක එකතු වුනාද නැත්නම් තාම ඉන්නෙ හීනෙකද කියන එක ලොකු ප්‍රශ්නයක් .නමුත් එහෙම වෙන්න අවශ්‍යම නෑ ඔබ උනන්දුවෙන් චිත්‍රපට බැලුවනම්.
මේකට හේතුව වෙන්නෙ අපට නොතේරෙන විදියට අපිම නොමග යැවීමක්ට ලක්වෙන නිසා, අපි හැම වෙලේම කොබ් ඉන්නෙ හීනෙකද නැද්ද බලන්නෙ කොබ් ලග තියෙන පොඩි කැරකෙන ටෝටම් එකෙන්.
මේ ටෝටම් එක එක්කෙනාට වෙනස් හා ඒකෙ හරි ලක්ෂණ දන්නෙ ඒ පුද්ගලයා විතරයි.
අපි හිතන්නෙ මේ පොඩි කැර්කෙන බඹරෙ තමා කොබ්ගෙ ටෝටම් එක කියල, නමුත් ඒක වැරදි. මේ පොඩි කැර්කෙන බඹරෙ ඇත්තටම මාල් ගෙ ටෝටම් එක, කොබ්ගෙ නෙමෙයි.
කොබ්ගෙ ටෝටම් එක තමා එයාගෙ මගුල් මුද්ද. මගුල් මුද්ද පැලදගෙන ඉන්නෙ හීන වලදි විතරයි. මොකද හීන වලදි මාල් තවම ජීවත් වෙනවනෙ.
කොබ් මුද්ද පැලදගෙන නැත්තම් එයා ඉන්නෙ හීනයක නෙමෙයි.
චිත්‍රපටයේ අවසන් ජවනිකාවක් තමයි මේ කණ්ඩායම ගුවන් යානයෙන ඇවිත් ලොස් ඇන්ජලීස් වලින් බහින එක, ඊට පස්සෙ තමා කොබ් ගෙදර යන්නෙ.
අපි කොබ් ඉන්නෙ හීනෙකද නැද්ද කියන එක කොබ් ගෙදරට ගිහින් ලමයින්ව දකින කොටත් විශ්වාසයක් නෑ අයි ඉතින් අර ටෝටම් එක වැටෙනව දකින්නෙ නෑනෙ.
නමුත් ක්‍රිස්ටෝෆර් නෝලන් මේකට උත්තෙරේ කොබ් ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළෙන් බහිනකොටම දීල ඉවරයි, මොකද මේ අවස්ථාවෙදි කොබ් මගුල් මුද්ද පැලදගෙන නෑ.
1සිට 18 දක්වා කරුනු වලට මූලාශ්‍රය - http://www.unbelievable-facts.com/2016/07/facts-about-inception.html
19 හා 20 කරුණු අන්තර්ජාලයේ විවිධ අවස්ථා වල ප්‍රේක්ෂකයන් සඳහන් කල හා මම පෞද්ගලිකව ප්‍රේක්ෂකයෙක් ලෙස අවබෝධ කරගත් දේ මත පදනම් වේ,
ඒ නිසා ඉන්සෙප්ශන් නරඹපු ඔබට මීට හාත්පසින්ම වෙනස් හා වඩාත් නිවැරැදි අර්ථකථනයක් තිබීම බොහොම සාධාරණයි.