රේඩාර් තිරයට නොපෙනී එන සටන්කරුවා-3

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රේඩාර් තිරයට නොපෙනී එන සටන්කරුවා-3

    XrBzK6C.jpg

    මෙතෙක් කාලයක් අප කතා කලේ ඇමෙරිකානු එෆ්-35 යානයේ තිබෙන දුර්වලතා පමණි.ඒ නිසා මෙම යානය කිසිදු සුවිශේෂී හැකියාවක් නොමැති අසාර්ථක වැඩසටහනක ඵලයක් යැයි සිතෙන්නට පුලුවනි.ඇත්තෙන්ම එෆ්-35 වැඩසටහන කොතරම් මුදල් නාස්ති කලද ,ප්‍රමාද වුවද එය සතුව වෙනත් ෆයිටර් ජෙට් යානාවලට නොමැති අපූරු හැකියාවන් තිබේ.ඇමෙරිකානු එෆ්-35 යානයේ සුවිශේෂ අංගයන් සහ හැකියාවන් පහත දක්වා තිබේ.




    ස්ටෙල්ත් හැකියාවෙන් උපරිමය

    qkWiuXU.jpg

    එක්සත් ජනපදය සතු පස්වන පරම්පරාවේ ෆයිටර් වර්ගයේ යුද ගුවන් යානා සතු එක් අංගයක් වන්නේ ස්ටෙල්ත් හැකියාවයි.එෆ්-35 යානය රේඩාර්,අධෝරක්ත සංවේදක සහ එන්ජිමෙන් පිට කරන දුම ඔස්සේ හෝ සතුරන්ට හඳුනාගත නොහැකිය.එහි අභ්‍යන්තර ඉන්ධන,අවි,සංවේදක සහ ස්ටෙල්ත් ආලේපය යන සියල්ල එක්වූ විට හතරවන පරම්පරාවේ ෆයිටර් ජෙට් යානා අභිබවා යා හැකිව තිබේ.යානයට රේඩාර් උරාගත හැකි ටයිල්ස් අල්ලා තිබේ.තවද එහි රාමුව නිර්මාණය කර තිබෙන්නේ හැකිතරම් සතුරු රේඩාර් තරංග අවාසිදායක ලෙස පරාවර්තනය වීමටත් මඟ හැරීමටත්ය.යානය සතු ඉලෙක්ට්‍රෝ-ප්‍රකාශ ඉලක්ක කිරීමේ පද්ධතිය සැලසුම් කර තිබෙන්නේද ස්ටෙල්ත් හැකියාවට හානියක් නොවන අයුරින්ය.මෙම පද්ධතිය යානයේ ඉදිරිපස පහළින් පිහිටුවා තිබේ.ගුවන් සංග්‍රාමික බලඇණියේ අණදෙන්නා වන ජෙනරල් හර්බට් ජේ. චාර්ලිස්ලේ කියා සිටින්නේ රුසියාව වැනි රටවල් සංවර්ධනය කරමින් සිටින නවතම සෑම් මිසයිල පද්ධතිවලට ඇමෙරිකානු ස්ටෙල්ත් යානා අනාවරණය කර ගැනීම,ලුහුබැඳීම සහ ඉලක්ක කිරීම කල හැකිවනු ඇති බවයි.





    ඔබ දකින දේ යානයටද දැකගත හැකිය

    ffsn9kj.jpg

    සංග්‍රාමයකදී තොරතුරු බෙදා ගත හැකි නම් පෙරනොවූ විරූ ලෙස ගුවන් සංග්‍රාම වෙනසකට ලක් කල හැකිය.එෆ්-35 යානය සතුව ඇති "ක්වාටර්බැක්" හෙවත් කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව නිසා ගුවනේ තිබෙන අනෙකුත් මිත්‍ර යානා සමග සම්බන්ධව සංග්‍රාම භූමියේ අනුකලනය කල රූපයක් දැකීමටත් එකම ජාලය තුල සිටින නියමුවන් සමග දත්ත බෙදා ගැනීමටත් පුලුවනි.මෙම හැකියාව එතනින් අවසන් නොවේ.තම ජාලයේ තිබෙන දත්ත නියමුවන්ට පාබල හමුදා සමගද හුවමාරු කර ගත හැකිය.මේ සඳහා අවශ්‍ය මල්ටිෆන්ෂනල් ඇඩ්වාන්ස් ඩේටා ලින්ක් සංවර්ධනය කර තිබෙන්නේ නෝර්ත් රූප් ගෲම්මෑන් සමාගමයි.සතුරු ඉලෙක්ට්‍රොනික අන්තහ් ඛණ්ඩනයක අවදානමකින් තොරව මෙම ඩේටා ලින්ක් භාවිතා කල හැකිබවයි ඔවුන් සඳහන් කරන්නේ.





    ලේසර් තාක්ෂණයෙන් නිවැරදිව ඉලක්ක ගැනීම

    GbxqimP.jpg

    එෆ්-35 යානය සතු ඉලෙක්ට්‍රෝ-ප්‍රකාශ ඉලක්ක ගැනීමේ පද්ධතිය හෙවත් Electro-Optical Targeting System (EOTS) ඔස්සේ ගුවනේ සිට ගුවනට සහ ගුවනේ සිට ගොඩබිමට එල්ල කරන මිසයිල ප්‍රහාර 100%ක් සාර්ථකව ඉලක්ක කිරීමට හැකියාව ලබාදී තිබේ.මෙම පද්ධතිය ඔස්සේ ඔත්තු බැලීම සහ ලේසර්,ජීපීඑස් නියාමක අවි නිවැරදිව එල්ල කිරීමට පුලුවනි.EOTS පද්ධතිය ස්ටෙල්ත් හැකියාවට හානියක් නොවන සේ යානයේ රාමුවට සම්බන්ධ කර තිබේ.මේ නිසා සතුරු රේඩාර්වලට හසුනොවී EOTS පද්ධතිය ක්‍රියාත්මක කිරීමට හැකිය.





    ශක්තිමත් දත්ත පද්ධතියක් හිමිය

    7GBFY5J.jpg

    ඊළඟ දශක පහක කාලය තුල එෆ්-35 යානා 3000ක වැඩි ගෝලීය බලඇණියක් සේවයට එක්වීමට නියමිතය.මේවා රටවල් 12ක් විසින් සිය ගුවන් හමුදාවන් සඳහා යොදාගනු ඇති.ඔටෝමැටික් ලොජිස්ටික් ඉන්ෆෝමේෂන් සිස්ටම් හෙවත් Autonomic Logistics Information System (ALIS) පද්ධතිය එෆ්-35 යානයේ ස්නායු මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වෙමින් විශාල දත්ත ප්‍රමාණයක් සම්ප්‍රේෂණය කිරීමට උදව් වේ.මෙම පද්ධතිය ඔස්සේ මෙහෙයුම් සැලසුම් කිරීම,පුහුණු සැලසුම් අනුගමනය කිරීම,ලොග් වාර්තා නඩත්තුව ආදිය සිදුකරයි.යානය සතුව යම් දෝෂයක් තිබේ නම් ගුවන් ගමනක් අතරතුර පවා එය ඔවුන්ගේ ජාලය ඔස්සේ තාක්ෂණවේදීන්ට වාර්තා කිරීම මෙම පද්ධතිය හරහා සිදුවේ.





    අති නවීන හෙල්මටය

    YqxbQA9.jpg

    එෆ්-35 වැඩසටහන යටතේ නිර්මාණය කල මෙම හෙල්මටය පැළද සිටින නියමුවාට Distributed Aperture System (DAS) නම් පද්ධතියේ යටතේ යානය පුරා සවිකර තිබෙන අධෝරක්ත කැමරා 6 කින් සජිවී දර්ශන එවෙලේම ලබාදෙයි.ඊට අමතරව යානයේ වේගය,සිටින උස,ඉලක්කය සම්බන්ධ තොරතුරු සහ අනතුරු හැඟවීම් ආදී වැදගත් දෑ නියමුවාට හෙල්මයට තුල තිබෙන තිරය ඔස්සේ දැක ගත හැකිය.මෙය සාමාන්‍යය හෙල්මට්-ඩිස්ප්ලේ එකකට වඩා දියුණු වර්ගයේ එකකි.





    මොඩල තුනකින් පැමිණේ

    yYNu0ma.jpg

    එෆ්-35 වැඩසටහන යටතේ යානා මොඩල 3ක් නිර්මාණය කර තිබේ.එෆ්-35ඒ යන මොඩලය සාම්ප්‍රදායික ගුවන් යානයක් මෙන් එනම් තිරස් අතට දිගු ධාවන පථයක් ඔස්සේ ගුවන් ගතවීම සහ ගොඩබෑමට හැකි අයුරින් නිපදවා තිබේ.දෙවැන්න වන්නේ සිරස් අතට ගුවන් ගතවීම සහ ගොඩබෑම කල හැකි එෆ්-35බී යානයයි.මෙම යානය කටුක පරිසර තත්ත්ව යටතේ සහ ගුවන් යානා ප්‍රවාහන නෞකාවල මෙහෙයුම් සිදුකල හැකි ලෙස නිපදවා තිබේ.තුන්වැන්න එෆ්-35සී මොඩලයයි.නාවික හමුදාව සඳහා නිර්මාණය කල ගුවන් යානා ප්‍රවාහන නෞකාවල සිට මෙහෙයුම් සිදුකල හැකි ලොව ප්‍රථම ස්ටෙල්ත් වර්ගයේ ෆයිටර් ජෙට් යානය වන්නේ මෙයයි.



    සිව්වන කොටසින් හමුවෙමු​



    Source:lockheedmartin.com

    -HarshaLulzSec-
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල ;) +3

    හැබැයි නිකන් ISIS කාරයන්ට බෝම්බ දාන්න වගේ නං ඕව අපරාදේ :D WW3 වගේ ඇවිත් ලොකු රටවල් දෙකක් අතර යුද්ධයක් ආවොත් මිසක් මිසක් නැත්තං හරියට පාවිච්චි වෙන්නේ නෑ නෙ.
     
    • Like
    Reactions: HarshaLulzSec

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    patta bro :) okkotama wada patta kadda wachana walata dala thiyena Sinhala wachana :cool:

    rep ba lu
    Save
    Save