මීවනපලානේ හිමිගේ බස හැසිරවීම

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මීවනපලානේ හිමිගේ බස හැසිරවීම

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් සිංහල වචන වලට ව්‍යාකූල අර්ථ දීම

http://www.trekmentor.com/si/content/book/598

සිංහල බසේ සුන්දර යන වචනයකී
මීවන හිමි සුන්
දර ලෙස පද බෙදතී
නිවැරදි බසට දොස් අරුතක් එහිමි දෙතී
පැටලුණ අය දොස් අරුතට කැමති වෙතී

Skylark
 
Last edited:

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
කතාව නම් ඇත්ත වුනත්එ හාමුදුරු නමක් විවේචනය කිරීම නොකළ යුතු දෙයක්.
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
කතාව නම් ඇත්ත වුනත්එ හාමුදුරු නමක් විවේචනය කිරීම නොකළ යුතු දෙයක්.

පින්වත් Sataninhell,

"හාමුදුරු නමක් විවේචනය කිරීම නොකළ යුතු දෙයක්" ලෙස බුදුරජානන් වහන්සේ පවසා ඇති හෝ ඊට අනුරූප ලෙස බුදුරජානන් වහන්සේ පවසා ඇති අන් කරුණක් සූත්‍ර, විනය ඇසුරෙන් දැක්විය හැකි නම් එය ඉදිරිපත් කරන්න. ඒ ගැන සූත්‍රයක් හෝ විනය කරුණක් දැක්විය නොහැකි නම් සූත්‍ර සහ විනයට ගැලපේ යැයි ඔබ හිතන පරිදි හෝ මෙම කරුණ ගැන විස්තර දක්වන්න. ඒ ගැන පැහැදිලි බවක් ඇති කර ගැනීම ඉතාම වටිනවා.

Skylark
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දම් + මාල + අලංකාර = දම් + මාලංකාර = ධම්මාලංකාර

    දම් පැහැ අලංකාර මාලයක් පැළඳි නිසා ධම්මාලංකාර නම් වූහ.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    පින්වත් Sataninhell,

    "හාමුදුරු නමක් විවේචනය කිරීම නොකළ යුතු දෙයක්" ලෙස බුදුරජානන් වහන්සේ පවසා ඇති හෝ ඊට අනුරූප ලෙස බුදුරජානන් වහන්සේ පවසා ඇති අන් කරුණක් සූත්‍ර, විනය ඇසුරෙන් දැක්විය හැකි නම් එය ඉදිරිපත් කරන්න. ඒ ගැන සූත්‍රයක් හෝ විනය කරුණක් දැක්විය නොහැකි නම් සූත්‍ර සහ විනයට ගැලපේ යැයි ඔබ හිතන පරිදි හෝ මෙම කරුණ ගැන විස්තර දක්වන්න. ඒ ගැන පැහැදිලි බවක් ඇති කර ගැනීම ඉතාම වටිනවා.

    Skylark

    "මතු කාලයෙහි ශ්‍රමණ ගොත්‍රය පමණක් ඇත්තාවූ, ලාමක ස්වභාව ඇත්තාවූ, කාසාවකණ්ඨ නම් දුශ්ශීලයෝ වන්නාහුමය. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දානය දෙන්නාහුය. ආනන්දය, එකල්හිද මම සංඝගත දානය සංඛ්‍යාවක් නැති, ප්‍රමාණයක් නැති අනුසස් ඇත්තකැයි කියමි. "
    - දක්ඛිණවිභංග සූත්‍රය

    එහෙම එකේ හාමුදුරු නමක් විවේචනය කරලා ද්වේශ සහගත සිත් ඇති කරගනිමින් අකුශලයක් කරගන්න එකට වඩා එවැනි භික්ෂුවන් මග හැර යන සුදුසුයි කියලයි මගේ අදහස.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    "මතු කාලයෙහි ශ්‍රමණ ගොත්‍රය පමණක් ඇත්තාවූ, ලාමක ස්වභාව ඇත්තාවූ, කාසාවකණ්ඨ නම් දුශ්ශීලයෝ වන්නාහුමය. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දානය දෙන්නාහුය. ආනන්දය, එකල්හිද මම සංඝගත දානය සංඛ්‍යාවක් නැති, ප්‍රමාණයක් නැති අනුසස් ඇත්තකැයි කියමි. "
    - දක්ඛිණවිභංග සූත්‍රය

    එහෙම එකේ හාමුදුරු නමක් විවේචනය කරලා ද්වේශ සහගත සිත් ඇති කරගනිමින් අකුශලයක් කරගන්න එකට වඩා එවැනි භික්ෂුවන් මග හැර යන සුදුසුයි කියලයි මගේ අදහස.

    පින්වත් Sataninhell,

    දානය සහ ගැරහීම කියන්නේ එකම දෙයක් නොවෙයිනේ. ඒ කරුණු දෙකක්. ශ්‍රමණ ගෝත්‍රය පමණක් ඇති, ලාමක ස්වභාව ඇති කාසාවකණ්ඨ නම් දුශ්ශීලයන්ටත් බුදුරජානන් වහන්සේ පවසා ඇති පරිදිම සංඝයා උදෙසා දානය දීම සුදුසු යැයි මමත් පිළිගන්නවා. අන් අයටත් එසේම කරන්න යැයි පවසනවා.

    යම් අයෙක් එහෙමත් දානය දීම පිළිගෙන, එසේ දානය දෙන්න යැයි අන් අයටත් පවසමින්, කාලය අකාලය සලකා නුසුදුසු කාලයේදී නොව සුදුසු කාලයේදී, අභූතයෙන් නොව භූත කරුණු ඇසුරෙන්, පරුෂ වචනයෙන් නොව මොළොක් වචනයෙන්, අහිත ඇසුරු කරමින් නොව හිත ඇසුරු කරමින්, ද්වේෂ සිතින් නොව මෛත්‍රී සිතින් ගැරහීමට සුදුසු කරුණු අරභයා වරක් පමණක් නොව අවශ්‍යනම් පුන පුනා හෝ සකාරණව හාමුදුරු නමක් ගැරහීම කලොත් ඔබ එහි වරදක් දකිනවාද?

    මම එතන අදහස් කලේ , වඩා සුදුසු ක්‍රියාව වන්නේ , එවැනි සංඝයා විවේචනය නොකර සිටීම වඩා සුදුසු බවයි. ලෝකෝත්තර කාරණාවක් උදෙසා (නිවන් අවබෝධය) කාට හෝ ගැරහීම කිසිම ආකාරයකින් නිවැරදි වෙන්නේ නැහැ. නමුත් ලෞකික කරනා උදෙසා (බුදුදහමේ අභිවෘධිය උදෙසා) වැරදි තැන් පෙන්වා දීමෙහි වරදක් දකින්න බැහැ. එත් එක කරන්න සුදුසුම ක්‍රමය වන්නේ , ඊට අදාළ පුද්ගලයන් සමග සාකච්චා කිරීමෙන් . අයෙකුට නිවැරදි මග පෙන්වන්න අවශ්‍ය නම් , වැරදි තැන් නිවැරදි කිරීමටත් වඩා ඵලදායී වන්නේ නිවැරදි දහම දේශනා කිරීමයි.
     
    ඔබ ලියා ඇති දෙයින් අන් කරුණු මදකට පසෙක තබා එක කරුණක් ගැන විමසා බලමු. "ලෝකෝත්තර කාරණාවක් උදෙසා (නිවන් අවබෝධය) කාට හෝ ගැරහීම කිසිම ආකාරයකින් නිවැරදි වෙන්නේ නැහැ." යැයි පවසන්නේ ඇයි? නිවැරදි නොවන්නේ කවර ලෙසින්ද?

    මම ඉහත විස්තර කල පරිදි ගිහියෙකු විසින් භික්ෂූවක් ගැරහීමට පත් කලොත් ඒ ගැරහීම නිසා ඒ භික්ෂූව ගැරහීමට හේතු වූ වරදින් මිදෙයි නම්, ඒ භික්ෂූව තමන්ගේ වරද නිසා අන් බොහෝ දෙනාත් එම වරදට යොමු කලා නම් එයිනුත් එම භික්ෂූව මිදෙයි නම්, ඒ නිසා අන් බොහෝ දෙනාත් එම වරදින් මිදෙයි නම්, මතුවටත් ඒ වරදින් බොහෝ දෙනා නොමඟ යෑමත් ඉන් වැලකෙයි නම්, ඊට උපක්‍රම වූ ගැරහීම නිවැරදි දෙයක් නොවන්නේ කෙසේද? ඔබ එහිදී ගරහන ගිහියාගේ වරදක් දකිනවාද? ගරහන ගිහියා ඒ කරුණෙන් පැසසිය යුත්තෙක් ලෙස නොදකිනවාද?

    Skylark
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    පින්වත් Sataninhell,

    ඔබ ලියා ඇති දෙයින් අන් කරුණු මදකට පසෙක තබා එක කරුණක් ගැන විමසා බලමු. "ලෝකෝත්තර කාරණාවක් උදෙසා (නිවන් අවබෝධය) කාට හෝ ගැරහීම කිසිම ආකාරයකින් නිවැරදි වෙන්නේ නැහැ." යැයි පවසන්නේ ඇයි? නිවැරදි නොවන්නේ කවර ලෙසින්ද?

    නිවන් අවබෝධය තමන් විසින් කලයුත්තක් නිසා, එයට වෙන අයෙකු සම්භන්ද වනවා නම් ඒ නිවන් මග පෙන්වනෙකු ලෙස පමණි. ඉතින් ලෝකෝත්තර අරමුණක් උදෙසා වෙන අයෙකුට ගැරහීමෙන් ඇති ඵලය කිම?

    අනෙකෙකුගේ යහපත උදෙසා කෙනෙකු ගැරහීමට වඩා , එක්කෝ එම අයට නිවැරදි දහම පැවසීම සිදුකල හැකිය, එසේත් නැතිනම් නිහඩව සිටිය හැකිය. පිරිසකගේ යහපත උදෙසා ගැරහිමෙන් තමන්ට අවැඩක් (ලෝභ ද්වේෂ් මෝහ වර්දනය වීමක්)පමණක් සිදු වේ. (බුදුසසුනේ උන්නතිය උදෙසා වුවද අකුශලයක් සිදුකරයි නම් , එය අකුශලයකි. )

    --

    මම ඉහත විස්තර කල පරිදි ගිහියෙකු විසින් භික්ෂූවක් ගැරහීමට පත් කලොත් ඒ ගැරහීම නිසා ඒ භික්ෂූව ගැරහීමට හේතු වූ වරදින් මිදෙයි නම්, ඒ භික්ෂූව තමන්ගේ වරද නිසා අන් බොහෝ දෙනාත් එම වරදට යොමු කලා නම් එයිනුත් එ භික්ෂූව මිදෙයි නම්, ඒ නිසා අන් බොහෝ දෙනාත් එම වරදින් මිදෙයි නම්, මතුවටත් ඒ වරදින් බොහෝ දෙනා නොමඟ යෑමත් ඉන් වැලකෙයිනම්, එයට උපක්‍රම වූ ගැරහීම නිවැරදි දෙයක් නොවන්නේ කෙසේද? ඔබ එහිදී ගරහන ගිහියාගේ වරදක් දකිනවාද? ගරහන ගිහියා ඒ කරුණෙන් පැසසිය යුත්තෙක් ලෙස නොදකිනවාද?

    Skylark

    මෙයම තම මම කලින් පැවසුවේ, එම භික්ෂුව සමග සාකච්චා කිරීමෙන් එම වැරදි අදහස නිවැරදි කල හැකිනම් එසේ කිරීම නිවැරදි කියා. (ගැරහිමෙන් නොව ගැරහීම යනු අකුසල කර්මයකි).
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    නිවන් අවබෝධය තමන් විසින් කලයුත්තක් නිසා, එයට වෙන අයෙකු සම්භන්ද වනවා නම් ඒ නිවන් මග පෙන්වනෙකු ලෙස පමණි. ඉතින් ලෝකෝත්තර අරමුණක් උදෙසා වෙන අයෙකුට ගැරහීමෙන් ඇති ඵලය කිම?

    අනෙකෙකුගේ යහපත උදෙසා කෙනෙකු ගැරහීමට වඩා , එක්කෝ එම අයට නිවැරදි දහම පැවසීම සිදුකල හැකිය, එසේත් නැතිනම් නිහඩව සිටිය හැකිය. පිරිසකගේ යහපත උදෙසා ගැරහිමෙන් තමන්ට අවැඩක් (ලෝභ ද්වේෂ් මෝහ වර්දනය වීමක්)පමණක් සිදු වේ. (බුදුසසුනේ උන්නතිය උදෙසා වුවද අකුශලයක් සිදුකරයි නම් , එය අකුශලයකි. )

    --

    මෙයම තම මම කලින් පැවසුවේ, එම භික්ෂුව සමග සාකච්චා කිරීමෙන් එම වැරදි අදහස නිවැරදි කල හැකිනම් එසේ කිරීම නිවැරදි කියා. (ගැරහිමෙන් නොව ගැරහීම යනු අකුසල කර්මයකි).

    පින්වත් Sataninhell,

    "ඉතින් ලෝකෝත්තර අරමුණක් උදෙසා වෙන අයෙකුට ගැරහීමෙන් ඇති ඵලය කිම?" යැයි ඔබ හිතනවා නම් බුදුරජානන් වහන්සේ තරම් බුදු වෙලත් ඒ නිෂ්ඵල ක්‍රියාව කල වෙනත් අයෙක් නැතුව ඇති. මොකද බුදුරජානන් වහන්සේ යම් යම් වැරදි අරභයා ඒ ඒ වැරදි කරන ලද සංඝයා ගරහා ඇති බව සූත්‍ර සහ විනයෙහි බොහෝ තැන් වල සදහන්.

    "පිරිසකගේ යහපත උදෙසා ගැරහිමෙන් තමන්ට අවැඩක් (ලෝභ ද්වේෂ් මෝහ වර්දනය වීමක්)පමණක් සිදු වේ." යැයි ඔබ හිතනවා නම් බුදුරජානන් වහන්සේ තරම් බුදු වෙලත් ඒ අවැඩ කර ගත් වෙනත් අයෙක් නැතුව ඇති. මොකද බුදුරජානන් වහන්සේ යම් යම් වැරදි අරභයා ඒ ඒ වැරදි කරන ලද සංඝයා ගරහා ඇති බව සූත්‍ර සහ විනයෙහි බොහෝ තැන් වල සදහන්.

    "ගැරහීම යනු අකුසල කර්මයකි" යැයි ඔබ හිතනවා නම් බුදුරජානන් වහන්සේ තරම් බුදු වෙලත් ඒ අකුසල කර්මය කල වෙනත් අයෙක් නැතුව ඇති. මොකද බුදුරජානන් වහන්සේ යම් යම් වැරදි අරභයා ඒ ඒ වැරදි කරන ලද සංඝයා ගරහා ඇති බව සූත්‍ර සහ විනයෙහි බොහෝ තැන් වල සදහන්.

    ඔබ මේ "ගැරහීමෙන් ඇති ඵලය කිම?", "ගැරහීමෙන් තමන්ට අවැඩක් පමණක් සිදුවේ" සහ "ගැරහීම යනු අකුසල කර්මයකි" ලෙස බුදුරජානන් වහන්සේ පවසා ඇති බවක් දන්නවාද? නැත්නම් ඔබ බුදුරජානන් වහන්සේත් ඉක්මවා ධර්මය සහ විනය පනවන්න යනවාද? කවර හේතූන් නිසාද මෙසේ පවසන්නේ?

    ඔබම පිළිතුර සපයා තියෙන්නේ, ඔබ රහත් ඵලයට පත්ව ඇතිනම් ගැරහීම හෝ වෙනත් කිසිම දෙයක් කලත් කම් නැත :P. (තවද, අපි කතා කලේ ගිහියෙක් විසින් සංඝයාව ගැරහීමට ලක් කිරීම මිසක්, බුදුන් විසින් හෝ සංඝයා විසින් සංඝයා ගැරහීමට ලක් කිරීම නොවේ )

    ගරහනවා කියන්නේ ඉතින් හොදට කල්පනා කරලා බලන්න . ලෝභ ද්වේශ මෝහ තුනෙන්ම හට ගන්න අකුසල හිත් නෙවෙයිද කියල. මම පැවසුවේ මට තෙරුන ආකාරයට භික්ෂුවකට ගැරහීම මගින් අවැඩක් අකුසලයක් සිදුවෙනවා කියන එක. නමුත් මම පවසන දේවල් ඔබට පිලිගනිමටවත් , මම පවසන දේවල් ඔබ විසින් අනුගමනය කල යුතුයි කියා හෝ සදහන් කලේ නැහැ.
     
    යම් ගිහි පුද්ගලයෙක් කාලය අකාලය සලකා නුසුදුසු කාලයේදී නොව සුදුසු කාලයේදී, අභූතයෙන් නොව භූත කරුණු ඇසුරෙන්, පරුෂ වචනයෙන් නොව මොළොක් වචනයෙන්, අහිත ඇසුරු කරමින් නොව හිත ඇසුරු කරමින්, ද්වේෂ සිතින් නොව මෛත්‍රී සිතින් ගැරහීමට සුදුසු කරුණු අරභයා වරක් පමණක් නොව අවශ්‍යනම් පුන පුනා හෝ සකාරණව හාමුදුරු නමක් ගැරහීම කලොත් ඒ ගරහන පුද්ගලයා කිනම් දෙයකට ලෝභ සිත් ඇතිව ගරහනවා යැයි දකින්නද? ඒ ගරහන පුද්ගලයා කිනම් දෙයකට ද්වේශ සිත් ඇතිව ගරහනවා යැයි දකින්නද? ඒ ගරහන පුද්ගලයා කිනම් ලෙසකින් මෝහ සිත් ඇතිව ගරහනවා යැයි දකින්නද?

    සෑම ගැරහීමක්ම ලෝභ, ද්වේශ හා මෝහ අකුසල් මුල් වූ සිත් වලින් ඇති වන්නේ නැහැ. සෑම ගැරහීමක්ම ලෝභ, ද්වේශ හා මෝහ වැඩි වීමට හේතු වන්නේත් නැහැ. සෑම ගැරහීමක්ම අකුසල් පක්ෂයේ ඇති නම් බුදුරජානන් වහන්සේත් සර්වප්‍රකාරයෙන් ගැරහීමෙන් වැලකෙනවා. එලෙසම
    සෑම ගැරහීමක්ම අකුසල් පක්ෂයේ ඇති නම් සැරියුත් තෙරණුවන් විසින් අන් අයට චෝදනා කරන්න කැමති මහණුන්ට එය කෙසේ කල යුතු දැයි උපදෙස් දෙන්නේ නැහැ. සැරියුත් තෙරණුවන්ගේ එම උපදෙස් දීම සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ පඤ්චක නිපාතයේ ආඝාත වර්ගයේ චොදනා සූත්‍රයේ [ චොදනා සූත්‍රය - http://thripitaka.org/view/sp/sp14/340 ] දැකිය හැකියී. සෑම ගැරහීමක්ම අකුසල් පක්ෂයේ ඇති නම් භික්ෂූන් වහන්සේලා එහි යොදවන්න සැරියුත් තෙරණුවන් ඒ අකාරයට උපදෙස් දෙන්නේ නැහැ.

    මම බුදුරජානන් වහන්සේ ගැන කරුණු දැක්වූයේ "ගැරහීමෙන් ඇති ඵලය කිම?", "ගැරහීමෙන් තමන්ට අවැඩක් පමණක් සිදුවේ" සහ "ගැරහීම යනු අකුසල කර්මයකි" යන අදහස් බුදු රජානන් වහන්සේගේ ක්‍රියාවන් ඇසුරෙන් විමසා බලා ගැරහීම යනු නිවැරදිව කල විට ඵල සහිත, වැඩ සහිත සහ පින් උපදවන කාරණයක් ලෙස දැකීමට උපකාර වනු පිණිසයි.

    "නමුත් මම පවසන දේවල් ඔබට පිලිගනිමටවත් , මම පවසන දේවල් ඔබ විසින් අනුගමනය කල යුතුයි කියා හෝ සදහන් කලේ නැහැ." යැයි ඔබ ලියා තිබෙනවා. පිලිගැනීම හෝ අනුගමනය කිරීම මදෙකට පසෙක ලා මුලින්ම ඔබ පවසා ඇති කරුණු වල පැහැදිලි බවක් ඇති කර ගැනීම, එම කරුණු බුදුන් දෙසූ ධර්මය සහ විනයට අනුකූලද, නැත්නම් බුදුන් දෙසූ ධර්මය හා විනය යන අදහස් ඇතිව හෝ ඇති වන පරිදි ඔබම හිතා ඉදිරිපත් කරන අධර්ම හා අවිනය කරුණුද ආදී ලෙස විමසා බැලීම මටත් අන් අයටත් ප්‍රයෝජනවත් නිසයි මම ඔබෙන් විමසන්නේ.

    ඉතින් අපි කතා කලේ ගිහියෙක් විසින් සංඝයාව ගැරහීමට ලක් කිරීම මිසක්, බුදුන් විසින් හෝ සංඝයා විසින් සංඝයා ගැරහීමට ලක් කිරීම නොවේ නම් ගිහියන් විසින් සංඝයා ගැරහීමට අදාලව "ගැරහීමෙන් ඇති ඵලය කිම?", "ගැරහීමෙන් තමන්ට අවැඩක් පමණක් සිදුවේ" සහ "ගැරහීම යනු අකුසල කර්මයකි" ලෙස බුදුරජානන් වහන්සේ පවසා ඇති බවක් ගැන ඔබ දන්නවාද? නැත්නම් ඔබ බුදුරජානන් වහන්සේත් ඉක්මවා ගිහියන්ට ධර්මය සහ විනය පනවන්න යනවාද? කවර හේතූන් නිසාද මෙසේ පවසන්නේ?

    "මම පැවසුවේ මට තෙරුන ආකාරයට භික්ෂුවකට ගැරහීම මගින් අවැඩක් අකුසලයක් සිදුවෙනවා කියන එක." යැයි ඔබ පවසනවා නම් කුමන ආකාරයකට හිතලාද නිවැරදි ලෙසින් කලොත් බොහෝ දෙනෙකුගේ සුව පිණිස, බොහෝ දෙනෙකුගේ හිත පිණිස හේතු විය හැකි ක්‍රියාවක් අවැඩක්, අකුසලයක් ලෙස තේරුම් ගත්තේ?

    ගිහියෙකු විසින් භික්ෂූවක් ගැරහීමට පත් කලොත් ඒ ගැරහීම නිසා ඒ භික්ෂූව ගැරහීමට හේතු වූ වරදින් මිදෙයි නම්, ඒ භික්ෂූව තමන්ගේ වරද නිසා අන් බොහෝ දෙනාත් එම වරදට යොමු කලා නම් එයිනුත් එම භික්ෂූව මිදෙයි නම්, ඒ නිසා අන් බොහෝ දෙනාත් එම වරදින් මිදෙයි නම්, මතුවටත් ඒ වරදින් බොහෝ දෙනා නොමඟ යෑමත් ඉන් වැලකෙයි නම්, ඊට උපක්‍රම වූ ගැරහීම අවැඩක් යැයි කෙසේ දකින්නද? මේ බොහෝ දෙනෙකුගේ හිත පිණිස, සුව පිණිස, වැඩ පිණිස, ඵල සහිත, පින් උපදවන කාරණයක් ලෙස පැහැදිලිවම දකින්න පුළුවන් කාරණාවක්නේ? කිනම් ආකාරයකට එසේ නොවේ යැයි දකින්නද? එසේ නොවේ යැයි දැකීම නොවේද මෝහය? මෙසේ ඇති විට
    ගිහියන් විසින් සංඝයා ගැරහීමට අදාලව "ගැරහීමෙන් ඇති ඵලය කිම?", "ගැරහීමෙන් තමන්ට අවැඩක් පමණක් සිදුවේ" සහ "ගැරහීම යනු අකුසල කර්මයකි" ලෙස ලෝ සතුන්ගේ හිත සුව කැමති බුදුරජානන් වහන්සේ ගිහියන්ට පවසා ඇති යැයි හිතන්නේවත් කොහොමද? එවන් අදහස් ඇති බවම මිත්‍යා දෘෂ්ටික බවක් නේද? එවන් අදහස් ධර්මය සහ විනය පක්ෂයේ නොව අධර්මය සහ අවිනය පක්ෂයේ නේද?

    මා චෝදනා සූත්‍රය ගැන දැනගෙන සිටියේ නැත , එය මෙහි සදහන් කිරීම ගැන ඔබට පිං.

    # නමුත් මම කලින් පැවසුවේ ගැරහීම යනු ලෝභ ද්වේශ මෝහ යන සිත්වලින් හටගන්නා බවයි, එසේ නොවෙන් ලෙස ගැරහීමට හැකි නම් මගේ අදහස මෙම කරුණ සම්භන්දව පරස්පර නොවේ. මම හැඟෙන ආකාරයට වචනයේ අර්ථය පිළිබද තර්ක කිරීමට වඩා, අදහස තේරුම් ගැනීම වටිනවා කියා.
    ගැරහීම වෙනුවට , ගුණ දොස් විචාරීම හෝ විවේචනය කිරීම වැනි වචනයක් භාවිත කලා නම් අදහස් විකෘති නොවන්න ට තිබිණි. :rolleyes:

    # මෙම වචනය "ගැරහීම" සම්භන්ද වන අනෙකුත් කරුණුද (අකුසලයක් , අවැඩක් සිදුවේ, මේ සියල්ල මෙම වචනය මත පදනම් වී ඇති නිසා) ඉහත සදහන් අර්ථ දැක්වීමෙන් අහෝසි වෙයි.

    # තවද මම පැවසු කරුණක් වන්නේ , විවේචනය කිරීම කල යුත්තේ ඊට අදාල පුද්ගලයන් සමග මිස මෙවැනි පොදු ස්ථානයක නොවන බවයි. මම හිතනවා මෙවැනි සරල කරුණු ත්‍රිපිටකය ඔස්සේ සෙවීමටත් කලින් තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙනවා ඇත කියා. (මෙවැනි පොදු ෆෝරම යක් තුල , විවේචනය බොහෝදුරට නිෂ්ඵල දෙයකි.) , එම නිසා අදාල පුද්ගලයා ගෙන් බැහැරව විවේචනය කිරීමෙන් අවැඩක්මැ සිදුවේ.

    #මගේ අනිත් අදහස වුයේ, තමන් ලෝකෝත්තර වශයෙන් සලකා කටයුතු කරනවා නම් , අන් අය නිවැරදි කරමින් ගමන යනවද නැද්ද තීරණය කිරීම යි.

    #චෝදනා සූත්‍රය දේශනා කරන්න මහණුන් වෙතය, එය "ඇවැත්නි, පරහට චොදනා කරණු කැමැති චොදක මහණහු විසින් ධර්ම පසක් තමා කෙරෙහි එළවා මෙරමා චොදනා කළ යුත්තේ ය." ලෙස සදහන් වන්නේ මම කලින් සදහන් කල , බුදුන් , පැවිද්දකු - පැවිද්දකු විවේචනය යන කරුණ නොවෙයිද? මෙය පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි.
     
    නිවැරදි වචන භාවිතය සහ එම වචන වල නිවැරදි අර්ථය තේරුම් ගැනීම යන කරුණු දෙකම වැදගත්.

    ගැරහීම යන වචනය භාවිතයේ වරදක් මම දකින්නේ නැහැ. එය සූත්‍ර, විනය විස්තර වල බෙහෙවින්ම භාවිතා වී ඇති වචනයක්.

    ගැරහීම වේවා, විවේචනය වේවා කල හැකි නම් සම්මුඛයෙහි කිරීම වඩාත් උචිත යැයි මමත් හිතනවා. නමුත් හැමෝටම හැම විටම සම්මුඛයෙහි ගැරහීම හෝ විවේචනය කරන්න බැහැ. සමහරක් විටෙක අන් අයට පැවසීම පමණක් ප්‍රායෝගික විය හැකියී හෝ මුලින් අන් අයට පවසා පසුව අදාල පුද්ගලයාට පැවසීම ප්‍රයෝජනවත් විය හැකියී.

    බුදුරජානන් වහන්සේ දෙව්දත් ගැන රජගහ නුවර ප්‍රකාශනික කර්මය කරන්න යැයි භික්ෂූන් වහන්සේලාට පැවසීම සහ එම ක්‍රියාවෙන් අත් වූ ප්‍රයෝජනය ගැන විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ සඞ්‌ඝභෙදක ඛන්ධකයේ [ http://thripitaka.org/view/vp/vp4p2/296 ] දැකිය හැකියී. මේ කරන්නේ දෙව්දත්ට පැවසීම නොවෙයි, දෙව්දත් ගැන අන් අයට පැවසීම. මෙලෙසිනුත් යම් යම් අවස්ථා වලදී අදාල පුද්ගලයාට නොව අන් අයට පැවසීමේ ප්‍රයෝජනවත් බවක් ඇති බව ඔබට වටහා ගන්න හැකි වේවි.

    මෙවැනි තැනක එවන් විවේචනයන් නිෂ්ඵල වන්නේ නැහැ. නොකර හිටියානම් මේ වන විට මේ එළකිරියේම කොච්චර පිරිසක් නොමඟ ගිහින්ද? මීවනපලානේ හිමියන්ගේම ධර්මය සහ විනය යැයි කියමින් අධර්ම සහ අවිනය කරුණු කොපමණ මේ එළකිරියේම තියෙනවාද? වැරැද්ද වැරැද්ද ලෙස දක්වා නොතිබුනොත් මතු එළකිරියට එන අයත් ධර්මය සහ විනය යැයි ඒවා වරදවා පිළිගනිවි. ඒ නිසා මෙතනත් වැරැද්ද වැරැද්ද ලෙසින් දැක්වීම වටිනවා. එළකිරියෙන් පිටත් වැරැද්ද වැරැද්ද ලෙසින් දැක්වීම වටිනවා. අන් අය වෙත ගිහිල්ලා, අන් අයට කතා කරලා වැරැද්ද වැරැද්ද ලෙසින් දැක්වීම වටිනවා. අවැඩක් වන්නේ නැහැ.

    ඒ නිසා "විවේචනය කිරීම කල යුත්තේ ඊට අදාල පුද්ගලයන් සමග මිස මෙවැනි පොදු ස්ථානයක නොවන බවයි. මම හිතනවා මෙවැනි සරල කරුණු ත්‍රිපිටකය ඔස්සේ සෙවීමටත් කලින් තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙනවා ඇත කියා." යැයි කීමේ සුදුසු නුසුදුසු බව ගැන ඔබම නැවත විමසා බලන්න.

    යම් පුද්ගලයෙක් තමනුත් නිවැරදි වෙමින් අන් අයවත් නිවැරදි කරමින් ආර්යය මාර්ගය වඩනවා නම් ඒකාන්තයෙන්ම ඒ පුද්ගලයා බුදුන්ගේ අනුශාසනය මැනවින් පිළිගත් අයෙක්. එවන් අයව ඒ කරුණින් පැසසිමට සුදුසුයි. එසේ නොකරන අයව ඒ කරුණින් ගැරහීමට සුදුසුයි.

    එය එසේමයි. චොදනා සූත්‍රයේ ඇත්තේ සැරියුත් තෙරණුවන් අන් මහණුන්ට මහණුන් අතර චෝදනා කිරීම ගැන උපදෙස් දෙන ආකාරය. එම සූත්‍රයේ ගිහියන් විසින් මහණුන්ට චෝදනා කල යුතුය හෝ ගිහියන් විසින් මහණුන්ට මේ අකාරයෙන් චෝදනා කල යුතුය කියා විස්තරයක් නැහැ.

    :cool::cool: #රෝග මූලයට බෙහෙත් නොකර රෝග ලක්ෂණ වලට බෙහෙත් කිරීම උචිතයි හැඟුනද එලස ගැනීම උචිත නෙවේ යයි මට හැඟෙ. මක් නිසාද , රෝගය සුවනොවන නිසාවෙනි.

    #අවසාන පැහැදිලි කිරීමෙන් , ගිහියන් විසින් මහණුන් "ගැරහීම" නොකළ යුතුයි ලෙස ගත හැකිද? නැතිනම් ගිහියනුත් , මහණුන් මෙන් , "අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි." ලෙස ගෙන "ගැරහිය " හැකිද?
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් Sataninhell,

    :cool::cool: #රෝග මූලයට බෙහෙත් නොකර රෝග ලක්ෂණ වලට බෙහෙත් කිරීම උචිතයි හැඟුනද එලස ගැනීම උචිත නෙවේ යයි මට හැඟෙ. මක් නිසාද , රෝගය සුවනොවන නිසාවෙනි.

    සුව කල නොහැකි පැතිරෙන රෝග පවතිනවා. හරි හැටි ප්‍රතිකාරයක් සොයා ගන්නකම් AIDS කියන්නෙත් එවන් රෝගයක්. එහිදී වඩාත් සුදුසු වන්නේ රෝගය පැතිරීම වැලැක්වීම. සමහරක් එවන් රෝග වලදී ඉන් එහා රෝගියා සුව කිරීම වෙනුවෙන් කරන්න දෙයක් නැහැ.

    ඩෙංගු රෝගය වගේ රෝගයකදී පැතිරීම වැලැක්වීමත් වැදගත්. ඒ එක්කම රෝග ලක්ෂණයක් වන ශරීරයේ උෂ්ණත්වය වැඩි වීම පාලනය කිරීමත් වැදගත්. උෂ්ණත්වය අඩුව තබා ගන්නේ නැතිව පළමුව ඩෙංගු වෛරසයම නැති කරලා ඉන්නම් කියලා ප්‍රතිකාර කරන්න ගියොත් වෛරසය ශරීරයෙන් නැති වෙන්න කලින් ලෙඩා මැරෙන්න පුළුවන්. ඒ නිසා උෂ්ණත්වය පාලනය කර ගැනීමත් වැදගත්. ඒ එක්කම රෝග මූලයට යම් බෙහෙතක් කරන්න හැකිනම් එයත් සුදුසුයි.

    ඉතින් ඔය ආකාරයට රෝග සහ ඒ ඒ රෝගයන්ට ගැලපෙන ප්‍රතිකාර වල ස්වභාවය වෙනස්. සමහර රෝග වලදි රෝග මූලයට මුලදී ප්‍රතිකාර කිරීම අන් විදිහකට ප්‍රතිකාර කරනවාට වඩා සුදුසුයි.

    මීවනපලානේ හිමියන්ගේ අධර්ම සහ අවිනය ප්‍රචාරය බෝවෙන මාරාන්තික රෝගයක් වගේ.
    රෝගය හැදුණු සමහරෙක්ව සුව කල හැකියී. එහිදී පුද්ගලයින් අතර පැතිරීම වලක්වන්නත් ඕනෑ. රෝගය හැදුනු අයගේ රෝග පාලනය කරන්නත් ඕනෑ, ඔවුන්ට සුව වෙන්න බෙහෙත් දෙන්නත් ඕනෑ. බහුල දෙනෙකුට රෝගය බෝ කරන රෝග මූලය වන මීවනපලානේ හිමියන්ටත් බෙහෙත් දෙන්න ඕනෑ.

    අධර්මය සහ අවිනය ප්‍රචාරය කරන හැමෝම ගැන හැම කාරණයේදීම එකම විදිහට සලකන්න බැහැ. ඒ ඒ පුද්ගලයාගේ ස්වරූපයන් හා අදාල ක්‍රියාවන් බලලා තමන්ගේත් තරම දැනගෙන තමයි කල යුතු සුදුසු දේ කුමක්දැයි තීරණය කරලා කරන්න වෙන්නේ.

    #අවසාන පැහැදිලි කිරීමෙන් , ගිහියන් විසින් මහණුන් "ගැරහීම" නොකළ යුතුයි ලෙස ගත හැකිද? නැතිනම් ගිහියනුත් , මහණුන් මෙන් , "අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි." ලෙස ගෙන "ගැරහිය " හැකිද?

    අවසාන පැහැදිලි කිරීමෙන් "ගිහියන් විසින් මහණුන් "ගැරහීම" නොකළ යුතුයි" ලෙස ගන්න බැහැ.

    අවසාන පැහැදිලි කිරීමෙන් පමණක් "ගිහියනුත්, මහණුන් මෙන්, "අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි." ලෙස ගෙන "ගැරහිය" යුතුයි" ලෙස ගන්නත් බැහැ.

    එපමනක් නොවෙයි, ත්‍රිපිටකයේ කොහේ හරි තැනක ගිහියන් විසින් ගිහියන් ගැරහිය යුතු යැයි ලියවිලා තිබුනත් එපමණකින් "ගිහියනුත්, මහණුන් මෙන්, "අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි." ලෙස හෝ අන් පරිද්දෙකින් ගෙන "ගැරහිය" යුතුයි" ලෙස ගන්නත් බැහැ.

    එපමනකුත් නොවෙයි, ත්‍රිපිටකයේ කොහේ හරි තැනක ගිහියන් විසින් මහණුන් ගැරහිය යුතු යැයි ලියවිලා තිබුනත් එපමණකින් "ගිහියනුත්, මහණුන් මෙන්, "අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි." ලෙස හෝ අන් පරිද්දෙකින් ගෙන "ගැරහිය" යුතුයි" ලෙස ගන්නත් බැහැ.

    Skylark
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    පින්වත් Sataninhell,

    සුව කල නොහැකි පැතිරෙන රෝග පවතිනවා. හරි හැටි ප්‍රතිකාරයක් සොයා ගන්නකම් AIDS කියන්නෙත් එවන් රෝගයක්. එහිදී වඩාත් සුදුසු වන්නේ රෝගය පැතිරීම වැලැක්වීම. සමහරක් එවන් රෝග වලදී ඉන් එහා රෝගියා සුව කිරීම වෙනුවෙන් කරන්න දෙයක් නැහැ.

    ඩෙංගු රෝගය වගේ රෝගයකදී පැතිරීම වැලැක්වීමත් වැදගත්. ඒ එක්කම රෝග ලක්ෂණයක් වන ශරීරයේ උෂ්ණත්වය වැඩි වීම පාලනය කිරීමත් වැදගත්. උෂ්ණත්වය අඩුව තබා ගන්නේ නැතිව පළමුව ඩෙංගු වෛරසයම නැති කරලා ඉන්නම් කියලා ප්‍රතිකාර කරන්න ගියොත් වෛරසය ශරීරයෙන් නැති වෙන්න කලින් ලෙඩා මැරෙන්න පුළුවන්. ඒ නිසා උෂ්ණත්වය පාලනය කර ගැනීමත් වැදගත්. ඒ එක්කම රෝග මූලයට යම් බෙහෙතක් කරන්න හැකිනම් එයත් සුදුසුයි.

    ඉතින් ඔය ආකාරයට රෝග සහ ඒ ඒ රෝගයන්ට ගැලපෙන ප්‍රතිකාර වල ස්වභාවය වෙනස්. සමහර රෝග වලදි රෝග මූලයට මුලදී ප්‍රතිකාර කිරීම අන් විදිහකට ප්‍රතිකාර කරනවාට වඩා සුදුසුයි.

    මීවනපලානේ හිමියන්ගේ අධර්ම සහ අවිනය ප්‍රචාරය බෝවෙන මාරාන්තික රෝගයක් වගේ.
    රෝගය හැදුණු සමහරෙක්ව සුව කල හැකියී. එහිදී පුද්ගලයින් අතර පැතිරීම වලක්වන්නත් ඕනෑ. රෝගය හැදුනු අයගේ රෝග පාලනය කරන්නත් ඕනෑ, ඔවුන්ට සුව වෙන්න බෙහෙත් දෙන්නත් ඕනෑ. බහුල දෙනෙකුට රෝගය බෝ කරන රෝග මූලය වන මීවනපලානේ හිමියන්ටත් බෙහෙත් දෙන්න ඕනෑ.

    අධර්මය සහ අවිනය ප්‍රචාරය කරන හැමෝම ගැන හැම කාරණයේදීම එකම විදිහට සලකන්න බැහැ. ඒ ඒ පුද්ගලයාගේ ස්වරූපයන් හා අදාල ක්‍රියාවන් බලලා තමන්ගේත් තරම දැනගෙන තමයි කල යුතු සුදුසු දේ කුමක්දැයි තීරණය කරලා කරන්න වෙන්නේ.

    අවසාන පැහැදිලි කිරීමෙන් "ගිහියන් විසින් මහණුන් "ගැරහීම" නොකළ යුතුයි" ලෙස ගන්න බැහැ.

    අවසාන පැහැදිලි කිරීමෙන් පමණක් "ගිහියනුත්, මහණුන් මෙන්, "අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි." ලෙස ගෙන "ගැරහිය" යුතුයි" ලෙස ගන්නත් බැහැ.

    එපමනක් නොවෙයි, ත්‍රිපිටකයේ කොහේ හරි තැනක ගිහියන් විසින් ගිහියන් ගැරහිය යුතු යැයි ලියවිලා තිබුනත් එපමණකින් "ගිහියනුත්, මහණුන් මෙන්, "අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි." ලෙස හෝ අන් පරිද්දෙකින් ගෙන "ගැරහිය" යුතුයි" ලෙස ගන්නත් බැහැ.

    එපමනකුත් නොවෙයි, ත්‍රිපිටකයේ කොහේ හරි තැනක ගිහියන් විසින් මහණුන් ගැරහිය යුතු යැයි ලියවිලා තිබුනත් එපමණකින් "ගිහියනුත්, මහණුන් මෙන්, "අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි." ලෙස හෝ අන් පරිද්දෙකින් ගෙන "ගැරහිය" යුතුයි" ලෙස ගන්නත් බැහැ.

    Skylark

    AIDS /ඩෙංගු සම්භන්දව ඔබ සදහන් කල දෙය : සම්පිණ්ඩනය කල විට රෝග මුලයටම ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය සාධකය ලෙස සැලකිය හැකිය. න්‍යායාත්මකව ගත කලද , කුමන ලක්ෂණයට ප්‍රතිකාර කලද අනිවාර්යයෙන්ම රෝග මුලයට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොකොට (පෙර හෝ පසුව) රෝග ලක්ෂණවලට පමණක් ප්‍රතිකාර කිරීම හුදෙක් ගඟට ඉනි කැපීමක් වැනිය. :rolleyes:

    චෝදනා සුත්‍රයට අනුවද, චෝදනා කරන විට එහි ආදීනව චෝදනාවට ලක්වන භික්ෂුවට පසක් වෙන ලෙස සිදු කරන ආකාරය පැහැදිලි වෙයි. එයින් ඔබ්බෙහි චෝදනාවට ලක් කරන ආකාරයක් එහි සදහන් ව නොමැත. එනම් චෝදනාව සිදුකල යුත්තේ අදාල පුද්ගලයාටමය.

    අවසාන කරුණ මම උපුටා දැක්වූ වාක්‍ය ඛණ්ඩය මතම පදනම් වී ගොනු කල කරුණක් නොව, එය මම ඇසුවේ, චෝදනා සුත්‍රයට අනුව, ගිහියෙකු විසින් පැවිද්දෙකු "ගැරහීම" කල හැකි අවකාශයක් වේද යන්නයි.

    එහි හුදෙක් සදහන් වන්නේ මහණුන් විසින් මහණුන් විවේචනය කල හැකි ආකාරයකි එසේ නොවේද?
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් Sataninhell,

    AIDS /ඩෙංගු සම්භන්දව ඔබ සදහන් කල දෙය : සම්පිණ්ඩනය කල විට රෝග මුලයටම ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය සාධකය ලෙස සැලකිය හැකිය. න්‍යායාත්මකව ගත කලද , කුමන ලක්ෂණයට ප්‍රතිකාර කලද අනිවාර්යයෙන්ම රෝග මුලයට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොකොට (පෙර හෝ පසුව) රෝග ලක්ෂණවලට පමණක් ප්‍රතිකාර කිරීම හුදෙක් ගඟට ඉනි කැපීමක් වැනිය. :rolleyes:

    මම ලියුවේ AIDS/ඩෙංගු ආදිය ගැන රෝහල් ආදියේ කෙරෙන ප්‍රතිකාර ගැන කල හැකි සීමාවන් සහ ස්වරූපයන් සලකායී. ඔබ සර්වප්‍රකාරයෙන් රෝග නැසීමක් ගැන නම් අදහස් කලේ ඊට ඇත්තේ එකම එක ක්‍රමයයි. ඒ රෝග මූලය නැසීමෙන් පමණක්මයි. එනම් තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් පමණක්මයි. වෙන ක්‍රමයකින් සර්වප්‍රකාරයෙන් රෝග නසන්න බැහැ.

    ඉතින් එසේ සර්වප්‍රකාරයෙන් රෝග නසන්න නම් යන්නේ ඊට ඇත්තේ අනුපූර්ව ප්‍රතිපදාවක් පමණක්මයි. ඒ අනුපූර්ව ලෙස සංයෝජන ධර්ම ප්‍රහානය කර අවසානයේ මතු නූපදින ලෙස සම්පූර්ණයෙන්ම තෘෂ්ණාව ක්ෂය කිරීමෙන්. ඒ නිසයි සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් ලෙසින් වන මාර්ගඵලයන් හිදී අනුපූර්ව සංයෝජන ධර්ම ප්‍රහානයක් පැනවෙන්නේ. එසේ අනුපූර්ව උපක්‍රමයෙන් නැතිව පළමුව තෘෂ්ණාව ක්ෂය කර ඉන් පසුව සංයෝජන ධර්ම නැසීමක් පැනවෙන්නේ නැහැ. ඊට හේතුව නම් රෝගය කුමක්ද, රෝගයට මුල කුමක්ද, රෝගය නැසීම කුමක්ද, රෝගය නසන ප්‍රතිපදාව කුමක්ද යන කිසිම දෙයක් ගැන පූර්ණ වැටහීමක් ආරම්භයේදී යම් පුද්ගලයෙකුට ඇති කර ගන්න බැරි වීමයි. ඒ නිසා අනුපූර්ව උපක්‍රමයෙන් තමයි රෝගයේ මූලය නසන්නේ.

    ඉතින් ඒ ආකාරයට හිතුවොත් මීවනපලානේ හිමියන්ට උපකාර කරන්න යනවා නම් රෝග ව්‍යාප්තියට අනුරූපව වට පිටාවේ අයත් නිවැරදි කරගෙන යන අනුපූර්ව ප්‍රතිපදාවක් තමයි අනුගමනය කරන්න වෙන්නේ.

    නමුත් මම පෙර කී පරිදි අධර්මය සහ අවිනය ප්‍රචාරය කරන හැමෝම ගැන හැම කාරණයේදීම එකම විදිහට සලකන්න බැහැ. ඒ ඒ පුද්ගලයාගේ ස්වරූපයන් හා අදාල ක්‍රියාවන් බලලා තමන්ගේත් තරම සලකා තමයි කල යුතු සුදුසු දේ කුමක්දැයි තීරණය කරලා කරන්න වෙන්නේ. ඔවැනි කාරණාවන්ට යොමු වන අය කාලය අකාලය සලකා බලන්නත් ඕනෑ, තමන් කරන්න යන දේ සත්‍ය දෙයක්ද අසත්‍ය දෙයක්ද ලෙස සලකා බලන්නත් ඕනෑ, වැඩ සහිත දෙයක්ද නැත්නම් වැඩ සහිත නොවේ දැයි සලකා බලන්නත් ඕනෑ, අන් සුදුසු අයගේ උපකාර ලබන්න පුළුවන්ද බැරිද ලෙස සලකා බලන්නත් ඕනෑ, ඒ කරන දේ වලින් සංඝයාගේ අරගල, කලහ ආදී නොයේක ගැටළු ඇති වේවිද නොවෙවිද ලෙස සලකා බලන්නත් ඕනෑ.

    සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම හැම විටම පහසු වන්නේ නැහැ. උදාහරණයකට මීවනපලානේ හිමි සමඟ භික්ෂූන් වහන්සේලා පිරිසක් සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම ගැන පහත වීඩියෝව දැක්විය හැකියී. කෙටියෙන් කීවොත් සාකච්ඡාව අසාර්ථක වීම එහිදී දැකිය හැකියී. එපමණකින් මීවනපලානේ හිමි සමඟ සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම හරි යන්නේ නෑමයි ලෙස කියන්න මට හැකියාවක් නැහැ. නමුත් "කැමතිනම් පිළිගන්න, නැත්නම් පිළිගන්න එපා" ආදි ලෙස පවසන අයෙක් සමඟ සාකච්ඡා කර ප්‍රශ්න විසදාගන්න අපහසුයි.

    කෙසේ නමුත් සමහර අය සමඟ සාකච්ඡා කර ප්‍රශ්න විසදාගන්න කොහෙත්ම බැහැ. දැඩිව මිත්‍යා දෘෂ්ටියක් ග්‍රහනය කරගෙන මම සත්‍ය දනිමී, මම සත්‍ය දකිමී යැයි යම් අයෙක් හිතාගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයාට අපහසුයි නිවැරදි දේ දකින්න. මෙහෙම කීවත් මීවනපලානේ හිමි සමඟ සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම හරි යන්නේ නෑමයි ලෙස කියන්න මට හැකියාවක් නැහැ. නමුත් අපහසු බවක් නම් පෙනෙනවා.

    චෝදනා සුත්‍රයට අනුවද, චෝදනා කරන විට එහි ආදීනව චෝදනාවට ලක්වන භික්ෂුවට පසක් වෙන ලෙස සිදු කරන ආකාරය පැහැදිලි වෙයි. එයින් ඔබ්බෙහි චෝදනාවට ලක් කරන ආකාරයක් එහි සදහන් ව නොමැත. එනම් චෝදනාව සිදුකල යුත්තේ අදාල පුද්ගලයාටමය.

    එහෙම සූත්‍රයේ යමක් නොතිබූ පමණින් නොමැති කරුණක් ගැන "චෝදනාව සිදුකල යුත්තේ අදාල පුද්ගලයාටමය, අන් අයට නොපැවසිය යුතුය." යන අර්ථයෙන් අවසන් නිගමනයකට යන්නේ කොහොමද? එහෙම අවසන් නිගමනයකට යන්න ප්‍රමානවත් තරම් හේතු සූත්‍රයේ ලියවිලාවත් නැහැනේ. එහෙම බැරි බවට උදාහරණයක් ලෙසනේ මම දේවදත්ත ගැන විස්තරය දැක්වූවෙ.

    අවසාන කරුණ මම උපුටා දැක්වූ වාක්‍ය ඛණ්ඩය මතම පදනම් වී ගොනු කල කරුණක් නොව, එය මම ඇසුවේ, චෝදනා සුත්‍රයට අනුව, ගිහියෙකු විසින් පැවිද්දෙකු "ගැරහීම" කල හැකි අවකාශයක් වේද යන්නයි.

    මම ලියූ දේ ඔබ දැක්වූ වාක්‍ය ඛණ්ඩ මතම පදනම් කර ලියන ලදැයි නොසලකන්න. එහෙම ව්‍යාකූලත්වයක් ඇති විය හැකි බව මටත් පසුව වැටහුනා. නිවැරදි කරන විට නිවැරදි කෙරුනේ මම ලියූ අන්තිම ජේද දෙක පමණයි. ඉන් උඩ ජේදය නිවැරදි කරන්න අතපසු උනා. සැකෙවින් නැවත කීවොත්:

    චොදනා සූත්‍රයේ ඇති කරුණු පමණක් සලකා ගිහියෙකු විසින් පැවිද්දෙකු ගැරහීම ධර්මයට හා විනයට නිසැක ලෙසින්ම ගැලපේ යැයි තීරණය කිරීමට අවකාශයක් නැත. ත්‍රිපිටකයේ කොහේ හරි තැනක ගිහියන් විසින් මහණුන් ගැරහිය යුතු යැයි ලියවිලා තිබුනත් එපමණකින් ගිහියෙකු විසින් පැවිද්දෙකු ගැරහීම ධර්මයට හා විනයට නිසැක ලෙසින්ම ගැලපේ යැයි තීරණය කිරීමටද අවකාශයක් නැත.

    එහි හුදෙක් සදහන් වන්නේ මහණුන් විසින් මහණුන් විවේචනය කල හැකි ආකාරයකි එසේ නොවේද?

    "හුදෙක්" යන වචනය නැතිව "එහි සදහන් වන්නේ මහණුන් විසින් මහණුන් විවේචනය කල හැකි ආකාරයකි." ලෙස කීම සුදුසුයි.

    "හුදෙක්" යන වචනය භාවිතා කල විට ත්‍රිපිටකයේ නොතිබෙන සුභාෂිතයක් උවත් චොදනා සූත්‍රය සමඟ සසඳන්න බැරි වෙන්න පුළුවන් බවට අර්ථයක් ඇති වෙනවා. "හුදෙක්" යන වචනය භාවිතා කල විට ත්‍රිපිටකයේ තිබෙන අන් සූත්‍ර හා විනය කරුණු උවත් චොදනා සූත්‍රය සමඟ සසඳන්න බැරි වෙන්න පුළුවන් බවට අර්ථයක් ඇති වෙනවා.

    ඒ නිසා "හුදෙක්" යන වචනය නොමැතිව "චොදනා සූත්‍රයේ සදහන් වන්නේ මහණුන් විසින් මහණුන් විවේචනය කල හැකි ආකාරයකි." ලෙස කීම සුදුසුයි.

    Skylark