අනේ අම්මෙ රට යන්න එපා
පරණ කථාවක්..හැමදාම අලුත් වෙන
*******************************
අසූ තුනේ දවසක් උදෙන්ම ඇහැරුණා.
අම්ම ඇදේ හිටියෙ නෑ..ඒ නිසාදෝ කොහේදෝ කලින් ඇහැරුණේ.
ලග හිටියෙ මාමා.
මාමලා ඉතින් කොහොමත් කොල්ලන්ව මෙල්ල කරන්න පුළුවන් උදවියනෙ.
"අම්ම කෝ ?"
"හා අම්ම ගමණක් ගියා "
තනියම මුහුණ හෝදාගෙන තේ එකත් නැතිනිසා ආයෙත් මම
" අම්ම කොහෙ හිහින්ද ? "
"පොඩි ගමණක් ගියා. දැන් එයි පුතා "
උදෙන්ම ඇග අතගාලා නැගිට්ටවලා,
මුහුණ හෝදලා,පුයර ගාලා,තේ එකක් අතට දෙන අම්මා..
එදා හවස් වෙනකන් ආවෙ නෑ...
දවසම මම මග බලාගෙන හිටියා.,
අවුරුදු දෙකක් ගියා අම්ම ඒ පොඩි ගමන ගිහින් එන්න...
ඊට පස්සෙ සති තුනක් වගේ ලොකු කාලයක් අපිත් එක්ක ඉදලා..
ආයෙත් පොඩි ගමනක් ගියා.
අසු හතේ කුවේට් වල ඉන්න අම්මට යවන්න කරපු ෆොටෝශූට් එකක ෆොටෝඑකක් මේ තියෙන්නේ.
අද උඹලට වගෙ ස්කයිප් තිබුණෙ නෑ...
වයිබර්,වට්ස් අප් තිබුණෙ නෑ...
ෆේස්බුක් තිබුණෙ නෑ...
අදවගේ කොන්දේසි සහිතව ලාබෙට මැදපෙරදිගට තරගෙට කතාකරන්න දුරකතන සේවා තිබ්බෙ නෑ...
අම්මට අපේ කටහඩ අහන්න ඕනෙ නම් කැසට් පීස් එකක් රෙකෝඩ් කරලා මෙහෙ එවනවා.. අපි ඔක්කොම වාඩිවෙලා ඒකට පිළිතුරු කැසට් එකක් රෙකෝර්ඩ් කරලා එහෙ යවනවා. කැසට් එක රෙකෝර්ඩ් කරන්නත් කාගෙ හරි ගෙදරකට තමා යන්නෙ මොකද අපේ කැසට් එකේ අර රතු බටන් එක තිබුණෙ නෑ.
මාස හයකට විතර සැරයක් කාගෙ හරි ගෙදරකට ගිහින් ෆොටෝ ශූට් එකක් කරලා.,
ඒවා හෝදලා වේලලා යවනවා අම්මට අපේ මුහුණ බලාගන්න..
අම්මත් ගෙදර නෝනලා නැතිවෙලාවක ඒ අයගෙ සෙටියෙ වාඩිවෙලා,ඇදේ හාන්සි වෙලා එවන ෆොටෝ එක දෙක අපිට රත්තරන් කන්දකට වඩා වටිනවා..
ඒවා බලලා ඇස්වලට කදුලු ආපු දවස් අනන්තයි.
අම්මා බලන්න ඕනෙ වුණාම ඒ පොටෝ එකක් අරගෙන බලපු දවස් අනන්තයි..
ඒ ෆොටෝ එක ලඟ තියාගෙනම නිදපු දවස් අනන්තයි
අම්මා ලංකාවට එනවා කියලා ලියලා එවපු පනිවුඩේ අපිට ලැබෙන්න සුමාන දෙකක්වත් ගියා...
"රට ගියා " කියන එකේ තේරුමවත් මම දැනගෙන හිටියේ නෑ..
රට කියන්නේ කොහේද කියලාවත් මම දැනගෙන උන්නේ නෑ.
මගේ රටට අමතරව තව රටවල් තියෙනවා කියන එකවත් මම දැනගෙන හිටියේ නැ..
හැබැයි මම පස්සෙ දවසක ඇහුවා
" අම්මෙ ඇයි රටගියේ " කියලා.
"මට පුතාව ඉස්කෝලෙ දාන්න සල්ලි තිබ්බෙ නෑ පුතා..."
"කීයක්ද අම්මෙ ඕනෙ වුණේ "
"රුපියල් එක්දාස් පන්සීයක් ඔක්කොම වියදම.." ලැබුණ උත්තරේ..
එක්දාස් පන්සීයක්..එක්දාස් පන්සීයක්..
මේක මගේ කතාව නෙමෙයි.
කියාගන්න තේරෙන්නේ නැති දහස් ගාණක් ළමයින්ගේ කතාව.
මට ඒක දැනුනා..මට ඒක තේරුණා.
ඉතින් මෙහෙම කියන්න මම සුදුස්සෙක්..
ඈත අහසේ ගුවන් යානයක් යද්දි, දුවගෙන ඇවුත් "අන්න අපේ අම්මා යනවා ..අම්මේ.... අම්මේ ....." කියලා අතවනන අපේම දරුවන්ගේ කතාව...
අහසේ යන ගුවන් යානය ඇයි බොලේ වත්තෙ බාලා අම්මව දීලා නොගියේ කියලා හූල්ලපු දවස් කීයක්ද,
තවත් පොඩි එකෙක්ට ඒ වගේ දුකක් නම් වෙන්නෙපා...හතුරෙකුගෙ දරුවෙකුට වුණත්.,
රටක් හදමු බන්...
එකතුවෙලා රටක් හදමු බන්...
අම්මලා රට යන්න ඕනෙ වෙන්නේ නැති රටක් හදමු බන්.
උපුටා ගත්තේ : https://www.facebook.com/ අනේ අම්මෙ රට යන්න එපා Community පේජ් එකෙන්

)
මේ පිස්සෙක් එක්ක කතා කරනවට වැඩිය ගෙදර මිදුලෙ වැවිලා තියන තනකොල ටික ගලවපන් ගිහින්,