බැට්මෑන් බිගින්ස් ගැන නොදත් කරුණු

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    බැට්මෑන් බිගින්ස් ගැන නොදත් කරුණු


    බැට්මෑන් කියන්නෙ ඉතින් කොමික් වලට ආස ලොකු පොඩි කවුරුත් ආදරය කරන වීරයෙක්නෙ, :yes:
    සමහර අයටනම් මෙයා ප්‍රියතම සුපිරි වීරයෙක් නොවෙන්න පුලුවන්,
    හැබැයි හැම කෙනෙක්ගෙම පොඩියට හරි කැමැත්තක් හැමදාම බැට්මෑන් වෙනුවෙන් තිබුන.
    එහෙම නැත්නම් ඉතින් ගොඩක් වෙලාවට ඒකෙනා බැට්මෑන් ගෙ කතාව දන්නෙ නැති කෙනෙක් තමයි.:rolleyes:

    බැට්මෑන් චරිතයේ අයිතිය තියෙන්නෙ සුප්‍රසිද්ධ DC Comics සමාගමට, ඒ වගේම තමා DC Comics සමාගමේ අයිතිය තියෙන්නෙ වෝනර් බ්‍රදර්ස් සමාගමට.:nerd:
    බැට්මෑන් කතාව මුලින්ම ලෝකෙට එන්නෙ මීට දශක ගනනාවකට කලින්, හරියටම කිව්වොත් 1939 මැයි මාසෙදි චිත්‍ර කතාවක් විදියට.

    250px-BatmanComicIssue1%2C1940.png


    ඒ කියන්නෙ බැට්මෑන් DC Comics වලින් පටන් ගන්නකොට මාවල් කොමික්ස් වීරයො තියා, මාවල් සමාගමවත් තිබුනෙ නෑ.:D:D:D

    හරි හරි දැන් අපි බැට්මෑන්ගෙ ආරම්භය ගැන දැනගත්තනෙ, දැන් එමු බැට්මෑන් ෆිල්ම් ගැන පොඩි දෙයක් දැන ගන්න.
    මේ වෙනකොට ලෝකෙ බැට්මෑන් ෆිල්ම්ස් කීපයක්ම විවිධ අධ්‍යක්ශකවරුන් යටතෙ නිර්මාණය වෙලා තියෙනව.
    batman-all-movies.png


    නමුත් මේ එකම එක බැට්මෑන් ෆිල්ම් එකකටවත් නැති තරම් ජනප්‍රියත්වයක් හා මූල්‍යමය සාර්ථකත්වයක් ලබාගන්න සමත්වුනේ ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ අධ්‍යක්ශණයෙන් බිහිවුන "දි ඩාර්ක් ක්නයිට් චිත්‍රපට ත්‍රිත්වය"යි.:love::love::love:
    GYer33m.jpg


    අද අපි කතාකරන්නෙ ඒ ත්‍රිත්වයෙන් පලවෙනි එහෙමත් නැත්නම් අලුත්ම ප්‍රවේශයක් ලබාදුන්න "බැට්මෑන් බිගින්ස්" චිත්‍රපටයෙ එතරම් ප්‍රසිද්ධියට ලක් නොවුනු කරුණු කීපයක් ගැනයි.

    batman_begins_ver3.jpg


    මේ චිත්‍රපටය කලින් කියපු බැට්මෑන් ගෙ කතාව දන්නෙ නැති අයටත් බැට්මෑන් කවුද කියන එක දැනගන්න හොදම විදිය තමයි, මොකද මේකෙදි අපිට ක්‍රිස්ටෝෆර් නෝලන් ඒ කතාව මුල ඉදන් බොහොම අපූරුවට ඉදිරිපත් කරන නිසා කලින් බැට්මෑන් ගැන දන්නෙ නැති කෙනෙක්ට වුනත් රසවිදින්න පුලුවන් බාධාවක් නැතිව.:yes:
    ඔයා "බැට්මෑන් බිගින්ස්" මේ වෙනකං බලල නැත්නම්, මේ ත්‍රෙඩ් එක ඉදිරියට කියවන එක පොඩ්ඩකට කල් දාල ෆිල්ම් එක බලල ඉන්නම වෙනව. එහෙම නැත්නම් මේ කරුණු ගැන වැඩි අවධානයක් එන එකක් නෑ.:confused:
    ඔන්න ටොරන්ට් ලින්ක් එකත් දැම්ම,
    https://yts.ag/movie/batman-begins-2005

    එහෙනම් ඔන්න අපි මේ ත්‍රෙඩ් එකේ මාතෘකාවට ප්‍රවේශවෙමුකො වැඩි කතා නවත්තලා.

    1. බැට්මෑන්/බෘස් වේන් චරිතය රඟපාන අතිවිශිශ්ට නළු ක්‍රිස්ටියන් බේල් බොහොම තදින්ම මේ චිත්‍රපටයට භාවිත කරපු බැට් සූට් එකට අකමැත්ත පලකරල තියෙනව.:no:
    බැට් සූට් එක පේනවට වඩා බොහොමත්ම තද නිසා බේල්ට රඟපාන්න තියා නිකම් ඉන්න එකත් බොහොම දුෂ්කර වුනා.:sorry:
    12.jpg



    2. රාස්-අල්-ගුල් විදියට පෙනීසිටින්න උත්සහකරන කරන පුද්ගලයෙක් විදියට රඟපාපු කෙන් නම් රංඟන ශිල්පිය කියන ජපන්/ටිබෙට් වැනි භාෂාවකට හුරු වචන ඇත්තටම කිසිම භාෂාවකට අයිති නෑ, :baffled:
    කෙන් ඒ වෙලාවෙ එයගෙ හිතට ආපු ශබ්ද ටිකක් තමයි කියල තියෙන්නෙ. :P:P:P
    217116_1.1.jpg


    තවත් දෙයක් තමා කෙන් මේ චරිතය ඉදිරිපත් කරන්නෙ විනාඩි කීපයක් විතරයි, මේ නිසා තමයි ක්‍රිස්ටෝෆර් නෝලන් එයාගෙ චිත්‍රපටයක් වුන ඉන්සෙප්ශන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතකට කෙන්ව අයෙත් අරගන්නෙ.:yes:
    මම කලින් ඉන්සෙප්ශන් චිත්‍රපටය ගැන දාපු ත්‍රෙඩ් එකේ කිව්වෙ මේ ගැන තමා.:shocked:
    uD70gnc.jpg



    3. නෝලන් විසින් අධ්‍යයක්ශණය කරපු බැට්මෑන් ෆිල්ම් තුනේම විශේෂ අවධානයක් ගත්ත දෙයක්නෙ, ඒවයෙ තිබ්බ "බැට්මොබිල්" එක. :love:
    මේ ෆිල්ම් තුනේම බැට්මොබිල් එකට වෙනත් අලුත් නමක් භාවිතා කලා "දි ටම්බ්ලර් "කියල.
    6yXYZAB.jpghttp:


    Jq37iGD.jpg


    nudevWA.jpg


    මේ ටම්බ්ලර් එක අඩි 9ක් පලළ, අඩි 16ක් දිග ඇත්තටම මේ චිත්‍රපටයටම හදපු වාහනයක්. ටම්බ්ලර් එක ඩිසයින් කරල තියෙන්නෙ ක්‍රිස්ටෝෆ්ර් නෝලන් සහ චිත්‍රපටයෙ නිශ්පාදන සැලසුම්කරු නේතන් ක්‍රෝලි.:rofl:
    මේ දෙන්නගෙ අදහස් වෙලා තියෙන්නෙ කලින් බැට්මෑන් ෆිල්ම් වල තිබුන කාර් එකකට ගොඩක් සමාන හැඩය වෙනුවන ටිකක් හමුදා වාහනයකට හුරු පෙනුමක් එක්ක අලුත් බැට්මොබිල් එක ඩිසයින් කරන්න.;)
    අන්තිමට දෙන්නම එකඟවෙලා තියෙන්නෙ ටම්බ්ලර් එක ලැම්බෝගිනි කාර් එකෙත් හමර්/හම්වී එකෙත් පෙනුම එකතු කරල අලුත්ම විදියක දැඩි සවිශක්තියක් හා වැඩි වේගයත් පෙන්නුම් කරන "බැට්මෑන් බිගින්ස්" ෆිල්ම් එකේ තියෙන ටම්බ්ලර් ඩිස්යින් එකට.:rofl::rofl::rofl::rofl:

    dark_knight_book_pg7_660.jpg


    ටම්බ්ලර් එකට ඇත්තටම ෆිල්ම් එකේ පෙන්නන තරම් වේගයෙන් ජෙට් තාක්ෂණය එහෙමත් හොදගෙන යන්න හැකියාවක්නම් නෑ. ;)
    නමුත් මෙයාට ඇත්තටම පැයට සැතපුම් 106ක් එහෙම නැත්නම් පැයට කිලෝමීටර් 170ක වගේ උපරිම වේගයක් ලබාගන්නත්, නිශ්චලතාවයේ ඉදල පැයට කිලෝමීටර් 100ක් ලබාගන්න යන්නෙ තත්පර 6ක් වගේ සුලු කාලයක් විතරයි.:eek:
    මෙයට අවශ්‍යකරන බලය ලබා දෙන්නෙ ප්‍රසිද්ද ඇමෙරිකාවේ ශෙව්ලෙ (Chevrolet)සමාගම නිපදවන 5.7L V8 එන්ජිමක් යොදාගෙන.
    ඒවගේම මෙයාට එක ඉන්දන ගැලුමකින් සැතපුම් 7ක් වගේ තමා යන්න පුලුවන්. :baffled::baffled::baffled:
    a7197137-203-800px-Batman_Begins_Batmobile2.jpg


    පිටුපසට යොදාගෙන තියෙන්නෙ අඟල් 44 ටයර් 4 ක්.:baffled::baffled: ටම්බ්ලර් එක මේ වෙනුවෙන්ම 0 සිට හදපු වාහනයක් නිසා වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන භාගයක් විතර වෙනව කියල ඇස්තමේන්තු කරල තියෙනව.:yes::yes:
    "බැට්මෑන් බිගින්ස්" සඳහා ටම්බ්ලර් 5ක් යොදාගෙන තියෙනව.



    4.මේ චිත්‍රපටය ගොඩක් දර්ශන රූපගත් කරල තියෙන්නෙ ඇත්තම නගර, පොදු මාර්ග වල.
    මේ නිසා නිසා එක දර්ශන තලයක ඉදන් තව දර්ශන තලයකට යන එකත් කරල තියෙන්නෙ සාමාන්‍ය වාහන භාවිතා කරල.
    ටම්බ්ලර් එකත් මේ දර්ශන තල වලට ගෙනිහින් තියෙන්නෙ මේ පොදු මාර්ග වල පදවගෙනමයි.
    ඉතින් චිකාගෝ වල රූපගත කිරීමක් අතරතුර යම් පමනකට මදුවිත පාවිච්චි කරපු පුද්ගලයෙක්ගෙ මෝටර් රථයක් අවිල්ල ටම්බ්ලර් එකේ හැප්පිල.:no:
    මේ මනුස්සය හිතල තියෙන්නෙ ටම්බ්ලර් එක ලෝකය ආක්‍රමණය කරන්න ආපු පිටසක්වල යානාවක් කියල.:P:P:P:P

    5.දර්ශනයක් තියෙනව බෘස් වේන් ( ක්‍රිස්ටියන් බේල්) හා ඩුකාඩ් (ලියම් නීසන්) අයිස් තට්ටුවක් මත කරන සටන් පුහුණුවීමක්. මේ දර්ශනය රූපගත කරනකොට කරනකොට බේල්ටයි නීසන්ටයි ඇහිල තියෙනව අයිස් තට්ටුවෙ කැඩෙන හඬක්.:eek:
    රූගත කිරීමෙන් පස්සෙ දවසෙ මේ මුලු අයිස් තට්ටුවම කැඩිල දියවෙලා ගිහින් තිබිල. දෙන්නගෙම ජීවන බේරිලා තියෙන්නෙ දශමෙන්.:shocked:

    images


    9c94bd7e297b958996a6380060b9545a69ddca85.png



    5.බැට්මෑන්ගෙ බොහොමයක් සටන් ජවනිකා බේල් විසින්ම තමා කරල ති යෙන්නෙ,නමුත් බේල්ට ටම්බ්ලර් එක ලඟට යන්නනම් අවසර ලැබිල නෑ. :P
    බේල්ගෙ ආරක්ෂාව ගැන හිතල ක්‍රිස්ටෝෆර් නෝලන් ඒ දර්ශන අදේශක නලුවෙක් යොදාගෙන කරල තියෙන්නෙ.:yes::yes:

    Q88rJ.gif



    6. ඩොක්ටර් ජොනතන් ක්‍රේන්/ස්කෙයා ක්‍රෝ කියන චරිතය රඟපාන්නෙ බොහොම කඩවසම් නළුවෙක් වන කිලියන් මර්ෆි.:rofl:
    cillian_murphy20050613_6.jpg


    ක්‍රිස්ටෝෆර් නෝලන් ගැන උනන්දු අය බොහොම හොදින් දන්න දෙයක්නෙ නෝලන් කිලියන් මර්ෆිට තියෙන ලස්සන නිල් ඇස් ගැන ගොඩක් උනන්දුයි කියල.:yes:
    ඩොක්ටර් ජොනතන් ක්‍රේන් චරිතයට කිලියන් මර්ෆි උපැස් යුවලක් භාවිත කරනවනෙ, නමුත් නෝලන් හැම වෙලේම විවිධ හේතු හෙව්වලු ජොනතන් ක්‍රේන් චරිතයදි මේ උපැස් යුවල භාවිතය පුලුවන් තරම් අඩු කරල මර්ෆිගෙ ඇස් වලට වැඩි අවධානයක් ගන්න. :rofl:
    batman5.jpg



    7. බැට්මෑන්/බෘස් වේන් චරිතයට නලුවන් අට දෙනෙක් තිර පරීක්ෂණයට සහභාගි කරගෙන තියෙනව. ඒ තමා,
    ක්‍රිස්ටියන් බේල් , ජෝශුවා ජැක්සන්, ඉයන් බේලි, හියු ඩැන්සි, බිලී කෘඩප්, කිලියන් මර්ෆි, හෙන්රි කැවිල්, ජේක් ග්ලෙන්හෝල්.

    FOojrB0.jpg


    8. බැට්මෑන් ගෙ කටහඩ ගන්න ඇත්ත කටහඩ ගොඩක් වෙනස් කරපු නිසා, රූගත කිරීම් කරන කාලයෙ තුන් පාරක්ම බේල්ට කතා කිරීමේ හැකියාව නැතිවෙලා ගිහින්.:shocked::shocked:

    rMN4_f-maxage-0.gif



    9. ඕගොල්ලන්ට සමහරවිට මතක ඇති ලියම් නීසන් (ඩුකාඩ්) තමන්ගෙ නින්ජා සටන්කරුවන් එක්ක ඉන්න දර්ශන කීපයක්, :confused::confused:
    මේ අවස්ථාවෙදි බොහොම අනපේක්ෂිත දෙයක් වෙලා තියෙනව, ඒ තමා නීසන්ගෙ උස. සියලුම නින්ජ සටන්කරුවන්ට වඩා නීසන් ගොඩක්ම උසයි.:dull:
    මේ නිසා මේ දර්ශන රූගත කරල තියෙන්නෙ හැම නින්ජ කෙනෙක්ම ලී තට්ටුවක් උඩ තියල. :lol::lol::lol::lol:

    10. බැට්මෑන් බිගින්ස් චිත්‍රපටයට දායක වුන කිසිම ප්‍රධාන රංඟන ශිල්පීයෙක් ආරම්භයේදි දැනගෙන ඉදල නෑ මේ බැට්මෑන් ෆිල්ම් එකක් කියල.:P
    ප්‍රධාන රංඟන ශිල්පීන් සියලු දෙනාටම යවපු තිර පිටපත් වල මාතෘකාව විදියට දාල තිබිල තියෙන්නෙ "The Intimidation Game" කියල.
    ඇල්ෆ්‍රඩ් චරිතය රඟන සර් මයිකල් කේන් මේ ටෛටල් එක නිසා හිතල තියෙන්නෙ මේක මැර චිත්‍රපටියක් කියල.:rofl::rofl::rofl:

    10930-batman-michael-caine-alfred-iphone-hd-wallpaper_640x960.jpg



    11. 2004 දි බේල් "දි මැශිනිස්ට්" චිත්‍රපටයට රඟපාපු නිසා අධික ලෙස කෘශ ශරීරයක් තමා "බැට්මෑන් බිගින්ස් " චිත්‍රපටයෙ තිර පරීක්ෂණයට එනකොට බේල්ට තිබිල තියෙන්නෙ.:eek:
    (අඩි 6ක් උස බේල්ගෙ බර රාත්තල් 120ක් වගේ සුලු ප්‍රමාණයක් තිබිල තියෙන්නෙ ):shocked:

    9b3aca37458309f555695cf5cd4feeb7.jpg


    Machinist-Bale.jpg


    මේ පරීක්ෂණයෙන් තේරුනාට පස්සෙ ක්‍රිස්ටෝෆර් නෝලන් උපදෙස් දීල තියෙනව බේල්ට "ඔයාට මහත් වෙන්න පුලුවන් උපරිමයට මහත් වෙන්න" කියල.:yes:
    මේ උපදෙසට අනුව මාස 6ක කාලයක් විශේෂ ආහාර හා ව්‍යායාම පුරුදු වලින් බේල් රාත්තල් 220ක් වෙනකන් මහත් වෙලා තියෙනව.:sorry:
    මේ ප්‍රමාණය නෝලන් හිතුවටත් වගේ බොහොම වැඩි අගයක් (බේල්ගෙ සාමාන්‍ය තිබිය යුතු බරටත් වඩා රාත්තල් 40 වැඩි අගයක්):shocked:
    මේ නිසා බැට්මෑන් වෙන්න ගිය බේල්ට ෆිල්ම් එකේ වැඩ කරපු ඔහුගෙ යාලුවො ෆැට්මෑන් කියල නමකුත් දාල.:D:D:D:D:D
    බේල් බොහොම කෙටි කාලයකින් නැවත රාත්තල් 20ක් බර අඩුකරගෙන තියෙනව බැට්මෑන් වෙන්න.;)

    bale.jpg



    12. බැට්මෑන් කියන්නෙ ගොඩක් ඉලෙක්ට්‍රොනික් ගැජට් පාවිච්චි කරන චරිතයක්නෙ. :yes:ඉතින් මේ ගොඩක් ගැජට් ඇත්ත ලෝකෙ තියෙනව කියල හිතන්න අමාරු උපකරණ. :cool:
    නමුත් "බැට්මෑන් බිගින්ස් " චිත්‍රපටයේ පාවිච්චි කරන ගොඩක් උපකරණ ඇත්තම ඒව. :shocked:උදාහරණයක් විදියට බැට්සූට් එකයි, බැට්මෑන්ගෙ සාඨකයටයි ප්‍රධානවෙන තාක්ෂණය ඇත්තම හමුදා තාක්ෂණ මත පදනම් වුන දේවල්.
    ඕගොල්ලන්ට මතක අතිනෙ බැට්මෑන්ගෙ සාඨකයට යම්කිසි විද්යුත් බලයක් ලබාදුන්නම තමා ඒකට දැඩි බවක් අති කරල වවුලෙකුගෙ අත්තටු වගේ හැඩයක් ලබාගෙන "ග්ලයිඩර් ප්ලේන්" එකක් වගේ පාවෙලා යන්න පුලුවන් කියන එක, අනිත් වෙලාවට මේක බොහොම සාමාන්‍ය රෙද්දක් වගේමයි.:yes:

    xnj8p.gif


    මේ තාක්ෂණයට කියන්නෙ "ඉලෙක්ට්‍රොස්ටැටික් ෆ්ලොකින් "කියලලු, බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය තමා මේ ගැන තොරතුරු "බැට්මෑන් බිගින්ස් " චිත්‍රපට කණ්ඩායමට උගන්වල තියෙන්නෙ.:nerd::nerd:
    මේ තාක්ෂණය භාවිතයට ගන්නෙ "නයිට් විශන් "වලට අසුනොවන පැරශුට් නිශ්පාදනයට, විදුලිය ලබාදුන්විට පැරශුට් එකට නයිට් විශන් වලට අසුනොවී පැරශුට් එකට තියෙන්න ඕන නියම හැඩය තියගෙන සතුරු ඉලක්ක වලට ලඟා වෙන්න පුලුවන්.:shocked:

    batman-begins_7.jpg



    13. මම කලින් ඉන්සෙප්ශන් චිත්‍රපටය ගැන දාපු ත්‍රෙඩ් එකේ කිව්ව වගේම නෝලන් සෙකන්ඩ් කැමර යුනිට් එකක් භාවිත කරල නෑ "බැට්මෑන් බිගින්ස් " වලටත්.:)
    අතිරේක කැමරා කණ්ඩායමක් වෙනුවට සියලුම දර්ශන් තමන්ගෙ ඇස් වලින්ම දැකල තමයි රූගත කිරීම් කරල තියෙන්නෙ, මේක වර්තමානයේ චිත්‍රපට රූගත්කිරීම වලදි බොහොම දුර්ලභ දෙයක්.:yes:

    inter6.jpg



    14. ෆිල්ම් එක රිලීස් වුන දවස්වල ෆෝබ්ස් සඟරාවෙන් ඇත්තටම බැට්මෑන් වෙන්න තියෙන්න ඕන වත්කම ගැන පරීක්ෂණයක් කරල තියෙනව.:D
    ඒ පරීක්ෂණයට අනුව ඇත්තටම බැට්මෑන් වෙන්න අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5ක වත් වත්කමක් ඕනෙලු. :baffled::baffled::baffled::baffled:

    bruce-wayne.jpg



    15. ෆිල්ම් එක බැට්මෑන් ගැන වුනාට මේකෙ බැට්මෑන් කියන වචනෙ කියවෙන්නෙ අවස්ථා 10ක විතරයි. :yes:

    tumblr_mev0wfwwtS1rykdxao1_500.gif



    16. හැම වෙලේම ප්‍රේක්ෂකයන්ගෙ ආදරය දිනාගන්නෙ සුපිරි වීරයො විතරයිනෙ,
    නමුත් මේක ලෝකයේ වෙනස් කරපු එකම කෙනා තමා "බැට්මෑන් බිගින්ස්" වලට පස්සෙ ආපු "දි ඩාර්ක් ක්නයිට්" ෆිල්ම් එකේ ජෝකර් ලෙස රඟපාන හීත් ලෙජර්.:love::love::love::love:

    Heath-Ledger-with-makeup.jpg


    හීත් ලෙජර්ව අපිට හම්බවෙන්නෙ "බැට්මෑන් බිගින්ස්" තිරගතවෙලා අවුරුදු 3කට පස්සෙ "දි ඩාර්ක් ක්නයිට්":yes: වලින් වුනාට "බැට්මෑන් බිගින්ස්" චිත්‍රපටයෙ මුල් වැඩකටයුතු කෙරෙන දවස් වලදි හීත් ලෙජර්ව බැට්මෑන්/බෘස් වේන් විදියට ගන්න අදහසක් නෝලන්ට තිබිල තියෙනව.:shocked::shocked::shocked:

    heath_ledger_reference.jpg


    ක්‍රිස්ටියන් බේල් තිර පරීක්ෂණයෙන් මේ චරිතයට හොදම කෙනා ;)කියල තහවුරු වුනාට පස්සෙ තමා නෝලන් ලෙජර්ට මේ චිත්‍රපටයෙ බැරි වුනත් මීලග චිත්‍රපටයෙදි අනිවාර්යයෙන්ම අවස්ථාවක් දෙන්න ඕන කියල තීරණය කරල තියෙන්නෙ.:yes::yes:

    heath_ledger_the_dark_knight_movie_transformations.jpg



    17. රූගතකිරීම් වල පලවෙනි දවසෙ බේල් මුලු දවසම් බැට් සූට් එක අදගෙන තමා ඉදල තියෙන්නෙ,:eek: මේකට හේතුව ඉතින් කලින් කියපු විදියට බැට්සූට් එකේ තියෙන අපහසුබව නිසා ඒකට හුරු වෙන්න. :)

    43fdd919545cbeeb137c2f6a66892ff0.jpg



    18. බැට්සූට් එක අදල විනාඩි 30ක් 40ක් ගියාට පස්සෙ බේල්ට අධික ලෙස දාඩිය දාන්න වගේම හිසට පැලදගෙන ඉන්න අධික ලෙස තද හිස් ආවරනය නිසා පැය ගානක් යනකන් අඩු නොවෙන් හිසරදයක් එනවලු. :shocked:
    මේ හේතු නිසා බැට්සූට් එකෙන් ඉන්නකොට ඇත්තටම බේල් හැමවෙලේම ඉදල තියෙන්නෙ ලොකු තරහකින්.:frown::frown::frown:
    මේ නිසා අපි චිත්‍රපටයෙ බැට්මෑන්ගෙන් දකින තරහ රඟපෑමක් නෙමෙයි. ඔහුට දැනෙනෙ වේදනාව බැට්මෑන් චරිතය තාත්වික කරන්න යොදාගන්න තරම් සුපිරිම නළුවෙක් තමයි ක්‍රිස්ටියන් බේල්.:rolleyes::rolleyes:

    Gi9cwgR.gif



    19. චිත්‍රපටය "බැට්මෑන් බිගින්ස්" කියන නමින් තිරගතවුනත්, මේ නම ලැබෙන්න කලින් විවිධ නම් කීපයක් යටතෙ තමයි නිශ්පාදන කටයුතු කරල තියෙන්නෙ.:oo:
    මුලින්ම "බැට්මෑන් 5" ලෙසත්, ඊට පස්සෙ ටික කාලයක් යනකම් "බැට්මෑන්: දි ෆ්‍රයිට්නින්" ලෙසත් නම් කරල තියෙනව.:confused:
    හැබැයි ඉතින් ක්‍රිස්ටොෆර් නෝලන් එයාගෙ හැම චිත්‍රපටයකම කතාව චිත්‍රපටය තිරගතවෙන්න කලින් ප්‍රේක්ෂකයන් අතරට යන එක නවත්වන්න විශේෂ ක්‍රම යොදාගන්න කෙනෙක්නෙ. ;)
    ඒ නිසා මේ චිත්‍රපටයෙ නමටත් කලින් තිබුනු නම් එකක්වත් නැතුව "ඉන්ටිමිඩේශන් ගේම්" කියල නම් කරල තමයි සියලුම රූගතකිරීම් හා නිශ්පාදන කටයුතු කරන්නෙ. :cool:
    මේ නිසා චිත්‍රපටයෙ පිටපත මාධ්‍යයට යන එක බොහොම සූක්ෂම විදියට නෝලන් වලක්වනව. :)

    enhanced-buzz-12518-1342221086-6.jpg



    20. දර්ශනතලයෙදි හැමවෙලේම ක්‍රිස්ටියන් බේල්ගෙ පස්සෙන් දෙන්නෙක් හිටියලු බැට්සූට් එක දූවිලි,කුනු පිහිදාල සූට් එක ලස්සනට තියන්න. ;);)


    21. "බැට්මෑන් බිගින්ස්" ෆිල්ම් එකේ බැට්මෑන්/බෘස් වේන් චරිතය සඳහා තිර පරීක්ෂණයට ආපු හෙන්රි කැවිල් 2013දි ක්‍රිස්ටෝෆ්ර් නෝලන් නිශ්පාදනයෙන් සම්බන්ධ වුන "මෑන් ඔෆ් ස්ටීල්" සුපර් මෑන් චිත්‍රපටයේ ක්ලාක් කෙන්ට්/සුපර් මෑන් විදියට රඟපානව.:yes::yes:
    2013 සිට මේ දක්වාම, බොහෝවිට 2018/2020 විතර වෙනකන් සුපර් මෑන් වෙන්නෙ හෙන්රි කැවිල් තමා. :D:D
    steel3.jpg



    22. "බැට්මෑන් බිගින්ස්" ෆිල්ම් එකෙන් පස්සේ තමයි ක්‍රිස්ටෝෆර් නෝලන් චිත්‍රපටයෙ නම හා සහය වුන පිරිස චිත්‍රපටයෙ අවසානයෙදි පෙන්නන පුරුද්ද පටන්ගත්තෙ.:yes:

    christopher-nolan.jpg



    23. මුඩුක්කු ගෙවල් කිහිපයක් ලගදි බැට්මෑන් එක්ක කතා කරන පොඩි පිරිමි ලමය තමයි, වර්තමානයේ ලෝකයේම ඉමහත් ජනප්‍රිය ගේම් ඔෆ් ත්‍රෝන්ස් නාට්‍යමාලාවෙ "Joffrey Baratheon" විදියට රඟපාන්නෙ.:shocked: ඔහු තමයි ජැක් ග්ලීසන්.:confused:

    521.jpg



    24. ක්‍රිස්ටියන් බේල් "බැට්මෑන් බිගින්ස්" හි රඟපෑම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක් අයකරගෙන තියෙනව.:shocked::shocked::shocked::shocked:

    WxkkD.gif

    WxkkD.gif

    O9VvQ.gif

    WxkkD.gif

    WxkkD.gif


    මේ ඉන්නෙ කශ්ටියම ලස්සනට.....:love::love::love::love:

    batman-begins-premiere-2-630x419.jpg


    මූලාශ්‍රය : www.imdb.com/title/tt0372784/trivia

    ඉන්සෙප්ශන් ගැන ත්‍රෙඩ් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1751611
    250px-BatmanComicIssue1%2C1940.pnghttp:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    9b3aca37458309f555695cf5cd4feeb7.jpg


    මචං මේක නම් පට්ට ෆිල්ම් එක මන් බලපුවගෙන් බැට්මෑන්ට වැඩ හොදයි රේප් ++
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    මම ක්‍රිස්ටොපර් නොලාන්ගෙ රසිකයෙක් .මෙ බැට්මැබ් සිරියස් එක ගත්තොත් කොමික් එකට වඩ තාත්වික කරලා තමා හදලා තියෙන්නෙස් . ගොඩක්ම මනොවිද්‍යාත්මක සමාජවිද්‍යාත්මක පදනමක් ඇතුව මෙ සුපිරිවීර කතා මාලාව ලස්සනට හදලා තියෙනවා. නොලාන් සි ජි අයි පාවිච්චි නොකරන නිසාත් අනෙකුත් චි‍ත්‍රපට වලට සාපෙක්ශව ගත් කල කැමරාකරණ කොණ සහ වර්ණ භාවිතයෙ ඇත සුවිශෙශ් බව නිසා නොලන්ගෙ චිත්‍රපට වල පොඩි ගතයක් තියෙනවාදො මන්දා .
     

    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    Nolange batman series ekata gahanna puluwan batman series ekak awilla na mechchara kalekta, issarahata eida kiyalth sure na
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Nolange batman series ekata gahanna puluwan batman series ekak awilla na mechchara kalekta, issarahata eida kiyalth sure na

    සිරාවට පරණම ආවා සෙට් එකත් වැඩක් නැ අලුතෙන් ආපු එකත් BVS වැඩක් නැ.
    නොලන්ගේ සුපිරි මොළයත් හිටපු ඇක්ටර්ලාගේ උපරිම perfomance එකත් නිසා ඒ ෆිල්ම් 3 සැහෙන්න හිට් වුණා.
    කොමික් වල තිබ්බා දේවල් ඇත්ත සිද්දි කියල ප්‍රේක්ෂකයාට හිතෙන තරම් තාත්විකව ෆිල්ම් 3 තිබ්බා.
     

    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18

    සිරාවට පරණම ආවා සෙට් එකත් වැඩක් නැ අලුතෙන් ආපු එකත් BVS වැඩක් නැ.
    නොලන්ගේ සුපිරි මොළයත් හිටපු ඇක්ටර්ලාගේ උපරිම perfomance එකත් නිසා ඒ ෆිල්ම් 3 සැහෙන්න හිට් වුණා.
    කොමික් වල තිබ්බා දේවල් ඇත්ත සිද්දි කියල ප්‍රේක්ෂකයාට හිතෙන තරම් තාත්විකව ෆිල්ම් 3 තිබ්බා.

    Nolange hama film ekakma a wage ban, batman series eka witharak newe. inception wage complicated storyline ekak thiyena film ekak plot holes nathuwa gahanna supirima molayak thiyenna one.
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Ada Christopher Nolan ge bday eka,,ee nsa warner tv eka Dark Knight Rises gya,,ekath balala eddi thamai me thread eka dakke,,ela machan,,patta :D :)