එක්සත් ජනපදයේ බහුකාර්යම ගුවන් යානය
ඕනෑම අභියෝගයකට සූදානම් ගුවන් යානයක් ලෙස එක්සත් ජනපදයේ සී-130 හර්කියුලීස් ගුවන් යානය හැඳින්විය හැක්කේ එහි මුල් සැලැස්ම වෙනස් වූ කාර්යයන් රැසක් සඳහා නවීකරණය කර සියගණනක් පමණ මොඩල නිර්මාණය කර තිබෙන නිසාය.සී-130 හර්කියුලීස් යානය නිර්මාණය කිරීමේ මූලික අරමුණ වූයේ හමුදා භටයින් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමයි.නමුත් පසුකාලීනව එය ගුවනේ ඉන්ධන ටැංකියක්,විධාන සහ පාලන ගුවන් යානයක්,විශේෂ මෙහෙයුම් යානයක්,නිරීක්ෂණ සහ ගලවා ගැනීමේ යානයක්,මානුෂීය ආධාර ලබාදීමේ යානයක්,විශේෂ පුද්ගලයින් ප්‍රවාහන යානය,පිරික්සුම් යානයක්,වාසර රෝහලක්,ඩ්‍රෝන් යානා පාලන මධ්‍යස්ථානයක්,ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික ගුවන් යානයක්,අවි නැවක් සහ කාළගුණ විමර්ශන යානයක් ආදී කාර්යයන් රැසක් සඳහා භාවිතා කිරීම සිදුවිය.1950 දශකයේ හඳුන්වා දුන් මෙම යානය තවමත් එක්සත් ජනපද හමුදාවේ විදෙස් මෙහෙයුම්වල හොඳම උදව්කරුවා බව සිහිපත් කල යුතුය.පළමු ගල්ෆ් යුද්ධයේදී මෙම යානා මගින් ගුවනින් විශාල වශයෙන් යුද සෙබලුන් සහ යුදෝපකරණ සෞදි අරාබියට ගෙන එන ලදි.එක්සත් ජනපදය හැර ශ්‍රී ලංකාව ඇතුලුව රටවල් 60කට වැඩි ගණනක හර්කියුලීස් යානා භාවිතා කරයි.මුල් කාලීන මොඩල වන සී-130ඒ,සී-130බී සහ සී-130ඩී යානා මේ වනවිට විශ්‍රාම යවා තිබේ.
පළමුවරට නිපදවන ලද්දේ සී-130ඒ යානයයි.1954 වර්ෂයේදී හර්කියුලීස් යානයක් සිය ප්‍රථම ගුවන් ගමන සිදුකරන ලදි.1956 වර්ෂයේදී මෙම යානය එක්සත් ජනපද ගුවන් හමුදාවේ සේවය සඳහා අනියුක්ත කරගන්නා ලදි.ඔවුන් එම වර්ෂයේදී සී-130ඒ යානා 219ක් ඇණවුම් කරන ලදි.ඩීසී-130ඒ යානා 2ක් ඩ්‍රෝන් යානා දියත් කිරීම සඳහා සහ ඒවා පාලනය කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලදි.සී-130බී යානය 1959 වර්ෂයේදී ගුවන් හමුදා සේවයට එක්විය.මෙම මොඩලයේ තටුවල අමතර ඉන්ධන රැගෙන ගොස් තිබේ.තවද සී-130බී යානා ගිනි නිවීම් කටයුතු සඳහාද යොදාගෙන තිබේ.සී-130ඒ යානා කිහිපයක් සී-130ඩී නමින් නැවත සැලසුම් කරන ලදුව ආර්ටික් ප්‍රදේශයට සැපයුම් ලබාදීමට යොදවන ලදි.පසුකාලීනව සී-130ඩී යානා සී-130එච් යානාවලින් ආදේශ කරන ලදි.
සී-130බී යානා ආශ්රයෙන් සී-130ඊ මොඩලය නිර්මාණය කර තිබේ.ඒවාහි තටු දෙක යටින් ඉන්ධන ටැංකි සවිකර තිබේ.ඒ නිසා පියාසර කල හැකි දුර සහ කාලය වැඩිවිය.1962 වර්ෂයේ පටන් සී-130ඊ යානා සේවයට එක්විය.සී-130එච් යානය ඊ මොඩලයට සමානය.තටුවල අමතර ඉන්ධන ටැංකි සවිකර තිබේ.පර්සියන් ගල්ෆ් යුද්ධයේදී ප්‍රවාහන ගුවන් යානයක් ලෙස ඉටුකල කාර්යය නිසා සී-130එච් යානා විශාල වශයෙන් නිපදවන්නට කොංග්‍රසයේ අවසරය හිමිවිය.නමුත් මේවන විට එච් මොඩලයේ යානා නිෂ්පාදනය කිරීම අවසන් කර තිබෙන බව සඳහන් වේ.මෙම යානා රාත්‍රීයේ පවා දැකිය හැකි උපකරණ පද්ධතිවලින් යාවත්කාලීන කලේ 1993 වර්ෂයේදීය.
හර්කියුලිස් යානයේ නවතම සංස්කරණයක් වන්නේ සී-130ජේ මොඩලයයි.පැරණි මොඩලයන්ට වඩා මෙම යානය වෙනස් වන්නේ එහි පියාසර වේගය වැඩිවීම,කෙටි දුරක් ගමන් කර ගුවන් ගතවීම සහ ගොඩබෑම ආදී හැකියාවන් නිසාය.හර්කියුලිස් ඊ සහ එච් මොඩලයන් වෙනුවට මෙම ජේ මොඩලය ආදේශ කර තිබේ.
සී-130 හර්කියුලීස් යානා පුද්ගල ප්‍රවාහ කටයුතු සඳහා බහුලව යොදාගැනේ.එහි සෙබලුන් 92දෙදෙනෙක් හෝ සියල්ලෙන් සම්පුර්ණ පැරෂූට් භටයින් 64 ක් ගෙන යා හැකිය.තුවාලකරුවන් හෝ රෝගීන් 74දෙනෙක් මෙම යානයක ගෙන යා හැකිය.හර්කියුලීස් යානා නිර්මාණය කර තිබෙන්නේ උපරිම රාත්තල් 155,000ක බරක් රැගෙන පියාසර කල හැකි අයුරිනි.
කේසී-130ජේ මොඩලයේ තටුවල හෙල්ෆයර්(4ක්) හෝ ග්‍රිෆින්(10ක්) මිසයිල රැගෙන යා හැකි ලෙස නවීකරණය කර තිබේ.ඊට අමතරව නියාමක බෝම්බද මෙම යානාවල ගෙන යා හැකිය.අවශ්‍ය නම් යානයේ සවිකර තිබෙන මි.මී.30 අවිවලින් ගොඩබිම් හමුදාවලට අවශ්‍ය වෙඩි බලය සැපයිය හැකිය.ජේ මොඩලයේ වම්පස තටුවේ පිටත ඉන්ධන ටැංකියේ යටින් සවිකර තිබෙන අධෝරක්ත සහ රූපවාහිනී කැමරා ඔස්සේ ඉලක්ක ලබාගැනීම පහසුකර තිබේ.
මෙම යානා රළු භූමියක සිට පවා ගුවන් ගත කිරීම/ගොඩබෑම කල හැකිය.
එක්සත් ජනපද ගුවන් හමුදාව සහ ගුවන් ජාතික ආරක්ෂක අංශය සතුව ඔවුන්ට ආවේණික හර්කියුලීස් යානා තිබේ.එල්සී-130 යානා ආර්ටික් සහ ඇන්ටාර්ටික් ප්රදේශයවලද මෙහෙයුම් සිදුකල හැකි ඒවා වේ.
සී-130 යානයේ නවතම මොඩලය වන්නේ ලොක් හීඩ් මාර්ටීන් සමාගමේ සී-130ජේ සුපර් හර්කියුලීස්ය.
සුපර් හර්කියුලීස් යානයේ නියමු කුටිය සහ තාක්ෂණික උපකරණ නවීකරණය කර තිබේ.එහි නියමුවන්ට හෙඩ්ස් අප් ඩිස්ප්ලේ හෙවත් සිය හෙල්මටයේ තිබෙන දර්ශන තිරය ඔස්සේ වැදගත් දත්ත දැක ගැනීමේ හැකියාව ලබා දී තිබේ.
සුපර් හර්කියුලීස් යානාවල අවරපෙති නවීකරණය කර තිබේ.කලින් පැවති හර්කියුලිස් මොඩලවලට වඩා මෙම යානයේ එන්ජින් 25%ක් ප්‍රබල බව සඳහන් වේ.
සුපර් හර්කියුලීස් යානයට උපරිම වශයෙන් රාත්තල් 44,000ක බරක් රැගෙන පියාසර කල හැකිය.
සී-130 යානාවලට විවිධාකාරයේ භාණ්ඩ ප්‍රවාහනය කල හැකිය.මෙහි දැක්වෙන්නේ ඇෆ්ගනිස්ථානයට ගුවනින් රැගෙන ආ P-19 ගිනිනිවන රථයකි.
භට පිරිස් ප්‍රවාහනය සඳහාද හර්කියුලීස් යානය යොදා ගැනේ.
පැරෂූට් භටයින් මෙහෙයුම් සඳහා ගෙන යාමද හර්කියුලීස් යානාවල එක් කාර්යයකි.
තුවාලකරුවන් වැඩි පිරිසක් එකවර යුද බිමෙන් ඉවත් කරගැනීමටද මෙම යානා බහුලව යොදා ගැනේ.එහි වරකට තුවාලකරුවන් 74 දෙනෙක් රැගෙන යා හැකිය.
අවශ්‍ය නම් මෙම යානයක් තුල තුවාලකරුවෙකුට ශල්‍යකර්මයක් පවා සිදුකිරීමේ පහසුකම් තිබෙන බව කියවේ.
සී-130 යානයේ මූලික සැකිල්ල ප්‍රවාහනය හැර තවත් කටයුතු සඳහා වෙනස් කිරීම් වලට ලක් කර භාවිතා කරයි.
එක්සත් ජනපදයේ නිතර ඇතිවන ලැව් ගිනි මැඩලීම සඳහාද හර්කියුලීස් යානා කැඳවයි.මෙම කාර්යය සඳහා සැකසූ හර්කියුලිස් යානයකට තත්පර 5ක් තුල ගිනි නිවීමට අදාල රසායනික ද්‍රව්‍ය ගැලුම් 3,000ක් මුදා හැරිය හැකිය.
ඒසී-130 ගන්ෂිප් නම් මොඩලය පාබල සෙබලුන්ට ආසන්න ගුවන් ප්‍රහාරක සහාය ලබාදිය හැකි යානයකි.
එක්සත් ජනපද ගුවන් හමුදාව සහ වෙරළාරක්ෂක හමුදාව එච්සී-130 මොඩලය යොදාගෙන්නේ මුදාගැනීම් සහ නිරීක්ෂණ කටයුතු සඳහාය.
සංග්‍රාමික මුදා ගැනීම් සහ නිරීක්ෂණ කටයුතු සඳහා යොදාගන්නා එච්සී-130 යානා දිවිරැක දීමේ උපකරණ සහ ගුවනේදී ප්‍රහාරක යානාවලට ඉන්ධන සපයා දී හැකි උපකරණවලින් සම්බන්ධයි.
එක්සත් ජනපද වන සංරක්ෂණ සේවය විසින් සී-130 යානා,ගුවන් හමුදාවෙන් හෝ ජාතික ගුවන් ආරක්ෂක බලකායෙන් තාවකාලිකව ලබාගනියි.ඒ ලැව් ගිනි නිවීම් කටයුතු සඳහාය.
මැරීන් හමුදාවේ ප්‍රහාරක යානාවලට ගුවනේදී ඉන්ධන සපයාදීමට කේසී-130 යානා භාවිතා කරයි.
ගුවනේදී හෙලිකොප්ටර් සහ ගුවන් යානා සඳහා ඉන්ධන ලබාදීමට කේසී-130ජේ යානයකට ගෙන යා හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය රාත්තල් 47,903ක් පමණ වේ.
ඊසී-130 මොඩලය විශේෂයෙන් නිර්මාණය කර තිබෙන්නේ ඉලෙක්ට්‍රොනික සංග්රාම සඳහාය.සතුරු සංඥා අවහිර කිරීම,අනෙක් යානාවලට විධාන සම්ප්‍රේෂණය කිරීම සහ අපදා අවස්ථාවකදී ජනතාවට ගුවන් විදුලි සංඥාවලින් පණිවුඩ යැවීම මෙම යානය ඔස්සේ සිදුකෙරේ.
ඩබ්ලිව්සී-130 හරිකේන් හන්ටර් යානය යොදාගන්නේ කාළගුණ විමර්ශන කටයුතු සඳහා.කුණාටුවක් තුලට පිවිස අවශ්‍ය සාම්පල එකතු කිරීමටද මෙම යානය යොදාගැනේ.
Source:businessinsider.com
-HarshaLulzSec-

විවිධ කාර්යයන් සඳහා යොදාගන්නා සී-130 යානාවල මොඩලයන්
ප්‍රවාහනය - සියලු මොඩලයන්
ගුවනේදී ඉන්ධන සැපයීම - KC-130B, KC-130F, KC-13H, HC-130H(N), HC-130N, HC-130P, KC-130R, KC-130T
විධාන සහ පාලන - EC-130E (ABCCC), EC-130G, EC-130Q
නාවුක මුරසංචාර - C-130H-NP/PC-130H
විශේෂ මෙහෙයුම් - MC-130E, MC-130H
සෙවීම් සහ මුදා ගැනීම් - SC-130B/HC-130B, HC-130E, HA-130H, HC-130H(N), HC-130N, HC-130P
මානුෂීය ආධාර සැපයීම - සියලු මොඩලයන්
කාර්යමණ්ඩල/විශේෂ පුද්ගලයින් - VC-130B & VC-130H
පිරික්සුම්/විමර්ශන - RC-130B
වාසර වෛද්‍ය මධ්‍යස්ථාන - C-130E (AEH)
ආක්ටික් සහ ඇන්ටාක්ටික් සහාය - C-130BL/LC-130F, C-130D, LC-130H, LC-130R
ඩ්‍රෝන් පාලනය - GC-130A/DC-130A, DC-130E, DC-130H
ඉලෙක්ට්‍රොනික සංග්රාම - EC-130E (CL), EC-130E (RR), EC-130H
අභ්‍යාවකාශ සහ මිසයිල මෙහෙයුම් - JC-130A, JC-130B, NC-130H
අත්හදා බැලීම් සහ ඇගයීම් - NC-13A, NC-130B, JC-130E, NC-130E, JC-130H, RC-130S
කාළගුණ විමර්ශනය - WC-130B, WC-130E, WC-130H
අවි නැව් - AC-130A, AC-130E, AC-130H, AC-130U
AC-130 හර්කියුලිස් යානයක සවිකර තිබෙන අවි

KC-130 යානයක සවිකර තිබෙන හෙල්ෆයර් මිසයිල 4ක්
KC-130 යානයේ ඉලක්ක දැකුම් පද්ධතියේ සංවේදක උපාංගයක්
KC-130 යානයේ ඉලක්ක දැකුම් පද්ධතියේ සංවේදක උපාංගයක්
කේසී-130ජේ මොඩලයේ තටුවල හෙල්ෆයර්(4ක්) හෝ ග්‍රිෆින්(10ක්) මිසයිල රැගෙන යා හැකි ලෙස නවීකරණය කර තිබේ.ඊට අමතරව නියාමක බෝම්බද මෙම යානාවල ගෙන යා හැකිය.අවශ්‍ය නම් යානයේ සවිකර තිබෙන මි.මී.30 අවිවලින් ගොඩබිම් හමුදාවලට අවශ්‍ය වෙඩි බලය සැපයිය හැකිය.ජේ මොඩලයේ වම්පස තටුවේ පිටත ඉන්ධන ටැංකියේ යටින් සවිකර තිබෙන අධෝරක්ත සහ රූපවාහිනී කැමරා ඔස්සේ ඉලක්ක ලබාගැනීම පහසුකර තිබේ.
වයිසී-130 මූලාකෘති යානය 1954 අගෝස්තු 23දා පළමු ගුවන් ගමන සිදුකල දා පටන් අද දක්වා හර්කියුලීස් යානා ලොව පුරා විවිධ මෙහෙයුම්වල යොදවා තිබේ.
මෙම යානා රළු භූමියක සිට පවා ගුවන් ගත කිරීම/ගොඩබෑම කල හැකිය.
එක්සත් ජනපද ගුවන් හමුදාව සහ ගුවන් ජාතික ආරක්ෂක අංශය සතුව ඔවුන්ට ආවේණික හර්කියුලීස් යානා තිබේ.එල්සී-130 යානා ආර්ටික් සහ ඇන්ටාර්ටික් ප්රදේශයවලද මෙහෙයුම් සිදුකල හැකි ඒවා වේ.
සී-130 යානයේ නවතම මොඩලය වන්නේ ලොක් හීඩ් මාර්ටීන් සමාගමේ සී-130ජේ සුපර් හර්කියුලීස්ය.
සුපර් හර්කියුලීස් යානයේ නියමු කුටිය සහ තාක්ෂණික උපකරණ නවීකරණය කර තිබේ.එහි නියමුවන්ට හෙඩ්ස් අප් ඩිස්ප්ලේ හෙවත් සිය හෙල්මටයේ තිබෙන දර්ශන තිරය ඔස්සේ වැදගත් දත්ත දැක ගැනීමේ හැකියාව ලබා දී තිබේ.
සුපර් හර්කියුලීන් යානයේ නියමු කුටියේ තිදෙනෙක් ගෙන් යුක්ත කාර්ය මණ්ඩලයක් සේවය කරයි.එනම් නියමුවන් දෙදෙනෙක් සහ ප්‍රවාහනය කරන භාණ්ඩ සම්බන්ධව වගකීම දරන්නා යන තිදෙනාය.
සුපර් හර්කියුලීස් යානාවල අවරපෙති නවීකරණය කර තිබේ.කලින් පැවති හර්කියුලිස් මොඩලවලට වඩා මෙම යානයේ එන්ජින් 25%ක් ප්‍රබල බව සඳහන් වේ.
සුපර් හර්කියුලීස් යානයට උපරිම වශයෙන් රාත්තල් 44,000ක බරක් රැගෙන පියාසර කල හැකිය.
සී-130 යානාවලට විවිධාකාරයේ භාණ්ඩ ප්‍රවාහනය කල හැකිය.මෙහි දැක්වෙන්නේ ඇෆ්ගනිස්ථානයට ගුවනින් රැගෙන ආ P-19 ගිනිනිවන රථයකි.
භට පිරිස් ප්‍රවාහනය සඳහාද හර්කියුලීස් යානය යොදා ගැනේ.
පැරෂූට් භටයින් මෙහෙයුම් සඳහා ගෙන යාමද හර්කියුලීස් යානාවල එක් කාර්යයකි.
තුවාලකරුවන් වැඩි පිරිසක් එකවර යුද බිමෙන් ඉවත් කරගැනීමටද මෙම යානා බහුලව යොදා ගැනේ.එහි වරකට තුවාලකරුවන් 74 දෙනෙක් රැගෙන යා හැකිය.
අවශ්‍ය නම් මෙම යානයක් තුල තුවාලකරුවෙකුට ශල්‍යකර්මයක් පවා සිදුකිරීමේ පහසුකම් තිබෙන බව කියවේ.
සී-130 යානයේ මූලික සැකිල්ල ප්‍රවාහනය හැර තවත් කටයුතු සඳහා වෙනස් කිරීම් වලට ලක් කර භාවිතා කරයි.
සී-130 හි සමහර මොඩලයන් විශේෂිත මෙහෙයුම් සඳහා ප්‍රබල වෙඩි බලයක් සහිතව නවීකරණය කර තිබේ.සී-130ජේ ගෝස්ට් රයිඩර් යානයකට කුඩා ප්‍රමාණයේ බෝම්බ,තටුවල සවිකරන ලද හෙල්ෆයර් මිසයිල සහ එම්102 බර අවියක් රැගෙන යා හැකිය.