ජපන් ගිනිකෙළි..

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Japanese Fireworks.....ජපන් ගිනිකෙළි..

    ඔන්න කොල්ලනේ අද ගිනිකෙළි බලන්න යන්න තමයි හදන්නේ.

    ජපානයේ ග්‍රීෂ්ම ඍතුවට වාර්ෂිකව ගිනිකෙළි සංදර්ශන පැවැත්වෙනවා.. රට පුරාම විවිධ නගර වල මෙම සංදර්ශන පැවැත්වෙනවා. ඉතින් මේවගෙන් ප්‍රසිද්ධම සංදර්ශන 15ක් මෙන්න මේ පහලින් තියෙන වෙබ් සයිට් එකෙන් බලාගන්න පුළුවන්. :D:D


    https://www.tsunagujapan.com/15-recommended-fireworks-festival-in-japan/

    මම අද පෙන්නන්න යන්නේ ජපානයේ ඔසාකා නගරයේ පැවැත්වුණු Naniwa Yodogawa Fireworks Festival (Osaka) සංදර්ශනය. මේක පැවැත්වුනේ අගෝස්තු 6 (සෙනස්සුරාදා).

    මේ සංදර්ශනය පැවැත්වෙන්නේ යොදොගාවා කියන ගංඉවුර මත.. පටන්ගන්නේ රෑ 7.30ට විතර. මට ඔෆිස් එකේ පොරක් කිව්වා මේක හරියට බලන්න ඕන නම් අඩුමතරමේ 5.30 වෙනකොටවත් එතනට යන්න කියල. මමත් ඉතින් හරිබරි ගැහිලා 6.00 වෙනකොට ගියා, එතකොට තමයි තේරුනේ ජප්පා එහෙම කිව්වේ ඇයි කියල. හොයාගත්තු විස්තර අනුව වාර්ෂිකව මේ සංදර්ශනය බලන්න ප්‍රේක්ෂකයෝ 500000 (ඔව් ඔව් ලක්ෂ 5ක්) කට වඩා එනවලු, ගිනිකෙළි 20000 කට වඩා පෙන්නනවලු. ඉතින් පරක්කුවෙලා ගිය නිසා හරියට ඉඩක් තිබුනේ නෑ. කොහොමහරි කොනකට සෙට් උනා.
    එහෙනම් ඉතින් වැඩි කතා නැතුව බලමු. මේ පහලින් තියන පින්තුර වලින් සෙනග ගැන දල අවබෝධයක් ගන්න පුළුවන්. ගඟෙන් එහාපැත්තෙ ඉන්න මිනිස්සු ප්‍රමාණය පොඩ්ඩක් බලන්නකෝ.


    DSC_0044_JPG.jpg


    DSC_0048_JPG.jpg


    DSC_0052_JPG.jpg


    DSC_0068_JPG.jpg


    rsz_dsc_0038.jpg












     
    Last edited: