අවුරුදු 2 ක නාස්තිය

programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka
අවුරුදු 2 ක නාස්තිය

මචන් මම මීට අවුරුදු දෙකකට කලින් Trainee developer කෙනෙක් විදියට අලුතෙන් පටන් ගනිපු පොඩි කම්පැනි එකකට සෙට් උනා.
Private degree එකක් කරන ගමන් 2nd year ඉවර වෙලා තමයි join උනේ, ඉතුරු අවුරුදු 2 degree එක part time කරන්න හිතාගෙන.

මුලින්ම හිටියේ මමයි තව trainee කොල්ලෙකුයි, networking වලට එකෙකුයි බොස්ල 2 යි. ඒ දවස්වල පට්ට කට්ට. රෑ 12 විතර වෙනකම් වැඩ. රු: 15,000 ලැබුනේ. බෝඩින් කාමරේම 8,000. කෑම ගමන් වියදම් වලට ගෙදරින් සල්ලි ඉල්ලා ගත්තේ. හැමෝම කිව්වේ ට්‍රේනින් ඕනෑම කට්ටක් කන්න කියලයි, ඒ නිසා ඉවසන් හිටියා..

මේ නිසා පාඩම් වැඩත් නතර උනා. මීගමුවේ ඉඳන් Colombo lectures ඉවර වෙලා රෑ ආපහු එද්දී බස් ඇත්තෙත් නැහැ.
degree එක කල් දාල Company එක ගොඩ දාන්න සෙට් උනා.
ටික කාලෙකින් බොසාල 2 වලියක් ගිහින් එකෙක් අයින් වෙලා ගියා. මම Trainee ඉගෙන ගන්න ආවට උනේ මම දන්නා ටිකෙන් වැඩ කරන්න උන එක. අලුත් කිසි දෙයක් ඉගෙන ගන්න උනේ නැහැ, මම තනියම නිසා.
(මම නමට PHP developer කෙනෙක්. Framework එකක් දන්නෙත් නැති)

දැන් තමා තේරෙන්නේ ඒ කාලේ අනුන්ට කඹුරන්න තිබුන පු% අමාරුව.
යන්තම් කොහොම හරි ඇදගෙන අවුරුදු 2 ක් ආව. මුලින් පටන් ගනිපු උන්ගෙන් දැන් ඉතුරු මමයි බොසයි විතරයි. අලුත් developer ල 15 ක් විතර ඉන්න stable තත්වයෙන් දැනට තියෙනවා.
පඩිය නම් තාම 40,000. කවදාවත් පඩි ඉල්ලලත් නැහැ. සමහර වෙලාවට මාස 3 , 4 පඩි නැතුව හිටියා.

මගේ පුද්ගලික දේවල් සේරම නැති කරගෙන තමයි කම්පැනි එක මේ තැනට ගෙනාවේ. බොසා office එන්නෙත් අඩුවෙන්. සේරම දැනට බලන්නේ මම.

හරි, දැන් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ. මම කිව්වනේ degree එක අතරමග නැවැත්තුව කියලා. බොසා පේරා එකෙක්. IT මොකුත්ම දන්නේ නැහැ. Accounts පොරක්. ලඟදි ඉඳන් පොර මට පල නොකියා පලා බෙදනවා වගේ දැනෙනවා. පොරගේ යාලුවෙක්ගෙ පුතෙක් මම ඉන්ටර්විව් කරලා Trainee විදියට ගත්තා. පොරට UGC approved IT degree එකක් තියෙනවා. එත් උඹල විස්වාස කරපන් පොර windows PC එකක් format කරන්න දන්නෙත් නැහැ. අඩුම ගානේ file zip කරන හැටිවත්.
හැබැයි පොතේ දැනුම 100%.

පොරව දැන් Project manager කරලා. පොර මට මොකුත් ටෝක්ස් දාන්න නම් එන්නේ නැහැ. එත් ටිකෙන් ටික බොසා මට කැපිල්ල වගේ දානවා.
...............
තනිකර මගේ වැරැද්ද කියල දන්නවා බන්. සත 5 ක් ඉතුරු කරලා නැහැ. සමහර මාස වල කරන්ට් බිල් ගෙව්වෙත් මම.
IT කියන්නේ day-today update වෙන field එකක්. වෙන තැනකට ගියත් දැන් මට යන්න වෙන්නේ Trainee විදියට නේද ? experience වලින් විතරක් ජොබ් දෙන්නේ නැහැනේ ලංකාවේ.

IT අතාරලා දාල ලංකාවෙන් ගිහින් පිගන් හෝදන ජොබ් එකක් හරි කරන්න හිතෙනවා. :confused: සිරාවට..
ගෙදර මිනිස්සු ඉගෙන ගන්න වියදම් කරේ ලක්ෂ ගානක පඩියක් ගනී කියල හිතල. එත් උනේ හිටපු තැනමයි.

මම උඹලට කියන්නේ මේක පාඩමක් කර ගනිල්ලා. මගේ ජිවිතේ අවුරුදු 2 ක් මම නාස්ති කර ගත්තා වැඩි හොඳ කරන්න ගිහින්. කවදාවත් ජොබ් එකට ලව් කරන්න යන්නෙපා. උන්ට අපි කුලිකාරයෝ විතරයි. :baffled:
 
programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka
සේරම දමල ගහල රට යන්න ඉන්නේ බන්. ආපහු මුල ඉඳන් පටන් ගන්න වෙනවා. කමක් නැහැ.
 
CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,736
    2,779
    113
    00e7fbb.jpg
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කවදාවත් ජොබ් එකට ලව් කරන්න යන්නෙපා. උන්ට අපි කුලිකාරයෝ විතරයි. :dull:
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    අනුන්ගේ කොම්පැනි ගොඩ ගන්න පිස්සුද මචන්
    මම නම් කෙලින්ම කිව්වා ගොඩ දාන්නෙ මොකටද අනුන්ගේ බිස්නස් කියලා
    පස්සෙ මට 3% ශෙයා එකක් ලැබුනා කොමිෂන් නැතුව
    ඒ කාලේ අනිත් උන් හිනා උනාට මම කට්ට කාගෙන වැඩ කලා
    දැන් මට අවුරුද්දට ලක්ෂ 15 - 18ක් වගේ ලැබෙනවා ශෙයා එකෙන්
    දැනටත් බොසායි මමයි සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් එහෙම ගන්නවා
    හිනා වෙච්ච උන් තවම 50 - 60 පඩියට වැඩ :P
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අලුතින් පටන් ගත්ත දේකට තමන්ට කියලා පොඩි කොටසකවත් අයිතියක් නැත්තම්,
    කවදාවත් කබුරන්න නම් එපා එපා එපා!
    දැන් කාලේ ඒ වගේ දේවල් වලට සලකන මිනිස්සු අඩුයි. අඩුයි කියන්නේ නැත්තටම නැහැ වගේ.
    මටත් ඔය වගේම සිද්දි වෙලා තියනවා. අදටත් දුක් වෙනවා.

    පුළුවන් තරම් ඉක්මනට මාරු වෙයන් මචා. පෙනී පෙනී වලේ වැටෙන්න එපා.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අනුන්ගේ කොම්පැනි ගොඩ ගන්න පිස්සුද මචන්
    මම නම් කෙලින්ම කිව්වා ගොඩ දාන්නෙ මොකටද අනුන්ගේ බිස්නස් කියලා
    පස්සෙ මට 3% ශෙයා එකක් ලැබුනා කොමිෂන් නැතුව
    ඒ කාලේ අනිත් උන් හිනා උනාට මම කට්ට කාගෙන වැඩ කලා
    දැන් මට අවුරුද්දට ලක්ෂ 15 - 18ක් වගේ ලැබෙනවා ශෙයා එකෙන්
    දැනටත් බොසායි මමයි සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් එහෙම ගන්නවා
    හිනා වෙච්ච උන් තවම 50 - 60 පඩියට වැඩ :P

    :D:D:D:D:rolleyes::rolleyes:
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    දැන් යන්න කියල තැනකුත් නැහැ.. Paper Qualifications නැති හින්ද CV දැම්මත් වැඩක් නැහැ..
    මම දක්ෂ Programmer කෙනෙක් නෙවෙයි. එත් මේකේ තනිකර දුවන්නේ මගේ Concept විතරයි. (boss IT නොදන්නා නිසා)
    Software rent out කරන්න කියල දුන්නෙත් මම. ජිවිතේ ගොඩක් දේවල් නැති උනත්, මුල ඉඳන් Company එකක් පටන් ගන්න experience නම් ලැබුණ.
    ඒත් ඒ step එකට එන්න බයයි ගෙදර වගකීම් එක්ක කොච්චර කට්ටක් කන්න ඕනද කියල මම දන්නවා.

    ඇත්තටම මේ දවස් ටිකේ full confusing, තවත් චාටර් වෙන්න කලින් යන්න ඕන කියලත් දන්නවා. එත් ස්ථිර අරමුණක් නැතුව අයින් වෙලා වැඩකුත් නැහැ.

    මගේ මේ තත්වෙට උඹල හිටිය නම් මොකද කරන්නේ කියපල්ලකෝ. පොඩි අදහසක් හරි වැදගත් වෙයි.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මම නම් කියන්නේ වෙන තැනකට යන්න බලන්න. එතනට ගිහින් degree එක complete කර ගන්න. තව ටික කලයක් කට්ට කන්න වෙයි. ඔතන ඉන්නවට වඩා ඒක හොද වෙයි කියලයි මට හිතෙන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මම ඉංජිනේරුවෙකු කියන චරිතයෙ ගුණාත්මක භාවය පිළිබද ත්‍රෙඩ් එකකින් කතිකාවතක් කළා මේ තියෙන්නෙ ලින්ක් එක. http://www.elakiri.com/forum/showthread.php?t=1755306සමහරු කිව්වෙ අයි ටී ෆීල්ඩ් එකෙ ඩිග්‍රී එක වැඩක් නැහැ දනුම තියෙනවා නම් වැඩ දන්නවා නම් ගොඩ ගිය හැකි. ඩිප්ලෝමාවක් තියෙන උන් ලොකු ලොකු ප්‍රොජෙක්ට් කරනවා අරකයි මේකෙයි කියලා. ඇත්තටම එවැනි තත්වයක් තයෙනවානම් මමත් කැමති . ඒත් අපෙ රටෙ ඔය කවුරු මොන පොර ටෝක් දුන්නත් යථාර්තය තමා උඹට අද වෙලා තියෙන්නෙ .
    ඩිග්‍රී එකට යුනි එක නමට තත්වෙ සහ පඩිය තීරණය වෙන එක කාලයාගෙ ඇවෑමෙන් මතු වෙනවා.මොකද මේක ලංකාව.ඇමරිකාව නෙමෙ. ලොකුයි කියන අයිටී ෆර්ම් වලත් මතුපිටින් මුලදි මුලදි විව්‍රුත ධාරාවේ ගියාට කාලයාගෙ ඇවැමෙන් ඔය සාම්ප්‍රදායික ධාරාවට ඇතුළු කරනවා වැඩකරන උන්ව. මොකද ලොකු අයි ටී ෆර්ම් වාල් ඊනියා ෆ්‍රී ඕපන් කල්චර් එකෙන් අළුතෙන් ට්‍රේනින්ග් එන ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් වල කොල්ලන්ට කෙල්ලන්ට මානසිකව අල්ලස් දෙනවා. ඒත් ඒ අයි ටී ෆර්ම් වල ලොක්කා ගියෙ කොයි යුනි එකටද ඒකට ඔය මොනවා කිව්වාත් අනෙක් එව්වා යටින් කපලා තැන දෙනවා. සමහරජ් එව්වායෙ ගිය ඉස්කොලෙත් බලපානවා. වැඩකාරයාට තැන ලැබෙන්නෙ යම් සීමාවක් වෙනකන් විතරයි. ඉන් එහාට මන් කිව්ව දේ තමා ලංකාවෙ වෙන්නෙ. ඉන්ඩස්ට්‍රි එකෙ අවුරුදු 10 වැඩ කරපු මිනිහෙක් හරිම දේ කියාවි. නැතුව්ස් ඔය ඊයෙ පෙරෙදා අවුට් වෙච්ච උනුයි කම්පැණි එකක අවුරුදු දෙක තුනක් යන්තම් ඇදගත්ත උනුයි අවුරුද්දකට ට්‍රේයිනි හිටපු එවුන් දෙන පැණි කතා නම් අහන්න එපා
    උඹට කියන්න තියෙන්නෙ මෙච්චරයි. නාස්ති උනා කියල දුක් වෙන්න එපා. එපා කිව්වට දුකක් තියෙනවා. ඒක මනුෂ්‍ය සොභාවය මචං. ඒත් උඹ ඇකඩමික් පැත්තෙන් කොලිෆිකේෂන්ස් හදාගන්න බලපපන්. ආයෙ ජොබක් කරන ගමන්ම.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    දැන් යන්න කියල තැනකුත් නැහැ.. Paper Qualifications නැති හින්ද CV දැම්මත් වැඩක් නැහැ..
    මම දක්ෂ Programmer කෙනෙක් නෙවෙයි. එත් මේකේ තනිකර දුවන්නේ මගේ Concept විතරයි. (boss IT නොදන්නා නිසා)
    Software rent out කරන්න කියල දුන්නෙත් මම. ජිවිතේ ගොඩක් දේවල් නැති උනත්, මුල ඉඳන් Company එකක් පටන් ගන්න experience නම් ලැබුණ.
    ඒත් ඒ step එකට එන්න බයයි ගෙදර වගකීම් එක්ක කොච්චර කට්ටක් කන්න ඕනද කියල මම දන්නවා.

    ඇත්තටම මේ දවස් ටිකේ full confusing, තවත් චාටර් වෙන්න කලින් යන්න ඕන කියලත් දන්නවා. එත් ස්ථිර අරමුණක් නැතුව අයින් වෙලා වැඩකුත් නැහැ.

    මගේ මේ තත්වෙට උඹල හිටිය නම් මොකද කරන්නේ කියපල්ලකෝ. පොඩි අදහසක් හරි වැදගත් වෙයි.

    මම කියන්නෙ උඹෙ ඔය කම්පැණි එකෙ ඉන්න ගමන් වෙන කම්පැණීස් වල අයිටි වේකන්සීස් වලට ට්‍රයි කරපන්. එකක් හරි පත්තු වෙයි. හැබැයි අයින් වෙලා කරන්න එපා. ඒක අවදානම්. අලුත් ජොබ් එකක් හොයාගත්තායින් පස්සෙ උඹ ඇකඩෙමික් කොලිෆිකේෂන්ස් හදාගන්න බලපන් .
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    දැන් යන්න කියල තැනකුත් නැහැ.. Paper Qualifications නැති හින්ද CV දැම්මත් වැඩක් නැහැ..
    මම දක්ෂ Programmer කෙනෙක් නෙවෙයි. එත් මේකේ තනිකර දුවන්නේ මගේ Concept විතරයි. (boss IT නොදන්නා නිසා)
    Software rent out කරන්න කියල දුන්නෙත් මම. ජිවිතේ ගොඩක් දේවල් නැති උනත්, මුල ඉඳන් Company එකක් පටන් ගන්න experience නම් ලැබුණ.
    ඒත් ඒ step එකට එන්න බයයි ගෙදර වගකීම් එක්ක කොච්චර කට්ටක් කන්න ඕනද කියල මම දන්නවා.

    ඇත්තටම මේ දවස් ටිකේ full confusing, තවත් චාටර් වෙන්න කලින් යන්න ඕන කියලත් දන්නවා. එත් ස්ථිර අරමුණක් නැතුව අයින් වෙලා වැඩකුත් නැහැ.

    මගේ මේ තත්වෙට උඹල හිටිය නම් මොකද කරන්නේ කියපල්ලකෝ. පොඩි අදහසක් හරි වැදගත් වෙයි.

    thama awurudu 2i ne ban. oka ganan ganna epa. thawa 25yrs withara thiyanawa wada karanna. wena ekakata apply karala yaman. naththam bosawa convince karala increment ekak ganin
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මචන් මම මීට අවුරුදු දෙකකට කලින් Trainee developer කෙනෙක් විදියට අලුතෙන් පටන් ගනිපු පොඩි කම්පැනි එකකට සෙට් උනා.
    Private degree එකක් කරන ගමන් 2nd year ඉවර වෙලා තමයි join උනේ, ඉතුරු අවුරුදු 2 degree එක part time කරන්න හිතාගෙන.

    මුලින්ම හිටියේ මමයි තව trainee කොල්ලෙකුයි, networking වලට එකෙකුයි බොස්ල 2 යි. ඒ දවස්වල පට්ට කට්ට. රෑ 12 විතර වෙනකම් වැඩ. රු: 15,000 ලැබුනේ. බෝඩින් කාමරේම 8,000. කෑම ගමන් වියදම් වලට ගෙදරින් සල්ලි ඉල්ලා ගත්තේ. හැමෝම කිව්වේ ට්‍රේනින් ඕනෑම කට්ටක් කන්න කියලයි, ඒ නිසා ඉවසන් හිටියා..

    මේ නිසා පාඩම් වැඩත් නතර උනා. මීගමුවේ ඉඳන් Colombo lectures ඉවර වෙලා රෑ ආපහු එද්දී බස් ඇත්තෙත් නැහැ.
    degree එක කල් දාල Company එක ගොඩ දාන්න සෙට් උනා.
    ටික කාලෙකින් බොසාල 2 වලියක් ගිහින් එකෙක් අයින් වෙලා ගියා. මම Trainee ඉගෙන ගන්න ආවට උනේ මම දන්නා ටිකෙන් වැඩ කරන්න උන එක. අලුත් කිසි දෙයක් ඉගෙන ගන්න උනේ නැහැ, මම තනියම නිසා.
    (මම නමට PHP developer කෙනෙක්. Framework එකක් දන්නෙත් නැති)

    දැන් තමා තේරෙන්නේ ඒ කාලේ අනුන්ට කඹුරන්න තිබුන පු% අමාරුව.
    යන්තම් කොහොම හරි ඇදගෙන අවුරුදු 2 ක් ආව. මුලින් පටන් ගනිපු උන්ගෙන් දැන් ඉතුරු මමයි බොසයි විතරයි. අලුත් developer ල 15 ක් විතර ඉන්න stable තත්වයෙන් දැනට තියෙනවා.
    පඩිය නම් තාම 40,000. කවදාවත් පඩි ඉල්ලලත් නැහැ. සමහර වෙලාවට මාස 3 , 4 පඩි නැතුව හිටියා.

    මගේ පුද්ගලික දේවල් සේරම නැති කරගෙන තමයි කම්පැනි එක මේ තැනට ගෙනාවේ. බොසා office එන්නෙත් අඩුවෙන්. සේරම දැනට බලන්නේ මම.

    හරි, දැන් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ. මම කිව්වනේ degree එක අතරමග නැවැත්තුව කියලා. බොසා පේරා එකෙක්. IT මොකුත්ම දන්නේ නැහැ. Accounts පොරක්. ලඟදි ඉඳන් පොර මට පල නොකියා පලා බෙදනවා වගේ දැනෙනවා. පොරගේ යාලුවෙක්ගෙ පුතෙක් මම ඉන්ටර්විව් කරලා Trainee විදියට ගත්තා. පොරට UGC approved IT degree එකක් තියෙනවා. එත් උඹල විස්වාස කරපන් පොර windows PC එකක් format කරන්න දන්නෙත් නැහැ. අඩුම ගානේ file zip කරන හැටිවත්.
    හැබැයි පොතේ දැනුම 100%.

    පොරව දැන් Project manager කරලා. පොර මට මොකුත් ටෝක්ස් දාන්න නම් එන්නේ නැහැ. එත් ටිකෙන් ටික බොසා මට කැපිල්ල වගේ දානවා.
    ...............
    තනිකර මගේ වැරැද්ද කියල දන්නවා බන්. සත 5 ක් ඉතුරු කරලා නැහැ. සමහර මාස වල කරන්ට් බිල් ගෙව්වෙත් මම.
    IT කියන්නේ day-today update වෙන field එකක්. වෙන තැනකට ගියත් දැන් මට යන්න වෙන්නේ Trainee විදියට නේද ? experience වලින් විතරක් ජොබ් දෙන්නේ නැහැනේ ලංකාවේ.

    IT අතාරලා දාල ලංකාවෙන් ගිහින් පිගන් හෝදන ජොබ් එකක් හරි කරන්න හිතෙනවා. :confused: සිරාවට..
    ගෙදර මිනිස්සු ඉගෙන ගන්න වියදම් කරේ ලක්ෂ ගානක පඩියක් ගනී කියල හිතල. එත් උනේ හිටපු තැනමයි.

    මම උඹලට කියන්නේ මේක පාඩමක් කර ගනිල්ලා. මගේ ජිවිතේ අවුරුදු 2 ක් මම නාස්ති කර ගත්තා වැඩි හොඳ කරන්න ගිහින්. කවදාවත් ජොබ් එකට ලව් කරන්න යන්නෙපා. උන්ට අපි කුලිකාරයෝ විතරයි. :baffled:

    උඹේ ජොබ් එක්ස්පීරියන්ස් එක කොච්චරද..? අවුරුදු 4ක් වගේ නම් කෙලින්ම මාස්ටර් ඩිග්‍රී එකක් කරන්න පුළුවන්
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    දැන් යන්න කියල තැනකුත් නැහැ.. Paper Qualifications නැති හින්ද CV දැම්මත් වැඩක් නැහැ..
    මම දක්ෂ Programmer කෙනෙක් නෙවෙයි. එත් මේකේ තනිකර දුවන්නේ මගේ Concept විතරයි. (boss IT නොදන්නා නිසා)
    Software rent out කරන්න කියල දුන්නෙත් මම. ජිවිතේ ගොඩක් දේවල් නැති උනත්, මුල ඉඳන් Company එකක් පටන් ගන්න experience නම් ලැබුණ.
    ඒත් ඒ step එකට එන්න බයයි ගෙදර වගකීම් එක්ක කොච්චර කට්ටක් කන්න ඕනද කියල මම දන්නවා.

    ඇත්තටම මේ දවස් ටිකේ full confusing, තවත් චාටර් වෙන්න කලින් යන්න ඕන කියලත් දන්නවා. එත් ස්ථිර අරමුණක් නැතුව අයින් වෙලා වැඩකුත් නැහැ.

    මගේ මේ තත්වෙට උඹල හිටිය නම් මොකද කරන්නේ කියපල්ලකෝ. පොඩි අදහසක් හරි වැදගත් වෙයි.

    උඹට කනෙක්ෂණ් තියෙනවනම් උඹටම වෙනම බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,929
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් මම මීට අවුරුදු දෙකකට කලින් Trainee developer කෙනෙක් විදියට අලුතෙන් පටන් ගනිපු පොඩි කම්පැනි එකකට සෙට් උනා.
    Private degree එකක් කරන ගමන් 2nd year ඉවර වෙලා තමයි join උනේ, ඉතුරු අවුරුදු 2 degree එක part time කරන්න හිතාගෙන.

    මුලින්ම හිටියේ මමයි තව trainee කොල්ලෙකුයි, networking වලට එකෙකුයි බොස්ල 2 යි. ඒ දවස්වල පට්ට කට්ට. රෑ 12 විතර වෙනකම් වැඩ. රු: 15,000 ලැබුනේ. බෝඩින් කාමරේම 8,000. කෑම ගමන් වියදම් වලට ගෙදරින් සල්ලි ඉල්ලා ගත්තේ. හැමෝම කිව්වේ ට්‍රේනින් ඕනෑම කට්ටක් කන්න කියලයි, ඒ නිසා ඉවසන් හිටියා..

    මේ නිසා පාඩම් වැඩත් නතර උනා. මීගමුවේ ඉඳන් Colombo lectures ඉවර වෙලා රෑ ආපහු එද්දී බස් ඇත්තෙත් නැහැ.
    degree එක කල් දාල Company එක ගොඩ දාන්න සෙට් උනා.
    ටික කාලෙකින් බොසාල 2 වලියක් ගිහින් එකෙක් අයින් වෙලා ගියා. මම Trainee ඉගෙන ගන්න ආවට උනේ මම දන්නා ටිකෙන් වැඩ කරන්න උන එක. අලුත් කිසි දෙයක් ඉගෙන ගන්න උනේ නැහැ, මම තනියම නිසා.
    (මම නමට PHP developer කෙනෙක්. Framework එකක් දන්නෙත් නැති)

    දැන් තමා තේරෙන්නේ ඒ කාලේ අනුන්ට කඹුරන්න තිබුන පු% අමාරුව.
    යන්තම් කොහොම හරි ඇදගෙන අවුරුදු 2 ක් ආව. මුලින් පටන් ගනිපු උන්ගෙන් දැන් ඉතුරු මමයි බොසයි විතරයි. අලුත් developer ල 15 ක් විතර ඉන්න stable තත්වයෙන් දැනට තියෙනවා.
    පඩිය නම් තාම 40,000. කවදාවත් පඩි ඉල්ලලත් නැහැ. සමහර වෙලාවට මාස 3 , 4 පඩි නැතුව හිටියා.

    මගේ පුද්ගලික දේවල් සේරම නැති කරගෙන තමයි කම්පැනි එක මේ තැනට ගෙනාවේ. බොසා office එන්නෙත් අඩුවෙන්. සේරම දැනට බලන්නේ මම.

    හරි, දැන් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ. මම කිව්වනේ degree එක අතරමග නැවැත්තුව කියලා. බොසා පේරා එකෙක්. IT මොකුත්ම දන්නේ නැහැ. Accounts පොරක්. ලඟදි ඉඳන් පොර මට පල නොකියා පලා බෙදනවා වගේ දැනෙනවා. පොරගේ යාලුවෙක්ගෙ පුතෙක් මම ඉන්ටර්විව් කරලා Trainee විදියට ගත්තා. පොරට UGC approved IT degree එකක් තියෙනවා. එත් උඹල විස්වාස කරපන් පොර windows PC එකක් format කරන්න දන්නෙත් නැහැ. අඩුම ගානේ file zip කරන හැටිවත්.
    හැබැයි පොතේ දැනුම 100%.

    පොරව දැන් Project manager කරලා. පොර මට මොකුත් ටෝක්ස් දාන්න නම් එන්නේ නැහැ. එත් ටිකෙන් ටික බොසා මට කැපිල්ල වගේ දානවා.
    ...............
    තනිකර මගේ වැරැද්ද කියල දන්නවා බන්. සත 5 ක් ඉතුරු කරලා නැහැ. සමහර මාස වල කරන්ට් බිල් ගෙව්වෙත් මම.
    IT කියන්නේ day-today update වෙන field එකක්. වෙන තැනකට ගියත් දැන් මට යන්න වෙන්නේ Trainee විදියට නේද ? experience වලින් විතරක් ජොබ් දෙන්නේ නැහැනේ ලංකාවේ.

    IT අතාරලා දාල ලංකාවෙන් ගිහින් පිගන් හෝදන ජොබ් එකක් හරි කරන්න හිතෙනවා. :confused: සිරාවට..
    ගෙදර මිනිස්සු ඉගෙන ගන්න වියදම් කරේ ලක්ෂ ගානක පඩියක් ගනී කියල හිතල. එත් උනේ හිටපු තැනමයි.

    මම උඹලට කියන්නේ මේක පාඩමක් කර ගනිල්ලා. මගේ ජිවිතේ අවුරුදු 2 ක් මම නාස්ති කර ගත්තා වැඩි හොඳ කරන්න ගිහින්. කවදාවත් ජොබ් එකට ලව් කරන්න යන්නෙපා. උන්ට අපි කුලිකාරයෝ විතරයි. :baffled:

    :sorry:

    අවුරුදු 2ක් වැඩ කලානම් certification මොනව හරි කරන්න පුලුවන් නේද?