!! PLANES !! "ප්ලෙන්ස්" සිංහල මාධ්‍ය ගුවන් සඟරාව එළ
ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආවේ කට්ටියට පොඩි නිවුස් එකක් දෙන ගමන පොඩි දැන්වීමක් දාලා යන්න.
අපි අලුත් වැඩකට අතගැහුවා..
ලංකාවේ මේ දවස්වල ගොඩක් වැඩියෙන් කතාබහට ලක්වෙන මාතෘකාවක්නේ එවියේෂන් කියන්නේ.. අපි ඉතින් ලංකාවේ කට්ටියටම තේරෙන විදියට සිංහලෙන් මැගසින් එකක් පටන් ගත්තා. ලංකාවේ පාසල් වලට නොමිලේ දෙන්න තමයි හිතන් ඉන්නේ.. මැගසින් එකක් රුපියල් 50 යි. කැමති අයට සරසවි බුක්ෂොප් වලින් අරගෙන අපිට සප් එකක් දෙන්න පුළුවන්.
එදිනෙදා වෙන අලුත් නිවුස් බලාගන්න අපේ පේජ් එක පැත්තේ එන්න.
"ප්ලෙන්ස්" සිංහල මාධ්‍ය ගුවන් සඟරාව එළි දකී! ගුවන් සේවා කර්මාන්තය අද ලෝකය පුරාවට මෙන් ම ශ්‍රී ලංකාව තුළද ඉතා වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින කාර්යක්ෂම මෙන්ම සුරක්ෂිත ප්‍රවාහන මාධ්‍යකි. අප රට තුළද ගුවන් තොටුපළ, නව ගුවන් යානා මෙන්ම රට අභ්‍යන්තර ගුවන් සේවාවන්ද ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතී. නමුත් මහජනතාව ගුවන් සේවා කර්මාන්තය පිළිබඳ දැනුවත්වීමේ සම්භාවිතාවය ඉතා අඩු බැවින් එම ගැටලුව මගහරවා ගැනීමේ අරමුණින් පසුගියදා ස්වේච්ඡා මාධ්‍ය කණ්ඩායමක් විසින් ‘ප්ලේන්ස්’ නමින් සිංහල මාධ්‍ය සඟරාවක් එළිදක්වන ලදි. ප්ලේන්ස් සඟරාවේ මංගල කලාපය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්ත මහතාට පිළිගැන්වීම එම සඟරාවේ කළමනාකාර කර්තෘ අසිත ජයසිංහ ඇතුළු සංස්කාරක මණ්ඩලය විසින් පසුගිය අගෝස්තු 08 වනදා සිදුකරන ලදි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකන් ගුවන් පුහුණු පාසල නියෝජනය කරමින් එහි ප්‍රධාන කළමනාකාර ප්‍රිමාල් ද සිල්වා සහ සහකාර කළමනාකාර බුද්ධික හේවාවසම් යන මහත්වරුන්ද සහභාගී විය. මෙයට සමගාමීව සඟරාවට අනගි සහයෝගයක් ලබාදුන් ඒෂියන් ගුවන් පුහුණු පාසලේ කළමනාකාර අධ්‍යක්ෂකවරිය වන නෙහාරා ජයතිලක මහත්මියට ද සඟරාව පිළිගැන්වීම රත්මලාන ගුවන් තොටුපළේ පිහිටි එම පාසල් පරිශ්‍රයේදී සිදුකරනු ලැබූ අතර එදිනම ඇස්පයර් ගුවන් සේවා කලමනාකරන පුහුනු පාසලේ කළමනාකාර අධ්‍යක්ෂකවරිය කේට් ලෝවේ මහත්මියටද සඟරාව පිළිගැන්වීම ඇස්පයර් ගුවන් සේවා කලමනාකරන පුහුනු පාසල් පරිශ්‍රයේදී සිදුකරන ලදී. මෙම සඟරාව මගින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා හා සම්බන්ධ සිදුවීම්, ඉතිහාසය, පුහුණු අවස්ථා, රැකියා අවස්ථා, විශේෂ ගුවන් සේවා වැඩසටහන්, විශේෂ ලිපි වැනි තොරතුරු පළ කරනු ලබන අතර, සෑම මාස දෙකකට ම වරක් නිකුත් කිරීමට නියමිතය. වර්ණ පිටුවලින් සමන්විත මෙම සඟරාවේ මිල රු.50/- ක් වන අතර දිවයින පුරා පිහිටි සියලුම සරසවි පොත්හල්වලින් ලබාගත හැකිය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0772 204 499 ඔස්සේ අසිත ජයසිංහගෙන් ලබාගත හැක.
ප.ලි: මම කිරියේ දාපු එවියේෂන් ත්‍රෙඩ් ඉස්සරහට මේ මැගසින් එකෙනුත් බලාගන්න පුළුවන්. ඔයාලටත් මේ වගේ එවියේෂන් පිලිබඳ ලිපි ලියලා අපිට එවන්න පුළුවන්, ඒවගේ ඉතාමත් හොද ඒවාට පොඩි ගෙවීමක් කරන්නත් අපි හිතන් ඉන්නවා..
කට්ටියටම ජය වේවා..
for more info: PM me

Last edited: