ලංකාවේ වෛද්‍ය විකාශනය ,ප්‍රමිතිය සහ අනාගත
ඉංග්‍රීසීන් යනු මහත්මා ජාතියකි.පිලිපීනය,ලිබියාව ආක්‍රමණය කල ඇමරිකානුවන්,සිංගප්පුරුව ආක්‍රමණය කල ජපනුන් හා සසඳන කළ ඉංග්‍රීසින් ලංකාවේ උරුමය විනාශ කලේ ඉතාම අඩුවෙනි.තේ,රබර් වගාවට ලංකාවේ කැලෑ එලි කර වන විනාශය කල බව ඇත්තය.එහෙත් ඊට වඩා විනාශයක් 1948න් පසුව සිදුවිය .ඉංග්‍රීසින් අපේ රටේ කාන්තාවන් ගණිකාවන් ලෙස යොදා ගත්තේ නැත.එසේ නොකලාමයි කීමට සාක්ෂි නැති නමුත් ඇමෙරිකානුවන් සහ ජපනුන් අනෙකුත් රටවල් වල කාන්තාවන් අපහරණය කල තරමට ඉංග්‍රීසින් ලාංකික කාන්තාවන් කිසිසේත් අපහරණය නොකළහ.ලී ක්වාන් යූ විසින් රචිත “Story Of Singapore” කෘතියේ ඔහු විසින්ම ජපනුන්ගේ අතවරයන් දක්වා ඇත.බෞද්ධ ආගමට ,ස්වාමීන් වහන්සේලාට ගෞරව කළහ.කතෝලික ආගම වපුරුවද එය අත්තොනෝමතික ලෙස නොව ලාභ ප්‍රයෝජන සඳහා සිංහලයා උසි ගන්වා කරන ලද්දක්ම විය.
ඉංග්‍රීසින්ගෙන් අප ලද දෑ බොහෝය.තවමත් ඉතා හොඳින් පාවිච්චි කරන මහා මාර්ග ,දුම්රිය සේවා , ඉංග්‍රීසි අධ්‍යාපනය,තේ ,රබර් පොල් යන කෘෂි අපනයන භෝග විශේෂය.ඊට අමතරව ඔවුන්ගෙන් සිංහලයා ලද වැඩවසම් මානසිකත්වය අපේ මුතුන් මිත්තන් දැඩි සේ ග්‍රහණය කර ගත්හ.එතෙක් පැවති ගොවි ,රදල ,දුරාව ආදී කුල අතුරින් ශ්‍රේෂ්ඨම කුලය වුනු ගොවි කුලය වෙනුවට වෛද්‍ය ,ඉංජිනේරු,නීති රැකියා ඉතාම දේවත්වයකින් අදහන්නට පටන් ගත්හ.දොස්තර මහත්තයා,ඉංජිනේරු මහත්තයා,නඩු කාර උන්නාන්සේ සමාජයේ ඉතාම ඉහලින් වැජබෙන්නට පටන් ගත්හ .සුද්දාගෙන් පසු අපේම ආණ්ඩුවක බිහිවූ සුවිශේෂී න්‍යායක් වුනු නිදහස් අධ්‍යාපනය තුලින් දුප්පත් දක්ෂ දරුවන් වෛද්‍ය,ඉන්ජිනේරු,නීති අවස්ථා ලදහ.පඩිය අඩු බව දැන,වරප්‍රසාද ඉතා අඩු බව දැන දැන මවු වරු තමන්ගේ දරුවා වෛද්‍යවරයකු කරන්නේ රැකියාවට එහා ගිය මහා අනර්ඝ වූ මෙහෙයක් තම මවු බිමට කරනු දැකීමටය.වෛද්‍යවරයකු මිහිපිට දෙවියකු කලේ එම මව්පියවරුන්මය .
කාලයත් සමගම රටේ නිතිය වල් වැදිණි.හයක් හතරක් නොතේරෙන,තමන්ගේ මතයට විරුද්ධවන ඕනෑම අයකු පාතාලය තුලින් මරා දමන යුගයක් තුල නීතියක අගය පහත වැටුණි.නීතිය උගන්වා පාර්ලිමේන්තුවට හෝ නඩුකාරයකු වී නිග්‍රහයට ලක්වනවා වෙනුවට ඉතිරි ක්ෂේත්‍ර තුලින් දරුවන් ඉහලට යැවීමට දෙමව්පියන් උත්සාහ ගත්හ .
ඒ හා සමගම තොරතුරු තාක්ෂණය ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත විය.ජංගම දුරකථන ,පරිඝනක දැනුම එදිනෙදා කාර්යාලවල නැතුවම බැරි අංගයක් විය.තොරතුරු තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් හිඟ විය .ඉල්ලුමට අනුව සැපයුම වැඩිවීම ලෝකයේ සර්ව කාලීන නියාමයකි.හරි හෝ වැරදි හෝ නියාමය පවතී. උපාධිධාරීන් සඳහාම බලා සිටිය නොහැකි වාතාවරණයකදී කුඩා කුඩා පරිඝණක පන්ති ,පාඨමාලා බිහිවිය.මහා ලොකු ප්‍රමිතියක් නැති වුවද අධික ඉල්ලුම නිසාම ඒවාට පැවැත්මක් පැවතුණි.කෙමෙන් කෙමෙන් පෞද්ගලික ආයතන විදේශ විශ්ව විද්‍යාල හා අනුබද්දව උපාධි පාඨමාලා ආරම්භ කිරීම ඇරඹුණි.උසස් අධ්‍යාපනය ඉතාම තරඟකාරී වුනු තරමට විශ්ව විද්‍යාල ප්‍රවේශ වැඩි කිරීමට පවතින ආණ්ඩුවලට උනන්දුවක් නොතිබිණි .ආණ්ඩුව ස්ථාවර කර ගැනීම ,හැකි තරම් ධනය රැස් කර ගැනීම, නීත්‍යනුකුල නොවන ව්‍යාපාර පමණක්ම තමන්ගේ අවබෝධය වූ රාජ්‍ය නායකයින්ට එතැනින් එහා යමක් සිතීමට තරම් දැනුමක් හෝ උගත්කමක් නොතිබිණි.සුදුසු උගතුන් ගේ ඇසුරක්ද නොවුනේ ඒ තැන නක්ෂත්‍ර කරුවන්ටත් ,ඡන්ද ව්‍යාපාරකරුවන්ටත් වෙන් වූ නිසාය .ඒ අවසරයෙන් හතු පිපෙන්නාක් මෙන් පෞද්ගලික හෝ විදේශ උපාධි ලැබූ තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් බිහි විය .එහි සැලකිය යුතු වරදක්ද නොවිණි .ඒ තොරතුරු තාක්ෂනය යනු ඉගෙනගත් පමණින්ම රැකියාවක් ලැබිය හැකි රැකියාවක් නොවන නිසාය .අළුතින් යමක් නිර්මාණය කරන්නට බැරි නම් ,විශ්ව විද්‍යාලය තුලින් උගත් දෙයට වඩා දෙයක් රැකියා ස්ථානයේදී තනිව ඉගෙනීමට නොහැකි නම් , පණ තියෙන තාක් කල් යාවත්කාලීන වී සිටිය නොහැකිනම් තොරතුරු තාක්ෂනය තුල පැවැත්මක් නැත .සැබෑම දක්ෂයකුට හැර අන් එකෙකුට රැඳී සිටීම අපහසුය .උපාධි තිබීම හෝ නොතිබීම තොරතුරු තාක්ෂණයට අනිවාර්ය නොවන්නේ ඒ නිසාය .
කරුණු මෙසේ තිබියදී රජයේ විශ්වවිද්‍යාල සිසුන් පෞද්ගලික විශ්ව විද්‍යාල අතර වෛරයක් ඇති වුණි.කාලයක් පුරා තමන් විසින් අගය කොටගත් වැටුප,නිශ්චිතව විශ්වවිද්‍යාලයෙන් පිට වනවිටම ලැබුණු රැකියාවට තිබුණු තර්ජනය නිසා ඔවුන්ගේ තරහව සහ වෛරය ඉතාම සාධාරණය .අනෙක් අතට අධිකව සහ අනවශ්‍ය ලෙස දැඩි තරඟකාරී විභාගයකට දැරූ මහන්සිය ගඟට කැපූ ඉනි මෙන් දැනුණා නියතය .ඔවුන්ගේද වරදක් නැත .තම දෙමවුපියන්ගේ සිහිනය මුදුන් පමුණුවා ලීමට අපහසු වුවහොත් එහි පසු තැවීම සදාකාලික නිසාය .
ඉතිරිවුණු එකම ක්ෂේත්‍රය වෛද්‍ය රැකියාවය.ඉංජිනේරු උපාධිධාරීන්ට අත්වුණු ඉරණම තමන්ටද නිසැකව ලැබෙන බව ඉවෙන් මෙන් හඳුනා ගත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට කළින් කවදාවත් නොදැනුනු ලංකාවේ වෛද්‍ය ප්‍රමිතිය ගැන දැඩි සැලකිල්ලක් හදිසියේ ඇතිවන්නේ මේ නිසාය . රෝගියකුට ප්‍රශ්ණයක අහන්න බැරි ඇඟට කඩා පැනපු දොස්තරලා දැන් කඩුපුල් ආසනය උණු උණා සේ ඉන්නේ මේ නිසාය.දෙවියන් මෙන් පෙනී සිටීමට උත්සහ ගන්නා සමහර රජයේ වෛද්‍ය සිසුන් වෙද නලාවට පිටුපසුන් අනන්ගයන් වන්නේ මේ නිසාය .
http://www.thesundayleader.lk/2016/09/05/alleged-sexual-abuse-at-kalubowila-under-probe/
Medical College එක වගේම දොස්තරලාවත් නියාමනය කරනවාට ,බේත් වැරැද්දුවොත් ලයිසන් කැන්සල් කරනවාට ,අවුරුදු කීපෙකට වරක් දොස්තරලා පොඩි විභාගයක් ලියලා ලයිසන් අළුත් කරන්න වනවාට සහ ඒ හා සම්බන්ධ රටේ නීති අනුමත කරවාගෙන වෛද්‍ය ප්‍රමිතිය වැඩි කරගන්නවාට අකමැති රජයේ දොස්තරවරු ඒ වෙනුවට තමන්ගේ දරුවාට ජනප්‍රිය පාසල් සඳහා වැඩ වර්ජනය කරන්නෙත්,පෞද්ගලික විශ්ව විද්‍යාල මුලිනුපුටා දැමීමට ක්‍රියාකාරිව දත කන්නේ අනාගත ඉරණම ගැන සිතාය .
දියුණුවන ලෝකයක් තුල අත්මර්ථයට කිසිදු ඉඩක් නොලැබෙනු ඇත.කොතරම් වළකන්නට හැදුවද වෛද්‍යවරුන් වීමට සිහින දකින දැයේ දරුවන්ට ඒ අවස්ථාව ලැබිය යුතුමය .අධ්‍යාපනයේ තත්ව පාළනය ගැන ඉඳුරාම අප සැළකිලිමත් විය යුතුය .එහි විවාදයක් නොමැත .නමුත් එය සහතිකවම විනිවිදභාවයකින් යුක්ත විය යුතුය .
රජයේ වෛද්‍ය සිසුන් හා පෞද්ගලික සිසුන් අතරින් රජයේ ලියාපදිංචිය සඳහා තරඟ විභාගයක් රජයේ වෛද්‍ය සභාව(SLMC ) මගින් පවත්වයි.වෛද්‍ය සිසුන් මෙම විභාගයට දැඩි ලෙස මහන්සි වෙති.සමහරු තම batch එක පවා මේ නිසා අතපසු කර ගනී(උදා : පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න, බුද්ධික පතිරණ) .සමහරු සිය දිවි නසා ගනිති .ඒ තරමටම එය වසර කීපයක දැනුම විමසා බලයි. එහෙත් මේ විභාගය සමත් වුවද රජයේ වෛද්‍යවරයකු ලෙස ලියා පදිංචි වීමට අවසර දීමට (පෞද්ගලික සිසුවකුට) SLMC අකමැතිය.ප්‍රයෝගික පුහුණුව මදි ලෙස ඔවුන් දක්වති.ප්‍රයෝගික පුහුණුව රජයේ රෝහල්වල ලබා දෙනවටද විරුද්ධය .
අවසාන වශයෙන් කීමට ඇත්තේ ,SLMC විභාගය පෞද්ගලික සිසුන් සමත් වේ නම් ,
1.විභාගය සකස් කරන්නන් අසමත්ය .(SLMC )
2.පෞද්ගලික සිසුන් දක්ෂයෝය .
එසේ විභාගයේ යම් දෝෂයක් ඇත්නම් කීමට ඇත්තේ අපොස උසස් පෙළ විභාගයද අතිශයින්ම දෝෂ සහගත බවය.වෛද්‍ය වරුන් වුනු රජයේ සිසුන්ද දක්ෂතාවයට වඩා කිසියම් වාසනා ගුණයක් හේතුවෙන් වෛද්‍යවරුන් වුණු පිරිසක් බවය .අසමර්ථවූ සිසුන් දක්ෂතාවය ඉක්මවා ගිය අවාසනාව නිසා වෛද්‍ය සිහිනය බොඳවුණු අය බවය .

Attachments
Last edited: