කියුබානු-III

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    PREVIOUS THREAD : කියුබානු-II http://www.elakiri.com/forum/showthread.php?p=20967275#post20967275

    කියුබානු මිසයිල් අර්බුදය ගැන දාගෙන යන THREAD මාලාවටම අනුබද්ධ THREAD එකක් මේකත්.....මේකෙන් කියන්න යන්නේ "සුපිරි බලවත් රාජ්‍යයන්" ( Superpowers ) හඳුනා ගන්නේ කෙසේද යන්න ගැන.....

    මේ ලෝකයේ රටවල් ඒවා සතු මිලිටරි බලය, ආර්ථික ශක්තිය, ජීවන මට්ටම, ගෝලීය දේශපාලනයට කළ හැකි බලපෑමේ ප්‍රමාණය, ජාත්‍යන්තර ආයතන වල තීරණ තීන්දු ගැනීමේදී මැදිහත් වීමේ හෝ එම තීරණ තීන්දු කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව ආදිය මත විවිධ ප්‍රභේද වලට බෙදනවා.....ඒවායින් ජාත්‍යන්තර දේශපාලනයේ ඇකඩමිකයන් අතර ජනප්‍රියම වර්ගීකරණයන් වන්නේ -

    1. සුපිරි බලවත් රාජ්‍ය - Superpowers Ex: United States of America
    2. මහ බලවත් රාජ්‍ය - Great Powers Ex: China, Russia, UK, France, India, Pakistan ( Ranking - Unconfirmed )
    3. මධ්‍ය බලවත් රාජ්‍ය - Middle Powers Ex : Israel, Argentina, Australia, Germany, Brazil etc.
    4. කුඩා බලයන් - Small Powers Ex: Angola, Nigeria, Austria, South Africa, Denmark

    කිසිදු ඇකඩමික කුළයක හෝ ශාස්ත්‍රාලයක මේ වර්ගීකරණයන්ට නිශ්චිත නිර්වචන නැහැ.....ඒ උනාට යම් යම් රාජ්‍යයන් ඉහත කී පරාමිතීන් තුළ ක්‍රියාත්මක වෙන ආකාරය අනුව ඒවා වර්ගීකරණය වෙනවා.....
    සුපිරි බලවත් රාජ්‍ය නැත්නම් මේ සුපර් පවර්ස් කියන්නෙ ඉහත කී වර්ගීකරණයන්ගෙන් ඉහළම එක.....

    සාමාන්‍යයෙන් ලෝකයේ හෝ තම බලය පවතින හඳුනා ගත් ප්‍රදේශයක ඕනම මොහොතක, ඕනම ස්ථානයකට බලපෑම් කළ හැකි හමුදා ශක්තියකින් අනූනව පවතින හෝ,
    සමස්ථ ලෝකයේ හෝ ඉහත කී බලය පවතින කළාපයේ සියළුම "සෙසු රාජ්‍ය" වල මිලිටරි බලයන් එකතු කළත් ආසන්නයට වත් එන්නට බැරි තරමේ අසමසම හමුදා ශක්තියක් තිබෙන,
    ලෝකයේ හෝ කළාපීයව සෙසු රාජ්‍යයන් සියල්ලම ගව් ගණනකින් අබිබවන දැවැන්ත ආර්ථික ශක්තියක් සහිත, හෝ දැවැන්ත දළ ජාතික නිෂ්පාදන වටිනාකමක් සහිත,
    ඉහත කී හේතු නිසාම ලෝක මට්ටමේ හෝ තමන්ගේ බලය පවතින කළාපයේ තීරණ තීන්දු ගැනීමේදී අසීමිත වර ප්‍රසාද හෝ බලපෑම් කිරීමේ හැකියාවක් දරන,
    දැවැන්ත විභවයන් සහිත රාජ්‍යයන් සුපිරි බලවතුන් ලෙස හඳුන්වනු ලබනවා......( ස්ටැන්ෆර්ඩ් සහ යේල් විවරණයන් )

    ඒ අනුව විසි වැනි සියවසේදි තමයි මේ කුළකයට අයත් සාර්ථක උදාහරණ දෙකක් ලෝකයේ දකින්න ලැබුණේ.....

    විවිධ පරිමාණයන්ට අයත් න්‍යෂ්ඨික යුද ශීර්ෂ ( උච්ඡතම අවස්ථා වලදී - 1975 ) 44,000 ක් තිබුණු, යුද ටැංකි 70,000+ අධික ප්‍රමාණයක් සමග සමස්ථය ලෙස සන්නද්ධ රථ ලක්ෂය ඉක්මවූ, ලක්ෂ 50 ක පමණ සක්‍රීය හමුදා ශක්තියක් දළ වශයෙන් 1970 පමණ වනවිට පවත්ව ගත්තු, ඒ වගේම අතිරේක හමුදා ශක්තිය ප්‍රමාණයෙන් කෝටියකට ආසන්න යෝධ රතු හමුදා යාන්ත්‍රණයක් තිබුණු, ගණනය කළ නොහැකි කාර්මික නිෂ්පාදන වටිනාකමක් ජනනය කළ, සාකළ්‍ය වකවානුව තුළ මිලියන 200 - 300 අතර ජනගහණයක් සිටි, වර්ග කිලෝමීටර් මිලියන 14 ක් පමණ වන ඉතිහාසයේ එක් ස්ථානයක රාජ්‍ය තන්ත්‍රයකට පැවති විශාලතම භූමිය හී සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු එකතුවද,
    1950 සිට ට්‍රිලියන1 සිට ට්‍රිලියන 18 ක් පමණ වන තෙක් මිනිස් ඉතිහාසයේ විශාලතම දළ ජාතික නිෂ්පාදිත අගයන් පවත්වා ගත්, න්‍යෂ්ඨික යුද ශීර්ෂ 20,000 ඉක්මවූ, ඉතිහාසයේ වැඩිම න්‍යෂ්ඨික අවි පරීක්ෂණ සිදුකළ ( 1996 වනවිට 1107 ), අසීමිත ගුවන් බළයක් ( ගුවන් යානා 18,000 - 20,000 ක පමණ සාමාන්‍ය අගයක් සහිතව ) වර්ග කිලෝමීටර් මිලියන 9.7 ක, ජන ගහණය මිලියන 140 - මිලියන 250 ක පමණ අගයක් ( ශීතල යුද්දය අවසන් වනවිට ) පවත්වා ගත් ඇමරිකා එක්සත් ජනපදයද,
    මෑත ඉතිහාසයේ සුපිරි බලවතුන් ලෙස හඳුනා ගන්නවා.....

    1991 වසරේදී රුසියාවේ කොමියුනිස්ට් පක්ෂ පාලනය අවසන් වීමෙන් පසුව, අද මේ වනවිට රුසියාවට එදා සෝවියට් යුගයේ සර්ව ක්ෂේත්‍ර වල තිබුණු සුපිරි බලතල අහිමිව ගොස් තිබෙනවා.... නමුත් අදටත් සක්‍රීය න්‍යෂ්ටික යුද ශීර්ෂ 9,000 + ක පමණ තිබෙන බව පවසන නිසා, රුසියාව මිලිටරි සුපිරි බලයක් ලෙස බොහෝ අවස්ථා වල නිර්ණය කරනු ලබනවා....ඇමරිකා එක්සත් ජනපදය සහ මුලින්ම විනාශ කළ හැකි ශක්‍යතාවය තිබෙන එකම රාජ්‍ය වන්නේ රුසියාව.....
    1989 වසරේ සිට මේ දක්වා ලෝකයේ පැහැදිලි සුපිරි බලවතෙකු ලෙස හඳුනා ගන්නේ ඇමරිකා එක්සත් ජනපදය.....එරට සතු මිලිටරි බලය ගැන සරළ අදහසක් දුන්නොත්, අද ලෝකයේ ගුවන් යානා 11,000 ක් පමණ තිබෙන, අංක එකේ සුවිශාලතම ගුවන් හමුදාව හිමිවන්නේ ඇමරිකා එක්සත් ජනපදයට.....ඒ වගෙම ලෝකයේ ගුවන් හමුදා වර්ගීකරණය කළොත්, දෙවනි ස්ථානය හිමිවන්නේ ගුවන් යානා 4,000 ක් පමණ තිබෙන ඇමරිකානු නාවික හමුදා ගුවන් බළයට.....තුන්වන තැන තමයි ගුවන් යානා 3,500 ක් පමණ තිබෙන රුසියාවට හිමිවන්නේ.....ඒ අනුව ඔබට ඇමරිකාව සතු යුද ශක්තිය සැකෙවින් සිතාගන්න පුළුවන්.....

    නමුත් ආර්ථික වශයෙන් ඇමරිකාව මෙතෙක් රඳවා ගෙන සිටි හුදෙකළා සුපිරි බළයට අභියෝගයක් දැන් එල්ල වෙලා තියෙනවා.....ආර්ථික වශයෙන් සුපිරි බලවත් රාජ්‍යයක් ලෙස වර්ථමානයේ "යේල්" සරසවියේ දේශපාලන අධ්‍යයන අංශය මගින් නිර්ණය කරන්නේ නාමික දළ ජාතික නිෂ්පාදන අගය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 10 ඉක්මවූ රාජ්‍යයන්.....ට්‍රිලියන 10+ සමාජයේ මේ වනවිට සාමාජිකයන් දෙදෙනෙකු ඉන්නවා....
    ඒ තමයි ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 18 ක දළ ජාතික නිෂ්පාදන අගයක් හිමි ඇමරිකා එක්සත් ජනපදය
    සහ, ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 11.8 ක දළ ජාතික නිෂ්පාදන අගයක් හිමි මහජන චීන සමූහාණ්ඩුව.....

    ට්‍රිලියන 10 සීමාවට චීනයේ පැමිණීම සම්පූර්ණ වන්නේ 2012 වසරෙදි.....
    තවත් වැදගත් කරුණක් තියෙනවා.....ක්‍රය ශක්ති සාම්‍යය ( Purchasing Power Parity ) අනුව වටයන ලද දළ ජාතික නිෂ්පාදන අගය බැලුවොත් මහජන චීන සමූහාණ්ඩුව තමයි ලෝකයේ විශාලතම ආර්ථිකය....එහී වටිනාකම ඩොලර් ට්‍රිලියන 21.....ඇමරිකාවට හිමිවන්නේ දෙවන ස්ථානය.....ඒ වටිනාකම ඩොලර් ට්‍රිලියන 18 ක් ....
    මේ හැර යුරෝපා සංගමයට එකතුව නාමික ඩොලර් ට්‍රිලියන 16 ක ආර්ථිකයක් තිබෙනවා.....නමුත් ඔවුන් සුපිරි බලවතෙකු ලෙස ගණන් නොගන්නේ ඔවුන් කළාපීය සහයෝගීතාවයක් මිස, එක් රාජ්‍ය තන්ත්‍රයක් ලෙස පාලනය නොවන නිසා....ඔවුන් අර්ධ - තාන්ත්‍රික සාමුහිකත්වයක් පමණයි...... ( ඔවුන්ටත් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවක් තියෙනවා )
    හුදෙකළා රාජ්‍ය වශයෙන් නම් ඇමරිකාවට සහ චීනයට අසළකටවත් අනෙක් කිසිදු රටක් එන්නේ නැහැ.....නාමික දළ ජාතික නිෂ්පාදන වටිනාකම අතින් ලෝකයේ තුන්වන තැන ඉන්න රාජ්‍යය ජපානය....එම දේශයේ ආර්ථික නිෂ්පාදන වටිනාකම ඩොලර් ට්‍රිලියන 4.7 ක්.... දැන් ඔබට පේනවා ඇති සුපිරි බලවතුන්ගේ ශක්තිය කොතෙක්ද කියලා....තුන් වෙනි තරඟකරුවා ඉන්නේ දෙවන තරඟකරුවාට වඩා දළ වශයෙන් ඩොලර් ට්‍රිලියන 6 ක් පිටුපසින්.....!
    දැන් මේ සුපිරි බලවත් කුළකය විවෘත වුනේ 20 වැනි සියවසේ ඉඳලා උනාට, යේල් සරසවිය මෑතකදී ලෝක ඉතිහාසයේ බලවත්ව සිටි රාජ්‍යයන් ඒ ඒ කාළයේ ලෝකයේ සොයාගෙන තිබුණු ප්‍රමාණයට අනුව සහ ශිෂ්ඨාචාර වල විශාලත්වය, පැතිරීම, සහ මහා සංස්කෘතික සම්ප්‍රදායන් හදන්න කරපු බලපෑම අනුව ඒ ඒ කාළයට අනුරූපීව සුපිරි බලවතුන් වර්ගීකරණය කළා....
    ඒ අනුව : බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, ටැන්ග් අධිරාජ්‍යය ( චීනය ), මොංගෝලියන් අධිරාජ්‍ය, පුරාණ ඊජිප්තු මිසර අධිරාජ්‍ය, රෝමානු අධිරාජ්‍ය, මහා ඇලෙක්සැන්ඩරයන්ගේ මැසිඩෝනියානු අධිරාජ්‍යය, භාරතයේ මෞර්ය අධිරාජ්‍යය ( අශෝක සමය ), මෝගල් අධිරාජ්‍ය, උම්මායාද් කලීෆාව ( මහා අරාබි අධිරාජ්‍යය ) ආදී අතීතයේ පැවති දැවැන්ත රාජධානි සහ අධිරාජ්‍යයන් ඒ ඒ යුගානුරූපී සුපිරි බලවතුන් ලෙස හඳුනා ගන්නවා.....

    සුපිරි බලවතුන් යනු අන්න ඒ විදියටයි .....
    :yes::yes::yes:

    PS :

    සෝවියට් සංගමය සතුව පැවති න්‍යෂ්ඨික යුද ශීර්ෂ ගණන 1975 පමණ වනවිට 44,000 ක් පමණ කියල මම කිව්වා....:
    http://www.johnstonsarchive.net/nuclear/wrjp205b.html
    https://en.wikipedia.org/wiki/Russia_and_weapons_of_mass_destruction#Nuclear_arsenal_of_Russia
    http://www.nti.org/learn/countries/russia/

    සෝවියට් රතු හමුදාව ගැන කියපු සෑම ඉලක්කමක්ම, ඒ උපුටාගැනීම් කරේ කොහෙන්ද කියන එකත් එක්ක ඔබ සියළු දෙනාට මෙතනින් බලාගන්න පුලුවන්.....: https://en.wikipedia.org/wiki/Soviet_Army#cite_note-9

    ඇමරිකානු ගුවන් හමුදාව ගැන තොරතුරු මෙතනින්:
    http://www.businessinsider.com/military-aircraft-strength-of-every-country-2015-1

    ඇමරිකානු නාවික ගුවන් හමුදාව ගැන මම කියපු සෑම ඉලක්කමක්ම මෙතනින් බලන්න පුලුවන්....:
    http://www.navy.mil/navydata/fact.asp
    https://en.wikipedia.org/wiki/United_States_Navy#Aircraft

    ඇමරිකානු සහ චීන ආර්ථික ශක්තිය ගැන මම කියපු සෑම දත්තයක්ම මෙතනින් බලන්න පුලුවන්:

    http://statisticstimes.com/economy/countries-by-projected-gdp.php
    https://en.wikipedia.org/wiki/Great_power
     
    Last edited:

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    15230701_380707512261476_407268700678946524_n.jpg

    15253501_380715005594060_6750660659035608566_n.jpg
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    මධ්‍ය බලවත් රාජ්‍යක් කියලා කියනවා නෙහ් German වලට, උන් කොහොමද බන් එතකොට ලෝක යුද්දයක් කලේ ? :rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මධ්‍ය බලවත් රාජ්‍යක් කියලා කියනවා නෙහ් German වලට, උන් කොහොමද බන් එතකොට ලෝක යුද්දයක් කලේ ? :rolleyes:

    දෙවන ලොක යුද්ධකාලේ න්‍යෂ්ටික අවි හොයාගෙන නෑ යුද්දය අවසාන කා‍ලේදී තමයි ඇමරිකාව න්‍යස්ටික බොම්බය හොයාගන්නේ ඡර්මනිය ඔය ගැන පරික්ෂණ කලාට න්‍යසස්ටික බොම්බ දෙවන ලොක යුද්ද සමයේ හදාගන්න බැරිවුනා යුද්ධය ඉවර වුනාට පස්සේ තමයි ඇමරිකාව සහ රුසියාව විශාල යුධ ශක්තින් බවට පත් වුනේ එකට දෙවනලොක යුද්ධය හොද පිටිවහලක් වුනා එක තමයි පස්සේ කොල්ඩ් වොර් එකක් බවට පත්වුනේ.
     
    • Like
    Reactions: Executer

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    dg

    ලොවෙත් ලන්කාව නම් අයිති වෙන්නෙ අසමත් රාජය වලට
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    දෙවන ලොක යුද්ධකාලේ න්‍යෂ්ටික අවි හොයාගෙන නෑ යුද්දය අවසාන කා‍ලේදී තමයි ඇමරිකාව න්‍යස්ටික බොම්බය හොයාගන්නේ ඡර්මනිය ඔය ගැන පරික්ෂණ කලාට න්‍යසස්ටික බොම්බ දෙවන ලොක යුද්ද සමයේ හදාගන්න බැරිවුනා යුද්ධය ඉවර වුනාට පස්සේ තමයි ඇමරිකාව සහ රුසියාව විශාල යුධ ශක්තින් බවට පත් වුනේ එකට දෙවනලොක යුද්ධය හොද පිටිවහලක් වුනා එක තමයි පස්සේ කොල්ඩ් වොර් එකක් බවට පත්වුනේ.

    Nice explanation :) +18
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    මධ්‍ය බලවත් රාජ්‍යක් කියලා කියනවා නෙහ් German වලට, උන් කොහොමද බන් එතකොට ලෝක යුද්දයක් කලේ ? :rolleyes:

    ඒ මේ වර්ගීකරණයට කළින් මචං......ජර්මනිය ප්‍රධාන වශයෙන්ම මහ බලවතෙකු ලෙස ගණන් නොගන්න හේතු කිහිපයක් තිබෙනවා....."පංච මහා බලවතුන්" ලෙස හඳුන්වනු ලබන රාජ්‍යයන් හෙවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය සහ නිෂේධ බලය හිමි රාජ්‍ය වන ඇමරිකාව, බ්‍රිතාන්‍යය, චීනය, රුසියාව සහ ප්‍රංශය කියන රටවල් ( මෙයින් ඇමරිකාව සුපිරි බලවතා ) බ්‍රිතාන්‍යය, චිනය, රුසියාව, ප්‍රංශය සතුව දේශීය අත්හදා බැලීම් මගින් නිපදවා ගත් න්‍යෂ්ඨික යුද ශීර්ෂ ගබඩා තිබෙනවා....

    ජර්මනිය දෙවන ලෝක යුද්දයෙන් පසුව සෝවියට් ආධිපත්‍යය පවතින නැගෙනහිර ජර්මනිය හෙවත් ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස කොටසකුත්, බටහිර බලවතුන් යටතේ බටහිර ජර්මනිය හෙවත් ජර්මානු ෆෙඩරල් ජනරජය ලෙස කොටසකුත් පැවතුණා.... ජර්මනිය තනි රාජ්‍යයක් ලෙස යළිත් එක්සත් වෙන්නෙ 1990 වසරෙදි.....මේ තත්වයන් තුළ බටහිර සහ සෝවියට් පාලන තන්ත්‍රයන් යටතේ ජර්මනියට තමන්ගේ යුද ශක්තිය වර්ධනය කරගැනීමට අවශ්‍ය නිදහස දුන්නෙ නැහැ.....ඒ වගේම අදටත් ජර්මනියට න්‍යෂ්ඨික අවි වැඩසටහන් පවත්වා ගන්න අවසර නැහැ....මේක තරමක් දුරට ජපානයේ තත්වයට සමානයි....ජපානයත් තවමත් මානසිකව ඇමරිකාවට කීකරු කරවා තිබෙන රටක්....එරටට ස්වාධීනව සිය හමුදා ශක්තිය රිසි ලෙස වර්ධනය කරන්න ව්‍යවස්ථාපිතවම ඉඩ නැහැ.....තියෙන්නෙ හුදෙක් ආත්මාරක්ෂක හමුදා ශක්තියක් පමණයි....මේ රටවල් දෙකම දෙවන ලෝක සංග්‍රාමයේ මිත්‍ර බලවතුන් හා ගැටීමේ වරදට නිහඬ අවබෝධයකින් අදටත් හිස නමනවා.....

    ඒ නිසා ජර්මනිය ආර්ථික දැවැන්තයෙකු වුනත්, න්‍යෂ්ඨික අවි නිෂ්පාදනය නොකළ රාජ්‍යයක් ලෙස යුද ශක්තියෙන් පංච මහා බලවතුන්ට පිටුපසින් ඉන්නෙ.....
     
    • Like
    Reactions: Executer

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ඔය කරපු විදිහට තමයි

    ජර්මනියට එ.ජා ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය හෝ අහෝසිකරණ වරප්‍රසාද කිසිවක් හිමි නැහැ..

    එල මචං :) දිගටම දාන්න දේවල් +18
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ජර්මනියට එ.ජා ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය හෝ අහෝසිකරණ වරප්‍රසාද කිසිවක් හිමි නැහැ..

    ඒ වගේම ජර්මනියට තාමත් නිශ්චිත ගානකට වඩා අයුද ,හමුදාව වැඩි කරන්න බෑ .ඒකට ආරක්ශක කවුන්සිලයෙන් අනුමැතිය ගන්න ඕන .ඒක දෙවන ලෝක යුද්දෙන් පස්සෙ ගත්තු තීරනයක් . ඒ තීරනේ නිසයි ජර්මනිය ප්‍රන්ශෙටත් පස්සෙන් ඉන්නෙ
     
    • Like
    Reactions: csharp

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ඒ වගේම ජර්මනියට තාමත් නිශ්චිත ගානකට වඩා අයුද ,හමුදාව වැඩි කරන්න බෑ .ඒකට ආරක්ශක කවුන්සිලයෙන් අනුමැතිය ගන්න ඕන .ඒක දෙවන ලෝක යුද්දෙන් පස්සෙ ගත්තු තීරනයක් . ඒ තීරනේ නිසයි ජර්මනිය ප්‍රන්ශෙටත් පස්සෙන් ඉන්නෙ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: