බවකර්ම (1997) සිංහල ෆිල්ම් Bawakarma (1997) Sinhala Film

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    බවකර්ම (1997) සිංහල ෆිල්ම් Bawakarma (1997) Sinhala Film

    images
    bw1.jpg


    බවකර්ම (1997) මෙය "බවදුක" චිත්‍රපටයේ දෙවන කොටසයි

    Awards
    Sarasavi Film Awards (1997)
    * කුසලතා සම්මාන - ශ්‍යමා නවතත්තේගම (බවකර්ම)

    Cast & Crew
    * Swarna Mallawarachchi (Nona Hami)
    * Jackson Anthony (Peduru)
    * Hemasiri Liyanage (Gabriel 'Thaththa')
    * Ravindra Randeniya (Muhandiram)
    * Suwinitha Weerasinghe (Arachchi hamine)
    * Shyamalie Perera (Bema Nona)
    * Kamal Addaraarachchi
    * Priyantha Wijeekoon

    Director, Screenwriter - Dharmasiri Bandaranayake
    Cinematographer - Lal Wickramarachchi

    6p0nc8.jpg


    මෙන්න ලින්ක එක
    බවකර්ම DVD 1 https://openload.co/f/z43Q9EtCcz4/Bawa.Karma.Part.1.1997.DVDRip.720p.H264.AAC-Ak47.mp4
    බවකර්ම DVD 2 https://openload.co/f/zmCILI0DAIY/Bawa.Karma.Part.2.1998.DVDRip.720p.H264.AAC-Ak47.mp4

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරලා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    [අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායත මහතා සමග කල සම්මුඛ සාකච්ඡාවක් දැම්මා. ඒකත් කියවලා බලන්න. හැමදාම අපිකරන්නේ ෆිල්ම් බලන ඒක ඒත් ඒවා කියවන්න පුලුවන්...... අලුතින් යමක් එකතුවේවි ජීවිතයට]
     
    Last edited:

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    ගාමිණි, ටෝනි, ජෝ ගොඩනැඟූ උසස්‌ රංග සම්ප්‍රදාය ටෙලි නාට්‍යවලින් අද මස්‌තබාල්දු කරලා
    - ධර්මසිරි බණ්‌ඩාරනායක


    "මිනිසුන් ලෙසින් ඉපිද
    මිනිසුන් ලෙසින් මියෑදෙන්නට
    මිනිසුන්ට ඇති අයිතියට ගරු කරන
    ඒ වෙනුවෙන් හඬ නඟන
    උතුම් මිනිසුන්ට ප්‍රණාමය පිණිස
    මෙම නාට්‍යය යළි නිෂ්පාදනය කළෙමි..."


    darma2.jpg


    අසූ අට අසූ නවය භීෂණයට හසු වූ "ධවල භීෂණ" යළි රංගගත කිරීම අපහසු වූයේ භීෂකයන්ගෙන් දිවි ගලවා ගැනීම සඳහා ධර්මසිරි බණ්‌ඩාරනායකට රට හැර යන්නට සිදුවූ නිසාය. භීෂණය අවසන් වූ කල ශ්‍රී ලංකාවට ආ ධර්මසිරි යළි "ධවල භීෂණ" රට වටා ගෙන යැම අනූ එකේදී ආරම්භ කළේය. පසුව එය දෙදහස්‌ එක දක්‌වා දර්ශනවාර ගණනාවක්‌ ප්‍රදර්ශනය කළේය. දෙදහස්‌ එකෙන් පසුව දෙදහස්‌ දොළහ දක්‌වා අවුරුදු එකොළහක්‌ ගත විය. දැන් යළි "ධවල භීෂණ" ප්‍රේක්‍ෂකයන් හමුවට ගෙන ඒමට ධර්මසිරි සූදානම්ය.

    dawala.jpg

    හංසවිලක්‌ (1980), තුන්වැනි යාමය (1983), සුද්දිලාගේ කතාව (1985), බවදුක (1997) සහ බවකර්ම (1997) අපේ සිනමාවට එක්‌ කළ ධර්මසිරි "ඒකා අධිපති, මකරාක්‍ෂයා, ධවල භීෂණ, යක්‍ෂාගමනය" සහ "ට්‍රොaජන් කාන්තාවෝ" කරළියට කැඳවාගෙන ආවේය.

    ප්‍රංශ නාට්‍ය රචක ෂෝන් පෝල් සාත්‍රෙ විසින් රචිත මෙන් විතවුට්‌ ශැඩෝස්‌ නාට්‍යය "ධවල භීෂණ" නමින් අනුවර්තනය කළේ සිරිල් සී. පෙරේරාය. ධර්මසිරි බණ්‌ඩාරනායක ප්‍රවීණ ශිල්පියා දිවයින සිනමා කලා අතිරේකය සමග සම්බන්ධ වන්නේ ඉතා දිගු කලකට පසුවය. අපි ඔහු හා කළ සම්මුඛ සාකච්ඡාව මෙසේ දිග හරින්නෙමු.


    අවුරුදු එකොළහකට පස්‌සේ ආයෙත් ධවල භීෂණ ගෙන එන්නේ ඇයි?

    මා කළ නාට්‍ය යළි අලුත් කරන්න හිතුවේ 2009 දී. ඒ අනුව 2009 දී "ඒකා අධිපති" යළි කරන්න පටන් ගත්තා. 2010 දී "මකරාක්‍ෂයා" කළා. හැට හැත්තෑව දශකයට වඩා නාට්‍ය කලාව අද විෂයක්‌ ලෙස හදාරනවා. විශ්වවිද්‍යාල විද්‍යාර්ථින් විටින් විට මා හමුවට එනවා ඔවුන්ගේ ස්‌වාධීන නිබන්ධනවලට කරුණු එකතු කරන්න. ඔවුන්ට මේ නාට්‍ය බලන්න අවස්‌ථාවක්‌ නැති නිසා විචාර පිටපත්, ඡායාරූප ගැන විමසනවා. ඒත් නාට්‍යයක්‌ ප්‍රේක්‍ෂකාගාරයේ රඟ දැක්‌වීම නොදැක ඡායාරූපවලින්, විචාරවලින් අදහසක්‌ ගන්න බෑ. ඒකත් හේතුවක්‌ තමයි මම මේ පැරැණි නාට්‍ය අලුතින් කරන්න හිතුවේ.

    මේ නාට්‍ය නිසා විවිධ වකවානුවලදී ඔබට දේශපාලනමය වශයෙන් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවුණා.

    ඔව්... ඒකා අධිපති කළේ හැත්තෑ හයේදී. ඒත් එදාට වඩා 1999 කරද්දී යම් යම් දේශපාලන ගැටලුවලට ලක්‌වුණා. ඇයි "ඒකාධිපති" කරන්නේ. ජනාධිපති අපේක්‍ෂකයින් දෙදෙනාගෙන් කාට සහාය දක්‌වන්නද මෙය කරන්නේ කියා මනස්‌ගාත ප්‍රශ්න ඇහුවා. 2010 දී "මකරාක්‍ෂයා" කළා. ඒ කරද්දී මේ දේශපාලන අර්බුදය වෙන විදියකට මතුවුණා. මේ නාට්‍යයේ තියෙන විදිහට ඇත්තටම මකරා මරා දැමූ පුද්ගලයා සැඟවිලා වෙන කෙනෙක්‌ මකරා මැරුවා නේද කියා අසා යුද ජයග්‍රහණ මත සමහරු තම තමන්ගේ කෝදුවලින් මනින්න උත්සාහ කළා. "ධවල භීෂණ" පළමු ප්‍රදර්ශනය අසූ අටේ සැප්තැම්බර් 27 දා ලයනල් වෙන්ඩ්ට්‌ හිදී සිදුකළා. එදා මම ජැක්‌සන්, කෞශල්‍යා සහ ජයසිරිව මේ නාට්‍යයට තෝරා ගත්තේ මරාසාද් නාට්‍යයේ ඔවුන්ගේ රඟපෑම් දැකලා. ඔවුන් එදා මහා දැවැන්ත ලෙස රූපවාහිනියෙන් සිනමාවෙන් ප්‍රසිද්ධ වූ අය නොවේ. ඒත් ඔවුන් අසීමිත ලෙස නාට්‍යයට කැපවුණා. කිසිදාක පුහුණුවීම අත හැරියේ නෑ.

    ඔබට රටින් බැහැරව යන්න සිදුවුණා. ඒ ඇයි?

    ඔව් අසූඅටේදී ධවල භීෂණ ප්‍රදර්ශනය කළා. අසූ නවයේදී රටින් බැහැරවෙන්න සිද්ධ වුණා. එක්‌තරා දේශපාලන කණ්‌ඩායමක්‌ "ධවල භීෂණ" පෙන් වූවොත් මරණය අත්පත් විය හැකියි කියා මා අභිමුඛයට ඇවිත් තර්ජනය කළා. ඔබ ජනතාව තුළ කුලුනක්‌ වුණාට. අපේ ව්‍යාපාරය තුළ පුංචි මිනිහෙක්‌ විතරයි කියා ඔවුන් කිව්වා. එවක පැවැති රජයේ නිල නොවන මැර හමුදාවේත්, මිනිසුන් ඝාතනය කිරීමේ අඛණ්‌ඩ ක්‍රියාවලියේ යෙදුන අයගේත් සොයා බැලීම්වලට ධවල භීෂණ හේතූ වුණා. කෙසේ වෙතත් අසූනවයේ සැප්තැම්බර් 24 දා රාත්‍රියේ වූ එක්‌තරා සිදුවීමක්‌ නිසා සියල්ල නතර කරල මට ඉන්දියාවට ගිහින් ජීවිතය බේරාගන්න වුණා. මාස හතරකට ආසන්න කාලයක්‌ අවතැන් වූ මම ඉන්දියාවේ තැන තැන ඇවිදලා නැවත ලංකාවට ආවා. එදා අසූ අට අසූ නවය කාලයේදී අපි ධවල භීෂණ ප්‍රදර්ශනය කරන්න ඇතැම් ප්‍රදේශවලට යද්දී පාර දෙපස තැන තැන ටයර් දමා පුළුස්‌සා තිබූ තරුණ මළ සිරුරු දකින්න ලැබුණා.

    ධවල භීෂණ අදට ගැළපෙනවා කියා හිතෙනවාද?

    මේ නාට්‍යයෙන් කියන්නේ දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පස්‌සේ ප්‍රංශය බේරා ගැනීමට සටන් කරන දේශප්‍රේමී තරුණ පිරිසක්‌ ගැනයි. හිට්‌ලර්ගේ රූකඩ හමුදා මේ තරුණයින් අල්ලා ඝාතනය කිරීම තමයි "ධවල භීෂණ" තේමාව. මෙය පුරා කියවෙන්නේ මිනිස්‌ සන්තානයේ චලනයන්... කැරළිකාර කණ්‌ඩායම්වලට, දේශපාලන ව්‍යාපාරවලට කිසියම් ආලෝකයක්‌ සපයනවා. අනෙක මේ නාට්‍යය ප්‍රේක්‍ෂකාගාරය ඉදිරියේ ප්‍රේක්‍ෂක මනස ගැඹුරු අත්දැකීමකට දරන ප්‍රයත්නයක්‌.

    අද වේදිකාව ගමන් කරන දිශාව ගැන ඔබට යමක්‌ කිව හැකිද?

    එදා නාට්‍ය කලාව තුළදී දශක ගණනාවක්‌ අපි මැදිහත්වෙලා උසස්‌ ප්‍රේක්‍ෂකාගාර ගොඩනැගීමට කළ දායකත්වය අද ඇතැම් නාට්‍යකරුවන් විසින් ඉතාම පහත් මට්‌ටමකට ගෙනැවිත් තිබෙනවා. බොහෝ ශාලාවල නාට්‍ය පෙන්වන නිසා බොහෝ අය හිතනවා ප්‍රබෝධයක්‌ ඇති කියා. අසූව අනූව දශකවල ප්‍රේක්‍ෂකාගාරයේ තිබූ ඉහළ මට්‌ටම රැක ගත්තේ අපි. ඒ නාට්‍යකරුවන්ගෙන් බොහෝ දෙනෙක්‌ අද මිය ගිහින්. ප්‍රේක්‍ෂකයා අද සිනමාවට නාට්‍යයට දායකවන්නේ රාජ්‍ය විසින් සකස්‌ කළ න්‍යාය පත්‍රයකට අනුකූලවයි.

    මොකක්‌ද ඒ ප්‍රකාශයේ තේරුම...?

    රජයට අවශ්‍ය කරනවා පහත් නිර්මාණ, පහත් රුචිකත්වය. බුද්ධිමය තලය ගොඩනැංවීම රජයේ වුවමනාව නොවේ. රාජ්‍ය නාට්‍ය උළෙලින්ම එය පෙනෙනවා. ප්‍රමිතිකරණය කඩා වැටීම අද වේදිකාවේ බොහෝ බරපතළ ලෙස සිද්ධ වී තිබෙනවා. නාට්‍ය හා රංග කලාව අද අධ්‍යයන විෂයයක්‌. එනිසා නාට්‍ය බලන්න දරුවන් රැගෙන දෙමව්පියන් ගුරුවරුන් ශාලාවට එනවා. එවන් නාට්‍ය තුනක්‌ විතර මා දැක තිබෙනවා. ඒ නාට්‍ය තුනම මා දරුවකු ලෙස සිටිත්දීත් හැම දශකයේදීම බැලුවා. එදා ඒ නාට්‍ය මගේ ජීවිතයට ආලෝකයක්‌ ලබා දුන්නා. ඒත් ඒ නාට්‍යවල ප්‍රමිතියවත් රැක ගන්න අද ප්‍රයත්න නොකිරීම කනගාටුවක්‌. බොහෝ තැන්වලදී දරුවන් හූ කියනවා නම් ඒ නාට්‍ය අධ්‍යයන විෂය මාළාව තුළ පවත්වාගෙන යාමේ බලාපොරොත්තු ඉටුකරගත හැකිද?

    ඇයි ඔබ අලුත් නාට්‍යයක්‌ නොකරන්නේ....?

    මම හුඟාක්‌දුරට සම්භාව්‍ය නාට්‍යවලට තල්ලුවී සිටිනවා. ඒ එමගින් මා දැනුවත් වන නිසා අනුන් දැනුවත් කරන්න කලින් මා දැනුවත් විය යුතුයි. දැනටමත් "ඇන්ටිගනි", ඇගමෙටනන්ටි" කියන නාට්‍ය දෙක නිෂ්පාදනය පිණිස මා පරිවර්තන කටයුතු සඳහා භාරදී තිබෙනවා.

    "බවකර්ම" ඔබේ අවසන් චිත්‍රපටය...
    නැවත චිත්‍රපටයක්‌ කරන්න සිතක්‌ නැද්ද?

    මේ ටික ඉවර කරලා චිත්‍රපටයක්‌ ගැන හිතනවා. අද ප්‍රේක්‍ෂකයා ඉදිරියට සරසලා ගෙනැවිත් ඉදිරිපත් කර තිබෙන්නේ ව්‍යාජ සිනමාවක්‌. ඒවා පරාජය කරන්නම නොවේ. ඒත් නිර්ව්‍යාජ කලා කෘතියක්‌ නිර්මාණය වෙනවා දකින්න මම කැමතියි. මම චිත්‍රපට නරඹනවා. නරඹන්නෙකු ලෙස අද නිර්මාණ දෙස බලලා මම බොහෝම වෙහෙසට පත්වෙලා ඉන්නේ. ඒ හේතුව නිසාම මම ලබන වසරේදී චිත්‍රපටයක්‌ හැදීමේ වගකීම භාර ගන්නවා.

    ඔබ තවමත් ඉන්නේ කල කිරීමෙන්ද?

    ඔව්... "බවදුක" නිසා අධික ලෙස වෙහෙසට පත්වුණා. නිෂ්පාදනයක්‌ චිත්‍රපටගත කිරීමේදී සහ ප්‍රදර්ශනයට යොමු කිරීමේදී අපිට විශාල ආයතන එක්‌ක නීති රීති සමග, ආකල්ප සමග ගැටෙන්න සිද්ධ වෙනවා. චිත්‍රපටයේ ව්‍යාපාරික අංශය ජයග්‍රහණය කරන ඒකම නොහැකියාවක්‌ වෙනවා. දැන් දැන් පෞද්ගලික ආයතනත් ඒ වගේම නීති රීති පද්ධතියක්‌ සකස්‌කර තිබෙනවා.

    ධවල භීෂණ එදාට වඩා අද වෙනසක්‌ වෙලාද?

    නෑ... අප රැඟුම් පාලක මණ්‌ඩලයෙන් අවසර ලබාගෙනයි තියෙන්නේ. කිසිම දවසක පිටපතේ නැති කොටස්‌ අතින් දමලා පවත්නා දේශපාලනයේ පල් හෑලි එකතු කරලා ප්‍රදර්ශනය කිරීමේ පුරුද්දක්‌ මට නෑ. අපි සතු වගකීම ඉටුකිරීමක්‌ පමණයි සිදුකරන්නේ. මේ නාට්‍යයේ අලුත් ශිල්පීන්ට මගේ අත්දැකීම්වලින් ආලෝකයත් දෙන්න හැකිවුණා. අසූ අට සමග සසඳද්දී එදා නළු නිළි මට්‌ටමටම නැතත් මේ අයගේ උද්වේගය, කැප කිරීම එදා අය හා සමන තැනකට ගෙන එන්න හැකිවීම සතුටක්‌. ඩබ්ලිව්. ජයසිරි, ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි, අමිල් ගල්අංග, ඕෂදි ගුණසේකර, ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ, සුසංග කහඳවල ආරච්චි, ජගත් චන්ද්‍රලාල්, නයිජල් රේමන්ඩ්, අරුනෝද් විඡේසිංහ, වර්ණතුංග සේනානායක, සුනිමල් පෙරේරා, සමිත අමරසිංහ, කෝසල ලක්‍ෂිත අද "ධවල භීෂණ" සමග රංගනයෙන් දායක වෙනවා. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ, වේෂ නිරූපණය වසන්ත විට්‌ටච්චි. ධවල භීෂන හෙට (1වැනිදා) සහ අනිද්දා (2වැනිදා) සවස 6.45ට ලයනල්වෙන්ට්‌ඩ් රඟහලේදී වේදිකා ගත වෙනවා.

    එදා රට අතහැර ඉන්දියාවට ගිය ඔබ යළි ලංකාවට ආවාම ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්‌ද?

    මම සිද්ධීන් දෙකක්‌ විතරක්‌ කියන්නම්. මට මතකයි රිචඩ් ද සොයිසා මට හමුවුණා. ලයනල් වෙන්ඩ්ට්‌ එකේදී. ඒ මම ලංකාවට ආපු අලුත. "ධවල භීෂණ" පෙන්වන්න ඕනෙම වෙලාවේ රට අතහැරලා ගියා නේද..." කියා රිචඩ් උපහාසාත්මක ලෙස මට කිව්වා. ඊට සති දෙකකට පසුව රිචඩ්ගේ මළ සිරුර කොරළවැල්ල මුහුදු වෙරළට ගොඩගසා තිබුණා. හිඟුරක්‌ගොඩ හිටපු උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පසු දවසක මට ඔහුගේ නිවසේ රාත්‍රි භෝජන සංග්‍රහයකට ආරාධනා කළා. මම ගියා. "ඔබ ජීවත්ව සිටීම පුදුමයි" කියා ඔහු මට කිව්වා. මම ඇහුවා "ඇයි" කියලා. අසූ අටේදී ධවල භීෂණ ප්‍රදර්ශනය කරද්දී පොලිසියෙන් වෙනමම ඒකකයක්‌ හදලා තිබුණා මේ නාට්‍යය ගැන සොයා බලන්න. ඒ ඒකකය නාට්‍ය ප්‍රදර්ශනය කළ හැම තැනකටම ගිහින් අමාත්‍යංශයට වාර්තාවක්‌ භාර දුන්නා. ඒ වාර්තාව අනුව ධර්මසිරි ජීවතුන් අතර ඉන්ට බැහැ." කියා ඔහු මට කිව්වා.

    අද ඒ තත්ත්වය පහව ගිහින්ද?

    අසූඅට අසූ නවය තත්ත්වය එදා දකුණට සීමා වුණා. තිස්‌ අවුරුදු යුද්ධය අවසාන වූවාට පසුව රට ගමන් කරන දිශාව ගැන කල්පනා කරද්දී සිතෙනවා අපට දැනෙන මේ නිදහස කෘත්‍රිම එකක්‌ නොවේද කියා. නිදහස තුළ කෘත්‍රිම සැනසීමක්‌ නොවේද මේ පවතින්නේ කියලා. ඉන්දීය සාමසාධක හමුදාව එදා පලවා හරින්නට එකඟ වූ ජන සංයුතිය අද තම දරුවන් ඉදිරියේ සිදුවන බොහෝ විනාශයන් දරා සිටීමේ ප්‍රවණතාවය බොහෝ දෙනාගේ සැලකිල්ලට භාජනය විය යුත්තක්‌. තුවක්‌කු අරගෙන, ජනතාව ඝාතනය කර මිනිස්‌සු පැහැරගෙන ගිහින අතුරුදන් කරලා ප්‍රශ්නවලට සැබෑ විසඳුම් සොයන්න බැහැ.

    ඔබ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට ඇල්මක්‌ නොදක්‌වන්නේ ඇයි?

    මම ටෙලි නාට්‍ය නරඹන්නේ නෑ. ටෙලි නාට්‍ය සමග මගේ ඇසුරකුත් නැහැ. නමුත් ඉඳහිට අහම්බෙන් සමහර නිර්මාණ දකිද්දී දකුණු ඉන්දියාවට ශාප කරමින් ලාංකීය සිනමාව ගොඩනැඟුවා. ඒත් දකුණු ඉන්දියාවටත් නොදෙවැනි ලෙස අද රූපවාහිනිය ඒ දෙසට කැඳවාගෙන ගිහිං.

    ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම වැනි ප්‍රවීණයන් විසින් ගොඩනැංවූ උසස්‌ රංග සම්ප්‍රදායන් අද ටෙලි නාට්‍ය තුළින් මස්‌තබාල්දු කරලා. තරුණයන්ගේ හුදු විනෝදාස්‌වාදය, විහිළු තහළු මුල්කරගෙන රංගනය පහළට ඇද දමලා. පරාක්‍රම නිරිඇල්ල, ධම්ම ජාගොඩ, අශෝක හඳගම රූපවාහිනිය තුළින් ගෙන ආ උසස්‌ තත්ත්වය හදාරන්න තරම්වත් වර්තමාන අය උත්සාහ නොකරන බව සහතිකයි. එනිසා අද නළුවෙක්‌ නිළියක්‌ පාරේ යද්දී "අන්න අරූ යනවා... අන්න අරකි යනවා..." කියන තැනට පත්වෙලා. අමරණීය මතකයන් සහිත රංග ශිල්පීන්ට එහෙම සැලකුම් නොවෙයි ලැබෙන්නේ.


    2houz53.jpg

    ධර්මසිරි බණ්‌ඩාරනායක
     
    Last edited:

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    බොහොම ස්තූතියි හැමදාම වගේ හොඳ සිංහල චිත්‍රපටි දෙනවට! :love:
     

    Viman

    Junior member
  • Sep 4, 2006
    50
    1
    8
    බොහොම ස්තුතියි! මචන්. බව දුක බැලුවට පස්සෙ බව කර්ම බලනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ.....
     
    Last edited:

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,327
    110
    63
    අද නළුවෙක්‌ නිළියක්‌ පාරේ යද්දී "අන්න අරූ යනවා... අන්න අරකි යනවා..." කියන තැනට පත්වෙලා
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    You must spread some Reputation around before giving it to asksajee again.

    මචන් තියෙ නම් මේ ෆිල්ම් ටික ශෙයාර් කරපන්

    දඩයම
    කැඩපතක චායා
    නිධානය
    තුන්වෙනි යාමය
    විරාගය
     
    Last edited:

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    thanks machoo :)

    "බවකර්ම" dunnata Bohoma Pin ..... !!!!!

    You must spread some Reputation around before giving it to asksajee again.

    මචන් තියෙ නම් මේ ෆිල්ම් ටික ශෙයාර් කරපන්

    දඩයම
    කැඩපතක චායා
    නිධානය
    තුන්වෙනි යාමය
    විරාගය

    :lol::lol::lol::lol:
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    අද නළුවෙක්‌ නිළියක්‌ පාරේ යද්දී "අන්න අරූ යනවා... අන්න අරකි යනවා..." කියන තැනට පත්වෙලා



    බොහොම ස්තුතියි! මචන්. බව දුක බැලුවට පස්සෙ බව කර්ම බලනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ.....

    :lol::lol::lol:;););)
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Bawakarma movie eka ayeth upload karala denna puluwanda?


    parana links okkoma expire wela... :( :(
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    man me okkoma download kala machn. me dawas wala tikak busy free unama up ekak dannam drive ekata