පෙම්_හසුනක්_ලියමු

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    පෙම්_හසුනක්_ලියමු

    අපි ලවු කරන කාලේ ලිව්වේ ලියුම් විතරයි... ඒ අනූ ගනන් වල මුල් කාලේ.. ඒ කාලේ ලස්සන කොල වලට තිබ්බේ පුදුම ආසාවක්.. සමහර පත්තර එක්ක දෙනවා ලියුම් කොලයක්, ඉතින් ඕක ගන්නම පත්තර ගන්නවා... සදරේනු, කුසුම්... ඔන්න ඔය වගේ පත්තර වගයක් මට මතක හෑටියට. කෙල්ලට ලියුමක් දීල ඒකට උත්තර ලියුමක් එනකන් දවස් ගනන් කර කර ඉන්නේ. ලියුම හම්බ වෙච්ච ගමන් ඉනිත් ඔක්කොම අමතකයි, කොහෙහරි මුල්ලකට ගිහින් ඕක දහ සෑරයක් විතර කියවනව... ලොකු වලි නෑ.. චෑට් නෑ, ටෙලිෆෝන් කෝල් නෑ එස් එම් එස් නෑ, හොටෙල් රූම් නෑ ..තනිකර මුලු ලවු එකම රෑදිලා තිබ්බේ ලියුම උඩ තමයි.

    තාමත් මතක් වෙනකොට හරිම ආසයි ඒ කාලේ.. ඒ ලවු කරපු කෙල්ලො දෑන් අම්මලා වෙලා ඒත් ඉදලා හිටලා හරි කොහේදි හරි දෑක්කොත් යන්තම් හිනාවෙනවා තාමත් ඒ කාලේ මතක හින්දා වෙන්න ඈති

    දෑන් උනත් ලියුමක් ලියලා ලවු කරන්න කෑමති උන්ට මෙන්න අපි ලියපු සරල ෆෝමෑට් එක

    දිනය

    ස්ථානය (නිවසේදී/ මෑදියම් රෑ/ අදුරු කුටිය තුල දොරගුලු ලාගෙන/ පන්තියේදී/ පාලු හවසක..)

    සින්දු කෑල්ල
    මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි...
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන..
    සගවන්න එපා හසරෑල්
    රත්තරන් නෙත් දෙකින්
    මගේ සද ඔබ
    අහස සේ ඔබ
    වේදනා දෙන්නේ නෑ
    ඔබයි රම්‍ය සද කිරන
    කවිය ඔබ
    යනවානම් අනේ මන් අරන්.. :P
    ඔන්න ඔය වගේ බහුශෘත නෑති කෙල්ලට තේරෙන හරිම සරල සින්දුවක මුල් කෑල්ල දාපන්.

    ආමන්ත්‍රනය
    දයාබර/සදාදර/ මගේම ආදර දම්මි වෙත,

    බොඩිය
    මේකේ ඉතින් අත දිගෑරලා ලියන්න තියෙන්නේ, බොඩියෙත් ඉතින් තව තව සින්දු කෑලි එහෙම දාන්න පුලුවන්.. ඕන නම් පෑනෙන් පොඩි චිත්‍රයක් උනත් කුරුටි ගාන්න පුලුවන්.. අපිනම් ලවු එක මෝරන කාලේට කොල මදි හින්දා පිටු 80 පොත් ගන්නේ.. පිටු ගනන් පිරෙන්න ලියලා කෙල්ලත් උත්තරේ ලියන්නේ ඒ පොතේ මයි. ඔහොම පොත් බර ගානක් පුරවන්න ඈති.

    අවසානය
    ඔයාගේම ආදර/සදාදර සුගත්

    වෙනසකටත් එක්ක.. චෑට් කරන එක නවත්තලා පෑනක් කොලයක් අරන් ලියුමක් ලියලා බලපන්. මොකක් හරි වෙනසක් වෙයි.
    :D:D:D :love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: Killerstuffbaby

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    418
    83
    මට කෙනෙක් හම්බුනා පොර කියනවා පොර ආදරය කරන දවස් වල කෙල්ලට ලියුම දෙන්න 20km ක් බයිසිකලෙන් යාලුවත් දාගෙන යනවලු. ලියුම දෙන්න පැයක් හිටන් ඉන්නවලු පන්ති අරෙනකන්. සමහර දවස් වලට කෙල්ල පන්ති එන්නේ නෑලු. එත් පොර කියනවා මන් බැදල ඉන්නේ ඒ කෙල්ලව මල්ලි. කවදාවත් රණ්ඩු සරුවල් වෙලා නැතිලු.:love:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    liyum kiyola ate gahapu kalayakut tibba bun
    කියන්න ලෑජ්ජයි, ඒත් ඔව්.:lol: සීදේවි පත්තරයක් අහුවෙන්නෙත් සෑහෙන කලාතුරකින් නේ. ඒකත් වටේ ගිහින් කොල ඉරිලා, තෙමිලා.. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තරු අත් අකුරෙන් ලියා එවම් ඔබට පෙම්පත..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,877
    31,146
    113
    හවස පන්තියට සුවද අරං එන...
    පුංචි කිරිල්ලියෙ ඔයාට ආදරෙයිනෙ මම...

    Good old days....
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,463
    301
    83
    මට කෙනෙක් හම්බුනා පොර කියනවා පොර ආදරය කරන දවස් වල කෙල්ලට ලියුම දෙන්න 20km ක් බයිසිකලෙන් යාලුවත් දාගෙන යනවලු. ලියුම දෙන්න පැයක් හිටන් ඉන්නවලු පන්ති අරෙනකන්. සමහර දවස් වලට කෙල්ල පන්ති එන්නේ නෑලු. එත් පොර කියනවා මන් බැදල ඉන්නේ ඒ කෙල්ලව මල්ලි. කවදාවත් රණ්ඩු සරුවල් වෙලා නැතිලු.:love:

    ඒක ඇත්ත මචං පෙර පව් ඔක්කොම ගෙවල මිස,
    ඉවරකොරන්න බැහැ...!!

    2203478.gif
    ​