Brake Pad ගන්න කලින්...

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek:

    සබාවෙන් අවසරයි.... මා මෙතනට පැමිණියේ බ්‍රේක් පෑඩ් ගැන එහෙන් මෙහෙන් ටිකක් කියා ශේප් වීමටයි.

    1. බ්‍රේක් පෑඩ් කියන්නේ මොනාද කියල හඳුන්වල දෙන්න ඕනි නෑනේ.. දන්නේ නැත්තන් වහාම මේ ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න.

    2. Brake System එකක තියෙන මුලික සිද්ධාන්ත වලින් එකක් තාම "ඝර්ෂණ සංගුණකය (Coefficient of Friction)" කියන්නේ... ඒක පැහැදිලි කරන්න වෙලාව නෑ... කෙටියෙන්ම කියනවා නම් Brake Pad වල Coefficient of Friction (මෙතැන් පටන් CoF) වැඩි වෙනකොට බ්‍රේක් පෑඩ් වල කාර්යක්ෂමතාවය වැඩි වෙනවා... ගමෙහ් අනාත රතගාය තියෙන මා වැනි එවුන්ගේ භාෂාවෙන් කියනවා නම් CoF අගය වැඩි වෙනකොට Brakes Aggressive වෙනවා...

    3. ඔය කිව්ව CoF අගය බ්‍රේක් පෑඩ් එක නිෂ්පාදනයේදී පාවිච්චි කරන ද්‍රව්‍ය , එහෙමත් නැත්තන් රසායනික සංයෝග මත වෙනස් වෙනවා... ඒ වගේම වෙළඳ පොලේ මේ වෙනකොට විවිධ ද්‍රව්‍ය භාවිතා කරලා හදපු බ්‍රේක් පෑඩ් ගන්න තියෙනවා...

    4. Brake Pad හදන්න Material එකක් තොර ගනිද්දී විශේෂයෙන් බලන්න ඕනි කරුණු කීපයක් තියෙනවා...
    • උෂ්ණත්වයත් සමග CoF අගයේ වෙනස් වීම.
    • පෑඩ් ගෙවීමේ වේගය සහ ඩිස්ක්/ඩ්‍රම් ගෙවීමේ වේගය
    • ජලය නිසා CoF අගයේ වෙනස් වීම.
    • Heat Dissipation Rate (තාපය ඉවත් වෙන සීග්‍රතාවය - Break Pad සාමාන්‍ය උෂ්ණත්වයට පත් වෙන්න ගතවෙන කාලය)

    සෑහෙන කාලයක් බ්‍රේක් පෑඩ් නිෂ්පාධානයේදී භාවිතා කරේ Asbestos අමුද්‍රව්‍ය... එකට ප්‍රධාන හේතුව උනේ ඔය ඉහල තියෙන කරුණු බොහොමයක් සලකා බලනකොට අමුද්‍රව්‍ය විදියට Asbestos පාවිච්චිය කරන එක වඩාත් යෝග්‍ය උන නිසා...

    කොහොම උනත් වර්තමානය වෙනකොට Asbestos භාවිතයෙන් ඈත් වෙලා වෙනත් අමුද්‍රව්‍ය තෝරාගන්න නිෂ්පාධකයන්ට සිදු වෙලා තියෙනවා... එකට ප්‍රධානතම හේතුව තමා ලෝකේ බොහොමයක් රටවල Asbestos Break Pad භාවිතා කිරීම තහනම් කරලා තියෙන එක...
    ඇස්බැස්ටෝස් තහනම් කරන්න මුලිකම හේතුව තමා නිෂ්පාධානයේදී වගේම නඩත්තු කිරීමේදී අදාළ කාර්යයට සම්බන්ද පුද්ගලයන්ට විවිධාකාරයේ රෝගී තත්වයන් (ප්‍රධාන වශයෙන් පිළිකා) ඇති වීම...

    5. මේ වෙනකොට විවිධාකාරයේ අමුද්‍රව්‍ය භාවිතා කරලා හදල තියෙන බ්‍රේක් පෑඩ් දකින්න පුළුවන්...
    Twaron fibers, Metal Powder, Kevlar, aramid, steel wool වගේ අමුද්‍රව්‍ය සුලභව දකින්න පුළුවන්... මීට අමතරව High Performance පැත්තට ගියොත් Ceramic Compound Brake Pads/Discs දකින්න පුළුවන් Porsche, Ferrari වගේ බ්‍රෑන්ඩ් වලත් High End වාහන වල. ඒ වගේම carbon-ceramic වගේ අමුද්‍රව්‍ය මිශ්‍ර කරලා නිෂ්පාධනය කරලා තියෙන ඒවත් දකින්න පුළුවන් (eg: Mclaren P1)... මේ වගේ වාහන වල බ්‍රේක් පද්ධති බොහෝ විට Street වගේම Race Track එකකදිත් උපරිම කාර්යක්ෂමතාවයක් පෙන්නන විදියට තාම හදල තියෙන්නේ... මේ වගේ වාහනේක Brake පෑඩ් දාන්න යන වියදමෙන් සාමාන්‍ය වාහනේකට බ්‍රේක් පෑඩ් දාලා ටයර් හතරකුත් දාගන්න පුළුවන්... තව වාහනේ 3M වලින් Tint කරලා, Hid කිට් එකකුත් දාගන්න පුළුවන්... :lol: :lol: :lol:

    මෙව්වා කියලත් බෑ නොකියත් බෑ... :sorry:

    Ceramic Compound වලිනුත් එහාට ගිහින් Formula 1 වගේ කැටගරි වලට යනකොට carbon composite brake discs/pads දකින්න පුළුවන්... සාමාන්‍ය වාහනක Brake Disc පුපුරලා විනාශ වෙලා යන උෂ්ණත්වයකදී තාම මේ Carbon Composite බ්‍රේක් පද්ධති හොඳම කාර්යක්ෂමතාවයක් පෙන්නන්නේ... එතනින් එහාට මුකුත් කියන්න ඕනි නෑනේ...
    එකම අවුල තියෙන්නේ මේවා සාමාන්‍ය වාහනේකට පාවිච්චි කරන්න අමාරුයි... අමාරුයි නෙමෙයි බෑ... මොකද සාමාන්‍ය වාහනයක බ්‍රේක් පද්ධතියක් වැඩ කරන උෂ්ණත්වයන් වලදී මේ Carbon Composite පද්ධති වල බ්‍රේක් නෑ... අපේ ඒවගේ බ්‍රේක් නැති වෙන උෂ්ණත්වයට මේවා රත් උනාම තමා බ්‍රේක් වදින්නේ... :shocked: :shocked: :shocked:

    තව සමහර High Performance බ්‍රේක් පෑඩ් වල Friction Material එකයි Backing Plate එකයි අතරේ thermal barrier එකක් දකින්න පුළුවන් Ceramic හෝ Glass Wool වගේ මැටිරියල් එකකින් වියපු... ඒක තියෙන්නේ බ්‍රේක් පෑඩ් වල උෂ්ණත්වය බ්‍රේක් කලිපර් වලට හුවමාරු වෙන ප්‍රමාණය අඩු කරන්න...

    ඇති ඇති...

    ගමෙහ් අනාත කුකුල්ලු...උබලට මොන High Performance ද... :frown: :frown: :frown:
    නැත්තන් අද කියන්න ගිය එක කියන්න වෙන්නේ නෑ...

    6. ඔන්න ඔය කලින් කිව්ව වගේ විවිධ අමද්‍රව්‍ය භාවිතා කරන නිසා එක එක බ්‍රේක් පෑඩ් වල CoF අගය වෙනස්... ඕක අපිට අවුලක් නොවුනට සුද්දට හෙන අවුලක්... ඒ නිසා උන් ඕකට Standard එකක් ගෙනාවා... එකට අනුව සියලුම නිෂ්පාධකයෝ තමන්ගේ බ්‍රේක් පෑඩ් එකේ සටහන් කරන්න ඕනි අදාළ බ්‍රේක් පෑඩ් එකේ CoF අගය අයිති වෙන්නේ මොන වර්ගයටද කියල... :confused: :confused:

    මෙන්න මෙහෙමයි සුද්ද කියන්නේ...

    Screenshot_1_zpsqhqbi8ud.png


    ඒ අනුව CoF අගය 0.25-0.35 අතර බ්‍රේක් පෑඩ් අයිති E වර්ගයට... 0.35-0.45 අතර ඒවා F වර්ගයට...

    ඕක ඔහොම ඉදිරිපත් කරාට පස්සේ සුද්දට තව ප්‍රශ්නයක් ආවා....
    ඒ තමයි බ්‍රේක් පෑඩ් රත් වෙනකොට CoF අගය වෙනස් වෙනවා...ඒක කොහොමද සටහන් කරන්නේ කියල...
    ඊට පස්සේ Standard එකක් ගෙනාවා ෆැරන්හයිට් අංශක 250 ක් වෙනකල් Low Temperature range සහ ෆැරන්හයිට් අංශක 250 ඉඳන් 600 වෙනකල් High Temperature Range කියලා කියමු කියල... ඒ කරලා මුලින් ෆැරන්හයිට් අංශක 250 වෙනකල් අදාළ වර්ගයයි, 250න් පස්සේ අදාළ වර්ගයයි දෙකම අර පරණ චාට් එකේ විදියටම සටහන් කරමු කියල..

    ඒ කියන්නේ මෙහෙම...

    අපි හිතමු ෆැරන්හයිට් අංශක 250 වෙනකල් CoF අගය 0.35-0.45 (F වර්ගය) අතරේ තිබිල ෆැරන්හයිට් අංශක 250 පැන්නට පස්සේ CoF අගය 0.25-0.35 (E වර්ගය)අගයට අඩුවෙන බ්‍රේක් පෑඩ් එකක් තියෙනවා කියල... අන්න ඒ දත්ත ටික බ්‍රේක් පෑඩ් එක පිටිපස්සේ backing Steel Plate එකේ ගහනවා "FE" කියලා...

    ඒ වගේම අපි හිතමු ෆැරන්හයිට් අංශක 250 වෙනකල් CoF අගය 0.35-0.45 (F වර්ගය) අතරේ තිබිල ෆැරන්හයිට් අංශක 250 පැන්නට පස්සේත් CoF අගය 0.35-0.45 (F වර්ගය) නම් ඒක සටහන් කරනවා "FF" කියලා...

    තේරුනාද ළමයි... :cool: :cool:

    මේ තියෙන්නේ 141, Yaris වලට එන බ්‍රේක් පෑඩ් එක... අදාළ CoF අගයන් "FF" කියල ගහල තියෙනවා දැක්කද මන්ද (PA5XXH-FF) ....
    8122885_74b4b134-3a12-47c1-bdd6-d95cd762fd16_zpsqj6hgnmu.jpg


    මේ තියෙන්නේ Toyota Land Cruiser J200 Brake Pad එකක්... ඒකෙ ගහල තියෙනවා "FG" කියලා...දැක්කද මන්ද (PA5XXH-FG) .... මේක පොඩ්ඩක් විශේෂයි වගේ නෙහ්... ඔව් ඔව්... මේක Special Synthetic Material එකක් වෙන්න පුළුවන්... උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 250න් පස්සේ බ්‍රේක් පෑඩ් වල CoF අගය වැඩි වෙලා G වර්ගයට අයිති වෙනවා... මෙහෙම කරන්න හේතුවක් තියෙනවා... High Speed Drive කරන්න පුළුවන් කාලය, දුර වැඩි කරන්න තමා එහෙම හදල තියෙන්නේ... J200 එකක් ගන්නේ හෙමින් යන්න නෙමෙයි නේ... :lol: :lol: :lol:
    Brake-Pad-for-Land-Cruiser-UZJ200-04465-60280_zpsios0yw3h.jpg


    ඔය 141 පෑඩ් එකේ CoF අගයට කලින් තියෙන PA563H එකෙන් කිය වෙන්නේ මෙහෙම දෙයක්...
    PA - Brake Pad නිෂ්පධකයාගේ කේතය
    563H - අදාළ බ්‍රේක් පෑඩ් එක නිෂ්පාදනය කරන්න ගත්තු අමුද්‍රව්‍ය වර්ගය

    ඕක එතරන්ම අදාළ නෑ ඉතින්...

    7. දැන් මේක දැන ගත්තා කියල මොකක්ද තියෙන වාසිය...

    ඊලඟ පාර Genuine නැතුව බ්‍රේක් පෑඩ් දානවා නම් බලලා දාපල්ලා...

    ඔය FE පෑඩ් තියෙන උන් මතක තිය ගනිල්ලා දෙපාරක්, 3 පාරක් Hard Brake පාරක් ගැහුවට පස්සේ ඊළඟ පාර බ්‍රේක් පාර කලින් වගේ සැරට වදින්නේ නෑ කියලා...

    FF පෑඩ් තියෙන උන් මතක තිය ගනිල්ලා 7,8 පාරක් Hard Brake කරාට වෙනසක් නොවුනට ඊළඟ සැරේ ගහනකොට බ්‍රේක් නැත්තටම නැති වෙන්න පුළුවන් කියලා...

    FG වගේ පෑඩ් තියෙන උන් මතක තිය ගන්න ඕනි කීප සැරයක් Hard Brake කරලා ඊළඟ පාර බ්‍රේක් ගහන කොට බ්‍රේක් පාර ටිකක් සැරට වදිනවා කියලා... Brakes Aggressive වෙනවා... කලින් සැරේ සීට් බෙල්ට් එකෙන් එල්ලිලා හිටපු උන්ට අහල පහල තියෙන ඒවා අල්ලාගෙන විසි වෙන්නනේ නැතුව ඉන්න ලෑස්ති වෙන්න කියන්න ඕනි...
    ABS නැති එහෙමත් නැත්තන් ABS Deactivate කරලා තියෙන වාහනේකට මේ වගේ පෑඩ් දාලා තියෙනවා නම් පරෙස්සන් වෙන්න ඕනි Hard Braking වලදී Wheel Lockup වෙන්න පුළුවන් උෂ්ණත්වය වැඩි වෙනකොට...

    ජපන්/යුරෝප් High End බයික් පදින උන් විශේෂයෙන් මතක තිය ගන්න ඕනි සාමාන්‍යයෙන් ඉස්සරහට පාවිච්චි කරන්නේ HH වර්ගයේ බ්‍රේක් පෑඩ්... අතින් බ්‍රේක් කරන නිසා බ්‍රේක් කන්ට්‍රෝල් කර ගන්න ලේසි... පිටිපස්සට දන්නේ සාමාන්‍යයෙන් GG වර්ගයේ ඒවා... Riding Boot දාල වගේ පදිනකොට Brake Pedal එක දැනෙන ප්‍රමානය අඩු නිසයි එහෙම කරන්නේ...HH දැම්මොත් පස්ස බ්‍රේක් කරන කොට Wheel Lockup වෙන්න පුළුවන්... ඒත් ඒක එක එක්කෙනාගේ Riding Style එකත් එක්ක වෙනස් වෙනවා...

    මටත් මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ බයික් දෙකට පෑඩ් හොයල අන්තිමට Ebay දාන්න උන නිසා... :frown: :frown: :frown:

    ආ... අමතක උනා... තව ටිකකින් කුලප්පු වෙලා තප්පුලනන එපා අපේ වාහන වල පෑඩ් වල එහෙම ගහල නෑ කියලා... මං මේ කිව්වේ UK/USA DOT Standard එක... මීට අමතරව තව එක එක Standard තියෙනවා... ඉතින් එක එක නිෂ්පාධකයා අනුගමනය කරන Standard එක වෙනස් වෙන්න පුළුවන්... ජපන් ඒවාට නම් මේක හරියටම හරි... Brembo, Endless වගේ brand වල ක්‍රමේ සම්පුර්නෙන්ම වෙනස්...


    මගේ කතාව අවසානයි.
    අසා සිටි ඔබ සැමට ස්තූතියි.

    මීට,
    4 Ever හොන්ඩා අනාතයා...

    Mr. Soichiro Honda . . . . ඇයි ඔයා මට මෙහෙම කරේ....

    20161224_131343_Fotor%20Small_Fotor_Collage_zpsjyp4x3qp.jpg





     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    FG වෙන්න බෑ... EF වෙන්න පුළුවන්... FG තියෙන්නේ ටිකක් ලක්ෂරි ටයිප් වාහන වල...

    Luxury type nam newe.. FG da FE da mokadda manda.. eka digata use karapuhama brk wedi wage denanawa.. :nerd:

    uben honda car ekak ganna message denma no reply ne.. antimata sylphy ekakin newatune.. hnda hoda ewa hoyaganna beri una.. hoyana ganata
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,374
    19,497
    113
    Colombo
    මෙන්න ආපහු ඇවිත්
    පට්ට ත්‍රෙඩ එක ආපහු නිවි හැනහිල්ලෙ කියවන්න ඕනෙ

    You must spread some Reputation around before giving it to mahesh1297 again.


    Edited
    මට ඕන උනා මගෙ කාර් එකේ (Honda Civic FD4) CoF එක හොයාගන්න, ටික කාලෙකට කලින් අයින්කරපු බ්‍රේක් පෑඩ් මම පරිස්මට අරන්තියලා තිබුනේ, අරගෙන හෝදලා බැලුවා මොකද්ද තියෙන්නෙ කියලා FF
    (වයිෆ් අහනවා මොන මගුලකටද ඔය අයින් කරපු කෑලි ඔච්චර පරිස්මට අරන් තියන්නෙ කියලා, ඕවා කියලා තේරුම් කරන්න පුලුවන් දේවල් නෙමේනෙ)
    picture.php
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :) මෙන්න බොලේ මහේෂ් මලයා...
    එල මල්ලි ත්‍රෙඩ් එක සෑහෙන්න වටිනවා +22
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    ඇයි බං ඉන්දියන් බයික් වල brake නැ කියල හැම එකාම කියන්නේ?
    ඔය brake pad , grade වල අඩුම එකද ඒවට එන්නේ නැත්නම් disc, caliper වල අව්ලක්ද?
    rep++++++