දැන් ඉතින් මෙතනට චීත්තයක් බලාපොරොත්තුවෙන් ආපු උන් ඉන්නවා නම් වහාම ටැබ් එක ක්ලෝස් කරපල්ලා.. ලබන මාසේ යැපෙන්න තියෙන රෙප් ටික එහෙම කපන්න එපා...

දිනෙන් දින පාප මිත්‍රයන්ගෙන් එල්ල වෙන මරණ තර්ජන හමුවේ පණ බේරා ගැනීම සඳහා තමයි මේ නූල දාන්නේ...
දැන් මේ කියන්න යන්නේ වාහන පිස්සොන්ගේ හිත ගත්තු චූටි සුරතලී ගැන..
Toyota Starlet GT Turbo
Starlet පරම්පරාවේ ආරම්භය 1970 ගණන් වල උනත් අපේ රටේ ගොඩක්ම ජනප්‍රිය උනේ 84-89 කාලේ ආපු EP70 පරම්පරාවත්, 89-95 කාලේ ආපු EP80 පරම්පරාව සහ අවසන් වශයෙන් 96-99 කාලයේ Glanza නමින් ආපු පරම්පරාවල් තුන..
Starlet කියන්නේ Subcompact වර්ගයට අයිති වෙන Hatchback වර්ගයේ වාහනයක්.. EP70,EO80,EP90 හැම මාදිලියකම දොර 4 වගේම දොර 2 මාදිලි දකින්න පුළුවන්...
මේ කාල සීමාව ඇතුලත Subcompact වර්ගයේ මෝටර් රථ අතර Starlet නම ඉහලින්ම පවත්වා ගන්න Toyota සමාගම සමත් උනා..
ඒකට ප්‍රධානතම හේතු උනේ ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවය, කාණ්ඩයේ අනෙක් වාහන වලට සාපේක්ෂව ඇතුලත වැඩි ඉඩකඩක් තිබීම, කල්පැවැත්ම වගේ හේතු..
කෙසේ වෙතත් මේ කාලසීමාව ඇතුලත Renault 5, Mini Cooper, VW Polo වගේ Subcompact ගණයට අයිති නමුත් Performance වැඩි වාහන වලටත් ලොකු ඉල්ලුමක් තියෙන බව Toyota සමාගම අදුරගත්තා.. ඒ අනුව ඔවුන් තීරණය කළා Starlet නාමය යටතේම Performance වැඩි වාහනයක් එලි දක්වන්න..
ඒ අනුව EP70 Series එකෙන් Turbo R සහ Turbo S සංස්කරණත්, EP80 Series එකෙන් Starlet GT Turbo සංස්කරණයත්, EP90 Series එකෙන් Glanza V සංස්කරණයත් එළිදැක්වූවා..
අද මෙතන අපි කතා කරන්න යන්නේ EP80 වර්ගයේ Starlet GT Turbo මාදිලිය ගැන.. බොහෝදෙනා EP82 කිව්ව ගමන් මේ වාහනේ අදුරනව...
EP82 මාදිලිය Starlet පරම්පරාවේ 4 වෙනි පරම්පරාවට අයිති වාහනයක්..
කලින් EP70 මාදිලියට භාවිතා කරපු Single Cam 2E පෙට්‍රෝල් එන්ජින් වෙනුවට මේ EP80 මාදිලි වලට යොදා ගත්තේ Dual Cam 4E මාදිලියට අයත් පෙට්‍රෝල් එන්ජින්.. EP70 සහ EP80 මාදිලි අතර දකින්න ලැබෙන ලොකුම වෙනස්කම් වලින් එකක් මේ එන්ජින් වල වෙනස.. මීට අමතරව EP70 පරම්පරාවේ නොතිබුණු Diesel මාදිලියකුත් EP80 පරම්පරාවට එකතු වෙනවා..
කලින් කිව්වා වගේ අද කතා කරන්න යන්නේ EP82 එහෙමත් නැත්තන් GT Turbo මාදිලිය ගැන..
එහෙමත් නැත්තන් EP80 Series එකේ High Performance මාදිලිය ගැන..
ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව අතර ජනප්‍රියම වාහනයක් තමා Starlet GT කියන්නේ... මේකට ප්‍රධානතම හේතු විදියට
1. නඩත්තු කිරීමේ පහසුව (Compared to other High Performance Vehicles in same Category)
2. සුලභතාවය
3. සාමාන්‍ය භාවිතයේදී ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවය
4. අමතර කොටස් වල සුලභතාවය
5. නවීකරණය කිරීමේ හැකියාව (Tunability, Aftermarket Spares Availability)
6. දිනපතා භාවිතයට සුදුසු වීම.
වගේ හේතු දක්වන්න පුළුවන්...
ඒ වගේම Turbo උන්මාදයෙන් පෙලෙන බොහෝ තරුණයන්ගේ (තරුණියෝ ඉන්නවද??) පළමු වාහනය වෙන්නෙත් Starlet GT වාහනය..
කලින් කිව්වා වගේ මේ EP80 මාදිලි සඳහා භාවිතා කරේ 4E වර්ගයේ එන්ජින්...
Toyota E පරම්පරාවේ එන්ජින් අතර 4E වර්ගයේ එන්ජින් වලට විශේෂ ස්ථානයක් හිමි වෙනවා...Toyota E Engine පරම්පරාවේ පළමු DOHC, එහෙමත් නැත්තන් Dual Cam එන්ජිම තමා 4E එන්ජිම...
Carburetted (4E-F), EFI (4E-FE) සහ Turbocharged (4E-FTE) කියන වර්ග තුනකින් අපිට 4E වර්ගයේ එන්ජින් දකින්න පුළුවන්.
Carburetted සහ EFI මාදිලි අතර ඉන්ධන පද්ධතියේ වෙනස්කම් හැරුණු විට එන්ජින් වල සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් දකින්න නැහැ.
කෙසේ වෙතත් EFI මාදිලිය සහ Turbocharged මාදිලිය අතර සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් කීපයක් දකින්න පුළුවන්...
අපි මේ කතා කරන Starlet GT මාදිලිය සඳහා පාවිච්චි කරන්නේ 4E වර්ගයේ Turbocharged එන්ජින් එක..
4E-FE (EFI) සහ 4E-FTE (Turbo) අතර වෙනස්කම්
1. Compression Ratio - 9.6:1 (4E-FE) vs 8.5:1 (4E-FTE)
මේකට හේතුව අපි කලින් කතා කරලා තියෙනවා වගේ මතකයි... සාමාන්‍යයෙන් Turbo හෝ Supercharged එන්ජිමක සම්පීඩන අනුපාතය, turbo/supercharger රහිත වාහනයකට වඩා අඩුයි..
2. Stronger Connecting Rods in 4E-FTE
Turbo/Supercharged එන්ජිමක දහනයේදී විශාල පීඩනයක් ඇති වෙනවා..ඒ පීඩනයට ඔරොත්තු දෙන්න ශක්තිමත් Connecting Rods අවශ්‍යයි.
3. Low Compression Pistons
පළමු කරුණ හා සම්බන්දයි.
4. Different Crank Pulley - Harmonic Damper Pulley (4E-FTE) vs Solid Pulley (4E-FE)
මේක පස්සේ දවසක පැහැදිලි කරන්නම්... Metal Fatigue, Crankshaft Torsional Vibration, Crankshaft Resonances වගේ ඔලුව කුරුවල් වෙන අදාළ නැති මානසිකව වැටෙන මාතෘකා අඩංගු කෙහෙල්මලක් තාම ඕක... කෙටියෙන් කියනවා නම් Normal Starlet එකේ Crank Pulley එක කවදාවත්ම දාන්න එපා GT එකකට... GT එකක Pulley එකක් Normal Starlet එකකට දාන එකේ තේරුමක් නෑ...අමතර වියදමක් විතරයි...
5. Different Crankshaft - Stronger Crank on 4E-FTE
කලින් කිව්ව Connecting Rod කතන්දරේම තමා මෙතනත්...
6. Different Head Gasket
Compression Ratio එක අඩු කිරීමේ තවත් එක පියවරක්..
මීට අමතරව Oil Filter එක සවි වෙන ස්ථානයේත් වෙනස් කමක් දකින්න පුළුවන් එන්ජින් දෙක අතර...
4E-FTE එන්ජිම සඳහා භාවිතා කරන්නේ Toyota සමගම විසින්ම නිෂ්පාධනය කරන CT9A වර්ගයේ Turbocharger එකක්..
අහන්න කලින් කියන්නේ... 4E-FE එක Turbo කරනවට වඩා ලේසි 4E-FTE එකක් ගෙඩිය පිටින් අරන් තියන එක... ඒ වගේම ඔය Cynos, Sera, Tercel එහෙම පදින ඇයොන්ටත් පුළුවන් ඕනි නම් 4E-FTE එකක් තියන්න.. (average price range for 4E-FTE engine with Wire harness+ECU+G/B is around Rs 200,000 to Rs 250,000 depending on the condition)

"Turbo නැති එන්ජිමක් Turbo කරන්න යන්න එපා තමන් කරන දේ ගැන 100% දන්නේ නැත්තන්"

හරි ... ඒ වගේම තමා Normal Starlet එක සහ GT එක අතර භාවිතා කරන Gearbox අතරත් වෙනසක් තියෙනවා...
Normal Starlet = Toyota C150 (5 Speed), Toyota C140 (4 Speed)
GT Turbo = Toyota C52 (5 Speed), Toyota C153 (5 Speed with LSD)
හ්ම්... Technical පැත්ත ඇති... දැන් යමු GT එක ගැන කතා කරන්න...
GT එකට පාවිච්චි කරන්නේ 4E-FTE එන්ජින් එක කියල කිව්වනේ... 4E-FTE එන්ජින් එක පාවිච්චි කරන එකම වාහන වෙන්නෙත් Starlet series එකේ EP82 GT සහ EP91 Glanza V වාහන දෙක...
4E-FTE එන්ජිමේ කෙටි විස්තරයක් කිව්වොත්,
Cylinder capacity : 1300cc (1331cc, සාමාන්‍යයෙන් සිලින්ඩර ධාරිතාවය ආසන්න සියයට වටයලා තමයි සඳහන් කරන්නේ)
No of Cylinders : 4
No of valves per Cylinder : 4 (2 intakes, 2 exhausts)
Max Power : 133Hp @ 6400RPM
Max Torque : 157Nm @ 4800RPM
Compression Ratio : 8.5:1
Maximum Recommended Boost : ~9psi (~0.65 Bar)
අද කාලේ හැටියට 133hp පොඩි ගානක් වගේ පෙනුනට 890KG වාහනේකට 133HP කියන්නේ දැනෙන ප්‍රමානයක්... Power to Weight ratio එක හදල බලන්නකෝ...
ඒ වගේම 4E-FTE එන්ජිම ඇතුලත කොටස්මේ මාරු කිරීමකින් තොරව 133hp සීමාවෙන් එහාට ගිහින් 250hp වගේ සීමාවක් දක්වා ගිය අවස්ථා දකින්න ලැබෙනවා.. ඒ වගේම කලාතුරකින් 300HP ආසන්නයේ කිසිම කරදරයකින් තොරව භාවිතා කරන අවස්ථාත් දකින්න ලැබෙනවා.. ඒ ගැන පස්සේ කතා කරමු...
Starlet GT එකේ ප්‍රධාන වශයෙන් Version 3ක් දකින්න පුළුවන් ලංකාවේ..
1989-1991 - EP82 MK1
1992-1994 - EP82 MK2
1994-1995 - EP82 MK3
1989-1991 - EP82 MK1
මේක තමා මුලින්ම ආපු GT එක...
Standard Options
1. Power assisted steering
2. Electric door mirrors
3. Airconditioning
4. Split rear folding seats
Optional Features
1.Electric Sunroof
2.Limited Slip Diff equipped gearbox
3.Climatronic Airconditioning
4.Recaro sports interior
5.TEMS Suspension
6.Remote central locking
Optional Features ලිස්ට් එක දාන්න පුළුවන් පිටුවක් පිරෙන්න...ඔය ඇති...
1992-1994 - EP82 MK2
මේ තමා දෙවෙනි Version එක...
MK1 මාදිලියෙන් කැපී පෙනෙන වෙනස්කම් විදියට පහත දේවල් දක්වන්න පුළුවන්..
1. Different front bumper
2. Different front grille and GT badge
3. Different interior fabrics and materials
4. Different steering wheel
5. Different instrument cluster
6. Different tail lamps
මීට අමතර Dec 1992 – Feb 1993 කාලසීමාව අතර GT-Limited නමින් තවත් සංස්කරනයක් එළිදැක් වුවා... කෙසේ වෙතත් ඉතාමත් සීමිත සංඛ්‍යාවක් තමා නිෂ්පාදනය කරේ... Two-tone Paint එක තමා GT-Limited එකක් අදුරගන්න පුළුවන් පහසුම ක්‍රමය...
1994-1995 - EP82 MK3
මේ තමා Starlet GT EP82 පරම්පරාවේ අවසන් සංස්කරණය... Starlet කිව්වම මතක් වෙන රවුම් Headlight හතර කරලියට එන්නේ මේ සංස්කරණයත් එක්ක...
MK2 සංස්කරණයට සාපේක්ෂව දකින්න පුළුවන් වෙනස්කම්
1. Quad Round headlamps
2. Different Indicator Lamps
3. Different grille
MK3 සංස්කරනයේත් GT-Advance නමින් Dec 1994 – March 1995 කාල සීමාව තුල නිෂ්පාධනය කෙරුණු සීමිත මාදිලියක් දකින්න පුළුවන්... MK2 මාදිලියේ GT-Limited රථයේ වගේම Two-tone Paint එකක් හැකිය හැකි අතර අමතරව Momo වර්ගයේ Steering Wheel එකක් හා Gear Knob එකක්ද දැකිය හැක.
අම්මේ...ඔය ඇති... දැන් යමු කරන්න පුළුවන් Performance modifications පැත්තට...

Starlet GT එකට කරන ප්‍රධානම Performance Modifications විදියට Turbo Upgrade, Front Mount Intercooler, Piggyback ECU වගේ දේවල් දක්වන්න පුළුවන්...
සරල තැනින් පටන් ගමු...
මුලිකවම කරන්න පුළුවන් පහසු Modifications කීපයක් තියෙනවා...
1. Down Pipe
2. Spark Plugs and High Tension Leads
3. High Performance Air Filter
4. Boost Controller
5. Fuel Cut Defender - සාමාන්‍යයෙන් Turbo Boost එක 12.5psi (0.85bar) වලට වඩ වැඩිවෙනකොට ECU මගින් එන්ජිමට ලබාදෙන ඉන්ධන කපාහරිනවා... Boost Controller එකක් භාවිතයෙන් අපි Stock අගයට වඩා Boost එක වැඩි කරත් Fuel Cut වෙන හේතුව නිසා එයින් වැඩක් නැති වෙනවා...මේ Modification එක මගින් කරන්නේ අන්න ඒ විදියට Fuel Cut Off වෙන එක නවත්වන එක...
හරි... ඔතනින් සෑහීමකට පත් නොවෙන අනාතයොත් ඉන්නවනේ... අන්න ඒ අයට පුළුවන් තව පියවරක් ඉස්සරහට ගිහින් තවත් ගානක් කූඩු කරගෙන මේ වගේ Modifications කරන්න...
1.Front Mount Intercooler - GT වේවා, Glanza වේවා දෙකම Top Mounted Intercooler එකක් එක්ක තමා එන්නේ...
Front Mount Intercooler එකක් මගින් වැඩි කාර්යක්ෂමතාවයකින් යුතුව Intake Air එක සිසිල් කරන්න පුළුවන්...
2. Full Exhaust System (2~2.5 inch)
3. Larger Throttle Body
4. Turbo Headers
දැන් ඉතින් ඔන්න ටික දවසක් යනකොට ඕකත් මදි වගේ වෙනවා...එතකොට ඉතින් ලොකු ගානක් කූඩු කරගෙන කරන්න පුළුවන් තවත් modifications තියෙනවා..
1. Cam Shafts and Gears
2. Piggyback ECU - මේ ගැන කලින් කොහේ හරි අපි කතා කරා...
3. Turbo Upgrade
Turbo Upgrade
කලින් මම කිව්වා වගේ 4E-FTE එන්ජින් එකට ලොකු Range එකක පවර් එකක් Handle කිරීමේ හැකියාව තියෙනවා නිවැරදිව මොඩිෆිකේෂන් එක කරොත්...
පෙර සඳහන් කළා වගේ Original Turbo එක විදියට එන්නේ CT9 කියන ටර්බෝ එක..
CT9 Turbo එක ඉවත් කරලා ඒ වෙනුවට භාවිතා කළහැකි තව Turbo ගණනාවක් තියෙනවා...
TD04 - Most Famous
CT9 Hybrid
CT12
CT20
TD05
VF28
VF35
T25G
ලිස්ට් එක තව දිගයි... වැදගත්ම දේ පාවිච්චි කරන Turbo එකට අනුව Car එක හරියට Tune කරන එක... අනික් දේ තමා Stock Internals වලට දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා කියන එක... කොහොම උනත් Turbo Upgrade එකකට යනවා නම් අනිවාර්යයෙන්ම ගැලපෙන Turbo Headers (Exhaust Manifold) පාවිච්චි කරන්න ඕනි..ඒ වගේම Boost Controllers, Piggyback ECU වගේ දේවල් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා... ඒ වගේම මෙතනට යනවා කියන්නේ සැලකියයුතු මුදල් ප්‍රමාණයක් විසිකරන්න ඕනි.. විශේෂයෙන් Boost Controllers වගේ දේවල් Recondition තත්වයෙන් මිලදී ගන්නවා නම් 100% ක් විශ්වාසනීය කෙනෙක්ගෙන් පමණක් මිලදී ගන්න.. හොඳමදේ නම් Brand New එකක් ගන්න එක (My idea).. ඒ වගේම ගැලපෙන Clutch Plate, Pressure Plate භාවිතා කරන්න වෙනවා..
අනික් වැදගත්ම දේ තමයි මෙතනට එනකොට වාහනේ Handling ගැනත් අනිවාර්යයෙන් හිතන්න ඕනි... Coil Overs, High-Performance grade Brake Pads (atleast), Braided Brake Lines, Dot 4 Brake Fluid (5.1 if Possible), Front and Rear Strut Braces, anti-sway bars, Tires වගේ දේවල් ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න වෙනවා... නැත්තන් අන්තිමට කියන්න වෙන්නේ..
""SPEED THRILLS, BUT KILLS"" කියලා
ඉවරද????

තාම නෑ ... Horsepower අසහනයෙන් පෙලෙන උන්ට කරන්න තව දේවල් තියෙනවා...
1. Cylinder Capacity Change (1500cc using 5E-FE Engine Block+Pistons+ETC)
2. High Capacity Fuel Injectors
3. High Performance Fuel Pump
4. Stand Alone ECU
5. Forged Pistons, Connecting Rods
6. High Performance Engine Bearings, Head Bolts
7. LSD Gearbox
අපි කතා කරන්නේ ++300hp රේන්ජ් එක ගැන...
මේ රේන්ජ් එකට එනකොට Brake Upgrades (High Performance Brake Disks, Calipers and Pads) අනිවාර්යයි..
මොකද අපි මේ ඔක්කොම කරන්නේ 890KG FWD කාර් එකකට... +300Hp in a 890Kg Car . ... වාහනේ FWD කියන එක අමතක කරන්නත් එපා... Torque steering වගේ Handling නැත්තටම නැති කරන සංසිද්ධි බලපානවා FWD වාහනවලට තදින්ම...
අන්න ඒ නිසා තමයි මෙතෙක් බිහි උණු සාර්ථක උන Hot Hatch සියල්ලම 350hp වලට වඩා අඩු... ඒක වෙනම කතාවක්... ඒ ගැන පස්සේ දවසක කතා කරමු...
ඉවරද?????
ඔව් ඔව්... මෙතනින් ඉවරයි....
මට වඩා Starlet GT ගැන දන්නා අය මේකේ ඇති.. අන්න එයාලා මේකේ තියෙන වැරදි නිවැරදි කරන්න..
දැන් අහන්නත් එපා, කියන්නත් එපා ඇයි හොන්ඩා අනාතයා Toyota ගැන කියවන්නේ කියලා... මරණීය තර්ජන වලින් බේරෙන්න තමා මේක දැම්මේ...නැත්තන් මැරුවත් අපි HONDA !!!
ෆොටෝ අඩු කරලා අවශ්‍යම ටික දැම්මේ... නැත්තන් මේක තව දිග වෙනවා.. ෆොටෝ වැඩි කරොත් කියන දේවල් අඩු කරන්න වෙනවා...
ඊළඟට අහන්න එපා ඔය කිව්ව Modification වලට කොච්චර වියදම් යනවද කියලා... මං දන්නේ නෑ..

අපි යනෝ එහෙනම් . . .

මේ රේන්ජ් එකට එනකොට Brake Upgrades (High Performance Brake Disks, Calipers and Pads) අනිවාර්යයි.. මොකද අපි මේ ඔක්කොම කරන්නේ 890KG FWD කාර් එකකට... +300Hp in a 890Kg Car . ... වාහනේ FWD කියන එක අමතක කරන්නත් එපා... Torque steering වගේ Handling නැත්තටම නැති කරන සංසිද්ධි බලපානවා FWD වාහනවලට තදින්ම...
අන්න ඒ නිසා තමයි මෙතෙක් බිහි උණු සාර්ථක උන Hot Hatch සියල්ලම 350hp වලට වඩා අඩු... ඒක වෙනම කතාවක්... ඒ ගැන පස්සේ දවසක කතා කරමු...
ඉවරද?????
ඔව් ඔව්... මෙතනින් ඉවරයි....
මට වඩා Starlet GT ගැන දන්නා අය මේකේ ඇති.. අන්න එයාලා මේකේ තියෙන වැරදි නිවැරදි කරන්න..
දැන් අහන්නත් එපා, කියන්නත් එපා ඇයි හොන්ඩා අනාතයා Toyota ගැන කියවන්නේ කියලා... මරණීය තර්ජන වලින් බේරෙන්න තමා මේක දැම්මේ...නැත්තන් මැරුවත් අපි HONDA !!!
ෆොටෝ අඩු කරලා අවශ්‍යම ටික දැම්මේ... නැත්තන් මේක තව දිග වෙනවා.. ෆොටෝ වැඩි කරොත් කියන දේවල් අඩු කරන්න වෙනවා...
ඊළඟට අහන්න එපා ඔය කිව්ව Modification වලට කොච්චර වියදම් යනවද කියලා... මං දන්නේ නෑ..

අපි යනෝ එහෙනම් . . .
Happy Drag Racing/Street Racing/Circuit Racing/Drifting/Rallying/Offroading/Motorcrossing/Stunting Weekend ! ! !
Last edited: