100$ puluwanda wade patan ganna
පුළුවන්. එත් එක පාරම ඇත්තටම සල්ලි දාල වැඩේ පටන් ගන්න එපා. මුලින්ම demo account එකක් හදාගෙන කියලා දෙන දේවල් practice කරමු. පස්සේ ඇත්තටම trade කරන විදිය ගැන බලමු

100$ puluwanda wade patan ganna

Machan mamath forex gena lokuwata dan ne.denata free signal dena site ekakin signal aran trade karanawa.unge free signal aththatama hodai.profit gaththa mama.mama capital eka safe thiyan trade karanawa.kisima awlak ne.uni kenek ennawanam join wenna.join una kiyala mata kisima paduwak or labayak ne.kiyak hari hoyaganna kenekuta hcance ekak.oni deyak thiyenam admingen ahanna.Telegram app eka use karala join wenna.onna link eka
https://telegram.me/ForexImpulse
. ඇත්තටම වෙන job කරන forex කරන්න වෙලාවක් නැති අයට හොදයි ඒ ක්‍රමේ. ඇත්තටම මේ thread එකේ අරමුණ වෙන දෙයක්. ඒ කියන්නේ, ඇත්තටම market එක කොහොමද වැඩ කරන්නේ කියල ඉගන ගන්න එක. සහ ඒ අනුව trade කරන එක.Indicators තිබ්බ පලියට trade කරන්න බෑ. market එක ගැන ඉව ටිඅකුත් ඕන. නැත්නම් අද ඉගෙනගෙන හෙට ඉඳන් හම්බ කරන්න පුළුවන්නේ ඕකෙන්. indicators පස්සේ යන්න එපා. strategy එකක් ට්‍රය් කරනවානම් price action මත පදනම් උන එකක් හොයාගෙන ට්‍රය් කරන්න. මමනම් forex නෙවෙයි, Binary Options කරන්නේ. Forex කරන එක risk අඩුයි BO වලට වඩා. එත් ලොකු capital එකක් ඕන ටිකක්.

Hotfoex broker hodai da?
mekata podi uththarayak denna..
is there a reason a person who is studying hard about the market, educating himself about the market, and been doing demo trading for some time with a good trading system should follow someone else's signals??
Why would anyone do that?, if one is doing great in forex trading himself alone, he doesn't need signals of anyone else.

. 1. ORDER FLOW
හරි අපි පටන් ගමු. MT4 platform එකේ market watch window එකට ගියාම අපිට පෙන්න තියෙනවා එක එක symbols ( අපි මේවට කියන්නේ currency pairs කියල) ඒවත් එක්ක තියෙනවා තව price වර්ග දෙකක්. ඒ කියන්නේ අපේ broker අපිට ඒ currency pair එක විකුණන ගානයි, අපෙන් currency pair එක ගන්න ගානයි. අපි මේකට කියනවා ask price සහ bid price කියල) askකියන්නේ අපිට broker currency දෙන අඩුම rate එක, bid කියන්නේ අපි broker ට currency විකුණන වැඩිම rate එක ඒ මොහොතේ. ask එක හැම වෙලාවේම bid එකට වඩා වැඩියි. example එකක් විදියට අපි GBP/USD currency pair එක ගනිමු. මේ currency pair එකට අදාළ එක එක price වලට ගන්න කැමති අය ඉන්නවා විකුනන්න කැමති අය ඉන්නවා.ඒ හැමෝගෙම orders ටික එකතු වෙලා තමයි මේ order flow එක හැදෙන්නේ.
තව පැහැදිලිව කිව්වොත්, order වර්ග දෙකක් තියෙනවනේ. market orders සහ limit orders (මේවා මොනවද දන්නේ නැත්නම් ඉතින් ඉගන ගන්න වෙනවා) කියල. අපි උදාහරණයකට ගමු මනුස්සයෙක් lot 5ක (500,000 units) market buy order එකක් දානවා GBP/USD වලට. ඒ කියන්නේ එයා GBP lot 5ක් ගන්නවා තමන් ලග තියෙන USD දීල. දැන් ඇත්තටම මෙයා මේ order එක දෙන්නේ broker ට. broker ගෙන් එච්චර ලොකු (5lot) order එකක් buy කරන්න නම් broker ලග විකුනන්න 5 lot sell orders තියෙන්න ඕන. නැත්නම් කොහොමද ඒ මනුස්සයා GBP/USD buy order එකක් දාන්නේ brokerට. මිනිස්සු market එකේ හැම price එකටම limit orders දානවා. සමහරු sell orders තව සමහරු buy orders. (කොහොමත් එක කට්ටියක් තමයි ලාභ ලබන්නේ, buy කරන අය හරි sell කරන අය හරි දෙගොල්ලොම නෙවෙයි. එක තේරෙයි මේ ලිපිය කියවල ඉවර වෙලා තේරුම් ගත්තම). දැන් මෙයා order එක දැම්මේ market order එකක් විදියට නිසා එයාට GBP ටික හම්බ වෙන්නේ දැන් තියෙන rate එකට (current rate එකට). ඒ කියන්නේ 1.3010 ට. හැබැයි ඇත්තටම market එකේ 1.3010 price එකට තියෙන sell orders ගැන lot 2යි. ඒ කියන්නේ 200,000 units. දැන් ඇත්තටම අර මනුස්සයාගේ lot 5ක buy orders සපුරන්න තරම් sell orders, broker ලග නැ 1.3010 price එකටම. දැන් ඉතින් මොකද වෙන්නේ? demand එක වැඩියි. broker ට වෙනවා ඊලගට තියෙන අඩුම rate එකට lot 3ක් හොයල දෙන්න. ඒ කියන්නේ ඊලගට තියෙන අඩුම price එක "1.3020" orders සෙට් එකෙන් lot 3ක් දෙන්න වෙනවා. buy orders වලට බලන්නේ ask price එක. පහල තියෙන්නේ මම කියපු example එකට අදාළ image එක.
![]()
ඇත්තටම මෙතන දැන් මොකද උනේ? එක මනුස්සයෙක් market buy order එකක් දැම්මම, ඒ price එකෙන්ම තියෙන sell orders ටික consume කරගෙන අඩු/මදි ටික ඊට උඩ price එකක තියෙන sell orders වලින් cover කරගත්ත. ඒ කියන්නේ ඇත්තටම GBP/USD pair එකේ price එක ඉහල ගිහින්. මේකෙන් තේරුම් ගන්න ඕන දේ තමයි. market එකේ price එක ඉහල පහල යන එක තීරණය කරන්නේ ඒ වෙලාවේ market එකට එන market orders වලින්.
එතකොට limit order වලින් මොකද වෙන්නේ? limit order කියන්නේ ඇත්තටම price එක තමන් වෙත එනකන් ඉදලා trigger වෙන order වර්ගයක්. ඉහත example එකම ගමුකො. එකේ current price එක නොවන price මට්ටම් වල තියෙන්නේ limit orders. example එකේ විදියට lot 5ක් ගනිද්දී මදි උන lot 3 දුන්නේ sell limit order වලින්. හොදට මතක තියාගන්න ඕන දේ තමයි. අපි දාන stoploss කියන එකයි take profit කියන එකයි දෙකම limit orders. හිතල බලන්න එතකොටබිලියන් ගණන් trade කරනකොට stoploss, take profit දැම්මම කොච්චර limit orders ගොඩක් තියෙනවද market එකේ. අනික තව දෙයක් කල්පනා කරලා බලන්න. price එකේ 0.00001 ක් වෙනස් කරන්න කොච්චාර orders ගොඩක් consume වෙන්න ඕනද? ඕවා retailers ලා තියා brokers ලවත් දන්නේ නැත.
Homework : ඔය විදියටම මනුස්සයෙක් sell market orders lot 5ක් දැම්මොත් කොහොමද price එක වෙනස් වෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. මේකේ තියෙන order flow image එකම පාවිච්චි කරන්න homework එකට.

ඊලග ලිපිය
2. Drop-Base-Rally(DBR) සහ Rally-Base-Drop(RBD)