දැන් මට පැහැදිලියි උබේ සැකේ ඇවිත් තියෙන්නේ කොහින්ද කියලා, කලින් කෙල්ල වටේ ගිය නිසා, උබට බයයි,මේකිත් වටේ යයි කියලා පෙට්ටිය කඩපු හැටියේ. හැමෝම එහෙම නෑ ඉතින්. සැකේ තමයි ප්රශ්ණ වලට මූලිකම හේතුව, ඉතින් හේතුවක් නැතුව සැක කරන්නත් එපා, උබ කෙල්ලට නොදැන ඒකිව සැක කරත්, මොකක් හරි වැරදි වැටහීමක් ඇති වුන ගමන්, උබ ඒකිගේ ඇගට කඩාගෙන පනියි සැකේ නිසා පූර්ව නිගමනයකට ඇවිත්, ඒකෙන් වෙන්නේ සම්බන්ධය නිකම් කැඩෙන එකයි ,කෙල්ල හොද නම් උබට තමයි පාඩු වෙන්නේ. සමහර විට මේකිට සෙක්ස් කරන්න ඕන වෙලාද දන්නේ නෑනේ ෆන් එකට වගේ, උබව බදින්න ඉන්න නිසා වෙන්න ඇති සමහර විට උබත් එක්කම කරන්න ඉන්නේ. කෙල්ලොත් කොල්ලො වගේ තමයි, කෙල්ලොන්ටත් හැගීම් දැනීම් තියෙනවා.