මොකක්ද මේ Duty free allowance කියන්නෙ...

chkaushalya

Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    මොකක්ද මේ Duty free allowance කියන්නෙ...

    කාලයක් එළකිරි එකේ පෝස්ට් බල බල ඉඳල ගොඩ දෙනෙක්ට වැදගත්වෙයි කියල හිතුන නිසා මේක දාන්න කල්පනා කලා.

    ඔයාලත් පිට රට යනවනම් හරි දන්න කෙනෙක් පිටරට ඉන්නවනම් හරි මේ දේවල් දැනගෙන ඉන්නඑක වැදගත් වෙයි.

    ලාංකික පුරවැසියෙක්ට පිටරට ඉඳන් එනකොට තමන් පාවිච්චි කළ හෝ තමන්ගේ පාවිච්චියට ඕනෙ දේවල් ලංකාවට අරගෙන එන්න පුලුවන්. හැබැයි ගේන්න පුලුවන් බඩු වර්ග හා ඒවාගෙ වටිණාකමට රජයෙන් සීමාවල් දාල තියනව.

    මුලින්ම කියන්නම් Duty free allowance එක කොහොමද හැදෙන්නෙ කියල.

    ලාංකික පුරවැසියෙක්ට විතරක් ලැබෙන විශේෂ සහනයක් තමයි මේක. ඒ කියන්නෙ ලංකාවෙ පාස්පෝට් එකක් තියන කෙනෙක්ට හෝ ලංකාවෙ පුරවැසිකම ලබාගත්තු වෙනත් රටක පාස්පෝට් එකක් තියන කෙනෙක්ට මේක අදාලයි.

    කෙනෙක්ට ලැබෙන duty free allowance එක තීර්ණය වෙන්නෙ එයා ලංකාවෙන් පිටවෙලා ඉන්න කාලය අනුවයි.

    A කාණ්ඩය - දවස් 90කට වඩා අඩුවෙන් පිටරට ඉඳල එන කෙනෙක්ට USD 125 ක වටිණාකමක් තියන බඩු ලංකාවට ගේන්න පුලුවන්.
    B කාණ්ඩය - දවස් 90ට වැඩි 365ට අඩු අයට USD 500ක වටිණාකමක් තියන බඩු ගේන්න පුලුවන්.
    C කාණ්ඩය - දවස් 365කට වඩා වැඩි කාලයක් ඉඳල එන කෙනෙක්ට USD 1000ක බඩු ගේන්න පුලුවන්.

    ලංකාවෙ Duty free shop වලින් ගන්නවනම් මේ ප්‍රමාණය පිළිවෙලින් USD 187.5ක්, 625ක් හා 1750ක් වෙනව.

    ඒ වගේම මේ සහනය ලැබෙන්නෙ අවුරුද්දකට එක පාරක් විතරයි. නැත්නම් ඉතිං අපේ අයියල සීනි තේ කොළ ගන්නත් රට යයි. එක පාරක් අරගෙන ඉතුරු උණොත් එදා ඉඳල අවුරුද්දක් යනකන් ඉතිරි ප්‍රමාණය වලංගුයි. ඒ කියන්නෙ අවුරුද්දක් ඇතුළත් ආයෙත් රට ගිහින් ආවොත් කලින් වතාවෙ allowance එකෙන් ඉතුරු වෙලා තියන ප්‍රමාණය පාවිච්චියට ගන්න පුලුවන්.

    තව විස්තර ඉස්සරහට දාන්නම්. ප්‍රශ්ණ තියන එව්ව එවන්න.