කොමිනිකේෂන් 4

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කොමිනිකේෂන් 3 කොටසට මෙතනින් http://www.elakiri.com/forum/showthread.php?p=21360509#post21360509

    අද කථාකරන්න යන්නේ කාඩ් රීලෝඩ් ගැන තමයි
    ප්‍රධාන දුරකථන සංන්නිවේදන ආයතන පහක් තියනවානේ නෝමලි රු 50 කාඩි එකකින් රු 2ක් කොම්ෂන් එකක් අපිට තියනවා. එටිසලාට් වල විතරක් රු 2.25ක් තියනවා. 100/= කාඩ් එකෙන් රු4ක් තියනවා. රි ලොඩ් වල නම් මොබිටෙල් ඩයලොග් එයාටෙල් වල 6% ක කොමිස් හම්බු වෙනවා. ඒ කියන්නේ 100 රීලොඩ් එකකින් රු 6ක් අපිට ලාභේ තියනවා. හචි වල රීලෝඩ් 5% සිට 7.5% අතර පරාසයක රීලොඩ් කොමිසන් බෙදිලා යනවා, අපි ඒජනට් ගෙන් එකපාර 15000ක රීලොඩ් ගත්තොත් අපිට 7.5% කොමිසන් එකක් ලැබෙනවා. 2000ක් ගත්තොත් අපිට 5% කොම්සන් තමයි හච් වල ලැබෙන්නේ. ඒ අතර 6% 6.5% 7% වගේ කොමිෂන් ලැබෙන රීලොඩ් ප්‍රමාණත් තියෙනවා. මේක අදාල වෙන්නේ හච් වලට විතරයි. හැබැයි ඒටිසලාට් නොමල් රීලොඩ් කොමිසන් එක 6% උනාට 11000 දාගන්න කොට 7%ක් ද කොහෙද ලැබෙනවා. ඒක නිසා හච් වල සහ එටිසලාට් වල ලොකු ගානක් එකපාර රීලෝඩ් කරගන්න එක ලාභයි!

    ඉන්ට‍නෙට් කාඩ් වල ලාහේ එකින් එකට පොඩ් පොඩි වෙනස් කම් තිබුනත් සමස්ථයක් හැටියට ගත්තහම 49 කාඩ් එකකින් රු 2ක් විතර 99 කාඩ් එකකින් රු 4ක්-5.5ක් අතර ගානක් තියනවා
    .
    සිම් වල නම් එක එක කාලෙට ‍බැක් කොමිසන් වෙනස් වෙන නිසා නිෂ්චිත ගානක් කියන්න බෑ එත් සාමානයෙන් සිම් එකක් විකූනුවාහම බැක් කොමිසන් එක්කම රු 90/= 150/= අතර තියනවාම තමයි (පොමොෂන් තියන වෙලාවට ටාගට් ඇචිච් කරාම එහෙම 225/= විතර ලාභවෙන අවස්ථාත් තියනවා)

    ඊසි කෑෂ් නම් බිල් පේමන්ට් වලට 1%යි කොම්සන් එක මනි ට්‍රාන්සර් සහ විත්ඩෝවල් වලට 0.8% වගේ සුළු මුදලක් තමයි ඉතින් ලැබෙන්නේ ඒකියන්නේ ඩයලොග් බිලක් ‍1000/= ගෙව්වොත් රු 10/=ක් ලාබයි 1000/= සල්ලි ඊසී කෑෂ් කලොත් රු8ක් ලාභයි.
    ලයිට් බිලක් වතුර බිලක් ගෙව්වොත් රු 9ක් අපිය තියනවා එක බිලකින්.

    රිලොඩ් වලට වෙනමම කියලා ෆෝන් එකක් නෑ. ඕනෙම එකකින් රිලොඩ් පුළුවන් දාන්න පුළුවන්. එත් වෙනමම සිම් එකක් ඒජන්ට් හෝ රෙප් ගෙන් ගන්න ඔනේ, ඒත් සමහර ෆෝන් වලින් රිලොඩ් දාන්න ගියාම ටිකක් කරදරයි තමයි, ඒනිසා ලේසි ෆෝන් එකක් ගන්න මැසේජ් 1000ක් වත් ලොඩ් වෙන එකක්. එතකොට රිලොඩ් කමිපේලෙන් එකක් ආවත් චෙක් කරන්න ලේසියි ගොඩක් අය නොකියා 1100 1110 3310 පාවිචිච් කරත් මට නම් ලේසිම පෝන් එක නොකියා 112 තමයි මාස තුන හතරක රිලොඩ් මැසෙජ් ලෝඩ්වෙලා තියනවා චෙක් කරන්න ලේසියි.

    නැත්නම් රීලොඩ් මැෂිමක් ගන්න පුළුවන් ගොඩක් රීලෝඩ් එන තැනක නම් පින්ටරය එක්ක මැෂිම ඒ දවස් වල කියන්නේ අවුද්දකට කලින් 65000/= විතර උනා මම ඒක ගැන පස්සේ විස්තර හොයලා thred එකක් දාන්නම් තව තියනවා ලකෂ 4-7 අතර ඊසි පේ ෆුල් ඔටෝමැටික් මැෂිමකුත් තියනවා all in one ඒක ගැන මම මුකුත්ම දන්නෑ දන්න අය ඉන්නවා නම් මටත් දැනගන්න දාන්න හොදේ

    මෙන්න මම මුලිකම දේවල් ටික දැම්මා දැන් මම මතක් වෙන විදිහට තව තවත් විස්තර ගැන thred ඒවා දාන්නම් ඊලග කොටසින් හමුවෙමු​

    පලි : මට ගොඩක් අය රෙප් ලබාදීලා තිබුණා ඒගොල්ලන්ට සලක්න ‍පුළුවන් මම හැකි පමණ උත්සහ කරනවා ඒත් දවසකට 10 දෙනෙක්ට විතරයිනේ මට රෙප් දෙන්න පුළුවන් මම ඊලග දවසේ හරි එකට සලකන්නම්. රෙප් දීපු වචනෙකින් හරි උදව් කරපු සැමටම ස්තූතියි!
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    රීලෝඩ් වැඩේ හොදයි. ඒත් දැන් ගොඩක් උන් පෝස්ට් පේඩ් පාවිච්චි කරනවා බං..... :(
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඔයාගේ දැනුම බෙදාගන්න එක ගොඩක් වටිනවා. කාටහරි කොයි වෙලාවක හරි මේ විස්තර අවශ්‍ය වෙයි.
    දිගටම විස්තර දාන්න.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,094
    20,326
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    තෑන්ක්ස් මචන්. උඹේ පොස්ට් ටික මම බුක් මාර්ක් දාගෙන ඉන්නේ. තවම රෙප් දෙන්න විදියක් නෑ. පුළුවන් උන ගමන් දෙනවා.. ගොඩක් ස්තූති මචන්