සාර්ථක Adsense Publisher කෙනෙක් වෙන්න

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,913
    5,492
    113
    ස්තුති මචං. අද රෙප් දෙන්න විදිහක් නෑ. හෙට දෙන්නම්. ජය වේවා !!!
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Update II

    2 කොටස.


    ඇත්තටම Most Profitable Niches කියන්නේ මොනවාද! ;)

    හොදයි.
    අද දාන්නේ මේ ත්‍රෙරෙඩ් එකේ දෙවෙනි කොටස.
    :yes:

    කලින් ත්‍රෙඩ් එකේ ඇඩ්සෙන්ස් වලට වැඩිපුරම ගෙවන Keywords සෙට් එකක් පල කලා නොවැ.:D
    මේ පෝස්ට් එකෙන් අපි කතා කරන්න යන්නේ අපිට වඩාත්ම ඵලදායක සහ වාසිදායක බ්ලොග් සකස් කරගන්න මොනවගේ මාතෘකාද උචිත වන්නේ කියන දේ හොයා බලන්න.
    :yes:
    අන්න ඒවාට අපි නමක් කියනවා Most Profitable Niches කියලා.
    ඒ නැවත අනු කොටස් ගොඩකට වර්ග කරන්න පුලුවන්.:nerd:
    ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු.
    දැන් බලමු මොනවාද මේ Most Profitable Niches කියන්නේ කියලා!


    Health & Wellness Niche එක :love:

    health-and-wellness-logo-rev-png-Sl16VL-clipart.png


    ඔයාලා අපි කවුරුත් දන්නවා වෛද්‍ය උපදෙසක් ලබාගන්න ගියත් මුලු ලෝකයේම මේ වෙද්දී ඒ සඳහා වැයවෙන ගාස්තු ඉතාමත් ඉහළම අගයක් ගන්නවා මේ වෙද්දී. :frown:
    ඒ වගේම මේ ගාස්තු තව තවත් ඉහල යනවා මිසක් කවදාවත් අඩු වීමක් නැහැ.:confused:

    අන්න ඒ නිසාම ගොඩාක් මිනිසුන් පුරුදු වෙලා ඉන්නවා සුලු සුලු රෝගාබාධ සඳහා උපදෙස් ලබාගැනීමට අන්තර්ජාලය භාවිතයට ගන්න.
    අන්න ඒ ප්‍රවණතාව තව තවත් වැඩි වෙමින් පවතිනවා ලෝකය තුල.:yes: ලංකාවේ ඇත්තටම තවම මේ අන්තර්ජාලය හරහා උපදෙස් ලබාගැනීම ඒ තරම්ම ප්‍රචලිත නැති වුනත් මේ වෙද්දී අනෙකුත් රටවල් සෑම එකක්ම වාගේම මේ දේ සිද්ද වෙනවා. :yes:

    Vitamins සහ Supplements ගැන review එකක් අරගන්න,
    යම් යම් සෞඛය පුරුදු ගැන,
    විවිධ බෙහෙත් වට්ටෝරු ගැන,
    අදහස් ලබාගැන්මට මිනිසුන් අන්තර්ජාලය භාවිතා කිරීම ඉහල ගිහින් තියනවා වගේම ඒ ප්‍රවණතාව තව තවත් ඉහල යනවා විතරයි දිනපතාම.:yes:
    හැබැයි මතක තබාගතයුතු වැදගත්ම කාරනය තමයි වෛද්‍ය උපදෙස් ලබාදෙන්න විතරක් බැහැ ඔයාට නිසි සුදුසුකම් නැත්නම්.:no:
    ඒක නීත්‍යානුකූව වැරැද්දක් බව තේරුම් ගන්න.
    නමුත් උපදෙස් පතන්නාව නිසි තැනකට යොමු කරවීම වැරැද්දක් නෙවෙයි.;)

    මතක තියාගන්න තවත් දෙයක්.
    " රජෙක් වුනත් වැඩක් නැහැ ඌ ලෙඩෙක් නම්.." අන්න ඒ සිද්ධාන්තයට අනූව මිනිසුන්ට වැදගත් වෙන්නේ පලමුව තමන්ගේ සෞඛය තමයි.
    අන්න ඒ නිසා මේ Niche එකට කවදාවත් Traffic අඩු වෙන්නේ නම් නැහැ.
    ;)



    Technology Niche එක :love:

    innotechno.png


    මේකත් ඇත්තටම දවසින් දවස දියුනු වෙන Niche එකක්.
    අලුත් අදහස් එක්ක අලුත් තාක්ෂණය බිහි වෙනවා නිරන්තරයෙන්ම ලෝකය තුල.:yes:

    ඉතින් මිනිස්සු හරිම කැමතියි අන්න ඒ අලුත් තාක්ෂණයන් ගැන ඉගෙන ගන්න, ඒ තාක්ශනයන් වල භාවිතාවන් ගැන දැනගන්න.:yes:
    ඒ වගේම දැනට පාවිච්චි කරන උපකරණවල අලුත්ම වැඩි දියුනු කිරීම් ගැන විස්තර දැනගන්නත් මිනිස්සුන්ට ඕන කරනවා.
    උදා: Smart Phones වල Software updates ගැන.;)

    ඇත්තටම technology ගැන බ්ලොග් කරන එක, YouTube Videos හදන එක ඇත්තටම ට්‍රැෆික් වලට වගේම ඔයාගෙ ඇඩ්ස් Earning එක වැඩි කරගන්නත් ලොකු උදවුවක් වෙනවාමයි.;)
    ඉතින් මේ technology එක follow කරද්දී අනිවාර්යෙන්ම අලුත්ම Tech Updates/ Trends ගැන නිරන්තරයෙන්ම අවධානය රැඳවිය යුතුමයි.:nerd:
    අන්න එතකොට ඔයාට නොනවතින ට්‍රැෆික් එකක් සෙට් වෙනවාමයි ඔයාගේ බ්ලොග් එකට වගේම ඔයා සකසන වෙනත් ඕනම දෙයකට.


    මිනිස්සු කැමතියිනේ වැඩ පහසු කරගන්න.:D
    අන්න ඒ theory එක නිසාම ගොඩාක් කාන්තාවන් මේ Niche එක follow කරනවා යාලුවනේ.
    ඒ වගේම ලේසියෙන්ම ඔවුන්ව මේ අලුත් වලට ග්‍රහණය කරවන්න ලේසියි.:D
    Ladies තරහ වෙන්න එපා හොදේ එහෙම කිවුවාට.;)

    මොකද මුලුතැන් ගේම බලන්නකෝ.
    තාක්ශනය නේවේද අද ඔයාගේ වැඩ පහසු කරන්නේ කියලා.
    ඉස්සර අලුත් අවුරුද්දට එලියට එන වංගෙඩිය, කුල්ල ,කුරහන් ගල, මිරිස් ගල කෝ අද? හේ හේ.
    :D:D
    තාක්ෂණය හැම දේටම අලුත් දේවල් හොයාගෙන ඉවරයි.
    Heavy Blender එකේ ඉදලා Magic Bullet එක දක්වාම තාක්ශනය දියුනු වෙලා ඒ වගේම තවත් ඉස්සරහටත් ඒක එහෙමම තමයි. ඉතින් කවර කතාද තවත්..
    ;)
    ඇත්තටම මේ තව එක පොඩි පැත්තක් විතරයි. මේ Main Niche එකේම Sub Niches ගැන අපි ඊලග දවසේ කතා කරමු Micro Niches Section එකේදී.:love:



    SEO Niche එක :love:


    seo-expert-in-lahore.png



    මේක නම් පට්ට ගහන්න පුලුවන්. හේ හේ. :D
    මොකද අද ඉන්න Blog හදන අයට මේක නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා.
    ;)

    ඒත් ඇයි.! :confused::confused:

    අපි මේ කතා කරමින් ඉන්න වෙලාවෙදිත් අන්තර්ජාලයට අලුත් වෙබ් අඩවි දහස් ගනනින් එකතු වෙනවා.

    සමහර සයිට්ස් වල වැදගත්කමක් ඇති දේවල් පල වෙන අතරේ තවත් සමහර ඒවායේ කිසිම නැති දේවල් පල වෙනවා.:rolleyes:
    ඉතින් මෙන්න මේ මොන විදියේ සයිට් එකක් වුනත් කැමතියි යාලුවනේ වල පලවෙනි පිටුවට නැත්නම් දෙවෙනි පිටුවට අඩුම තරමේ තුන් වෙනි පිටුවට හරි එන්න.:yes:
    අන්න ඒ නිසාම ඒකට උවමනා කරන මූලික දේවල් ටික කරගන්න මිනිස්සුන්ට ඕන කරනවා blog කරද්දී.
    නමුත් ගොඩාක් දෙනෙකුට මේ වෙනුවෙන් වියදම් කරන්න නම් කැමත්තක් නම් නැහැ.
    :rolleyes::rolleyes:
    මොකද තමන්ට තමන්ගේ සයිට් එකෙන් අදායමක් ලැබේවිද,
    මේ SEO වලට යොදන සල්ලි වලට කෙල වෙයිද,
    ප්‍රයෝජනයක් නැති වෙයිද කියන සිතුවිල්ල නිසාම ඔවුන් පෙලබෙනවා තමන්ම මේ දේ කරගෙන ඒ අවදානම නැති කරගන්න.
    :yes:
    ඇත්තටම ඒකේ ලොකු වැරැද්දක් නැහැ.
    නමුත් ඒ දේ කරද්දී හරි හැටි ඉගෙන ගැනීම ඉතාමත්ම වැදගත් කාරණාවක් වෙනවා.:yes:

    මිනිස්සු හරිම කැමතියි නිකන් කන්න.
    ඕනම දෙයක් නිකන් ලැබෙනවා නම් එතනට මිනිස්සු එකතු වෙන්නේ හරියට මී මැස්සෝ වගේ.:yes::D

    අන්න ඒ හේතුව නිසාම SEO ගැන හොද Guidance එකක් දෙනවානම්, හොද Guide Videos තියනවානම් එතනට මිනිස්සු එකතු වෙන එක කිසිසේත්ම නවතින්නේ නැහැ.;)
    ඒ වගේම ඒ විදියට ඔයාගේ බ්ලොග් එකට,
    YouTube Video එකට එන Visitors ලාගේ විශ්වාසය දිනාගැනීමේ ප්‍රතිඵලයක් විදියට ඔයාට පුලුවන් වෙනවා SEO සම්බන්ධ Product එකක් වුනත් Trail Period එකකට හරි සම්බන්ධ කරලා පසුව ඒක මිලදී ගැනීමේ තත්වයට පත් කරවන්න.:D

    ඒ වගේම මේ හදන content ඇත්තටම අලුත් visitorsලාව ඔයාගේ බ්ලොග් එකට එකට ගෙන්වන්න සමත් වෙනවා ඔයා ඒ හදන content වල තියන attractiveness එක අනූවම.:yes:

    ======================================================

    SEO ගැන කියපු නිසාම SEO වල මූලිකම දෙයක් වන Back link ගැන කියන්නම්.:yes:
    මම මගේ සයිට් එකකට Back link එකක් ගහන්නේත් ඇත්තටම මාස 8ක් 10ක් ගතවුනාට පස්සෙ. මොකද මම SEO වලට වඩා Content Quality වලට මුල් තැන දෙනවා අනිවාර්යෙන්ම.
    මම විශ්වාස කරන දෙයක් තමයි මිනිස්සුන්ට හොද, වටිනා දේවල් බ්ලොග් එක හරහා දෙනවා නම්, ඒ පල කරන දේවල් වල අලුත් අදහස් නිරන්තරයෙන්ම ගැබ් වෙලා තියනවානම්, වෙනත් කිසිම තැනකින් ඒ විදියේ අලුත් අදහස් ගන්න බැරි නම් අන්න එතකොට මගේ බ්ලොග් එක ඇත්තටම මම අමුතුවෙන් ප්‍රචාරණය කරන්න මහන්සි වෙන්න ඕන නැහැ.
    දාන දාන පෝස්ට් එකට Social Share 10,000කට වඩා වදිනවා නම්, ඒ Shares දැකලා තව තවත් අලුත් Visitors ලා මගේ සයිට් එකකට එනවානම්, ඒ එන කවුරුවත් පෝස්ට් එක කියවද්දී වටිනාකම තේරුම් අරගෙන ක්ෂණිකව ආපස්සට හැරිලා යන්නේ නැතුව දිගටම මගේ බ්ලොග් පෝස්ට් කියවනවානම්, මගේ Bounce Rate එක ඉතාමත්ම අඩු අගයක තියනවානම් මම ඇයි Back link පස්සෙ දුවන්න ඉක්මන් වෙන්නේ.
    Search Engine Bot එක තීරණය කරනවා එතකොට ඇත්තටම මගේ සයිට් post වල තියන Keywords වල Powerfulness එකත් එක්ක, මගේ website status එකේ තියන Ranking Factors එක්ක මාව මුල් පිටු අතරට ගේනවද නැද්ද කියන දේ.;):D
    අන්න ඒ නිසායි යාලුවනේ මම හැමදාමත් විශ්වාස කරන්නේ
    " Content is the King "කියලා.
    බිල් ගේට්ස් මහත්මයා කියපු ඒ සංකල්පය මම හැමවෙලාවකම අනුගමනය කලා මගේ Blog Post සකස් කරද්දී.:yes:

    ඒ නිසාම මම Back link ගැන ඇත්තටම කරදර වෙන්නේ නැහැ සයිට් එක හදද්දී.:yes:
    ගොඩ කාලයක් ගත වුනාට පස්සෙ මම Back link කීපයක් සයිට් එක වෙනුවෙන් යොදනවා Site එකේ අනාගත ප්‍රයෝජනය වෙනුවෙන්.
    ;)

    හොදයි.
    තව Most Profitable Niches සෙට් එකක්ම එන්න තියනවා.

    ඒක ඊලග Post Update එකෙන් දාන්නම් විස්තරාත්මකව.
    :yes:
    දැනට ඒ ටික මේ විදියට දාලා තියන්නම් දැනුවත් වීම සඳහා.:D

    Insurance
    Social Media
    Blogging Guides
    Celebrities
    Making Money Online
    Relationship & Dating
    Gossips
    Drones
    Green Energy
    Survival
    Learn to Speak other languages
    Economical Construction

    මේවාට Sub niches / Micro Niches ගොඩාක් තියනවා යාලුවනේ.
    එතකොට මේ එක එක Niches අවම වශයෙන් තව Sub Niches 10කට වත් බෙදෙනවා.:D
    සමහර ඒවාට ඊටත් වැඩියි.:yes:;)



    දැන් මේ Most Profitable Niches යොදාගෙන කරන්න පුලුවන් වෙන්නේ, ඒ මාතෘකා අධාර කරගෙන බ්ලොග් හදලා ඒකට ඇඩ්ස් යොදලා මුදල් උපයන්න විතරක්ද?:confused::confused:

    අන්න ඒ අදහස වැරදියි යාලුවනේ.:no:
    මොකද මේ Most Profitable Niches කියන්නේ බ්ලොග් හදලා ඒකට ඇඩ්සෙන්ස් හෝ වෙනත් Ad Network එකක් සම්බන්ධ කරලා අදායමක් ලබන්න පුලුවන් දෙයක් විතරක් නම් නෙවෙයි.!:no:

    තව වැදගත් දේවල් කීපකටම මේ Most Profitable Niches සාර්ථකව යොදාගෙන ආර්ථිකව විශාල වශයෙන් ලාභ උපයා ගන්න පුලුවන්.:yes:;)


    ඒ මොනවාද ඒ?:confused::confused:

    1. ඔයාට පුලුවන් යාලුවේ ගතානුගතික Video Creation සම්ප්‍රදායයන්ගෙන් මිදිලා, මේ Most Profitable Niches යොදාගෙන YouTube Videos නිර්මානය කරගන්න.:yes:
    විශ්වාස කරන්න යාලුවේ ආයේ ඔයා කවදාවත් කන් කෙඳිරි ගාන එකක් නම් නැහැ මගේ Videos වලට ඇඩ්සෙන්ස් වලින් ගෙවන මුදල අඩුයි කියලා.;);)
    ඒ මේ Most Profitable Niches අලලා Videos හැදුවොතින්.
    :D



    2. ඊලගට ඔයාට පුලුවන් Most Profitable Niches වලට අදාලව CPA Offers Platform වලට සම්බන්ධ වෙලා Product Promote කරන්න.;):yes:
    මොනවාද මේ CPA Offers Platforms කියන්නේ..
    Clickbooth, bizprofits, MaxBounty, Peerfly, Matomy, convert to media, w4 , CPA Lead , Offer Vault වගේ ඒවා.

    මේ CPA Offers run කරන්න ඔයාට පුලුවන් එක විදියක් තමයි Landing Page එකක් හදලා ඕනම Profitable Niche එකකට අදාල Product එකක් Face Book Group වල, YouTube වල සහ Niche එකට අදාල වෙනත් Social Media Sites/ Groups වල share කරලා.:yes:;)

    උදාහරණයක් විදියට මේක බලන්නකෝ.
    මේ Weight loss Product එකක්.:D
    Garcinia Cambogia Product එකේ නම.:rofl:
    මේ බලන්න මෙතනින් කොච්චර CPA Offers තියනවද එක Product
    එකක් වෙනුවෙන්.
    බලන්න Cost Per Action එකකට ගෙවන ගනනත්.:yes:;)

    https://www.offervault.com/garcinia+cambogia-affiliate-programs/

    https://bizprofits.com/cpa-offers/pure-asian-garcinia/


    මේ කෙනෙක් මොකද්ද මේ පහල තියන වෙබ් සයිට් එක කරලා තියෙන්නේ?
    මේක ඇත්තටම Landing Page එකක්
    :yes:;)

    https://pureasiangarcinia.com/

    මේ Health niche එකට අදාලව Sub Niche එකක් වෙන Weight Loss වලට CPA Offer එකක් තමයි මේ Run කරලා තියෙන්නේ Landing Page එකක් හරහා. :yes:;)

    බලන්න මේ Weight Loss Product එක එකකට YouTube එකේ Garcinia Cambogia Review කියලා Search කරලා කොයි තරම් ඇෆිලියේට් ලින්ක් ගොඩාක් ඒ Product එකට සම්බන්ධ වෙලා තියනවද කියන දේ.:yes:

    මේ ඇත්තටම එක Micro Niche එකක, එක product එකක් විතරයි.:yes:;)
    හිතලා බලන්න තව Micro niches කීයක් මේ වැඩේට පාවිච්චි කරන්න පුලුවන් වෙයිද කියන දේත්.
    මම ගැන කියනවානම් මම ඇත්තටම එක දිගට CPA Marketing කරන්නේ නම් නැහැ.:yes:
    නමුත් Special Season එකක් බලලා, හොද ට්‍රෙන්ඩ් එකක් තියනවානම් අනිවාර්යෙන්ම CPA Offer Campaign එකක් කරනවාම තමයි හොද Landing Page එකක් හදලා, Social Marketing,
    YT Video Session ටිකක් Run කරලා හෙම.;):)

    මම බලාපොරොත්තු වෙනවා May මාසේ අග වෙද්දී මොනවාද CPA Marketing (Cost Per Action) කියන්නේ කියන එක ගැන සහ ලංකාවේ අපිට මොන විදියටද භාවිතා කරන්න පුලුවන් වෙන්නේ කියන එක ගැන ත්‍රෙඩ් serious එකක් දාන්න.;)



    3. ඔයාට පුලුවන් Most Profitable Niches වලට අදාලව Direct Marketing Offers වලට සම්බන්ධ වෙන්න. මේ ගැන වෙනමම කියලා දෙන්නම් ඉදිරියේදී.:)


    එහෙමනම් අදට මේ ඇති කියලා හිතනවා.
    ඊලග ත්‍රෙරෙඩ් Update එකත් එක්ක එන්නම් ආයේ.
    බොහෝම ස්තූතියි හැමෝටම.;)



    තුන්වන පියවර. Update 3 වෙත යන්න...
     
    Last edited:
    • Like
    Reactions: NJK4EVER

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    තොත්ත බබා;21384922 said:
    තැන්ක්ස් බ්‍රෝ
    ඇඩල්ට්ස් කැටගර් එකෙන් ඇඩ්ස් දාන්න බැයිද ගුගල් ඇඩ්ස් වලින්, පෝර්න් නෙමේ.
    ඒවාට පේමන් වැඩි නැද්ද ?
    බ්ලොග් එක 18+ නං ගූගල් ඇඩ්ස් ගන්න බැරි ද ?

    18+ වලට නම් දෙන්නේ නැහැ යාලුවේ.:no:
    නමුත් මම දැකලා තියනවා ඔය වැඩේ වල නම් කරලා තියනවා. අර හැඟීම් අවුස්සන විදියේ Tamil වීඩියෝස් නම් දාලා ඔය Indian එවුන් ඇඩ්සෙන්ස් පාවිච්චි කරන අවස්ථා තියනවා. ඒ වගේම Views ලක්ෂ ගනන් වලින් තියෙන්නේ ඒවට.
    ඒත් ඉතින් ඒවා දාද්දී බෑන් වෙන්නත් ඉඩ තියනවා සමහරවිට. :shocked:
    18+ බ්ලොග් වලට කොහොමටවත් වත් බැහැ යාලුවේ පාවිච්චි කරන්න. ඒත් Adsense Premium වලදී ඔය තත්වය පොඩ්ඩක් වෙනස් වෙනවා. :)
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,913
    5,492
    113
    නොදන්න දේවල් රාශියක් දැනගත්තා. බොහොමත්ම ස්තුතියි.

    Content Is The King

    හරියටම හරි. මම Web Development සහ SEO කරන්නේ. මම මගේ Clients ලාට හැමදාම කියන්නේ Content is the king කියන එක තමයි.
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Update III


    හොඳයි යාලුවනේ.. ගොඩ දවසකට පස්සේ ආයෙමත් මට මේ ත්‍රෙඩ් ටික Update කරගෙන යන්න ඉඩ ලැබුනා.:love:;)

    මොකද කොන්දේ ආබාධය සනීප වුන ගමන් ආයේ වැඩ පටන් ගත්තා වගේම, වැඩ කීපයක්ම තවමත් Outsource කරලයි තියෙන්නේ.
    ඒ නිසාම වෙලාව ලැබෙනවා මේ මාසය පුරාවටම මේ ත්‍රෙඩ් serious එක update කරගෙන යන්න.:yes:

    අද ඉදන් ලොකු ප්ලෑන් එකක් තියනවා මුලු මැයි මාසයම වෙනස් වෙනස් විදියේ ත්‍රෙඩ් සෙට් එකක් පල කරන්න. ;)

    එ කියන්නේ ඕනම කෙනෙක්ට office එකේ ඉදන්, ගෙදර නිකන් ඉන්න වෙලාවට සරලවම දවසට පොඩි ගානක් හොයාගන්න පුලුවන් විදියේ පොඩි Trix & Tips ටිකකුත් දෙන්න බලාපොරොත්තුවක් තියනවා. :D

    අන්තර්ජාලයේ අපි නොහිතන ගොඩාක් පැති තියනවා මුදල් උපයන්න පුලුවන්. අන්න ඒ ගැන වැඩි දුරටත් විස්තරාත්මකව ත්‍රෙඩ් කීපයක්ම දාන්න බලපොරොත්තු වෙනවා. :yes:

    තව පොරොන්දු වුනා වගේම CPA ( Cost Per Action Marketing ) ලංකාවේ අයට ගැලපෙන විදියේ සංස්කරණයක් එක්ක කරගෙන යන්නෙ කොහොමද කියන එකත් මුල ඉදන්ම පල කරනවා මේ මැයි මාසය ඇතුලතදිම.;)

    හොඳයි. අපි නතර කරපු තැනින් පටන් අරන් ඉස්සරහට යමු. අපි කතා කරමින් උන්නේ most profitable niches ගැන.

    අද පල කරන්නේ මේ ත්‍රෙඩ් එකේ තුන්වෙනි කොටස..:)



    Insurance Niche එක :love:

    working_with_cheap_car_insurance.jpg


    මේ niche එක තමයි වටිනාකමින් වැඩිම Niche එක වෙන්නේ Most Profitable Niches අතරින්.:cool:

    ඒ වගේම Rank කරන්න අමාරුම, අමාරුම සයිට් වර්ගයත් මේ niche එකම තමයි.
    මොකද ඒ තරම්ම High competition එකක් insurance niche වෙනුවෙන් තියෙනවා.:yes:

    ඒ වගේම සාමාන්‍ය CPC එකත් එක Ad click එකකට $40ක අගයකින් තමයි ආරම්භ වෙන්නේ. ;):love:

    මේ Insurance Niche එක අලලා ඔයාලා blog හදලා adsense Approve වුනොත් ආයේ එක ගැන කතා කරන්න ඕනම නැහැ.:rolleyes:
    ඒ තරම්ම ඔයාගේ earnings වැඩියි ඔයා මේ niche එක follow කරනවානම්.:yes::cool:

    එ වගේම තමයි ඔයාට පුලුවන් නම් Insurance Niche එකට අදාලව ලස්සනට creative videos නිර්මානය කරලා YouTube වල insurance category එකට upload කරන්න Adsense Earning ඉතාමත්ම ඉහල අගයක් ගනිවී ඔයාගේ.:yes:;):love:
    නමුත් මෙතනදී ගොඩාක් අයට වරදින තැන තමයි වැඩි වාසි තකා යම් දෙයක් ගැන නිවැරදි අදහසක්, දැනුමක් අරගන්නේ නැතුව ඒ දේ කරන්න යන එක. :no:
    අන්න එතනදී ගොඩක් දෙනෙක්ට වරදිනවා වගේම ඉතාමත් සුලු කාලයකදී තමන් කරන දේ එපා වෙන්න ඉඩ කඩ වැඩි වෙනවා.:nerd::dull:
    මොකද ඔයාගේ හිතට දැනෙන්න පටන් ගන්නවා මේ අලුත් දේ ගැන හොයන එක කරදරයක් කියලා.:dull::oo:
    අන්න එතන ඉදන් ඔයාට මේ දේ කරගෙන යන්න තියන අසාව නැති වෙන එක විතරයි වෙන්නේ.:baffled::oo:

    එහෙමනම් මොකද්ද මේකට තියන විසඳුම.? :rolleyes::rolleyes:

    විසඳුම තමයි යම් දෙයක් කරන්න කලින් ඒ ගැන උපරිම දැනුමක් ලබාගෙන ඉවර වෙලා වැඩේට බහින එක. ;):)
    මම මගේ Insurance සයිට් එක පටන් ගනිද්දී මම කරපු දේ කෙටියෙන් කියන්නම්.
    මුලින්ම කලේ HNDA කරපු යාලුවෙක්ගෙන් රක්ෂණය ගැන මූලික අදහස් ටික අරගත්තු එක. :cool:
    කොටින්ම එයාගේ Notes පවා ඉල්ලගත්තා මම මේකට ඕන කරන දැනුම හදාගන්න.
    :yes:
    ඊලගට කලේ විවිධ රක්ෂණ වර්ග ගැන පුලුවන් උපරිමෙන් කරුනු එකතු කලා.
    ඇති වෙන්න insurance web sites කියෙවලා කරුනු එකතු කලා.
    :yes:
    YT Videos බැලුවා.:yes:
    ගෙවල් කිට්ටුව ඉන්න අදුනන insurance agent කෙනෙක් රක්ෂණය ගැන කරුණු පවා ඉගෙන ගන්න සිද්ද වුනා මට මගේ සයිට් එක කරන්න පටන් ගන්න කලින්.
    :cool:
    ඉතින් ඒ කරපු researchවල ප්‍රථිඵලය විදියට අවසානයේ මට අලුතින් සයිට් එකක් පටන් ගන්න ඕන කරන මූලික දැනීම නියමෙටම ලැබුනා කියන්න පුලුවන්. :yes:;)
    ඔන්න ඔහොම තමයි මම මගේ insurance සයිට් එක පටන් ගත්තේ..
    මම ඒක කොටස් වලට බෙදුවා මුලින්.
    මම තීරනය කලා දොඩම් ගොඩ බදාගත්තා වගේ හැම Insurance වර්ගයක්ම කරන්න ගියොත් මේක කරන්න බැරි බව.
    :no:
    ඒ නිසාම Micro niche වලින් පටන් ගෙන authority site එකක් දක්වාම අද වෙනකොට මම මගේ සයිට් එක හදලා ඉවරයි.
    පටන් ගත්තේ Life Insurance වලින්. :yes:

    global_images_insurance_life-car-health-ssk_100070060.jpg


    අද වෙනකොට Vehicle, Health, Drone, Kids සහ insurance field එකට අදාල වෙන විදියට අනෙකුත් සියලුම විදියේ Content මම මගේ සයිට් එකට එකතු කරලා අවසන්.
    :yes:;)
    මේ සයිට් එකට මට ඇඩ්සෙන්ස් ලැබුනා දවස් 5ක් ඇතුලත මගේ මතකය නිවැරදිනම්. :love::love:
    ලොකු ලොකු වැඩ දාන්න ගියේ නැහැ.:no::nerd:
    සරල, කියවන්න පහසු විදියට ( මොකද සුද්දන් පිට ඔපේට වඩා ඇතුලේ අන්තර්ගතය වටිනකම අගය කරනවා හැම වෙලාවකම) බ්ලොග් පෝස්ට් සකස් කලා සහ හැම කාලයකටම ගැලපෙන විදියට තොරතුරු තවමත් මම විසින් update කරමින් යනවා.
    :yes:




    අපි යමු ඊලග niche එකට.;)

    Social Media Niche එක.:love:

    social_media_services.png


    මේක අමුතු වචනයක් නෙවෙයි උදේ ඉදන් රෑ වෙනකල් FB වල කාලේ කාලා දාන අපේ සමහර උදවියට නම්.:dull:
    නමුත් SM කියන්නේ අපේ සමහර අය දන්නේ FB විතරද කියන එක නම් ගැටලුවක්.
    :confused::confused:
    Smart Phone සංස්කෘතියත් එක්ක ලංකාවේ සීග්‍රයෙන් ව්‍යාප්ත වුන උප සංස්කෘතියක් විදියට මම දකිනවා ලංකාවේ Social Media නම්.
    නමුත් මේකෙන් ගන්න පුලුවන් වැඩ ගැන හොදින්ම දන්නේ ලංකාවේ ප්‍රමුඛ පෙලේ company වල Marketing Section වල විතරක්ද කියලාත් මට හිතෙනවා වෙලාවකට..:rolleyes::rolleyes:

    මොනවා වුනත් මොකද්ද මේ Social Media කියන්නේ??
    සරලවම තේරුම සමාජ ජාල මාධ්‍ය කියන එක.:yes:
    මාධ්‍ය කියන්නේ මොනවාද කියලා අපේ අය හොදින්ම දන්නවානේ.
    :D
    ඉතින් මේ Niche එක කොහොමද Profitable Niche එකක් වෙන්නේ එහෙමනම්??
    ලංකාවේ Social Media කියන එක FaceBook වලට විතරක් සීමා වුනාට ලොකේ බලවත් රටවල් වල Social Media කියන්නේ මිනිසුන් අතරට අදහස් ගෙනයන්න පුලුවන් ප්‍රභලතම ආයුධයක් කිවුවොත් මම වඩා නිවැරදියි.:cool::eek:
    කටකතා කියන දේ ගැන අහලා ඇති නේ?:D:lol:
    කටකතාවක් පැතිරෙන්න යන්නේ කොයි තරම් අඩු වෙලාවක්ද කියලා දන්නවානේ හැමෝම.
    :lol::lol:
    එහෙනම් Social Media වලින් ඒ සංසිද්ධියම හොද ප්‍රචාරක මාධ්‍යයක් විදියට පාවිච්චි කරන්න පුලුවන් සීග්‍රයෙන් තොරතුරු මහජනයා අතරට ගෙනයන්න.:yes:;)
    අන්න ඒ හෙතුව නිසාමයි Social Media Niche එක ගොඩාක් හොද Crowd එකක් Follow කරන Niche එකක් බවට පත් වෙන්නේ.:yes:
    ලෝකයේ මේ වෙද්දී Social Media Sites තියනවා 60කට අධික ප්‍රමාණයක්.

    social-media-1405601_960_720.png


    එතකොට මේ සෙට් එකෙන් වර්තමානය වෙනකොට ප්‍රභලතම තැනක් ලබාගෙන තියන ඒවා තමයි
    Facebook
    YouTube
    Flickr
    Google+
    Instagram
    Linkedin
    Pinterest
    Tumblr
    Twitter

    :love::love::love:

    https://en.wikipedia.org/wiki/List_of_social_networking_websites

    https://makeawebsitehub.com/social-media-sites/

    ඉතින් අලුත්ම තාක්ෂණය ගැන බ්ලොග් වලින් කියලා දෙනවා වගේම මේ social media trending ගැනත් එම එකකට එකක් වෙනස් වුන social media platforms වල හැසිරවීම සහ භාවිතාවන් ගැන දැනගන්න මිනිස්සු ගොඩාක් කැමැතියි.:yes:;)

    කාලයක් තිබුනා FaceBook වලටත් බලෙන් වගේ මිනිස්සු බඳවා ගන්නා කාලයක්..:D:rofl:
    ඉතින් අලුත් Social Media networks ආවට පස්සේ සහ මිනිස්සු කැමතියි ඒවා ගැන තොරතුරු දැනගන්න.:yes:
    විශේෂයෙන්ම ලෝකයේ අලුතින් බිහිවන ව්‍යාපාරික ප්‍රජාව නිරතුරුවම පෙලබෙනවා තමන්ගේ ව්‍යාපාරික කටයුතු වල දියුණුව සඳහා මේ social media platforms භාවිතා කරන්න.:yes::cool::)


    අන්න ඒ හේතුව නිසාම ලොකු අවස්ථාවක් ලැබිලා තියනවා විශාල crowd එකක් මේ social media niche එක වටා එකතු කරගන්න. ඒ කියන්නේ traffic තමයි කියන එක. :):love:

    උදාහරණයක් විදියට FaceBook Ads දැකලා තිබුනාට FB Ads Campain එකක් Run කරන විදිය දන්නේ කීයෙන් කී දෙනාද?
    මම දන්නේ නැහැ ලංකාවේ මිනිස්සු මේ නොදන්නා දේ ඉගෙන ගන්න උනන්දුවක් දක්වනවාද නැද්ද කියන දේ.
    :rolleyes::rolleyes:

    ඒත් උදාහරණයක් විදියට Big G Keyword Tool එකෙ facebook marketing කියලා ගහලා Search Volume එක USA වල විතරක් Monthly Search Volume එක බැලුවොත් මම කියපු දේ තේරුම් යාවි ගොඩ දෙනෙක්ට.;):cool:

    අන්න ඒකටයි අපි මේ Niche එක Follow up කරලා Blog එකක් හදන්නේ.
    මේ niche එකේ CPC එක මධ්‍යස්ත අගයක තියනවා වගේම US, UK Traffic එක ඉතාමත් ඉහල අගයක පවතිනවා.:yes:

    විශේෂයෙන්ම Inscrutable Video sessions සෙට් එකක් YT වලට කරලා දාන්න පුලුවන් නම් Economical Status අතින් හොද වෙලද දැන්වීම් මේ Videos වලට ලැබෙනවා.:D;)

    +++



    Blogging Guides Niche එක. :love:

    white-i-love-blogging-t-shirts-men-s-t-shirt.jpg


    මේකත් පට්ට ගහන්න පුලුවන් niche එකක් කිවුවොත් මම නිවැරැදියි.;):)
    ලෝක ප්‍රසිද්ධ බ්ලොග් කරුවන් ගනනාවක් බිහි වුනා මේ niche එක හරහා.

    Ex: Worthofblog, Shoutmeloud etc

    ඇයි මේ niche එකට ඒ තරම්ම ට්‍රැෆික් එකක් ලැබෙන්නේ ???
    ඔයාලා අපි කවුරුත් දන්න දෙයක් තමයි දිනපතාම ලක්ෂ ගණනින් web sites අන්තර්ජාලය එකතු වෙන බව අලුතෙන්.:yes::)
    ඉතින් මෙන්න මේ අලුතින් Web Sites හදන හැමෝම මේ දේවල් ගැන ඉගෙන ගන්නෙ Class ගිහින්ද ?? :confused::confused:
    නැහැනේ යාලුවනේ.:no:

    ඔවුන් තමන්ගේ Blog එක, Site එක ගොඩ දාගන්න කරුනු හොයාන්නෙත් මේ අන්තර්ජාලයෙන්ම තමයි.
    ඒ වගේමයි තමන්ගේම කියලා සයිට් එකක් හදාගන්න ආසා කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අන්තර්ජාලය පීර පීර හොයන්නේ මේ niche එක ගැන තමයි.
    :):)
    එහෙනම් මේ traffic එක හරි ආකාරව ගොඩ දාගන්න පුලුවන් නම් හොද E mail Collector Optin Form එකකුත් එක්ක ආයේ ඉතින් වෙන මොනවාත් ඕන නැහැ යාලුවනේ. :yes:
    ඒ වගේම ඒ අලුතින් එන visitor ලාට ඔවුන්ගේ web site එක ගොඩ දාගන්න ඔයා දෙන guide එකේ value එක මත ඔවුන් ඔබත් එක්ක සදහටම නොබිදෙන සම්බන්ධතාවයකින් රැදිලා ඉදීවි. :D;)
    එහෙනම් මොකද්ද කරන්න ඕන මේ niche එකේදී.
    සරලයි.
    :):)
    web site එකක් හදද්දී මූලික සරල පියවරේ ඉදලා පරිශීලකයට තේරුම් යන විදියට ක්‍රමයෙන් සංකීර්ණ පියවරවල් දක්වා යන්න ඕන. :yes:

    ඊලගට නිකන්ම නිකන් blog post දැම්මාම හරිද දැන්??:confused::confused:
    නැහැ. එතනින් ඉවර නැහැ. අපි අපේ visitors ලා එක්ක නිරතුරුවම සම්බන්ධතාවය තියාගන්න ඕන.
    එයාලා අහන හැම ප්‍රශ්නෙකටම ඔයාගේ බ්ලොග් එකෙන්ම පිලිතුරු හොයලා දෙන්න ඕන.
    :yes:
    දන්නේ නැත්නම් හොයලා හරි කියලා දෙන්න ඕන.:yes:
    ඒ විතරක්ද> තව තියනවා.:rolleyes:
    අනිත් ඔයාගේ niche එකට අදාල වෙබ් සයිට්ස් වලට පවා ඔවුන්ව යොමු කරවන්න ඕන. ඒ ඇයි කියලා හිතේවි සමහර කෙනෙකුට. :dull:
    අපි එහෙම කරනවා කියන්නේ අපේ traffic එක කැඩේවි නේද කියලා සමහර කෙනෙක්ට හිතෙන්න පුලුවන්.:confused::confused:

    නැහැ යාලුවනේ.:no: ඒක සම්පූර්ණ වැරදි අදහසක්. :dull:
    අපි අපේ visitorsලාට උදවු කරන තරමටම ඔවුන් අපිත් එක්ක තව තවත් බැදෙන එක විතරයි වෙන්නේ.
    තව කරුනු ගොඩාක් තියනවා අප්පා. පස්සේ විස්තර කරන්නම්. අවශ්‍ය දෙයක් තියනම් අහන්න ත්‍රෙඩ් එකේම. කියලා දෙන්නම්.:yes:;)

    මෙතන්දී වැදගත්ම දේ මොකද්ද දන්නවාද යාලුවනේ.
    ඔයාගේ සයිට් එක කියවන්නාගේ විශ්වාසය දිනා ගැනීම කියන දේ. එතකොටයි ඒ visitor ව ඔයාට දිගටම රඳවා තබාගන්න පුලුවන් වෙන්නේ.
    :yes::D
    ඒ වගේම ඔබ වාසනාවන්තයි නම් ඔවුන් බහුතරයක් ඔබව Recommend කරාවි අලුතින් බ්ලොග්කරණය ඉගෙන ගන්න සුදුසුම තැනක් විදියටත්. මේ niche එකේත් CPC අගය මධ්‍යස්ත අගයක තියනවා වගේම US, UK Traffic එක ඉතාමත් ඉහල අගයක පවතිනවා.
    ඒ වගේම මේ niche එක තව Sub Niches ගණනාවකට බෙදෙනවා.;):yes:
    Ex: Hosting, Domain Selction & Settings, SEO, Link Building, Theme Settings, Content Writing etc.


    +++




    Celebrities Niche එක. :love:

    ba3122919b22675d_100201-top-10.jpg


    :love::love::love:

    56011857f63adf40_100204-celebs.jpg



    මේක Niche එක ගැන නම් ඉතින් කියන්න වදන් නැහැ.:D;)
    ඒ තරමට traffic වදින niche එකක් මේක.
    CPC එක සාමාන්‍යයෙන් අඩු අගයක් වුනත් traffic ඒකෙම අනිත් පැත්ත, ඒ කියන්නේ ට්‍රැෆික් එක පොඩ්ඩක් බැලුවොත් ආයේ CPC Netowrk පට්ට ගහන්න පුලුවන් කිසිම Game එකක් නැතුව.
    ;)
    හේතුව අපි කවුරුත් කැමතියි මිනිස්සු කැමතියි ආදරය කරන නලු නිලියන් ගැන විස්තර දැනගන්න.:yes::love::love:
    ලංකාවේ මිනිස්සු ගැන නම් කියන්න දන්නේ නැහැ නමුත් Hollywood, Bollywood වල සමහර celebrities ලාව දේවත්වයෙන් සලකන මිනිස්සු ඉන්නවා කියලා ඇහුවාම...
    :shocked::shocked:
    ඊලග ප්‍රශ්නේ.. celebrities කියන්නේ නලු නිලියෝ විතරද?:confused::confused:
    නැහැ යාලුවනේ. ලෝක ප්‍රසිද්ධ වුන ඕනෑම චරිතයක් මේකට අදාලයි මම හිතන විදියට නම්.
    :yes::)
    අන්න ඒ පුද්ගලයින්ගේ විශේෂ තොරතුරු දැනගන්න මිනිස්සු හරිම කැමතියි වගේම මිලියන බිලියන වශයෙන් ට්‍රැෆික් එකක් දිනපතාම මේ Niche එක වෙනුවෙන් හුවමාරු වෙනවා.;)
    අවශ්‍ය වෙන්නේ අන්න ඒ ට්‍රැෆික් එක build up කරගන්න එක මුල ඉදලාම හරි සැලසුමකට වැඩ කරලා.:D:)
    ඉතින් අන්න ඒ ට්‍රැෆික් එකෙන් දවසකට 10,000ක් දෙනා තමන්ගේ සයිට් එකට හරවාගන්න පුලුවන් නම්, ඒ එන ට්‍රැෆික් එක තමන්ගේ අභිවෘද්ධියට පාවිච්චි කරන්න හැකියාව ලැබෙනවා යාලුවනේ කිසිම ගැටලුවකින් තොරව.:yes:;)
    යාලුවනේ බලන්න පුන්චි උදාහරණ කීපයක් විදියට Justin biber, Kim kardishian, nikki minaj, lional messy, Ariana Grande කියන keywords වලට දවසකට කොයි තරම් traffic එකක් වදිනවාද කියන දේ. ;):nerd::nerd:
    Social Share Sites වල කොයි තරම් Views ගොඩාක්, පොස්ට් Shares ගොඩාක් ඔවුන් වගේ ප්‍රසිද්ධ චරිත වෙනුවෙන් දවසකට, එක පැයකට හුවමාරු වෙනවාද?? ;):D
    අන්න ඒ ට්‍රැෆික් එකෙන් සුලු ප්‍රමාණයක් අපිට ලබාගන්න පුලුවන් වුනා නම් ඒ හොඳටම ඇති යාලුවනේ.:D
    වැඩේ කියන්නේ මේකවත් plan කරලා කරගන්න බැරි අය ඉන්නවා. :dull::dull::oo:
    මට ඉතින් හැමදේම හෝඩියේ ඉදන් කියලා දෙන්න අමාරුයි ඇත්තටම. මාර්ගය පෙන්නලා දෙන්න පුලුවන්, ඒ වගේම ටිකක් දුරට එක්කන් යන්නත් පුලුවන්, ඉතිරි ටික යන්න ඔයාගේ map එක on කරගන්න දැනගන්න ඕනමයි යාලුවනේ. :yes::yes::yes:
    නැත්නම් මේක කරන්න අමාරුයි ඇත්තටම.
    මොකද කැපවීම කියන එක 200%ක් ඕන මේ වගේ වැඩ කරද්දී.
    ;):yes:
    ඒ වගේම වර්තමානය වෙද්දී උඩින් කියපු Social Media වල දියුනුව නිසා රසිකයන්ට, ප්‍රේක්ෂකයන්ට හැකියාව ලැබිලා තියනවා එයාලා කැමතිම තරුව සමග Comment එකකින් හෝ සම්බන්ධ වෙන්නත්. ;)
    ප්‍රධානම දේ තමයි මේ උනන්දුවම පාවිච්චි කරලා අපිට පුලුවන් වෙනවා ලොකු ට්‍රැෆික් එකක් හරහා unique content creation වලින් CPC network එකක් හරහා මුදල් උපයාගන්න.:yes::D
    ඒ වගේම දැකලා තියනවා කවුරුවත් කරන්නන් වාලේ කරන සයිට් තියනවා පුදුම ට්‍රැෆික් එකක් වදිනවා ඒවට.
    ඒ ඇයි? :confused::confused:
    නොදැනුවත්වම හරි ඔහුගෙන් ඒ super stars
    ලා ගැන රසිකයන්ගේ ආකර්ශනය දිනාගන්නා ප්‍රවෘත්ති පල වෙලා තියන නිසා.:):)
    දැන් මේකට හොදම සයිට් එකක් ඕනද? අපෝ නැහැ යාලුවනේ. ට්‍රැෆික් එක හරවාගන්න මම දැකලා තියනවා සමහර celebrities ලා වෙනුවෙන් රසිකයෝ විසින් හදපු blogspot සයිට් තියනවා. :rolleyes::oo:
    හැබැයි ඔවුන් ඒ සයිට් monetize කරලා නම් නැති වුනත් සැලකිය යුතු traffic එකක් ඒ බ්ලොග් වලට පවා ලැබෙනවා කියන දේ.
    තව දුරටත් මේ ගැන විස්තර ඕන නම් PM එකක් දාන්න අප්පා.
    සිංහල වලින් type කරන්න ගියාම මාර වෙලාවක් ගත වෙන්නෙ.:yes:;)


    හොඳයි.
    ඊලගට ත්‍රෙඩ් update එක හෙට හවස් වෙද්දී පල කරනවා මෙන්න මේ ටික ගැන..

    Making Money Online
    Relationship & Dating
    Gossips
    Drones
    Green energy
    Survival
    Learn to speak other languages
    Economical Construction
    Predictions

    11.gif
    11.gif
    11.gif


    4 වෙනි කොටසට යන්න..
     
    Last edited: