රේඩාර් සහ ඒවායේ ක්‍රියාකාරීත්වය

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,885
    11,635
    113
    RADAR LESSON 1

    රේඩාර් සහ ඒවායේ ක්‍රියාකාරීත්වය

    images


    RaDAR කියන්නේ ඇත්තටම තනි වචනයක් නෙවෙයි, වචන 4ක කෙටි යෙදුමක්. ක්‍රි.ව. 1940දී එක්සත් ජනපද නාවික හමුදාව මෙම තාක්ෂණය ගුවන් විදුලි දිශා හා පරාස මැනීම (Radio Direction And Ranging) ලෙස හඳුන්වාදුන් අතර පසුව එහි කැපිටල් අකුරු ඉවත් කර Radar ලෙස ඉංග්‍රීසි භාෂාවේ නාම පදයක් බවට පත් වුණා. මෙහි ‘රේඩියෝ’ ලෙස කියද්දී ගුවනින් යන විදුලිය හෙවත් විද්‍යුත් චුම්භක තරංග මිසක් ‘සින්දු අහන යන්ත්‍රය’ අදහස් වෙන්නේ නැහැ.

    අපිට එදිනෙදා දේවල් ඇස් දෙකෙන් දකින්නට හැකි වෙන්නේ ආලෝකය, බොහෝ විට සූර්යාලෝකය අපි අවට ඇති වස්තූන්ගේ වැදී පරාවර්තනය වී අපේ ඇසට ද ඇතුළු වන නිසා යි. ඔබට රාත්‍රියේදී ඇවිදින්නට අවශ්‍ය වුණොත් විදුලි පන්දමකින් ඉදිරියේ ඇති වස්තූන්ට ආලෝක කදම්බයක් යොමු කර ඉන් පරාවර්තනය වෙන ආලෝකය දෑසට ලබාගෙන තමයි ඉදිරියට යන්නට සිදු වෙන්නේ. මෙසේ ඇසට ලැබෙන ආලෝකය අනුව මොළය විසින් එම වස්තූන් කුමන ආකාරයේ ඒවා ද කෙතරම් දුරකින් තිබෙනවා ද යන්න ගණනය කරගනු ලබනවා.

    17-18-701x466.jpg

    මේ ආකාරයට ආලෝකය පරාවර්තනය නොවන වස්තූන් හෝ ජීවීන් අප ඉදිරියේ සිටිය නොහැකිද වැනි අදහස සිතට එනවා. ඒ කොහොම නමුත්, ඇස ආලෝකය හරහා දකිනවා මෙන් ම කණෙන් ද ඔබට ඇසෙන ශබ්ද අනුව ඇස් දෙක පියාගෙනම ඒවා කුමන දිශාවකින්, කොච්චර දුරකින් එන ඒවාදැයි දැනගන්නට පුළුවන්. වවුලන් කරන්නෙත් මේ දේමයි. අපිට වගේම උන්ටත් රෑට පේන්නේ නැති නිසා ඉතා සියුම් හඬක් යවා එය පරාවර්තනය කරගෙන තමයි ගමන් බිමන් යන්නේ. ඒත් අපිට එවන් උත්පත්ති හැකියාවක් නැති නිසාත්, අති උච්ච ශබ්ද ඇති කරන්නට නොහැකි නිසාත් එය කෙලින්ම කරන්න බැහැ. නමුත් ඒ සඳහා උපකරණ නිපදවා ගැනීමේ අපූරු උත්පත්ති හැකියාවක් අපිට තිබෙනවා!

    රේඩාර් යන්ත්‍රවල ආරම්භය

    ඉතා දුර ඇති දෑ හඳුනාගැනීමට ඈත අතීතයේ පටන්ම මානවයාට අවශ්‍යතා පැණ නැගුණේ තම ආරක්ෂාව තර කරගැනීමට යි. ඒ අනුව පෙනීමෙන් තොරව, වෙනත් උපක්‍රම භාවිතයෙන් හෝ දුර දැක්ම ඇතිකර ගැනීමේ එක් අදියරක් ලෙස රේඩාර් වෙත යොමු වුණා. 1886 දී ජර්මන් විද්‍යාඥ හයින්රික් හර්ට්ස් ප්‍රථම වරට රේඩියෝ තරංග ඝන ද්‍රව්‍යවලින් පරාවර්තනය වන බව පෙන්වා දුන්නා. ඉන් අනතුරුව බොහෝ දෙනෙක්ගේ අවධානය ඊට යොමුවුණා. විශේෂයෙන් දෙවන ලෝක යුද්ධ සමයේදී වඩාත් දියුණුවක් ලැබූ රේඩාර්වල මෙන් ම සෝනාර්වල ද නිර්මාපකයා ලෙස සැලකෙන්නේ ඔහු යි.

    සෝනාර්

    22-16.jpg

    දියබත් වුණු සෝවියට් නෞකාවක සෝනාර් ඡායාරූපයක්


    Radar වල රේඩියෝ තරංග වෙනුවට Sonar වල ශබ්ද තරංග භාවිතයට ගැනෙනවා. ඩොල්ෆින් මසුන් සහ පෙර සඳහන් කළ පරිදි වවුලන් විසින් ද යොදාගන්නා මෙම ක්‍රමය ප්‍රථම වරට මානවයින් භාවිතා කළ බවට සාධක 1490දී ලියනාඩෝ ඩාවින්චි විසින් සටහන් කර තිබෙනවා. ඒ, දියට දැමූ නලයකට කණ තබා යාත්‍රා එනවාදැයි දැනගැනීමට එය යොදාගත් බව යි. නැව් සහ සබ්මැරීනවල මෙම ක්‍රමය භාවිතා වෙනවා.

    රේඩාර් යන්ත්‍රවල ව්‍යුහය

    රාත්‍රියේ ඝන මීදුම මැදින් ඇවිදගෙන යන එක චිත්‍රපටියක් වැනි කලා නිර්මාණයකට අපූරු ජවනිකාවක් වුවත් සත්‍ය ලොව මගීන් රැසක් ගත් ගුවන් යානයකට එවන් අවස්ථාවකට මුහුණ දෙන්නට වුණොත් එය ගත කිළිපොළා යන දෙයක් බවට පත් වෙනවා. මේ වගේ වෙලාවන්වලදී තමයි රේඩාර් පිහිටට එන්නේ.

    ගුවන් යානයක, නැවක හෝ භූමියේ වුවත් රේඩාර් යන්ත්‍රයන්ගේ සැකැස්මට මූලික පද්ධති හතරක දායකත්වය ලැබෙනවා. ඒවා නම්,

    1. ගුවන් විදුලි තරංග (විද්‍යුත් චුම්භක තරංග) ජනකය

    32-14-701x699.jpg
    මැග්නිට්‍රෝන් උපාංගය​

    මෙම කොටසේ ඇති මැග්නිට්‍රෝන් නම් උපාංගය මගින් විද්‍යුත් චුම්භක තරංග ජනනය කරනු ලබනවා. එමගින් තරංග ආයාමය සෙ.මී. 1 සිට මීටරය දක්වා පමණවූ මයික්‍රෝ තරංග ඇති කරනවා. ඔබේ නිවසේ තිබෙන මයික්‍රොවේව් උඳුනෙන් කරන්නේත් මෙම කාර්යයම නමුත් ඊට වඩා ප්‍රබල සහ ජවසම්පන්නව ඉතා දුරට තරංග යැවීමට මෙම ඒකකය සමත්.

    2. තරංග ජනක සහ ග්‍රාහක පාලකය

    පුංචි කාලෙදි “කෙනෙක් කතා කරනකොට අහගෙන ඉන්න පුරුදු වෙන්න” කියලා ඔබ බැණුම් අහලා තිබෙනවා නම් මේ කොටසින් කෙරෙන්නේත් හරියට ඒ වගේ දෙයක්. තරංග ජනනය කරන අතරතුරේ පරාවර්තිත ඒවා ලබාගන්නට නොහැකි වන නිසා එක් අවස්ථාවකදී තරංග ජනනය කිරීමත්, ඉන්පසු පරාවර්තනය වන තරංග ලබා ගැනීම පහසු කරවීමට ජනනය නැවතීමටත් මෙම කොටස තරංග ජනකයේ ස්විචයක් ලෙස ක්‍රියා කරනවා.

    42-13-701x526.jpg

    රේඩාර් සැකැස්මක ව්‍යුහ ආකෘත්‍රිය

    3. තරංග අභ්‍යවකාශයට මුදා හරින ඇන්ටෙනාව

    තරංග නිපැයීමෙන් අනතුරුව ඒවා තමා ඉදිරියේ ඇති අවකාශය වෙත යොමු කරනු ලබන්නේ ඇන්ටෙනාව විසිනුයි. එසේ ම තරංග ජනනය නවතා ඇති විට පරාවර්තිත තරංග ග්‍රහණය කොට විශ්ලේෂකය වෙත යවන්නට ද ඇන්ටෙනාව ක්‍රියා කරනවා.

    4. විශ්ලේෂණය කොට විස්තර දක්වනය

    විශ්ලේෂකය විසින් ලැබුණු තරංග අධ්‍යයනය කොට ඉන් ගොඩනැගිලි, කුරුල්ලන්, භූ පරාවර්තන වැනි අනවශ්‍ය දෑ ඉවත් කර සිතියමක් වශයෙන් මානව ක්‍රියාකරුවෙකුගේ අධීක්ෂණය ලබන තිරය වෙත යොමු කරවනවා. මෙහිදී අදාළ වස්තූන්ගේ දුර සහ වේගය ද ගණනය කරනු ලබනවා.

    වේගය මැනීමට ඩොප්ලර් ආචරණය

    52-12-701x394.jpg

    ඩොප්ලර් ආචරණය නිරූපණය


    රේඩාර් පද්ධතිවල තරංග ඉතා ඈතට ගොස් පරාවර්තනය වී පැමිණීමේදී ඒවායේ ප්‍රබලතාව හානිවී තිබීම, ගොඩනැගිලි වැනි අනවශ්‍ය වස්තූන්ගේ දත්ත අඩංගුවීම ආදී ගැටළු රැසකට මුහුණ පාන්නට සිදුවෙනවා. එවන් ශක්ති හානිවීම් වර්ධක (amplifier) හරහා වැඩිකරගනු ලබන අතර දත්ත ගණනය කරගැනීමේදී එසේ ඇතිවන ඇතැම් බාධාවන් වාසි ද සලසනවා. ඒ අතරින් තරංගයේ වෙනස්කම් ඇති කරන ඩොප්ලර් ආචරණය බොහෝ අවස්ථාවන්වලදී ප්‍රයෝජනයට ගැනෙනවා.

    දුම්රිය වේදිකාවක ඉන්නා විට ඈතින් නලාව පිඹගෙන එන දුම්රිය ඔබව පසුකරගෙන යන අවස්ථාවක් ගැන සිතන්න. මේ දුම්රියේ නලාවට තිබෙන්නේ එකම හඬක්. ඒත් දුරින් එද්දී උච්ච ස්වරයකුත්, ක්‍රමයෙන් ඔබ පසුකර යෑමේදී මන්ද්‍ර ස්වරයකුත් ඔබට අැසෙන්නේ ඩොප්ලර් ආචරණය නිසායි. ජෙට් යානාවල මෙහි උපරිම අවස්ථාවට ළඟාවීම නිසා ස්වනික ගිගුරුම (sonic boom) යන තත්වය ද ඇති වෙනවා.

    61-9-701x461.jpg
    ඩොප්ලර් රේඩාර්​
    වස්තූන්ගේ වේගය මැන ගැනීම සඳහා මෙම සංසිද්ධිය රේඩාර් පද්ධතිවල උපයෝගී කරගන්නවා. මෙය භාවිතා වන, ඔබටත් අත්දැකීම් සහිත උපකරණයක් ලෙස අධික වේගයෙන් රිය පදවාගෙන යද්දී ඔබව හසුකරගත් පොලිස් නිලධාරියා අතේ තිබුණු වේග මාපකය දක්වන්න පුළුවන්. මෙය භාවිතා වන රේඩාර් පද්ධති ඩොප්ලර් රේඩාර් ලෙස හැඳින්වෙනවා.

    නොදන්නා සතුරු යානා තම කලාපයට ඇතුළුවීම පහසුවෙන් හඳුනාගන්නට රේඩාර් තාක්ෂණය උපකාර වුණත් ඉන් ගැලවී යා හැකි ආකාරයේ ගුවන් යානා, නැව් සහ සබ්මැරීනද පසුකාලීනව නිපැයුණා. ඉතින් මේ අපූරු තාක්ෂණය ගැන ඔබේ අදහස කුමක්ද? එය comment එකකින් අපිත් එක්ක බෙදාහදා ගන්න.

    READ RADAR LESSON 2


    http://www.elakiri.com/forum/showthread.php?p=21605591#post21605591

     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,885
    11,635
    113
    RADAR LESSON 1

    රේඩාර් ක‍්‍රමය ඇරඹුණු හැටි

    යම් සොයා ගැනීමක් කිරීමට ඇති හැකියාව වුවද පරම්පරාවෙන් පැවත ඒමට හැකිය. මේ ඒ සඳහා කදිම නිදසුනකි. ජේම්ස් වොට් ගැන ඔබ අසා ඇති. ඔහු ලොව පතළ විද්‍යාඥයකු වූයේ වාෂ්ප ඇංජිම සොයාගැනීමත් සමගය. අද අපේ කථානායකයා වන්නේ රේඩාර් ක‍්‍රමය සොයාගත් ඇලෙක්සැන්ඩර් වොට්සන් - වොට් ය.

    Robert_Watson-Watt.jpg

    ඔහු ස්කොට් ජාතිකයෙකි. 1892 දී උපත ලද වොට්සන් උපතේදී දක්‍ෂ කාර්මිකයකු විය. ඒ අන් කිසිවක් නිසා නොව යටකී ජේම්ස් වොට් ඔහුගේ සීයා වීම නිසාය.පළමුවන ලෝක යුද්ධ සමයේ වොට්සන් වෙට් රැකියාව කරමින් සිටියේ ෂාන්බරෝහි කාලගුණ විද්‍යා පරීක්‍ෂණාගාරයේය. විදුලි කෙටීම, සුළං හැමීම පිළිබඳව විවිධ පරීක්‍ෂණවල ඔහු එහිදී නිරත විය.වොට්සන් වොට් මේ සඳහා කැතෝඩ කිරණ ටියුබයක් යොදා ගත්තේය. එම ක‍්‍රමයේදී ඔහුට ඉහළ අහසේ පවතින කාලගුණික තත්ත්වයන් පිළිබඳ ප‍්‍රබල සංඥා ලබාගැනීමට හැකි විය. එහෙත් ඒවා හඳුනා ගැනීම ඔහුට අපහසුවිය. එහෙත් 1930 දී වෙනත් කැතොඩ කිරණක් ආධාරයෙන් නැවත පරීක්‍ෂණ ඇරඹු වොට්සන් වොට්ට එම සංඥා නිවැරැදිව හඳුනාගත හැකි විය. එදින අපූරු දිනයක් විය. වොට්සන් සුපුරුදු පරිදි තම පරීක්‍ෂණ සිදුකළේය. තමා ඉදිරියේ ඇති තිරයේ යම් සළකුණක් සටහන් විය. ඒ ඔහු මොහොතකට පෙර ඉහළ අහසට යවන ලද සංඥාවකට ප‍්‍රතිචාරයක් බව වොට්සන්ට තේරුම් ගියේය. එළිමහනට විත් අහස දෙසට නෙත් යොමුකළ ඔහු පුදුමයට පත්විය.
    එයට හේතුව වූයේ ඉහළ අහසේ පියාසර කරමින් තිබූ ගුවන් යානයකි. ගුවන් යානය සීමාව පසුකර යන විට තිරයේ තිබූ සලකුණ ද මැකී ගියේය. ප‍්‍රීතියෙන් ඉපිල ගිය වොට්සන් තවදුරටත් පරීක්‍ෂණ සිදුකළේය.රේඩාර් ක‍්‍රමයේ උපත මෙලෙස සිදුවිය.රේඩාර් යනු ඇසට නොපෙනෙන දුරකින් අහසේ හෝ මුහුදේ හෝ ගමන් කරන කිසියම් යාත‍්‍රාවක් හඳුනාගැනීම සඳහා යොදා ගන්නා උපකරණයකි. වේගයෙන් ගමන් කරන විද්‍යුත් තරංග ඈත පිහිටි එම වස්තුවේ ගැටී නැවත පැමිණීම මෙහිදී සිදුවේ. එසේ තරංගය ගොස් නැවත පැමිණීමට ගතවන කාලය අනුව අදාල වස්තුව ගමන් කරන දුර තීරණය වේ.තරංගවල චලනය අනුව දිශාව තීරණය වේ. 20 වන සියවසේ ප‍්‍රබල සොයා ගැනීමක් ලෙසට මෙම රේඩාර් ක‍්‍රමය ප‍්‍රචලිත විය.(Radio Detecting and Rangin) යන වචනයේ මුල් අකුරු උපයෝගී කරගෙන රේඩාර් (Radar) යන නම සෑදී ඇත.මුල් අවදියේ තමාගේ මෙම සොයා ගැනීම ප‍්‍රකට කිරීමට වොට්සන් අකමැති විය. එයට හේතුව වූයේ යුද කටයුතු වලදී රේඩාර් ක‍්‍රමය මහත් අවියක් වන බැවිනි. එහෙත් හිට්ලර් බි‍්‍රතාන්‍යයට එරෙහිව යුද වැදීමට තීරණය කිරීමත් සමගම වොට්සන්වොට් තම සොයා ගැනීම ප‍්‍රකාශයට පත් කළේය. මුල් අවදියේදී බි‍්‍රතාන්‍ය බලධාරීන් එය විශ්වාස නොකළ අතර වොට්සන්වොට් ඔවුන් ඉදිරිපිට තම සොයා ගැනීම ගෙනහැර දැක්විය.ඉන් පැහැදුණු බි‍්‍රතාන්‍ය රජය සුදුසු ස්ථානයක් හා අවශ්‍ය මෙවලම් වොට්සන් වොට්ට ලබාදුනි. මේ අපූරු සොයා ගැනීම නිසා යුද සමයේදී බි‍්‍රතාන්‍යයට සිදුවීමට තිබූ අලාභ 50% කින් අවම කර ගැනීමට ඔවුනට හැකි විය.එසේම යල් පැන ගිය ආරක්‍ෂක ක‍්‍රම ඉවත් කළ බි‍්‍රතාන්‍ය රජය මුළු රාජ්‍යයම රේඩාර් ක‍්‍රමයෙන් ආවරණය කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1940 දී මුළු බි‍්‍රතාන්‍යයම රේඩාර් මධ්‍යස්ථාන 50 කින් ආවරණය විය. ඇලෙක්සැන්ඩර් වොට්සන් - වොට්ගේ මෙම සොයා ගැනීම වර්තමානය වන විට යුද කටයුතුවලට පමණක් නොව සිවිල් කටයුතු වලටද ලොව පුරා යොදාගෙන ඇත.


    tumblr_nvyd3aHMQC1szqwnwo1_1280.jpg


    _74825106_watson_watt_02_fr.jpg
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya