DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _2 - ෆයිල් සමග සෙල්ලම්

ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _2 - ෆයිල් සමග සෙල්ලම්

ෆයිල් සමග සෙල්ලම් කරන්න කලින් ඔන්න මුලින්ම මම කියනදේ හොදට හිතේ තියාගන්න. UNIX / Linux system එකක හැම දෙයක්ම සලකන්නේ File එකක් විදියට . ඇත්තම කියනවනම් Directory එකත් සලකන්නෙ ෆයිල් එකක් විදියට. monitor එක , mouse එක, printer එක, මෙකි නොකී හැමදේම Linux වලදි ෆයිල් එකක් විදියට තමා සලකන්නෙ . අපි Linux සවර් එකකට USB ෆ්ලෑෂ් drive එකක් කනෙක්ට් කලත් Linux ඒක සලකන්නෙත් File එකක් විදියට . ඇත්තටම Linux වලදි හැම මගුලක්ම ෆයිල් එකක් කියල කිව්වත් වැරදි නෑ .

ඊළගට අපි ෆයිල් සිස්ටම් එක ගැන පොඩ්ඩක් දැනගනිමු . Linux ෆයිල් සිස්ටම් එක ආරම්බ වෙන්නේ "/" මෙන්න මේ slash එකකින් පෙන්නන ඩිරෙක්ටරි එකෙන් මේකට කියන්නේ "root " කියල. මතක තියාගන්න මේකට කටින් විතරයි root කියල කියන්නේ. root ඩිරෙක්ටරි එක පෙන්නුම් කරන්නේ "/" එකෙන්. "/" එකෙන් තමයි අනෙක් ඩිරෙක්ටරි පටන් ගන්නෙ. ඇත්තම කියනවනම් "/" එක (root ඩිරෙක්ටරි) ඇරුනම තියෙන සියලුම ඩිරෙක්ටරි sub-directories .
මතක තියාගන්න මේන්නමේ sub-directories ටික සියලුම UNIX / Linux සිස්ටම් වල දැකගන්න පුළුවන්.
bin , lib , usr , etc , tmp , dev
අපි මේ ඩිරෙක්ටරි ටික මෙන්න මේ විදියට තමා නිරුපනය කරන්නෙ .
/bin
/lib
/dev
/etc
/usr
/tmp

මේ විදියට නිරුපනය කලවිට් අපිට හිතෙන්නෙ මේ සියල්ලම "root" ඩිරෙක්ටරිය ඇතුලෙ තියෙන සබ් ඩිරෙක්ටරි විදියටයි. ඒක හරියටම හරි.

දැන් මම කියන්න යන්නෙ ඉහත පෙන්නලා තියෙන directory වල කාර්‍යයන් .
1) bin - Binary executable files තැම්පත් කරල තියාගන්නෙ මෙන්න මෙතැනයි .
2) lib - Library files තැම්පත් කරතැබිම
3) dev - Device related files තැම්පත් කරතැබිම උදාහරණයක් ලෙස සිස්ටම් එකට සම්බන්ද කරතිබෙන එක එක device එකට වෙන වෙනම ෆයිල් එකක් තියා ගන්නවා.
4) etc - සිස්ටම් එකේ තියෙන applications වලට අදාල configuration ෆයිල් තියාගන්නේ මෙන්න මෙතන. ඉදිරියේදි ඔයාලට මේගැන වැඩි විස්තර දැක බලාගන්න පුළුවන්.
5) usr - මේක ඇතුලේ තමයි root ගෙ හැර අනෙකුත් users ලගෙ home ඩිරෙක්ටරි පවත්වාගෙන යන්නේ . root ගෙ home ඩිරෙක්ටරි එක වෙන්නෙ "/root" හොදද. වර්ථමානයේ අපි බාවිතා කරන සියලුම Linux Distro වල users ලගෙ home ඩිරෙක්ටරි ටික තියාගන්නෙ /home ඩිරෙක්ටරිය ඇතුලෙ . (මේ පිළිබද පැහැදිලි කිරීමක් සදහා )
6) tmp - යුසර්ස් ල හා සිස්ටම් එක හදන temporary ෆයිල් තබාගන්නේ මෙතන තමයි.

දැන් ඔයාලට Linux ෆයිල් system එක ගැන හොද අවබෝදයක් තියෙන නිසා අපි කෙලින්ම ෆයිල් සමග සෙල්ලම පටන් ගනිමු .
මම මෙහිදී ඔයාලට වැදගත්වෙන කමන්ඩ්ස් ටික කියල දෙන්නම් .

1) touch
අපිට මේ කමාන්ඩ් එක බවිතකරලා zero bytes ෆයිල් එකක් හදාගන්න පුළුවන් .
touch my_new_file
අපිට ls -l කමාන්ඩ් එකෙන් හදපු ෆයිල් එක තියෙනවද කියල බලාගන්න පුළුවන් . ls ගැන වැඩිවිස්තර ඉදිරියට .

nix@Dell ~/UNIX $ touch my_new_file
nix@Dell ~/UNIX $ ls -l
total 0
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:07 my_new_file
අපිට touch කමාන්ඩ් එකෙන් එකවිට ෆයිල් කිහිපයක්ම හදාගන්න පුළුවන් මෙන්න මෙහෙම
nix@Dell ~/UNIX $ touch file1 file2 file3 file4 afile bfile cfile dfile efile
nix@Dell ~/UNIX $ ls -l
total 0
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 afile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 bfile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 cfile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 dfile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 efile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file1
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file2
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file3
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file4
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:07 my_new_file

"my_new_file" එක මම හැදුවේ මුල්ම කමාන්ඩ් එකෙන් .

2) cat
අපිට cat කමාන්ඩ් එකෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන්. 1වන එක තමා අලුතින් text ෆයිල් එකක් හදාගන්න පුළුවන් , මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ .
cat > my_new_file2 ටයිප් කරලා enter කී එක press කරන්න. ඊළගට අපිට අවශ්‍ය text ටික ටයිප් කරල අන්තිමට Ctrl D ප්‍රෙස් කරන්න. Ctrl කී එක එක්ක D කී එක ප්‍රෙස් කරාම cat ඇප්ලිකේෂන් එක තේරුම් ගන්නවා EOF (end-of-file) කියල ඒ සමගම ෆයිල් එක save වෙනව.

nix@Dell ~/UNIX $ cat > my_new_file2
line 1
line 2
line 3
line 4
line 5
nix@Dell ~/UNIX $ ls -l
total 4
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 afile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 bfile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 cfile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 dfile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 efile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file1
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file2
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file3
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file4
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:07 my_new_file
-rw-r--r-- 1 nix nix 35 Jun 17 02:20 my_new_file2

2 වන එක තමා cat කමාන්ඩ් එකෙන් ෆයිල් එකේ අන්තර් ගත දේවල් display කරගන්න පුළුවන්, මේක හොදට මතක තියාගන්න. අපිට නිතරම මේක බාවිතාකරන්න වෙනවා .
nix@Dell ~/UNIX $ cat my_new_file2
line 1
line 2
line 3
line 4
line 5
දැක්කද ? අපිට cat මගින් my_new_file2 එක ඇතුලෙ තියෙන දේ දැනගන්න පුළුවන් වුනා.

අපි තව එකක් ට්‍රයි කරලා බලමු.
cat /etc/issue අපිට මේකෙන් අපේ OS එකේ විස්තර දැනගන්න පුළුවන් .

nix@Dell ~ $ cat /etc/issue
Linux Mint 18.1 Serena \n \l
මෙන්න මේකත් ට්‍රයි කරන්න .
cat /proc/cpuinfo අපිට මේකෙන් අපේ server එකේ CPU එක ගැන සියලුම විස්තර දැනගන්න පුළුවන් .

දැන් ඔයාලට තේරෙනවා නේද cat එකෙන් තියෙන පොඩි පොඩි ප්‍රොයෝජන .

3වන දේ තමා cat මගින් අපිට ෆයිල් කිහිපයක අන්තර්ගතය එක ෆයිල් එකකට ගන්න පුළුවන්. සිංහලෙන් කියනවනම් ෆයිල් කිහිපයක් එකතුකරලා තනි ෆයිල් එකක් හදාගන්න පුළුවන්.
මම දැන් my_new_file3 කියල ෆයිල් එකක් හදල වැඩේ කරන්නම් .

nix@Dell ~/UNIX $ cat > my_new_file3
line 21
line 22
line 23
line 24
line 25

දැන් මම my_new_file2 සහ my_new_file3 එකට එකතු කරන්න යන්නේ . මෙන්න මෙහෙමයි වැඩේ කරන්නෙ
cat my_new_file2 my_new_file3 > my_new_big_file

nix@Dell ~/UNIX $ cat my_new_file2 my_new_file3 > my_new_big_file

දැන් අපිට my_new_big_file කියල ෆයිල් එකක් හැදිලා තියෙන්න ඕන . හරි දැන් අපි බලමු මොනවද my_new_big_file එක ඇතුලේ තියෙන්නෙ . එකටත් අපිට cat යොදාගන්න පුළුවන් .

nix@Dell ~/UNIX $ cat my_new_big_file
line 1
line 2
line 3
line 4
line 5
line 21
line 22
line 23
line 24
line 25

දැන් ඔයාලාට පැහැදිලියිනෙ වැඩේ .

3) cp
අපි cp බාවිතා කරන්නේ ෆයිල් එක තැනකින් තව තැනකට කොපි කරන්න. ඒ වගේම එකම ෆයිල් එකේ පිටපත් කිහිපයක් සාදාගන්න .
cp my_new_file3 my_new_file3.a
cp my_new_file3.a my_new_file3.b
cp my_new_file3.a my_new_file3.c
cp my_new_file3.a my_new_file3.d


4) rm
අපි rm කමාන්ඩ් එක බාවිතා කරන්නේ ෆයිල් එකක් delete කරන්න
rm my_new_file3.d මගින් අපිට my_new_file3.d ෆයිල් එක delete කරගන්න පුළුවන්.
nix@Dell ~/UNIX $ rm my_new_file3.d
nix@Dell ~/UNIX $

5) mv
අපි mv කමාන්ඩ් එක බාවිතා කරන්නේ ෆයිල් එකක් rename කරන්න සහ එක තැනක තියෙන ෆයිල් එකක් වෙනත් තැනකට move කරන්න තමයි. (ෆයිල් එකක් move කරාම ෆයිල් එක තිබුන තැනින් delete වෙනවා)
mv my_new_file3.c I_am_old_my_new_file3.c

nix@Dell ~/UNIX $ mv my_new_file3.c I_am_old_my_new_file3.c
දැන් අපි බලමු my_new_file3.c ඉතුරුවෙලා තියෙනවද කියල .

nix@Dell ~/UNIX $ cat my_new_file3.c
cat: my_new_file3.c: No such file or directory

හම් , my_new_file3.c හොයාගන්න බැ වගේ, එකියන්නේවැඩෙ කියල, දැන් බලමු "I_am_old_my_new_file3.c" කියල ෆයිල් එකක් තියෙනවද කියල .

nix@Dell ~/UNIX $ cat I_am_old_my_new_file3.c
line 21
line 22
line 23
line 24
line 25

ඔව් "I_am_old_my_new_file3.c" කියල ෆයිල් එකක් තියෙනවා.

cp , rm සහ mv වලින් ෆයිල් විතරක් එක්ක නොවේ directory එක්කත් සෙල්ලම් කරන්න පුළුවන්, ඒ ගැන ඊලග පාඩමෙන් කියල දෙන්නම්

ඩිරෙක්ටරි සමග සෙල්ලං වලින් හමුවෙමු .
DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _3 - ඩිරෙක්ටරි සමග සෙල්ලම් කිරීමට මොහොතකට පෙර
ස්තුතියි .
 
Last edited:

qacareer

Member
Jun 13, 2017
105
9
0
5) usr - මේක ඇතුලේ තමයි root ගෙ හැර අනෙකුත් users ලගෙ home ඩිරෙක්ටරි පවත්වාගෙන යන්නේ . root ගෙ home ඩිරෙක්ටරි එක වෙන්නෙ "/root" හොදද

Some linux distros its the /home directory like /home/user1
 

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
/usr කියන්නේ user කියන එක කෙටි කරලද නැත්නම් universal system resources කියන එකද..?

එල වැඩක් මචන්. දිගටම කරගෙන යන්න. 🤗
You have given out too much Reputation in the last 24 hours, try again later.
 

ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
5) usr - මේක ඇතුලේ තමයි root ගෙ හැර අනෙකුත් users ලගෙ home ඩිරෙක්ටරි පවත්වාගෙන යන්නේ . root ගෙ home ඩිරෙක්ටරි එක වෙන්නෙ "/root" හොදද

Some linux distros its the /home directory like /home/user1
ඔව් , ඔයා හරි . වර්තමානේ අපි බාවිතා කරන Linux සියල්ලගෙම වගේ /home එක ඇතුලෙ තමා යුසර්ස් ලගෙ home ඩිරෙක්ටරි එක තියෙන්නෙ. අපි හිතමු saman කියල යුසර් කෙනෙක් ඉන්නවා කියල , එතකොට සමන් ගේ home ඩිරෙක්ටරි එක තියෙන්නේ /home එක ඇතුලෙ /home/saman විදියට .
නමුත් root කියන කෙනාගෙ home ඩිරෙක්ටරි එක වෙන්නේ /root .
UNIX වලට /usr හදුන්වල දුන්නෙ මුලින්ම users ලගෙ home ඩිරෙක්ටරි පවත්වගෙන යන්න දැන් මෙම තත්වය වෙනස් වෙලා තියෙන විදිය ගැන අලුතෙන් user කෙනෙක් හදන ආකාරය ගැන කියල දෙනකොට ඉදිරියේදි වෙනම කතා කරනව. ඔයා මේ කරුණ මතුකරපු එක හොදයි . ස්තුතියි .
 

ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
/usr කියන්නේ user කියන එක කෙටි කරලද නැත්නම් universal system resources කියන එකද..?

එල වැඩක් මචන්. දිගටම කරගෙන යන්න. 🤗
You have given out too much Reputation in the last 24 hours, try again later.
ඇත්තටම /usr හැදිල තියෙන්නෙ "User System Resources" කියන එක කෙටි කරල . එත් අද කාලෙ කවුරුත් කියන්නේ user කියන එකෙන් හැදුන කියල . කොහොමවුනත් එකෙ තියෙන්නේ users ගේ දේවල්නෙ :)
 

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
ඇත්තටම /usr හැදිල තියෙන්නෙ "User System Resources" කියන එක කෙටි කරල . එත් අද කාලෙ කවුරුත් කියන්නේ user කියන එකෙන් හැදුන කියල . කොහොමවුනත් එකෙ තියෙන්නේ users ගේ දේවල්නෙ :)

එල. දිගටම ලියන්න. :rolleyes: