ඔබ ඥාණවන්තයෙකු නම් පමණක් කියවන්න-1

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    ඔබ ඥාණවන්තයෙකු නම් පමණක් කියවන්න-1

    please bump and share :):yes: oyalata bohoma pin :)
    source - sovanmaga.blogspot


    7e7dc1d40a25bf986ef58fa64f5c7a4b.jpg

    මෙය ඔබේ සිත සැහැල්ලුවෙන් ඇති වෙලාවක කියවන්න. කිහිප වරක් කියවීමෙන් වඩාත් හොඳින් අවබෝධයක් ලැබෙනු ඇත. ඉන් පසුව එම කරුණු ගැන ඔබම සිතා බලන්න. කියවීමටත් වඩා එම කරුණු ගැන හොඳින් සිතා බලා ඔබ ඒ ගැන නිගමනයකට ඒම ඉතා වැදගත් වේ. මෙම ලිපිය පිටපත් කිරීමට, බෙදා හැරීමට, වෙනත් බ්ලොග් වල පලකිරීමට හෝ අන් පාඨකයන් අතට පත් කිරීමට හැකි ඕනෑම දෙයක් කිරීමට ඕනෑම අයකුට අයිතිය ඇත.


    මේ දැන්ම ගතයුතු තීරණයක්


    මිනිසෙකු ලෙස ඉපදී සිටින අපි විසින් කළයුතු කුමක් දැයි හෝ එසේ මිනිසෙකු ලෙස ඉපදී ඇත්තේ ඇයි දැයි ඔබට කවදා හෝ සිතී ඇත්ද? ඔබේ පිලිතුර ඔව් නම් එම කුතුහලය දනවන ප්‍රශ්ණයට පිලිතුරක් සොයා ගැනීමට පහත කරුණු ගැන සිතන්න.


    1. මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමට ඇත්තේ කණ කැස්බැවකු විය සිදුරෙන් අහස බැලීමේ සම්භාවිතාවයට වඩා අඩු සම්භාවිතාවක් බව බුදු රදුන් කියා ඇත. එවන් දුර්ලභ දෙයක් එනම් මනුෂ්‍ය ආත්මයක් ඔබ ලබා ඇත.

    2. අබාධිත හෝ මන්ද බුද්ධික ඉපදීමක් නොලබා සාමාන්‍ය මනුෂ්‍ය භවයක් ලැබී ඇත.


    3. සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා කිසියම් දෙයක් වටහා ගැනීමට හැකිවන ප්‍රඥාවක් සහිතව ඉපදී ඇත.


    4. බුදු දහම කිසියම් කාලයක් පැවතී නැතිවී ගොස්, නැවත බුදු වරයෙකුගේ පහලවීමක් ඇතිවන තෙක් හොඳ නරක කියාදෙන ආගම් පමණක් ලොවේ පවතී. ඔබ අනන්තවත් වාර ගණනක් එවන් කාල වල මනුෂ්‍ය ආත්ම ලබා තිබෙන්නට පිළිවන. ඔබ බුදු දහම ඇතිකාලයක ඉපදී ඇත.

    5. බුදු දහම අද තිබුනත් ලෝකයේ බොහෝ දෙනෙක් ඉපදී ඇත්තේ බුදු දහම ඇසෙන මානයක නොවේ. ඒ අතින් ඔබ බුදු දහම් ඇසෙන මානයක ඉපදී ඇත.


    6. බුදු දහම් ඇසෙන මානයක ඉපදී ඇතත් එම දහම් ඇසුරු කිරීමට, බණ ඇසීමට, ඒ ගැන කල්පනා කිරීමට අවස්ථාවක් නොලැබෙන අය සිටිය හැක. එම අවස්ථාව ඔබට ලැබී ඇත.


    ඉහත කරුණු සියල්ලම සම්පූර්ණ වී ඉපදීමට ඔබ වාසනාවන්ත වී ඇතිබව ඔබට වැටහෙනු ඇත. ඇත්ත වශයෙන්ම එය වාසනාවක් නිසා සිදුවූ දෙයක් නොව ඔබ විසින්ම පසුගිය භව වල රැස් කරගන්නා ලද කුසල් සහ එම භව වලදී ඔබ විසින්ම පතනා ලද පරිදි ඔබ මෙම භවය ඉහත කරුණු සම්පූර්ණ වී ඉපදී ඇතැයි කීම වඩාත් නිවැරදිය.

    ඉහත කරුණු සියල්ලම සම්පූර්ණ වී ඔබ ඉපදී ඇත්තේ බුදු දහමට පමනක් සුවිශේශී වූ සත්‍යයක් සහ ඉගැන්වීමක් වන සසරින් පිටවන මාර්ගය ගැන සොයා ගැනීමට, ඉගෙනගැනීමට සහ එම මාර්ග ප්‍රගුණ කිරීමට බව වටහා නොගත්තොත් කරන්නේ ඔබ ලබා ඇති සුවිශේශී ඉපදීම නාස්තිකර දැමීමකි. ඔබ ඔබේ අතේ අද ඇති මුදල් නාස්තිකර දැමුවොත් ඔබට හෙටත් තවත් මුදල් ලැබෙනු ඇත. ඉහත කරුණු හයම සම්පූර්ණවූ මනුෂ්‍ය ආත්මයක් ඔබට නැවත ලැබෙන්නේ කවදාදැයි සිතා ගැනීමටවත් නොහැකි බව ඔබට

    වැටහිය යුතුය.


    බුදු දහමේත් අනිකුත් ආගම්වලත් ඇති වෙනස


    හොඳ සහ නරක වෙන් කර උගන්වන ආගම් හා ඇදහීම් සෑම කාලයකම ලොවේ තිබේ. එම ආගම් අනුගමනය කළහොත් සංසාරය තුලම දේව සහ බඹ ලෝක වලට යා හැක. බෞද්ධ ධර්මයේත් සිල් රැකීම පිලිබඳව සහ සහ පවු කිරීමේ ආදීනව කියාදෙයි. ඒවා පමණක් අනුගමනය කළහොත් සිදු වන්නේද දිව්‍ය ලෝක බ්‍රහ්ම හෝ ලෝකවල ඉපදීමටයි. එහෙත් එම ලෝකවල ආයුෂ අවසන් වූ පසු පෙර කර්ම උඩ නැවත නැවතත් නිරයට වැටීමට සිදුවීමේ අවදානම එලෙසම පවතී.

    නිරයට වැටීම සහමුලින්ම නැතිකරන සහ නැවත ඉපදීම වැඩිම වශයෙන් භව හතකට සීමා කරන සසරින් එතෙර වන ක්‍රමය හෝ මාර්ගය කියාදෙන එකම දහම වන බුදු දහම හමුවන්නේ බුද්යෝත්පාදක කාලයකදී පමණි.


    බොහෝ බෞද්ධයන් මෙන් ඔබත් සමහරවිට පින් පුරවමින් භවය ගෙවන අයකු විය හැක. ඔබ වටහා ගත යුතු කරුණ වන්නේ එක් අතකින් පින් යනු පවු වලට සමාන දෙයක් බවයි. පවු මෙන්ම පින් පලදීමටත් නැවත ඉපදීමට සිදුවේ. සිල් පද රකිමින් පින් පුරවමින් යන අය මීලඟ භවයේ දිව්‍ය ලෝක හයෙන් එකක ඉපදීමට ඇති ඉඩ ඉතා ඉහලය. මනුෂ්‍ය ආත්මයක ආයුෂ අවුරුදු 80-100 ක් පමණ වූවත් සමහර දිව්‍ය ලෝක වල ආයුෂ ඉතා දිගය. ධ්‍යාන ආදිය ප්‍රගුණ කරමින් සිටිනා අය බ්‍රහ්ම ලෝක විසි එකෙන් එකක ඉපදීමට ඉඩ ඇත. එම ලෝකවල ආයුෂද ඉතා දිගය.


    එමෙන්ම ඔබ ඉහල තල වලට යාමට පින් පුරවන්නෙක් නම් ඔබෙත් අන් (හොඳ නරක පමණක් කියාදෙන) ආගම් අදහන අයගේත් වැඩි වෙනසක් නැත.


    දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉපදීමට උත්සාහ කිරීම අයුතු දෙයක්ද?


    එම ලෝක වල ඉපදීමට පින්දම් පිරීම හෝ ධ්‍යාන වැඩීම කිසිසේත්ම අයුතු දෙයක් නොවේ. එසේ වුවත් අපි දෙව් ලොව හෝ බඹ ලොව යනවානම් යා යුත්තේ සෝවාන් මාර්ගයට ඇතුළුවී එයින් පසුව ඉපදීමට සිදුවන (වැඩිම වශයෙන්) ආත්ම හතෙන් එකක හෝ කිහිපයක මිස සංසාරයේ සිටිමින්ම ලබන ආත්ම වල නොවේ. සංසාරයේ සිටිමින්ම දෙව් ලොව හෝ බඹ ලොව යාමෙන් සිදුවන්නේ තවත් කෝටි ප්‍රකෝටි ආත්ම ගණනකින් සංසාරය දික් කර ගැනීමකි.


    තවද සෝවාන් මාර්ගයට පිවිසීමෙන් පසුව නැවත කිසිදාවත් අපාගතවීමේ අවදානමක් නැත. බුදු රදුන් පවසා ඇති පරිදි නිරය කෙනෙකුගේ නිවස මෙනි. අපි කොහේ ගියත් නැවත ගෙදර ඒමට සිදුවේ. එසේම අපි ජීවිතයෙන් වැඩිම කාලයක් ගෙවන්නේ නිවසේදීය. එමෙන්ම සංසාරයේදීද අපට වැඩිම කාලයක් නිරයේ ගෙවීමට සිදුවේ. සංසාරය දික් කර ගැනීමෙන් අති විශාල වාර ගණනක් නිරයේ, ප්‍රේත ලෝකවල, තිරිසන් ලෝක වලද ඉපදීමට ස්ථීර වශයෙන්ම සිදුවේ. එම හේතුවම මිනිස්කම ලැබූ මේ භවයේදීම සංසාරයෙන් පිටවීමට කටයුතු සලසා ගැනීමට හේතුවකි.


    මේ භවයේ අවසන ඔබ දිව්‍ය ලෝකයකට හෝ බ්‍රහ්ම ලෝකයකට ගියහොත් දීර්ඝ කාලයක් ඒ තල වල ගත කර ගතකර නැවත මනුෂ්‍ය ආත්මයක් ලබනවිට එම ඉපදීම මුලින් සඳහන් කළ කරුණු (2- 6) සම්පූර්ණ වී ඉපදෙන බවට සහතිකයක් නැත. එමනිසා එම කරුණු සම්පූර්ණ කරමින් මනුස්ස ආත්මයක් මෙම භවයේ ඔබ ලබා ඇති එකම හේතුව සසරින් එතෙරවීමට අවශ්‍ය සෝවාන් මාර්ගයට ඇතුළුවීම බවට ඔබට තේරුම් නොගිගොත් එය මහත් අවාසනාවකි.


    මෙම භවයේදීම සෝවාන් මාර්ගයට ඇතුළුවීම පසෙක තබා දෙව් ලොව හෝ බ්‍රහ්ම ලෝකවලට යාමට පින් පුරවන අය සිහියට ගත යුතු කරුණු මතක් කරගමු;


    1. බුදු දහම පවතින කාලයකදී හැර සසරින් එතෙර වීමේ මාර්ගය සොයා ගත නොහැක.


    3. දිව්‍ය ලෝක වලදී හෝ බ්‍රහ්ම ලෝක වල සැප ගෙවා වසර ලක්ෂ ගණන් වූ අයුෂ අවසන් වූ පසුව පෙර කර්ම මත නිරයේ වැටීමට හෝ තිරිසන් හෝ ප්‍රේත ආත්ම වල ඉපදීමට ඉඩ ඇත. එක භවයක් අවසන්වී තවත් භවයක උපත ලබද්දී එම උපදින භවය තීරණය වන්නේ චුති චිත්තය අනුවය. එසේ හෙයින් මීලඟ භවයේදී දෙව් ලොව උපත ලැබුවත් නැවතත් දහස් වාරයක් නිරයට වැටීමට සිදුවන කර්මයන් දැනටමත් පෙර සංසාරයේදී අප අතින් සිදුවී තිබෙන්නට පුළුවන.


    4. එම ලෝකවල ආයුෂ වසර දස දහස් ගනන් බැවින් නැවත මනුස්ස භවයක් ලැබුවත් එසේ නැවත මිනිස් භවයක් ලබන කාලයක බුදු දහම නොපැවතියහොත් සසරින් එතෙර වීමට නොහැකිවනු ඇත.


    වරක් බුදු රදුන් කඩියන් පේලියක් දෙස බලා එහි සිටින කඩියන් සියළු දෙනාම සංසාරයේදී සක්විති රජකම දරා ඇති බව ආනන්ද තෙරුන්ට පවසා ඇත. එසේ නම් අප සියළු දෙනාමත් සක්විති රජකම මෙන්ම කෝටි වාරයක් දෙව් ලොව සහ බඹ ලොව ඉපදී සිටින්නට ඇත. මේ භවයෙදීත් සිල් රකිමින් හොඳ ජීවිතයක් ගත කලහොත් නැවතත් දෙව් ලොව හා බඹ ලොව යාමට හැකිය. අප අනන්ත වාරයක් කලින් ගිය දිහාවල් වලට යාමට මේ බවයේදීත් පින් පුරවින් උත්සාහ කරන්නේ කුමටද?


    එම නිසා බුද්යෝත්පාදක කාලයක, මනුස්ස භවයක් ලබා ගැනීමට සහ බුදු බණ ඇසෙන රටක ඉපදීමට දුර්ලභ අවස්ථාවක් ලබා ගත් අපි කලයුත්තේ සසරින් එතෙර වීමට උත්සාහ කිරීමට ලැබුණු අවස්ථාව අපතේ නොහැරීමයි. එයට ප්‍රධානතම හේතුව මෙම අවස්ථාව මගහැරියොත් ඊලඟ අවස්ථාව ලැබෙන්නේ මොන කල්පයේ දැයි කිව නොහැකි බැවිනි. දිව්‍ය ලෝකවල හෝ බ්‍රහ්ම ලෝකවල ඉපදීමට උත්සාහ කරන අතරේ සෝවාන් මාර්ගයට පිවිසීම අනිවාර්ය බව මෙයින් ඔබට පැහැදිළි විය යුතුය.


    Darmaya danna EK mithurange magapenweema matha uputaagath lipiyak wana mema lipiyehi karunu kihipayak maa wisin wenas kara atha.
     
    Last edited:

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    පොඩි ප්‍රශ්නයක් තියේනවා, දේදෙව් ලොවට අධිපති සක්දෙවිඳු සොවාන් උනේ දිවයලෝකයේදී නේද..?
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    මොකද බං දිව්‍යලෝකෙදි නිවන් දකින්න බැරි, අසංඥ සත්ත හා අරූප බ්‍රහ්ම ලෝක වලදි විතරයි නිවන්දකින්න බැරි. 1000ක් සක්වල සත්වයෝ නිවන්දැක්කයි කියනවා දම් සක් පැවතුන් සූත්‍රයේදී.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොකද බං දිව්‍යලෝකෙදි නිවන් දකින්න බැරි, අසංඥ සත්ත හා අරූප බ්‍රහ්ම ලෝක වලදි විතරයි නිවන්දකින්න බැරි. 1000ක් සක්වල සත්වයෝ නිවන්දැක්කයි කියනවා දම් සක් පැවතුන් සූත්‍රයේදී.
    1.diwiya loka waladi niwan dakinna puluwan.pera jathi sihi kirima wage hakiyawan magin manussa jathiyedi ahu saddarmaya matak karala sowan wenna puluwan.tawa manussayanta kiyana dharmadeshana srawanayata awith ewa ahala sowan wenna puluwan.tawa anagaami brahmayo karana darma desana walinuth sowan wenna puluwan:baffled:

    2.man danna taramin anagami nathi arupaawachara brahmayonta niwandakinna ba ..hethuwa rupayak na asa kana nathuwa saddarmaya srawanaya karanna ba :)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤


    සසරින් එතෙර වන මාර්ගයට ඇතුලුවීමට හැක්කේ මනුෂ්‍ය ආත්මයකදී පමණක් බව දැනටමත් දන්නා හෝ වටහා ගන්නා ඔබ ඒ අනුව ක්‍රියා නොකොට නොකොට දෙව් ලොව හෝ බ්‍රහ්ම ලෝකවලට යාමට පින් පින් පුරවමින් ලැබී ඇති අවස්ථාව නාස්තිකර දමන්නේ ඇයි?. එමෙන්ම ඔබ ඉහල තල වලට යාමට පින් පුරවන්නෙක් නම් ඔබෙත් අන් (හොඳ නරක පමණක් කියාදෙන) ආගම් අදහන අයගේත් වැඩි වෙනසක් නැත.

    කොටි ලක්ෂයක් සක්වලට එක බුදු කෙනෙක් පහල වෙද්දී 10000 සක්වලින් දෙවිවරුන් රූපාවචර බ්‍රහ්මයන් ඇවිත් බන අහල සෝවාන් උනා ..ඒ නිසා මේක දෙව් ලොව රූපාවචර බ්‍රහ්ම ලෝක වලදීත් සෝවාන් මගපලයට පැමිණිය හැකි ලෙස වෙනස් වෙන්න ඕන නේද සගය?

    දෙවිලොවේ පල දෙන පින් වැඩි ඒ වෙලාවට අවිද්‍යාවෙන් වැහෙන එක වැඩි ඒ නිසා දෙව්ලොව මගපලයක් අවබෝදකරාගැනීමේ හැකියවනම් සාපේක්ෂව අඩුයි නේද යාළුවා ??
    බුදුහාමුදුරුවෝ එක තැනක කියලා තියනවා මිනිස් ලොව අය ප්‍රච්නාවෙන්(මේක ටයිප් කරන්න බැ :()අග්‍රයි ..තව්තිසාවේ අය රුපෙන් අග්‍රයි කියලා :)

    කොහොම නමුත් දුක් විදින සත්වයන් ගලවා ගැනීමට ඔබ ලියු මේ ලිපියට බොහොම පින් :)
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Machan sowan wene mahane wenme onede:):)
    කොහෙත්ම නැ උපාසකයන්ට උපාසිකාවන්ට සෝවාන් වෙන්න පුළුවන් ,අප අතර සෝවාන් ගිහි උතුමෝ වත්තමානයේ ඉන්නවා .ඒ නිසා උත්සාහ කරන්න ,නැතිනම් බොහොම ඉක්මනට හෝ පසුව පෙරේත නිකායක හෝ මහා දුගතියක දුක් විදින්න අපටත් සිදු වේවි
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    кσяη ησρє;21879032 said:
    පොඩි ප්‍රශ්නයක් තියේනවා, දේදෙව් ලොවට අධිපති සක්දෙවිඳු සොවාන් උනේ දිවයලෝකයේදී නේද..?

    මොකද බං දිව්‍යලෝකෙදි නිවන් දකින්න බැරි, අසංඥ සත්ත හා අරූප බ්‍රහ්ම ලෝක වලදි විතරයි නිවන්දකින්න බැරි. 1000ක් සක්වල සත්වයෝ නිවන්දැක්කයි කියනවා දම් සක් පැවතුන් සූත්‍රයේදී.

    1.diwiya loka waladi niwan dakinna puluwan.pera jathi sihi kirima wage hakiyawan magin manussa jathiyedi ahu saddarmaya matak karala sowan wenna puluwan.tawa manussayanta kiyana dharmadeshana srawanayata awith ewa ahala sowan wenna puluwan.tawa anagaami brahmayo karana darma desana walinuth sowan wenna puluwan:baffled:

    2.man danna taramin anagami nathi arupaawachara brahmayonta niwandakinna ba ..hethuwa rupayak na asa kana nathuwa saddarmaya srawanaya karanna ba :)

    කොටි ලක්ෂයක් සක්වලට එක බුදු කෙනෙක් පහල වෙද්දී 10000 සක්වලින් දෙවිවරුන් රූපාවචර බ්‍රහ්මයන් ඇවිත් බන අහල සෝවාන් උනා ..ඒ නිසා මේක දෙව් ලොව රූපාවචර බ්‍රහ්ම ලෝක වලදීත් සෝවාන් මගපලයට පැමිණිය හැකි ලෙස වෙනස් වෙන්න ඕන නේද සගය?

    දෙවිලොවේ පල දෙන පින් වැඩි ඒ වෙලාවට අවිද්‍යාවෙන් වැහෙන එක වැඩි ඒ නිසා දෙව්ලොව මගපලයක් අවබෝදකරාගැනීමේ හැකියවනම් සාපේක්ෂව අඩුයි නේද යාළුවා ??
    බුදුහාමුදුරුවෝ එක තැනක කියලා තියනවා මිනිස් ලොව අය ප්‍රච්නාවෙන්(මේක ටයිප් කරන්න බැ :()අග්‍රයි ..තව්තිසාවේ අය රුපෙන් අග්‍රයි කියලා :)

    කොහොම නමුත් දුක් විදින සත්වයන් ගලවා ගැනීමට ඔබ ලියු මේ ලිපියට බොහොම පින් :)


    meka mama Copy Paste karapu lipiyak yaluwane. mama newei liyuwe.
    meka kiyawaddi mata hithuna mekanam aniwaryenma share karaganna one kiyala. eka nisa tak gala demme. dan edit karala waradi tika haduwa.

    waradi penwapu yaluwo hamotama bohoma pin.
    :) :yes: