සන්නද්ධ බයිසිකල් කල්ලියක් යාපනය හොල්ලයි

Shand5008

Active member
  • Jul 2, 2017
    195
    74
    28
    සන්නද්ධ බයිසිකල් කල්ලියක් යාපනය හොල්ලයි

    යාපනය, කෝපායි පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට නන්දාවිල් අම්මාන් කෝවිල අසලදී යතුරුපැදිවල පැමිණි නාඳුනන කල්ලියක් විසින් දකුණු ඉන්දියානු ත්‍රාසජනක චිත්‍රපටයක් විලසින් වට කොට කඩු, කිනිසිවලින් ඊයේ (30දා) පහරදී පලා ගොස් තිබේ.
    රාජකාරි කටයුත්තක් සඳහා යතුරුපැදියක නැඟී යමින් සිටි මේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ ගමන හරස් කොට යතුරුපැදි පහක පැමිණි දස දෙනකුගෙන් යුතු නාඳුනන කල්ලිය විසින් මෙසේ ප්‍රහාර එල්ල කොට පලා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

    මුහුණු වසා ගෙන පැමිණි මෙම

    යතුරුපැදි කල්ලිය ඊයේ මධ්‍යහ්න 12.15ට පමණ පහර දීම සිදු කොට පලා ගොස් ඇතැයිද පොලිසිය කියා සිටී.
    පහර කෑමට ලක්වූ මන්නරම ප්‍රදේශයේ පදිංචි සුරේන්ද්‍ර සහ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි ධම්මික යන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

    නිල ඇඳුමින් සැරැසී සිටි මේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා කැපුම් හා තැළීම් තුවාල සහිතව වේදනාවෙන් මාර්ගයේ වැටී සිටියදී ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනාව යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

    බරපතළ තත්ත්වයේ සිටි එක් පොලිස් කොස්තාපල්වරයකුට සැත්කමක්ද සිදු කළ බව යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙක් සඳහන් කළේය.
    යාපනයේ ක්‍රියාත්මක වන 'ආවා ගෘෘප්' කල්ලිය විසින් මේ අමුනාෂික ප්‍රහාරය දියත් කර ඇති බවටද පොලිසිය සැක පළ කරයි.
    දකුණු ඉන්දියානු ත්‍රාසජනක චිත්‍රපට නරඹා ඊට අනුව කඩු කිනිසි, මන්නා, පොරෝ ආදී තියුණු ආයුධවලින් පුද්ගලයන්ට පහර දීම් කටයුතු පසුගිය කාලය පුරාවට 'ආවා ගෘෘප්' කල්ලිය විසින් සිදු කරනු ලැබීය.

    මෙම පහරදීම හරහා ඔවුන්ගේ කල්ලිය ජනප්‍රිය කරවා ගැනීමට සහ ඔවුන්ගේ බලය උතුරු අර්ධද්වීපයේ තහවුරු කර ගැනීමට ඔවුන් මෙවැනි අපරාධ සිදු කරන බවද පොලිසිය සඳහන් කරයි.

    සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා උතුරු පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත පොලිස් කණ්ඩායම් තුනක් යොදා තිබේ.


    :angry::angry::angry::angry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක ඉහාම සුලු සිදිධියක් .බීපු සෙට් අල්ලපු ඔට්ටුවක් නිසා ඕක වෙලා තියෙන්නේ.බොරු නම් අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් අහන්නකො
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හා හා සංහිදියාව බිදෙන කතා එහෙම කියනව නෙවෙයි..... ඕක සුලු සිද්දියක්නේ.......
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,564
    113
    Ape police madya prakashakaya kiyanna puluwan possible pahadili kireem 3 k

    1. Oka beepu kollo set ekak kolukamata karapu wedak.

    2. Gutikaapu police niladhareen samaga athiwu pudgalaika kontharayak.

    3. Ema police niladhareen dedena athara athi wu balinbas weemak duradiga yaamen athiwu gatumak.

    Aparade kiyanna behe thawa tika dawasakin sekakaarayek policiyata baarawela kiyayi mama beela hitiye policiyata gahuwe ottuwakata kiyala.

    Jaffna wala sanhidiyaawa uthuranawa. Ane huke nannane. Koti hukayi hadapane.:angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකනෙ ඉල්ලපු වෙනස...ගෑනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි *න්න රනිල දකුණම විකුනල වෙනස උදාකරනව...යාපනේ ත්‍රස්තවාදි කල්ලි පොලිසියෙ උන්ව කෑලි කපල උතුරින් වෙනස උදාකරනව...ඔහොම යන් සිoහලුන්ට වෙනස ඉක්මනටම උදා වෙනව...මුහුදට පනින්ඩ බලන් ඉමු..
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    oya kee weni parada
    chanda kadeyi kiyala okunwa baba karala thiyanne mehemath sonnayo inna anduwak
    danama okunawa allala hire danma nathnam passata loku karadarayak wenwa