ජෙට් එන්ජිම ගැන ඔබ නොදත් තොරතුරු 02
TURBOSHAFT JET ENGINE
මෙම එන්ජිම ඉහත අපි කතාකළ TURBOPROP එන්ජිමෙහි ක්‍රියාවලියට මුලිමනින්ම සමාන කම් දක්වන අතර,මෙම එන්ජින් බහුලව හෙලිකොප්ටර් සදහා හා විශාල ගුවන් යානාවල පනගැන්වුම් පද්ධති AUXILIARY POWER UNIT සදහා ද යොදා ගනී.මෙම TURBOPROP එන්ජිම සහ TURBOSHAFT එන්ජිම අතර දැකිය හැකි ප්‍රධාන වෙනස නම් TURBOPROP එන්ජිම සහ එහි රෝටරය එක ඒකකයක් ලෙස දැකිය හැක. නමුත් TURBOSHAFT එන්ජිම වෙනමම පිහිටා ඇති අතර ග්‍රමන අක්ෂ දඩු මගින් එකිනෙක සම්බන්ද ව පවතයි.
UNDUCTED PROP FAN
UNDUCTED PROPFAN JET ENGINE මෙම වර්ගයේ එන්ජින් SINGLE PROPELLER සහ COUNTER ROTATING PROPELLER ලෙස වර්ග වන අතර මෙම අවර පෙත්ත සමාන්‍ය ජෙට් එන්ජිමකින් කරකවන අතර එම අවර පෙති බාහිරට නිරාවරණය වී ඇත.එන්ජිම මගින් ඇතිකරන තෙරපුමෙන් 80% වඩා අවර පෙත්ත මගින් ලබාදෙයි.
SINGLE PROPELLER FAN
මෙ ඔබ දකින්නේ තනි අවර පෙත්තක් සහිත ජෙට් එන්ජිමකි. CBA 123 VECTOR ගුවන් යානය සතු GARRETT TPF 351 එන්ජිමයි.
COUNTER ROTATING PROP FAN
මෙහි විශේෂත්වය නම් අවර පෙති පන්ති දෙකක් සහිත විම සහ එම අවර පෙති එකිනෙක විරුද්ධ දිශාවන් වලට ග්‍රමනය වී මයි. මෙම රුපයේ දැක්වෙන්නේ ඇමෙරිකාවේ ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමේ නිෂ්පාදිත GE36UDF එන්ජිමයි.එය බෝයින්7J7 යානයට සවි කරන ලද්දක්.
DUCTED PROP FAN
මෙම වර්ගයේ දී අපි ඉහත කතා කල ආකාරයටම අවර පෙත්ත සහිත එන්ජිම ආවරණය කොට නිපද වා ඇත.එමගින් අවර පෙති මගින් ඇතිවන ශබ්දය අවම කරීමට හැකිබවයි පැවසෙන්නේ. මෙහිද SINGLE සහ COUNTER ROTATING ලෙස එන්ජින් නිෂ්පාදනය වී ඇති අතර මෙම එන්ජිමට සමාන වන TURBOFAN එන්ජින් කරලියට පැමිණීමත් සමග මෙම එන්ජ්ම වසන් වී යන ලදී.
TURBO FAN ENGINE
ටෝබෝ ෆෑන් එන්ජින් යනු මෑත යුගයේ පෙරලියක් ඇති කල එන්ජින් වර්ගයකි. වර්තමානයේ මගින් ප්‍රවාහනය කරන ගුවන්යානා සියල්ලම පහේ බාවිතා වනුයේ මෙම එන්ජින්ය.මන්ද එයත් දැනට නිපදවා ඇති කාර්යක්‍ෂම එන්ජිම නිසා වෙනි. ඒ සදහා විවිධ නිර්නායකයන් සපල කර ගැනීමට මෙම එන්ජිම සමත්ව ඇති බැවිනි.ඉන්දන පරිබෝජනය,ක්‍රියාකාරී හඩ,එන්ජිම මගින් ලබාදෙන තෙරපුම [බලය]සහ ගුවන් යානය දහවනය කල හැකි වේගය යන කරුණු මත පදනම් වී මෙම එන්ජින් මගී ගුවන් යනා සදහා වඩා යෝග්‍ය වී ඇත.කෙසේ වෙතත් මෙම එන්ජින් ද විවිධ නිෂ්පාදකයන් අනුව සහ ඔවුන් යොදාගෙන ඇති ක්‍රම වේදයන් අනුව එන්ජින් වර්ග රාශියක් නිපදවා ඇත. මෙම ටෝබෝ ෆෑන් එන්ජිමෙහි විශේෂත්වය නම් සාමාන්‍ය ජෙට් එන්ජිමකට විශාල FAN එකක් නැත්නම් පංකාවක් ආවරණයක් සහිතව සවි වීමයි.
FORWARD FAN MIXED FLOW
FORWARD FAN යනු පංකාව එන්ජිම ඉදිරි පසින් සවි වීමයි.MIXED FLOW යනු පංකාව මගින් නිකුත්වන සිසිල් වාතය හා ජෙට් එන්ජිමේ දහනය වී රත් උ වාතය පිටාර නොසලය තුලදී මිශ්‍ර වී පිට වීමයි.එමනිසා පිටාර වායු වෙහි උෂ්ණත්වය යම් තරමකට පාලනය ඇත .
FORWARD FAN MIXED FLOW WITH AND WITHOUT AFTER BURNING
මෙහිදී සිදුවන්නේ ඉහත කි එන්ජිමට ආෆ්ටර් බර්නරයක් සවි වීම පමණි.
FORWARD FAN UNMIXED FLOW
මෙහිදී පංකාව මගින් නිකුත් වන වාතය හා ජෙට් එන්ජිමේ දැවුණු වාතය වෙන වෙනමම ජෙට් එන්ජිම තුලින් පිටතට පැමිණෙයි.
FORWARD FAN SPOOL ENGINE
SPOOL යනු ග්‍රමන අක්ෂි දණ්ඩයි. දහනකුටිරයේදී දහනයෙන් පසු පැමිණෙන වාතය ටර්බයිනය මගින් එම වාතයේහි ශක්තිය උරාගැනීම සිදුකරන අතර ටර්බයිනයට සම්බන්ද මෙම අක්ෂි දණ්ඩේහි අනෙක්පසින් සවි වී ඇති කම්ප්‍රේසරය කර කැවීම සිදු කරයි.මෙම එක් එකලසක් SPOOL එකක් ලෙස හදුන් වයි.එන්ජින් නිෂ්පාදකයා අනුව හා ඔවුන් යොදන ක්‍රම වේදය අනුව මෙම එකලස් SPOOL ප්‍රමාණය තීරණය වෙයි.SPOOL 1,2,3සහිත නිර්මාණ දැකිය හැක.පහත 2 SPOOL එන්ජිමේ LOW PRESSURE COMPRESSOR හා සබැදි LOW PRESSURE TURBINE යයි.එහි HIGH PRESSURE COMPRESSOR හා සබැදි HIGH PRESSURE TURBINEයයි.
ROLLS ROYCE TRENT 900 TURBO FAN WITH THREE SPOOL
TURBO FAN HIGH BYPASS RATIO
මෙම එන්ජිමේ විශේෂත්වය නම් පංකාව මගින් ඇති කරනු ලබන තෙරපුම ජෙට් එන්ජිම මගින් ඇති කරන තෙරපුමට වඩා වැඩි වීමයි.එවැනි එන්ජින් HIGH BYPASS RATIO ලෙසද ජෙට් එන්ජිම මගින් ඇති කරන තෙරපුම පංකාව මගින් ඇති කරන තෙරපුමට වැඩ වැඩි එන්ජින් LOW BYPASS RATIO එන්ජින් ලෙස වර්ග කෙරෙයි.මෙහිදී HIGH BYPASS RATIO එන්ජින් ඉහත අපි කතා කල ස්පූල් 1,2,3 ලෙස යොදාගනිමින් එන්ජින් නිපදව ඇති අතර ඒ අනුවද එන්ජින් වර්ග කෙරේ.
HIGH BYPASS RATIO GEARED AND UNGEARED FAN
මෙම පළමු වන රුපයේ දැක්වෙන්නේ GEARED FAN එන්ජිමකි.එනම් පංකාව සම්බන්ද වන්නේ ගියර පද්ධතියක් හරහාය,එමගින් ටර්බයිනය අධි වේගයෙන් කරකවන අක්ෂ දණ්ඩ ට සබැදි මෙම පංකාවෙහි වේගය අඩු කිරීම සිදුකරයි. මෙලෙස ගියර පද්ධතිය හරහා සම්බන්ද වන පංකා සහිත එන්ජින් GEARED FAN එන්ජින් ලෙස හදුන් වයි.මෙහි ඇති වාසියක් ලෙස නිෂ්පාදකයන් පෙන්වා දෙන්නේ ටර්බයිනය හා කොම්ප්‍රෙසරය අධි වේගයෙන් කැරකිම මගින් එන්ජිමෙහි කාර්යක්‍ෂමතාවය ඉහල යාමයි.UNGEARED FAN එන්ජින් වලදී එලෙස සවිවන ගියර පද්ධතියක් දැකිය නොහැක. පහත රුපයේ ආකාරයට කෙලිම SPOOL හරහා ට්ර්බයිනයට සවි වෙයි.
LOW BYPASS RATIO WITH AND WITHOUT AFTERBURNING
අපි ඉහත කතා කල ආකාරයට LOW BYPASS RATIO එන්ජින් යනු ජෙට් එන්ජිම තුලින් ගමන් කරන වාතය පංකාව මගින් පිටවන වාතයට වඩා වැඩි වීමයි.මෙම එන්ජිමට ආෆ්ටර් බ්ර්නර සවිකර සහ සවි නොවීම මත එන්ජින් වර්ග කරයි.පහත රුප දෙක මගින් එහි නිර්මාණය දැක්වෙයි.වාර්තා මානයේ ප්‍රහාරක ගුවන්යානාවල බහුලව යොදා ගනුයේ මෙම ආෆ්ටර් බ්ර්නර සහිත එන්ජින් වන අතර මන්දයත් සාමාන්‍ය ජෙට් එන්ජිමට වඩා මෙම එන්ජින් ඉන්දන කාර්යක්ෂමතාවය ඉහල බැවිනි.
LOW BYPASS RATIO WITHOUT AFTERBURNING
LOW BYPASS RATIO WITH AFTERBURNING
AFTER FAN TURBO FAN ENGINE
මෙම එන්ජින් වල පංකාව එන්ජිම අවසානයේ නැතහොත් පසුපසින් සවිවෙයි.මෙවැනි එන්ජින් එතරම් ජනප්‍රිය නොවීම නිසා බහුලව නිෂ්පාදනය නොඋනි.පහත රුපය මගින් එවැනි එන්ජිමක සැකැස්ම අද්‍යනය කරමු.
GE-CF700 AFTER FAN ENGINE
මෙම ලිපිය මගින් කතාකළ එන්ජින් වර්ග වලින් වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය සහ නිෂ්පාදනය කරනු ලබන එන්ජින් වර්ග කිහිපයකි.අප ඉහත හැදෑරු සමහර එන්ජින් නිෂ්පාදනය උයේ ඉතා සුළු ප්‍රමාණයකි.සමහර එන්ජින් ව්ද්‍යාගාර වලට පමණක් සිමා උනි.ඒ සදහා විවිධ හේතු මුල් විය.කෙසේ වෙතත් වර්තමානයේ නවීන විද්‍යාව සමග ජෙට් එන්ජින් නව මාවතකට යොමු වී ඇත.මිනිසාට හෝ දුරස්ථ පාලක ගුවන්යානා වලට ශබ්දයේ වේගය අබිබවා පියාසර කලහැකි එන්ජින් නිෂ්පාදනයට පර්යේෂණ දියත් කර ඇත.එහි ප්‍රථිපල ලෙස ශබ්දයේ වේගය මෙන් හත් අට ගුණයක් අබි බවා පියාසර කල හැකි යනා දැනට අත්හදා බලා ඇත.තවද ලොවට නව ජෙට් එන්ජින් සංකල්ප බිහිවී ඇත.උදාහරණ ලෙස RAMET,SCRAMJET,PULSEJET දැක් විය හැක.
උපුටා ගැනීම
mechanicsinhala