ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Guardians of the Galaxy Vol. 2 - Exclusive සිංහල Review [Scene by Scene]
Reply
 
Thread Tools
(#1)
Old
choppe choppe is offline
Senior Member
choppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to behold
 
Posts: 8,534
Join Date: Nov 2007
cool Guardians of the Galaxy Vol. 2 - Exclusive සිංහල Review [Scene by Scene] - 08-10-2017, 12:41 AM



Guardians of the Galaxy චිත්‍රපටයේ දෙවන කොටස ලෙස නිර්මාණය වුන මෙය එහි පළමු අධ්‍යක්ෂකවරයා වන James Gunn විසින්ම නිර්මාණය කරලා තියෙන්නේ. 2017 මැයි 5 වැනිදායි මේ ෆිල්ම් එක තිරගත වුනේ. මේකේ බජට් එක ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් විතර වෙනවා. බොක්ස් ඔෆිස් අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 861 යි. IMDb හි 8.1 අගයකුත් Tomatometer එකේ 81% අගයකුත් හිමි වෙලා තියෙනවා. Marvel Cinematic Universe වල නිර්මාණය වුණා 15 වැනි චිත්‍රපටයයි. ඒ වගේම Chris Pratt, Zoe Saldana, Dave Bautista මෙහි ප්‍රධාන චරිත වලට දායක වන අතර Vin Diesel සහ Bradley Cooper හඩ් කැවීම් සදහා සම්බන්ධ වෙනවා. එහෙනම් ඉතින් සුපුරුදු විදියට මේ ෆිල්ම් එකේ රිවිව් එකටත් බහිමු. Spoiler Warning අකුරක් නෑරම බලලා නැත්නම් තාම මෙතනින් එහාට කියවීමෙන් වැලකි සිටින්න.

කතාවට එන්න කලින් මේ ෆිල්ම් එකේ පලවෙනි කතාව ගැන පොඩි හදිවිමක් කරලා ඉන්නම්. මොකද බලපු නැති අයට පොඩි අවබෝදයක් ගන්නයි බලපු අයට පොඩි මතක් කිරිමකටත් එක්ක. 1988 දී Missouri හිදී කුඩා Peter Quill අභ්‍යාවකාශ යානය මගින් අභ්‍යාවකාශයට රැගෙන යනවා. වසර 26කට පසු Peter, Ravagers කණ්ඩායමේ සාමාජිකයෙක්. Ravagers සොයා ගන්නවා ප්‍රබල stone එකක් වන Power Stone එක එහෙමත් නැත්නම් Orb එක සගවා තිබෙන ස්ථානය. මේ සදහා Peter හොර රහසේම ගිහින් Orb එක ගෙන ඒක අලවි කිරීමට සුදානම් වනවා. නමුත් Ronan ගේ නියමයක් පරිදි එතනට එන Gamora එය පැහැර ගැනීමට උත්සහ කරනවා. එතැනදී ඇති වන ආරවුලට Rocket සහ Groot ද මැදිහත් වෙනවා. පසුව මොවුන් හතරදෙනාම Nova Corps හි හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අධිඅරක්ෂිත සිරගෙයක සිරගත කරනවා.මෙහිදී ඔවුන්ට Drax හමුවන අතර ඔවුන් සියලුදෙනාම මේ සිරගෙදරින් සැලසුම්සහගතව පැන යනවා. Orb එකේ ඇති භයානක කම නිසා Gamora ගේ අදහස වෙනස් වෙනවා. ඔවුන් සියලු දෙනාම තීරණය කරනවා මේ Orb එක The Collector හට භාර දීමට. Peter ඇතුළු පිරිස Collector හමු වී එය භාරදෙන අවස්ථාවේදී Orb එක සොයා Ronan එතනට පැමින පහර දී Orb එක රැගෙන යනවා. අවසානයේදී මේ Orb එක නැවත බේරා ගැනීමට Peter, Gamora, Rocket, Drax සහ Groot Teamup වෙනවා Guardians of the Galaxy ලෙසින්. මොවුන් සමග Ronan නවත්තත් Xandar වලදී සටනක් ඇති වෙනවා. මේ සටනේදී Orb එකේ බලයෙන්ම Ronan විනාශ කොට Guardians of the Galaxy ජය ගන්නවා. නමුත් මේ සටනේදී Groot මිය යනවා. පසුව මොවුන් Orb එක භාරදෙනවා Nova Corps හට අධිඅරක්ෂිතව ආරක්ෂා කර තැබීමට. පසුව ඔවුන් තීරණය කරනවා Galaxy එක ආරක්ෂා කිරීම සදහා සටන් කිරීමට. මේ සිදුවීමෙන් මාස දෙකකට පමණ පසු සිදුවීම් කීපයක් තමයි මේ Guardians of the Galaxy Vol. 2 චිතරපටයට අයත් වෙන්නේ.



කතාව පටන් ගන්නේ 1980 සිදුවීමකින්. Peter ඉපදෙන්නත් කලින්. Peter ගේ මවයි පියයි Missouri වල St. Charles වනයකට එනවා. ඒ Peter ගේ පියා එහෙමත් නැත්නම් Ego විසින් රෝපණය කරපු පැළයක් Peter ගේ මවට පෙන්වීමට. Ego කියන්නේ මේ පැලය ඉදිරියේදී මුළු විශ්වයම හා සමබන්ධ වන බවයි. නමුත් මේ කිසි දෙයක් ගැන තේරුමක් නැති බව Peter ගේ මව පවසනවා.

Ego කියන්නේ Celestials කෙනෙක්. වයස ගත්තොත් පෘථිවි වර්ෂ මිලියන ගානක් වෙනවා. අපිට මිට කලින් Celestials ගැන අහන්න ලැබුනේ Guardians of the Galaxy පලවෙනි චිත්‍රපටයෙන්. Power Stone එක අරන් Guardians of the Galaxy ලා Collector ව හම්බවෙන්න ගිය වෙලාවේ Power Stone බලය පාවිච්චි කරලා Celestials කෙනෙක් මුළු ග්‍රහලෝකයක්ම විනාශ කරනවා පෙන්නුවා. අමතක නම් මෙතනින් බලන්න. මෙතැනදී Ego පදවන කාර් එකේ පාට Milano එකේ (Peter ගේ යානය) පාටට සමාන වෙනවා. හැබැයි කොමික් වල නම් මේ හැම දේම වෙනස්. කොමික් වලදී Ego (The Living Planet) කියන්නේ ප්‍රාණවත් ග්‍රහලෝකයක් Stranger (Dr.Strange නෙවේ ඈ ) විසින් Thor සමග සටන් කිරීමට යොදා ගත්ත. ඒ වගේම කොමික් වලදී Peter ගේ පියා වෙන්නේ Spartoi Empire වල J'Son of Spartax. තව දෙයක් Ego (The Living Planet) චරිතය live action අයිතිය තියෙන්නේ 20th Century Fox සමාගමටයි. නමුත් Marvel Studio සමාගම Negasonic Teenage Warhead චරිතය Fox සමාගමට ලබා දීලා Ego (The Living Planet) චරිතය මේ චිතරපටයේ යොදා ගැනීමට කටයුතු කළා. පසුව Fox සමාගම Negasonic Teenage Warhead චරිතය ඔවුන්ගේ Deadpool චිත්‍රපටයට යොදාගෙන තිබුණා. ඔවුනොවුන් මේ හුවමාරුව කරගත්තත් චරිත වල සම්පුර්ණ අයිතියනම් ලබා දීලා නැ. Ego ගැන තව විස්තර ඉස්සරහට කියන්නම් මෙතනදී කිව්වොත් spoil වෙන නිසා.



අවරුදු 34 කට පසු ඒ කියන්නේ 2014 දී Sovereign නම් ග්‍රහලෝකයේ Guardians ලා Abilisk සමග යුද්දයකට සුදානම් වෙනවා Anulax Batteries ආරක්ෂා කිරීමට. මතැනදී අපිට ඉස්සෙලම දකින්න පුළුවන් Babby Groot ව.



Abilisk පැමිණීමත් සමග Guardians සමග සටනක් ඇති වෙන අතර Babby Groot ට නම් ඒ ගැන ගානක්වත් නැ

කලින් ෆිල්ම් එකෙත් මතක ඇති opening credit එක ගියේ song එකක් Peter ගේ dance එකක් එක්ක. මෙතනත් අපිට දකින්න පුළුවන් ඒ වගේම song එකක් එක්ක dance එකක්



Drax කියනවා Abilisk සම පිටතින් ඝණකම වැඩි නිසා ඇතුලෙන් පහර දිය යුතු බව. එත් ඉතින් Abilisk සම දෙපැත්තෙන්ම එක වගේ කියලයි Peter කියන්නේ. ඒ වෙනකොටත් Drax, Abilisk ගේ ඇග තුලට ගිහින් ඉවරයි.



Abilisk ගේ ගෙල ප්‍රදේශය තුවාලයට ප්‍රහාර එල්ල කරමින් Peter, Rocket Raccoon සහ Gamora, Abiliskව මර්ධනය කිරීමට සමත් වෙනවා. කැපු බෙල්ලෙන් එලියට එන Drax හිතන්නේ උ තම ගේම දුන්නේ කියල.



ඔවුන්ගේ මෙහෙයුම අවසන් කිරීමට ඔවුන් Anulax Batteries ගෙන පිටත් වෙනවා Ayesha හමුවීමට. මොකද ඔවුන්ව මේ මෙහෙයුමට යෙදෙව්වේ ඇය නිසා.

Ayesha මේ චිත්‍රපටයට අලුත් චරිතයක්. ඇය Sovereign වල රැජිනයි. කොමික් වලදී අපිට ඇයව හමබවෙන්නේ Enclave පරීක්ෂණයෙන් (කෘතීම යුධ සෙබළුන් නිර්මාණය කරන වැඩසටහනක්) නිර්මාණය වුන කෙනෙක් විදියටයි. හැබැයි මෙතනදී ඇය Sovereign කෙනෙක්.


මොවුන් මේ මෙහෙයුම සදහා සම්බන්ධ වෙන්නේ යම් එකගතාවයකට අනුවයි. ඒ අනුව එකග වුන විදියට Ayesha භාරව සිටි Nebula, Guardians ලට භාර දෙනවා. (Nebula මේ Batteries සොරකම් කිරීමට යාමේදී ඔවුන්ගේ අත්අඩංගුවට පත් වෙලා තියෙන්න)



හැබැයි මෙතැනින පිටත් වෙන Rocket, Batteries කීපයක් සොරකම් කරගෙනයි යන්නේ. (Batteries කීපයක් Rocket ලග තියාගෙනයි භාර දීලා තියෙන්නේ.)



මේ play වෙන්නේ Peter ගේ අම්ම Peterට තෑග්ගක් විදියට දුන්න ටේප් එකයි. නම Awesome Mix Vol.2. දැන් මතක් වුනාද මේ ෆිල්ම් එක Guardians of the Galaxy 2 වෙන්නේ නැතුව Vol.2 වුනේ කොහොමද කියල. Topless Scene එකත් මෙතැනදී දකින්න පුළුවන්

Marvel ඔවුන්ගේ චිත්‍රපට වල superhero ගේ Topless Scene එකක් හැම ෆිල්ම් එකකටම ඇතුලත් කරලා තියෙනවා. මගෙන් අහන්න එපා ඇයි කියලා. මම දන්නෙත් නැ



මෙතනට එන Drax, Peter ට කියන්නේ Gamora ඔහුට ගැලපෙන්නේ නැති බවත්, සානුකම්ප්‍ය කාන්තාවක් සොයා ගත යුතු බවත්.

මෙතන Drax හා Peter වලදගැනීමේ සිදුවීමක් trailer එකක තිබුනත් ඒක චිත්‍රපටයෙන් ඉවත් කරලා තියෙනවා. Marvel ට්‍රේලස් වල තිබුණ scenes චිත්‍රපටයෙන් ඉවත් කරපු අවසථා ගොඩක් කලින් චිත්‍රපට වලදීත් දැක්කා.



Gamora සහ Nebula අතර සංවාදයක් ඇති වෙනවා. මෙතැනදී දැන් ගන්නවා Nebula ව Nova Corps හට භාර දී අයව සිර කිරීමට Gamora සුදානම් වෙන බව.



මේ අතර Milano පසු පස එන Sovereign Golden Drones යාන නිසා Peter දැන ගන්නවා Rocket ඔවුන්ගේ Batteries කීපයක් හොරකම් කර ඇති බව. Sovereign යාන ඔවුන්ට පහර දීමට පටන් ගන්නවා.



මේ යානා සියල්ල නියමුවන් රහිත යානයි. ඒවා හසුරවන්නේ Sovereign විසින්. ඔවුන් තීරණය කරනවා Guardians ල මරා දැමීමට.



දැඩි ලෙස ප්‍රහාරයට ලක් වෙන Guardians ල ලගම ඇති ග්‍රහලෝකයට පලා යාමට උත්සහ කරන අතර Drax යානයෙන් පිටට පැමිණ Sovereign යාන වලට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගන්නවා.



නමුත් Milano යානය වටකර ගන්නා Sovereign යාන මාරක ප්‍රහාරක එල්ල කරන අතරේ ඔවුන්ගේ යාන සියල්ල එක වර විනාශ වී යනවා.



පසුව jump point එකක් තුලින් ඔවුන් Berhert ග්‍රහලෝකයට පැමිණෙනවා. දැඩි ලෙස හානි වුන ඔවුන්ගේ යානය එහි වනයකට කඩා වදිනවා.




යානයෙන් එලියට එන ඔවුන් එකිනෙකට චෝදනා කරගන්නවා ප්‍රහාරය සම්බන්ධයෙන්. මේ අතරේ තවත් යානාවකින් එතනට එන Ego සහ Mantis, Guardians ලා මුණ ගැහෙනවා. Ego පවසන්නේ අවරුදු ගණනාවකට පසු Peter ව සොයාගත් බව. මෙතැනදී දැනගන්නවා Peter ඔහුගේ පියා Ego බව. ඒ වගේම ඔවුන්ට එල්ල වුන ප්‍රහාර වලින් බේරාගත්තේ මොවුන් බවත්.(ඔවුන්ගේ යනවා තමයි jump point එකට යන්න කලින් ඔවුන් දැක්කේ)

මතක ඇතිනේ Peter ගේ මව මිය ගියාට පස්සේ Ego එවනවා Yondu ව පෘථිවියට Peter ව රැගෙන එන්න. එත් Yondu, Peter ව Ego ට භාර නොදී හදා වඩාගෙන ඔහුගේ කණ්ඩායමට (Ravagers) එකතු කරගන්නවා. මේ නිසා දිගු කාලයක් Ego, Peter ව හොයලා තියෙනවා. Mantis අපිට ඉස්සෙලම දකින්න ලැබෙන්නෙත් මෙතැනදී. Mantis පුළුවන් යම් අයෙකු ස්පර්ශ කිරීමෙන් ෆුගේ හෝ අයගේ හැගීම් ප්‍රකශ කිරීමට. හැබැයි කොමික් වලදී නැ අපිට Mantis හම්බවෙන්නේ බලයන් ඇති සාමාන්‍ය පෘතුවියේ අයෙකු ලෙසයි.


Contraxia වලදී Yondu හමු වෙනවා ඔවුන්ගේ Ravagers කණ්ඩායමේ නායකයකු වන Stakar Ogord ව.

මෙතැනදී අපිට දකින්න පුළුවන් පලවෙනි ෆිල්ම් එකේ collector ගේ Museum එක පිපිරිම නිසා එතනින් නිදහස් වුන Howard the Duck. Howard the Duck කියන්නේ mavel ලා සතුව ඉන්න තවත් ලොකු චරිතයක්. Howard the Duck වෙනුවෙන්ම වෙන් වූ කොමික් පවා තියෙනවා. ඒ වගේම Stakar Ogord ගේ චරිතයට පන පොවන්නේ අපි කව්රුත් දන්නා Sylvester Stallone. Stakar කියන්නේ 30 වැනි සත්වර්ශයේදී Guardians of the Galaxy කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒ වගේම ඒ කණ්ඩායමේ අනික් සාමාජිකයනුත් මෙතැනදී දකින්න පුළුවන්.





මෙතනදී Yondu සහ Stakar අතර මතවාදයක් ඇති වෙනවා. Stakar කියන්නේ Yondu තම කණ්ඩායමේ ප්‍රතිපත්ති කඩ කල බව එක් අයකු වෙනුවෙන්. (මේ කියන්නේ peter ගැනයි)




ඒ වගේම Yondu කණඩායමේ අයටත් Yondu ක්‍රියා කලාපය ගැන එක් එක් මත ඇති වෙනවා. ඔය අතරේ අතනට එනවා Ayesha සේනාවක් එක්ක. ඇය Yondu හට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ Guardians ලා අල්ලා ගැනීමට.





Ego පැහැදිලි කරලා දෙනවා Peter හට අතීතයේ සිද්ද වුන දේ ගැන. Ego ඉල්ලා සිටිනවා පිටර්ගෙන් තම ග්‍රහලෝකයට පැමිණ සියලු සත්‍ය දැන ගන්න ලෙසට. එත් Peter නම් Ego ව විස්වාස කරන්නේ නැ. Gamora ගේ ඉල්ලීම මත පීටර් කැමති වෙනවා Ego ගේ යෝජනාවට

80 දශකයේ ජනප්‍රිය කතාවක් තමයි Knight Rider කියන්නේ Peter ගේ පොඩි කාලේ ඉදන් වීරයා තමා David Hasselhoff . ඉතින් Peter ඔහුගේ පියා විදියට මවාගෙන ඉදල තියෙන්නෙත් David Hasselhoff ව





Peter, Gamora සහ Drax පිටත් වෙන්න සුදානම් වෙනවා දින කීපයකට Ego හා Mantis සමග Ego ග්‍රහලෝකයට. Rocket විනාශ වුන ඔවුන්ගේ යානය අලුත්වැඩියා කිරීමට පටන් ගන්නවා.




Gradians ලා යානයට ඇතුළු වුනු පසු Mantis සමග කතාවේදී ඇයගේ අන් අයගේ හැගීම් දැන ගැනීමේ බලයන් ගැන දැන ගන්නවා. බලයන් ගැන demo එකකින් Peter ගේ හැගීම් ප්‍රකශ කරන Mantis එතැනදී හැමෝම ඉස්සරහ Peter හේ පටි රෝල් කරලා දානවා.ඒ වගේම Mantis මෙතැනදී පවසනවා තමාට අනික් අයගේ හැගීම් ටික වෙලාවකට පාලනය කිරීමේ හැකියාවක්ද තිබෙන බව. මෙම බලය යොදා ගෙන ඇය Egoට නිදා ගැනීමටද උදව් කරන බව පවසනවා.
Reply With Quote
(#2)
Old
choppe choppe is offline
Senior Member
choppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to behold
 
Posts: 8,534
Join Date: Nov 2007
08-10-2017, 12:42 AM



Ayesha ගේ යෝජනාවට අනුව Guardians ලා ව හොයාගෙන එනවා Yondu ඇතුළු Ravagers කණඩායමේ අය. එත් Rocket උගුල් අටවලා පෙර සුදානමකිනුයි ඉදල තියෙන්නේ.



Rocket ගේ උගුල් වලට කීපදෙනෙක් අහුවුනත් Yondu ගේ Yaka Arrow එක Rocket වෙතට එල්ල වීම නිසා යටත් වෙනවා.



Yondu කියනවා Xandar සටනේදී (Guardians of the Galaxy චිත්‍රපටයේ අවසන් සටන) Guardians ලගේ යානයේ tracker එකක් සවි කල බවත් මේ නිසා Guardians ලව සොයා ගැනීමට පහසු වුන කියලයි.



Rocket කියනවා groot ට හානියක් නොකලොත් batteries තියෙන තැන කියනවා කියල. Yondu කියනවා තමාට Guardiansලා මරා දැමීමට අවශ්‍ය නැති බවත් batteries විකුණා මුදල බෙදා ගත හැකි බවත්.



මෙතැනදී Yondu සහ Ravagers කණඩායමේ අනිත් පිරිසක් සමග වාදයක් ඇති වෙනවා. Kraglin කියන්නේ Peter Yondu ට කොපමණ ද්‍රෝහී වුනත් ඔහුව ආරක්ෂා කල බවයි. ඒ කතාවට එකග වුන පිරිස කියන්නේ නායකත්වය වෙනස් විය යුතු බවයි.



ඔවුන්ගේ නොසන්සුන්තාවය අතරේ එතනට එන Nebula, Yondu ගේ Prosthetic Fin එකට ප්‍රහාරයක් එල්ල කරනවා. Rocket ද ප්‍රහාරක් එල්ල කරන ඇය ඔවුන්ව Ravagers කණ්ඩායමට අල්ලා දෙනවා.



Ego ගේ ග්‍රහලෝකයට එහෙමත් නැත්නම් Ego The Living Planet පැමිණෙන Peter, Ego සහිත පිරිස එහි පැමිණීමෙන් පසු දැන ගන්නවා ඔහු Celestial අයකු බව. (ඔවුන්ට මතක් වෙන්න ඇති Celestial කෙනෙකු ග්‍රහලෝකයක් විනාශ කල ආකාරය - Guardians of the Galaxy චිත්‍රපටයේ Collector ගේ කෞතුකාගාරය දැක්ක දේ, අමතක අය මෙතනින් බලන්න)



Ego ඔවුන්ව ගෙන යනවා කෞතුගාරයක් වගේ ශාලාවකට. මෙතැනදී ඔහු කියනවා තමන් කොහේ සිටන් ආව කෙනෙක්ද බව මතක නැති බවත් හුදකලාව ජීවත්ව අවරුදු මිලියන ගණනක් තමන් වටා (මොලයක් පමණයි ඒ වනකොටත් තිබිලා තියෙන්නේ) ඇති අණු පාලනය කිරීමට ඉගෙන ගත් බවත්ය. ඒ අනුව ඔහු ශක්තිමත් වී මෙම ග්‍රහලෝකය නිර්මාණය කිරීමට හැකි වුන බව පවසනවා.



නමුත් මිට වඩා තමන්ට අවශ්‍ය වුන බැවින් ශරීරයක් නිර්මාණය කර එයට මොළය හරහා ක්‍රියා කිරීමට හැකි වුන බව Ego පවසනවා. මෙතැනදී Drax අහනවා penis එකත් නිර්මාණය කලද කියල. මොකද ග්‍රහලෝකයකට ළමයින් හදන්න බැරි නිසා. Ego කියනවා penis වගේම එම ශරීරයට ආහාර පද්ධතියක් සහ ස්නායු පද්ධතියක්ද සකස් කල බව.



ඉන් පසුව තමන් විශ්වයේ හුදකලා නොවුන බවත් Peter ගේ මව තැනට මුණගැසුණු ආකාරයත් ඒ වගේම තමන් ගොඩ කාලයක් Peter ව සෙවූ බවත් Ego පවසනවා. පෘතුවියේ අයකු infinity stone එකක් අතැතිවත් මිය නොයාමෙන් (Guardians of the Galaxy අවසන් සටනේ සිදුවීමක්) තමන් ඒ තමාගේ පුතා යයි තහවුරු කරගත් බව පවසනවා. Peter අහනවා තමන්ගේ මව අතහැර යාමට හේතුව. එත් Ego එකට උත්තරයක් දෙන්නේ නැ.

මෙතනදී අපිට ඉස්සෙලම infinity stone එකක් ගැන අහන්න ලැබෙනවා. Guardians of the Galaxy පළමු චිත්‍රපටය plot එකම infinity stone එකා වටා ගෙතුනත් අපිට infinity stone එකක් ගැන මේ චිත්‍රපටයේදී අහන්න ලැබෙන්නේ මෙතනදී විතරයි.



Rocket, Groot හා Yondu ව අල්ලා ගත් Ravagers කණඩායමේ පිරිස Yondu ගේ හිතවදින්ව ඔවුන්ගේ යානයෙන් මුදවා හරිනවා.



Ravagers නව නයකු ලෙස Taserface ඉදිරිපත් වුනත් ඔහුගේ නම අසා Rocket හිනා වෙනවා. ඒ අනුව Taserface හා Rocket අතර වාදයක් ඇති වෙන අතර Rocket ව යානයෙන් පිට කිරීමට සුදානම් වෙද්දී Nebula පවසනවා Rocket ව Ayesha ට පන පිටින් අල්ලා දිය යුතු බව.



එහි ඇති තවත් යානාවකින් Nebula පිටත් වෙනවා ego ග්‍රහලෝකය වෙත Gamora සමග සටනකට. මෙතනදී Nebula කියනවා කුඩා කාලයේදී Gamora සමග සටන් පුහුණුවට තමන්ගේ පියා (Thanos) යෙදවූ බවත් ඉන් සියල්ලෙන් Gamora ජයග්‍රහණය කලත් තමාට ශරීරයේ කොටස් අහිමි වුන බවත්. තමාට Gamora ව මරා දැමීමට අවශ්‍ය බවත් පසුව පියාව සොයා ගොස් පලි ගැනීමට අවශ්‍ය බවත් පවසා Nebula ඉන් පිට වෙනවා.



මේ scene එකේ අපිට දකින්න පුළුවන් Peter ගේ අම්මගේ පිළිරුවක්. Ego මේක ඔහුගේ ග්‍රහලෝකයෙ නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් මෙතනදීත් Peter ට Ego හට චෝදනා කරන්නේ අම්මව අතරලා ගිය එකට



Ego එක අවස්ථාවක් Peter ගෙන් ඉල්ලනවා Peter ගේ මවට අවශ්‍ය වුන විදියට ජිවත් වීමට. මේ ග්‍රහලෝකය ගැන ගොඩක් දේවල් ඉගැන්වීමට ඇති බවද මේ ග්‍රහලෝකය Peter ගේ කොටසක් බවද Ego පවසනවා. Peter තුල මේ ග්‍රහලෝකය හා සමබන්ධව පවතින බලයන් මොනවද කියල Ego පෙන්වල දෙනවා



මේ අතර Mantis හා Drax අතර කතාබහක් ඇතිවෙනවා. Mantis මේ ගරලෝකයට පැමිණිය ආකාරය Drax ට කියනවා. ඒ වගේම Drax ගේ අතීතයත් Mantis හට හැගී යනවා. මෙයින් දුකට පත් වෙන Mantis Drax ට කිව යුතුම දෙයක් තිබෙන බව පවසද්දීම Gamora එතනට පැමිණෙනවා



Gamora ඉල්ලනවා Mantis ගෙන ග්‍රහාලෝකය පෙන්වන ලෙස ඒ අනුව ඔවුන් ගමන් කරද්දී Gamora Drax ට කියන්න ගිය ගැන ඇහුවත් Mantis එක මගහැරලා යනවා



Kree හට භාරදීම සදහා Rocket සහ Yondu සිරකරනවා. Yondu ට මෙතනින් පැනගැනීම සදහා අදහසක් තිබෙන බවත් එකට Groot ව අවශ්‍ය වන බවත් පවසනවා.



Groot ට ඇදුමකුත් හම්බවෙලා. Ravagers ලාගේ ග්‍රහණය ගැන දුක් වුන Grootට අලුත් මෙහෙයුමක් හම්බවෙනවා. ඒ Yondu ගේ Fin එක සොයාගෙන එන ලෙසට



එත් ඉතින් Groot නම් ඒක හොයාගෙන අවේ නැ ඒ වෙනුවට එක එක දේවල්නම් හොයාගෙන අව. අන්තිමේදී Fin එක Kraglin ගෙනවිත් දෙනවා Yondu හට. Kraglin කියනවා ඔහු ගත් තීරණය ගැන ඔහු පසු තැවෙනවා කියලා.



Yaka Arrow එක පාවිච්චි කරලා යානාවේ ඉන්න සියල්ල ඝාතනය කර යානා කොටසකින් Yondu, Rocket, Kraglin සහ Groot, Ego ග්‍රහලෝකයට පැන යනවා.



මිය යාමට පෙර Taserface, Sovereignට හෙළි කරනවා Yondu සහ කණඩායමේ යනවා සම්බන්ධව. එක වතාවකදී holes 50ක් හරහා පැනීම ශරීරයට හිතකර නැති බවත් ඔවුන් holes 700 කින් පැනීමට යන බවත් පවසන Yondu එතැනදී සියල්ලගේම ශරීර රටාව වෙනස් වෙනවා.

ඔවුන් holes හරහා ගමන් කරද්දී අපිට දකින්න පුළුවන් ග්‍රහලෝකයක්. බොහෝ දුරට ඒ Svartalfheim වෙන්න පුළුවන්. ඒ වගේම Kronan දෙදෙනෙකුගේ සටනකුත් අපිට දකින්න පුළුවන්.



Gamora ට මේ ග්‍රහලෝකය ගැන සැකයක් ඇති වෙනවා.. මේ නිසා Peter, Gamora සමග මත ගැටුමක් ඇති වෙනවා.



Gamora මේ ගැන කල්පනා කර ඉන්න වෙලාවේ Nebula යානාවෙන් පැමිණ ප්‍රහාර එල්ල කිරීමට පටන් ගන්නවා. Nebulaගේ යනවා කඩ වැටීමත් සමග ඔවුන් අතර ගැටුමක් ඇති වෙනවා.



එහිදී Nebula යානාවේ හිරවී ප්‍රපාතයට වැටීමට පෙර Gamora ඇයව බේරාගන්නවා. තම සහ Gamora තාමත් සහෝදරියන් බවත් Gamoraට අවශ්‍ය වුනේ හැම දෙයකින්ම ජයගන්න විතරක් බවත් Nebula චෝදනා කරනවා
Reply With Quote
(#3)
Old
choppe choppe is offline
Senior Member
choppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to behold
 
Posts: 8,534
Join Date: Nov 2007
08-10-2017, 12:42 AM


Peter ව හමුවෙන්න එනවා Ego එතැනදී ඔහු Peter කියනවා තමන්ට විශාල වගකීමක් ඇති බව. ඒ විශ්වය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට. එය සිදු කල හැක්කේ අපට පමණක් බව Ego පවසනවා.




මේ ගැන අසා සිටින Mantis, දිව ගොස් Drax ට කියනවා තමන් කලින් කියන්න සිටිය දේ ගැනත් Ego ඔහුට අවශ්‍ය දේ සිදු කිරීමට සුදානම් වන බවත්.



Ego කියනවා Peter ට තමන්ගේ ජීවිතය හා සම්බන්ධ දේවල් නැවත සකස් කල යුතු බව. මේ සියල්ලම තාවකාලික බවත් අප පමණක් අමරණිය බවත්.වසර මිලියන ගණනාවකට පසු තමන් මේ ඇති ගැබුරු යථාර්තය තේරුම් ගත් බව පවසනවා. Ego, Peter ට පෙන්නවලා දෙනවා සදාකලිත්වය.



මේ අතර Gamora හා Nebula ගුහාවෙන් ඉලියට එද්දී දකිනවා දහස් ගණන් ඇති හිස් කබල් සහ ඇට සැකිලි (Ego විසින් ඝාතනය කල අයගේ)



Yondu, Rocket, Kraglin සහ Groot අභ්‍යවකාශයේ holes හරහා යාමේදී එක් ග්‍රහලෝකයකදී දකින්න ලැබෙනවා ගගනගමියෙකු විදියට ඉන්න Watcher Informant

මොකක් Watcher Informant? ඒ Stan Lee ගේ Cameo එකක් නේද? හා හා……. අපි මුළු MCU එකේම Stan Lee ගේ Cameo කියලා කියෙව්වට ඒක එහෙම නෙවේ. මොකද Kevin Feige තහවුරු කළා මුළු MCU එකම Stan Lee හිටියේ Watcher Informant කෙනෙක් විදියට කියලා.

Watcher කියන්නේ විශ්වය නිරීක්ෂණය කිරමට සිටින දෙවිවරුන් වැනි කොටසක්. කොමික් වලට අනුවනම් මොවුන් තමයි විෂවයේ සිටින පැරණිම ජීවින්. ඔවුන් විශ්වයේ සියලුම අංශ ගැන නිරීක්ෂණය කොට කරුණු රැස්කරනවා කිසිම් කෙනුකුට නොදැනෙන ආකාරයට. ඉතින් Watcher Informant කියන්නේ මේ කරුණු එකතු කරන ජීවියෙක්. ඔහු විශ්වය හරහා එක එක ග්‍රහලෝක වලට ගමන් කරලා කරුණු එකතු කරනවා. live action වලදී Watcher අයිතිය තිබෙන්නේ මාවල් සමාගමටත් ෆොක්ස් සමාගමටත්
Watcher Informant කරුණු අනාවරණය කරමින් සිටිනවා Watcher ලා හට තමන් FedEx නියෝජිතයෙක් ව සිටි කාලයක් පිලිබදව. මෙන්න මේකෙන් පොඩි බාධාවක් එනවා MCU timeline එකට මොකද Watcher Informant, FedEx නියෝජිතයෙක් වෙලා හිටියේ සිවිල් වෝ සිදුවෙම්දී ඒ කියන්නේ 2016 දී එත් මෙ සිදුවීම ඊට කලින් එහෙමත් නැතිනම් 2014 සිදුවීමක්. මේක පිටපත ලිවීමේදී James Gunn ට සිදුවුණා අත්වැරදීමක්. ඔහු එක පිලි අරන් තියෙනවා.



Ego ග්‍රහලෝකය වෙත ලං වෙන Yondu සහ Rocket අතර මත ගැටුමක් ඇති වෙනවා.



මේ අතර Gamora පැමිණ Mantis ට පහර දීමට සුදානම් වෙනවා ඒ මේ ග්‍රහලෝකය කුමක්ද බවත් තමන් සහ Ego කව්රුන්ද ලෙස කියන ලෙසට . ඒ වෙනකොටත් ඇය Drax ට සියලු දේ පවසා අවසන්



Ego ඔහුගේ සැලැස්ම ගැන Peter ට පවසනවා අවුරදු දහස් ගණනක් ග්‍රහලෝක දහස් ගණනක දහස් ගණනින් පැල සිටව ව්‍යාප්ත කල බවත් ඒවා වැඩි තමන්ගේම වීමට විහි දී ප්‍රති නිර්මාණය වූ බව පවසනවා. නමුත් ඔහුට එහිදී ප්‍රශ්නයක් මතු විය ඒ එක් Celestial කෙනෙකුගේ බලය මුළු විෂවයේම ග්‍රහලෝක ප්‍රතිනිර්මාණය කිරීමට තරම් බලයක් හිමි නොවීමයි. එයට Celestial දෙදෙනුකුගේ බලය අවශ්‍ය විය.මේ නිසා Ego ග්‍රහලෝක දහස් ගණනාවකට ගොස් ජීවින් බිහි කල බව පවසනවා.



ඒ වගේම ඒ බිහිවෙන ඔහුගේ දරුවන් Yondu ලව ඔහු වෙත ගෙන්නවා ගැනීමටද කටයුතු කරලා තියෙනවා. නමුත් දරුවන් සියල්ලගේම DNA අසාර්ථක වෙනවා. පසුව ඔවුන්ව මරා දමනවා.(ඔවුන්ගේ ඇට සැකිලි තමා Gamora හා Nebula හොයාගත්තේ, Mantis ඒ ගැන තහවුරු කරනවා) Celestial ගේ ජාන කිසි කෙනකුට රැගෙන ඒමට බැරි වුන බවත් ඒ ජාන ඇති එකම දරුවා Peter බවත් Ego පවසනවා

MCU එකේ වැඩිම ජීවින් පිරිසක් මරා දැමු පුද්ගලයා Ego කියල කියන්න පුළුවන් අනිවාර්යෙන්ම. ජිවිත දස දහස් ගණනක්. Thanos කැලේ



මේ අතර Gamora, Drax හා Mantis, Peterව සොයාගෙන ගරහලෝකයෙන් පිටවීමට සැලසුම් කරනවා.



Ego කියනවා Peter ගේ මවට තමන් අවංකම ආදාය කල බවත් ඇයව බැලීමට තුන් පාරක් පෘථිවියට ගිය බවත්. ඒ වගේම තවත් ඇය ව බැලීමට යාමෙන් තමගේ ඉල්ලක්කය සාර්ථක කරගත් නොහැකි වෙයි යයි සිතු නිසා අකැමත්තෙන් හෝ අයගේ හිසට tumor එකක් දැමීමට සිදු වුන බවපවසනවා (පසුව එය ඇයගේ පිළිකාවක් බවට පත් විය) මේ ගැන අසුන Peter, Ego ගේ පාලන ග්‍රහණයෙන් මිදී Ego ට ප්‍රහාර කීපයක් එල්ල කරනවා. නමුත් එයින් නැවත ප්‍රාණවත් වෙන Ego Peterට සුදුසු ලෙස සිටීමට උත්සහ කල බව පවසනවා.[/

එතැනදී අපිට දකින්න පුළුවන් Ego ගේ රුපය David Hasselhoff ගේ රුපයට නිර්මාණය වෙනවා. එතනින් පෙන්නන්නේ Peter ගේ හිතේ ඇදිල තිබුණ පියාගේ රුපය. මේ වගේ 80 දශකයේ පෘතුවියේ ගොඩක් දේවල් මේ චිත්‍රපටයට සමබන්ධ වෙලා තිබුණා. මොකද Peter පෘථිවියේ ජිවත් වූ කාලය 80 දශකයේ වසර කීපයක් නිසා



පසුව Ego, Peter ගෙන් බලය ලබා ගැනීමට පටන් ගන්නවා. Ego, Peter ට කියනවා දෙදෙනාට එකතු වී මේ දේ සිදු කිරීමට සිතා සිටි බවත් නමුත් ඉදිරි වසර දස දහස් ගණන් බැටරියක් ලෙස ඉගෙන මේ දේවල් ඉගෙන ගැනීමට සිදී වෙන බව.



Rocket ව සමබන්ධ කරගන්න Gamora ඔවුන් සිටින තැන පවසනවා. ඒ අනුව Rocket හා Yondu, Ego the living planet වෙත පිටත් වෙනවා.

කොමික් වලදී වගේ මුහුණක් සහිත Ego the living planet එකක් මෙතැනදී අපිට දකින්න පුළුවන්



Peter ගේ බලය හා Ego සමබන්ධ වීමෙන් පෘථිවියේ ඇති ශාකය ප්‍රාණවත් වීමට පටන් ගන්නවා. ඒ සමගම පෘථිවියේ Missouri නගරය විනාශ වීමට පටන් ගන්නවා.



නමුත් මෙතනට කඩා වදින Yondu යානය Ego ගේ ශරීරය මතට කඩ වැටෙනවා. Peter ගෙන් බලය ලබාගැනීම විසන්ධි වීමත සමග Missouri නගරයේ විනාශය නවතිනවා.



කඩා වදින යානාවෙන් Peter, Gamora,Drax, Mantis සහ අනෙකුත් පිරිස පලා යනවා. Mantis පවසන්නේ Ego ප්‍රාණවත් වී නැවත ඉක්මනින් පැමිණිය හැකි බවයි.



ඒ වගේම Ego ව මරා දැමිය හැක්කේ මොළය විනාශ කිරීමෙන් බව Peter පවසනවා. ඒ වගේම එය තිබෙන්නේ පෘෂ්ටයේ එක්තරා ගුහාවක බව Mantis හෙළි කරනවා.



එතනින් පැමිණෙන ඔවුන්ගේ යානය ග්‍රහලෝක පෘෂ්ටයට ඇතුළු වෙනවා


Reply With Quote
(#4)
Old
choppe choppe is offline
Senior Member
choppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to behold
 
Posts: 8,534
Join Date: Nov 2007
08-10-2017, 12:42 AM



Taserface දුන්න ඔත්තුවට අනුව Sovereign පැමිණෙනවා Ego Planet එකට ඔවුන්ගේ Anulax Batteries සොයාගෙන



පෘෂ්ට මාධ්‍යට පැමිණෙන Guardians ඇතුළු පිරිස දකින එහි මධ්‍යයේ පිහිටි Ego ප්‍රධාන මෙහෙයුම් මොළය තිබෙන ස්ථානය



එතනට ප්‍රහාර එල්ල කරන්න Rocket පටන් ගැනීමත් සමග එතනට කඩා වදින Sovereign යාන ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගන්නවා



යානයෙන් Gamora, Mantis සහ Drax ඉවතට විසි වෙන අතර Rocket, Groot සහ Peter පිටත් වෙනවා Ego මෙහෙයුම් මොළය විනාශ කිරීමට. Rocket සතුව තිබෙනවා timing detonater එකක්. එයින් පුළුවන් මුළු ග්‍රහලෝකයම විනාශ කිරීමට (Rocket මෙය නිර්මාණය කිරීමට යොදාගෙන තිබෙන්නේ Sovereign ගෙන් සොරකම් කල Anulax Batteries කීපයයි )



Ego පැමිණීමට පටන් ගැනීමත් සමග ඔහුව මද වෙලාවකට නතර කිරීමට Mantis සමත් වෙනවා. ඒ ඔහුව නින්දට යවමින්.



Ego මෙහෙයුම් මොළය තිබෙන ස්ථානයට යාමට තිබෙන්නේ කුඩා සිදුරක් බැවින් එයින් Groot යැවීමට Rocket සහ Peter අකමැත්තෙන් හෝ තීරණය කරනවා.



Groot ට Rocket කියලා දෙනවා timing detonater එක ක්‍රියාත්මක කරන විදිය. ඒ ගැන Groot එකවරම හොදින් තේරුම් ගන්නවා.



Peter යි Rocket tape එකක් හෙවිමට කතාබහක් ඇතිවෙන අතරේ Groot, timing detonater එක රැගෙන සිදුර තුලින් මෙහෙයුම් මොළය තිබෙන ස්ථානයට දිව යනවා.



දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන Sovereign යාන වලට ප්‍රහාරයක් එල්ල කිරීමට Nebula සමත් වෙනවා. ඒ ඇයගේ cybernetic අතෙන් බලය ලබාගෙන එය යානාවට සමබන්ධ කරමින්. මෙයින් Sovereign ලගේ ප්‍රහාරක් යාන සියල්ලම විනාශ වී යනවා.



ඒ වගේම මේ නිසා ඔවුන්ගේ යනවත් පිපිරීමට ලක් වෙන අතර Nebula, Peter සහ Yondu එතනින් පැන ගන්නවා.ඔවුන් පලට එන විට Peter කියනවා Yonduට ඔහු Mary Poppins වගේ කියලා

Yondu, Yaka Arrow එකින් එන විදිය දැකලයි Peter මෙහෙම කියන්නේ මොකද Mary Poppins කුඩයක් අරන් එන විදිය මතක් වෙන්න ඇති. 80 දශකයේ තවත් දෙයක්. මේ චිතරපටයේ ජනප්‍රිය වුන දෙබසක් අපිට මෙතන අහන්න ලැබුනා ඒ තමයි “I'm Mary Poppins, y'all". ඒ වගේම ඩිස්නි සමගම විසින් ඉදරි 2019 වර්ෂයේදී Mary Poppins චිත්‍රපටයක් නිර්මාණය කිරීමටත් නියමිතයි.



නැවත ප්‍රාණවත් වෙන Ego විසින් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරමට පටන් ගන්නවා. Peter, Drax සහ Mantis ව පිටත් කර යවනවා එම ස්ථානයෙන්.



එතනින් ප්‍රපාතයට වැටෙන Gamora ව බේරාගැනීමට Nebula සමත් වෙනවා



Ego සමග සටන් කිරීමට Peter, Yondu සහ Rocket පටන් ගන්නවා. නමුත් ඔවුන්ගේ සටන ප්‍රමනවත් වෙන්නේ නැ Ego ගේ බලය පරාජය කිරීම‍ට.

මෙතැනදී අපිට දකින්න පුළුවන් Peter ගේ Helmet එක විනාශ වෙනවා. මේ සිදුවීම් එක්ක බලද්දී අපිට පෙනෙන්නේ සුපිරි වීරයන්ගේ ආයුධ උපාංග වලටනම් හොදකලයක් නෙවෙයි කියලයි. මුලින් Winter Soldier ගේ Prosthetic Arm එක විනාශ වුනා. පස්සේ Iron Man ගේ Arc Reactor එක. Captain America, Shield එක අතහැරියා, ඉස්සරහට Thor ගේ Mjølnir එක විනාශ වෙනවා දැක්ක. දැන් Peter ගේ Helmet එක.



එතනට පැමිණෙන Ego Peter ගේ මනස පාලනය කරගෙන නැවතත් බලය ලබා ගැනීමට පටන් ගන්නවා. ඒ වගේම Guardians සිර කිරීමටත් සමත් වෙනවා.



මේ නිසා නැවතත් පෘථිවියේ Missouri නගරය විනාශ වීමට පටන් ගන්නවා. ඒ සමගම විශ්වයේ තිබෙන අනෙකුත් ග්‍රහලෝකත් විනාශ වීමට පටන් ගන්නවා.



මේ අවස්ථාවේදී Yondu කියනවා Peterට ඔහු Arrow එක පාවිච්චි කරන්න මොළය නෙවේ හදවතයි පාවිච්චි කරන්නේ කියල. මෙය ත්රුම් ගත්ත Peter ඔහුගේ Celestial ජාන බලය පාවිච්චි කරලා Ego සමග සටන් කරනවා.



ඒ සමගම Ego ගේ බලය මුදා හැරෙන අතර Guardians සිර වී සිටි තැන වලින් නිදහස් වෙනවා. ග්‍රහලෝක විනාශ වීමත් නවතිනවා.

මෙතනදී අපිට දකින්න පුළුවන් පෘතුවියේදී කාර් එකක් ඉන්න Peter ගේ සීයාව. පලවෙනි ෆිල්ම් එක බලපු අයට මතක ඇතිනේ.



මේ අතර Groot මෙහෙයුම් මොළය අසලට ගොස් timing detonater තබා විනාඩි 5කින් පිපිරීමේ බොත්තම ඔබා එනවා.(ඇති යන්තම්)



Detonater පිපිරිම සුදානම් නිසා Guardians යානයට යාමට පටන් ගන්නවා. මේ අතර Yondu සුදානම් වෙනවා Peter රැගෙන ඒමට. Rocket ලබාදෙනවා Yonduට spacesuit එකක්.



Ego සමග සටන කරන Peter, Ego ට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා pac-man ආකාරයෙන් පාෂාණ එකතුවක් හදාගෙන පහර දෙනවා.

Ego vs Pac-Man? WTF! මේ සින් එක මන් බලපු වෙලාවේම මට හිතුනේ ඇයි මේ වගේ scene එකක් මේකට දැම්මේ කියලා එක නිකන් ඕනවට වැඩි කියල. එත් පස්සේ කල්පනා වුණා එකත් එක ref. එකක් කියලා. අපි දැක්කා මේ ෆිල්ම් එක පුවරවටම ගොඩක් තැන් වලට 80 දශකයේ ref. දීලා තිබුණා. Pac-Man ගේම් ඒක නිර්මාණය වෙන්නේ 1980 දී Peter ඉපදෙන්නෙත් 1980 දී ඉතින් මන්න්නම් හිතන්නේ Peter ගේ ළමා කාලය (පෘථිවියේ ජිවත් වුන) ගෙවෙන්නේ මේ ගේම් එකත් එක්ක. මොකද 80 දශකයේ ජනප්‍රියම ගේම් එක තම Pac-man කියන්නේ. Peter මෙතනදී මේ විදියට එක යොදාගෙන පහර දෙන්නේ ඒ නිසා වෙන්න ඕනි. Peter කලිනුත් මේ ගේම් එක ගැන සදහන් කරලා තිබුණා.



Rocket සහ Groot නැවතත් යානයට ආවත් Peter එන්නේ නැති බව Rocket, Gamoraට කියනවා. Peter ව රැගෙන ඒමට Gamora යාමට උත්සහ කලත් Rocket එක වළක්වන්නේ ඒක වැඩක් නැති දෙයක් නිසයි.



ඒ සමගම යානය එතනින් යාමට පිටත් වෙනවා Peter සහ Yondu නොමැතිව.



Peter සමග සටන් වදින Ego කියනවා තමාව මැරුවොත් Peter බලයන් රහිත සාමාන්‍ය අයෙක් වෙන බව. නමුත් ඊට එකග නොවන Peter Egoව රදවාගෙන සිටිනවා timing detonater පිපිර යන තෙක්



විනාඩි 5 අවසන් වීමෙන් පුපර යන detonater නිසා Egoගේ මෙහෙයුම් මොළය විනාශ වී Ego ද විනාශ වී යනවා.ඒ සමගම Peterගේ බලයන්ද ඔහුගෙන් ඉවත් වී යනවා



Ego ග්‍රහලෝකයද විනාශ වීමට පටන් ගන්න අතර එතනට එන Yondu, Peterව රැගෙන යනවා.



අභ්‍යවකාශයට Peter ව රැගෙන යන Yondu, spacesuit එක Peter ට සවි කර කියනවා Ego සමහර විට father වෙන්න පුළුවන් එත් daddy නෙවේ කියලා (මෙහෙම් කියන්නේ Peter ව පොඩි කාලේ ඉදන් හදා වඩා ගත්තේ Yondu නිසයි )



අභ්‍යවකාශය ඔක්සිජන් නොමැති වීමෙන් Yondu මිය යනවා. Peter එය වලකිවිමට උත්සහ කලත් අසාර්ථක වෙනවා.



Guardians ලා Yondu ගේ දේහයට අවසන් ගෞරවය දක්වලා අභ්‍යවකාශයට මුදා හරිනවා



Nebula ඔවුන්ගෙන් වෙන වී පිටත් වෙන්න සුදනම් වෙනවා. Gamora ඇයට යෝජනා කරනවා ඔවුන් සමග සිට උදව් කරන ලෙසට. නමුත් Nebula කියන්නේ Thanos ව මරා දමලා ඔවුන්ට උදව් කරන්නම් කියලා. Nebula පිටත්වෙනවා Thanos සොයා



Kraglin දෙනවා Peter හට Yondu junker shop එකකින් ලබා ගත්ත Zune එකක්. (Peter ගේ walkman එකත් Ego විනාශ කල නිසා) එහි ගීත 300 පමණ ගබඩා කරන්න පුළුවන් කියලත් පවසනවා. Peter, Yondu ගේ Yaka Arrow එක Kraglinට ප්‍රධානය කරනවා.



මේ අතර Ravagerලගේ Stakar, Charlie-27සහ Aleta කණ්ඩායම් වල සාමාජිකයිනුත් Yonduට අවසන් ගෞරව දක්වනවා
Reply With Quote
(#5)
Old
choppe choppe is offline
Senior Member
choppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to behold
 
Posts: 8,534
Join Date: Nov 2007
08-10-2017, 12:43 AM

අපිට සාමාන්යෙන් marvel movie franchise වලින් දකින්න පුළුවන් credit scenes 1ක් හෝ 2ක්. එත් මේ චිත්‍රපටයේ අපිට දකින්න පුළුවන් credit scenes 5ක්ම. මේ 5න් ඉතාම සුවිශේෂී credit scene එකකුත් තිබුණා. ඒ වගේම සාමාන්යෙන් MCU ෆිල්ම් එකක් අවසානයේදීම (post credit scenes වලිනුත් පස්සේ) අපිට දකින්න ලැබෙන ‘will return’ message එක මේ ෆිල්ම් එකේ credit scenes වලටත් කලින් බලා ගන්න පුළුවන්. එයින් අදහස් වෙන්නේ මේකන් පස්සේ Guardians ලා Avengers: Infinity War වලට සම්බන්ධ වන නිසා. හරි එහෙනම් අපි බලමු එකින් එකට.



Peter විසින් Kraglinට දෙන Yondu ගේ Yaka Arrow එක Kraglin පාලනය කරන්න ඉගෙන ගන්නවා. මේක පාලනය කරන්නේ විසිල් ස්වර වලින් නිසා පොඩ්ඩ් ගස්සුනත් වැඩේ ඇනෙනවා. එක අපිට බලාගන්න පුළුවන් මේ සීන් එකෙන්ම.



Yondu ගේ මරණින් පස්සේ පරණ Ravagers කණ්ඩායමේ නායකයින් සහ සාමාජිකයින් (Stakar, Aleta , Charlie-27, Krugarr) නැවතත් teamup වෙනවා.



Sovereign සාමාජිකයෙක් ඇවිත් Ayesha ට කියනවා council එක සුදානම් වී ඇති බව. Ayesha කියනවා ඇය Anulax Batteries නැති කරගැනීම සම්බන්ධයෙන් ඔවුන් shock වෙයි නමුත් ඇය නිර්මාණය කල දෙය නිසා ඔවුන් එය අමතක කරවී කියල. Birth pod එකක් ඇතුලේ සිටින ඔහුට ඇය Adam කියලා නම තියෙනවා.

මන් අර කලින් කිව්වා සුවිශේෂී credit scene එක තම මේ. මාවල් ලා ඔවුන්ගේ යුනිවස් එකෙට ගේන්න යන ප්‍රබල චරිතයක්. ඒ තමා Adam Warlock. කොමික් කියවන ගොඩ දෙනෙක් දන්නවා කව්ද Adam Warlock කියන්නේ කියල. මාවල් ලා සතුව ඉන්න Doctor Strange, Iron Man වගේ ප්‍රබලම චරිතයක් තමා Adam Warlock කියන්නේ. කොමික් වලදී ඔහු Guardians of the Galaxy සාමාජිකයෙක් වගේම Infinity Watch කණ්ඩායමේ (Infinity gems ආරක්ෂා කිරීමට සිටින කණ්ඩායම) නායකයාද වෙනවා. නමුත් කොමික් වලදිනම් Adam Warlock නිර්මාණය කරන්නේ Enclave කියන විද්‍යාඥයන් පිරිසක්. Adam Warlock ගේ තනි චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තවමත් මාවල් සමාගමට අදහක් නැ කියලයි කියන්නේ. ඔවුන් කියන්නේ Adam ව මීලග Guardians of the Galaxy චිත්‍රපටයට සම්බන්ධ වන බවයි. එහෙම වුනොත් Adam නිර්මාණය කරන්නේ Ayesha නිසා ඔහු Guardians ලගේ හතුරෙකු වෙන්න පුළුවන්. Adam Warlock ගේ cocoon එක ගැන ගොඩ දෙනෙක් කතා කල Thor: The Dark World චිත්‍රපටයේ සහ Guardians of the Galaxy පළමු චිත්‍රපටයේ Collector ගේ කෞතුගාරයේ තිබුණ. නමුත් මෙහි අධ්‍යක්ෂකවරයා කියන්නේ කොමික් වල සම්බන්ධව කිසිදු සමානතාවයක් එහි නැ කියලයි.



Peter ඇවිත් Groot ට බනිනවා කාමරය අපිරිසිදු වීම ගැන. එත් Groot නෙවේ සත පහකටවත් ගණන් ගන්නේ

මෙතන අපිට දකින්න පුළුවන් Preteenage Groot. ඒ කියන්නේ මේ සිදුවීම බොහෝ දුරට මේ චිත්‍රපටයේ සිදුවීමෙන් අවරුදු ගණනාවකට පස්සේ විය යුතුයි. 2017 කාලයේ හෝ 2018 කාලයේ විය යුතුයි. ඔවුන් Infinity War වලට සම්බන්ධ වෙන්න යන කාලයේ වෙන්නත් පුළුවන්. මේ scene එකෙන් තව දෙයක් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ තම Groot ගේ කතා කිරීමේ රටාව Peter තේරුම් අරන් තියන්නේ. Rocket ගෙන් පස්සේ Groot ගේ කතා රටාව තේරුම් ගත් එකම පුද්ගලයාද Peter වෙනවා.



Watchers ලා Watcher Informant ව තනි කරලා ආපසු යන්න යනවා. Watcher Informant අහනවා ඔහු කොහොමද නැවත යන්නේ කියල. ඒ වගේම ගොඩාක් කතා කියන්න තියනවා කියලත් පවසනවා.

මෙතනදී Watcher Informant කියන්නේ ඔහුට කතා ගොඩක් කියන්න තියෙනවා කියල ඔහුගේ අද්දැකීම් Watcher Informant කෙනෙක් විදියට. MCU films ටික ගත්තත් එතනම 14ක් තියෙනවා . මෙතන ඉන්නේ Uatu කියලා ගොඩ අයගේ මතයක් තියෙනවා. එත් ඉතින් මම නම් එක විශ්වාස කරන්නේ නැ.

ඒ වගේම credits යන තරෙත් අපිට දකින්න පුළුවන් Howard the Duck ව. තව Guardians of the Galaxy පළමු චිතරපටයේ collector ගේ කෞතුගාරය හිටිය Cosmo වත්, Peter ගේ සියාවත්. ඉස්සරහට එන්න තියන Thor: Ragnarok චිත්රපටයේ ඉන්න Grandmaster ගේ ෆොටෝ එකකුත් දකින්න පුළුවන්.

ගොඩ දෙනෙක් දන්නවා මේ චිත්‍රපටයේ තුන් වන චිත්‍රපටයත් නිර්මාණය වෙන්න සුදානම් කියල. James Gunn දැනටමත් එහි පිටපත ලියන්න පටන් අරන් ඉවරයි. රුගත කිරීම් ලබන අව්රුද්දෙ ජනවාරි මාසේ පටන් ගන්නවා කියලයි කියන්නේ. හැබැයි ඉතින් ඒක අපිට බලාගන්න පුළුවන් වෙන්නේ phase four එකෙන්. එ කියන්නේ 2020. ඒත් අපිට වැඩි කල් යන්න කලින් Guardians ලව අයෙත් දකින්න පුළුවන් Infinity War එකෙන්.ඒ වගේම 2019 එන Avengers 4 movie එකෙනුත් අපිට Guardians ලව දකින්න පුළුවන්. Guardians of the Galaxy Vol. 2 මගේ rating එක 8/10. පලවෙනි චිත්‍රපටයට වඩා ගොඩක් හොදට තිබුණා. ඉතින් මිට පස්සේ එන චිත්‍රපටය තමයි Spider-Man: Homecoming. මේ චිත්‍රපටය දැනටමත් තිරගත කරන්න පටන් අරන් තියෙන්නේ. ඇත්තම කියනවනම් Spider-Man: Homecoming එකේ රිවිව් එකත් මේ වෙනකොට ලියලා ඉවරයි. එත් ඉතින් දෙන්න විදියක් නැ. හේතුව කියන්න ඕනි නැනේ. එහෙනම් ඉකමනටම හමුවෙමු.

Reply With Quote
(#6)
Old
choppe choppe is offline
Senior Member
choppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to behold
 
Posts: 8,534
Join Date: Nov 2007
08-10-2017, 12:43 AM

Reply With Quote
(#7)
Old
choppe choppe is offline
Senior Member
choppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to behold
 
Posts: 8,534
Join Date: Nov 2007
08-10-2017, 12:43 AM

Reply With Quote
(#8)
Old
choppe choppe is offline
Senior Member
choppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to beholdchoppe is a splendid one to behold
 
Posts: 8,534
Join Date: Nov 2007
08-10-2017, 12:44 AM

Reply With Quote
(#9)
Old
Tyrion_Lannister's Avatar
Tyrion_Lannister Tyrion_Lannister is offline
Senior Member
Tyrion_Lannister is a glorious beacon of lightTyrion_Lannister is a glorious beacon of lightTyrion_Lannister is a glorious beacon of lightTyrion_Lannister is a glorious beacon of lightTyrion_Lannister is a glorious beacon of lightTyrion_Lannister is a glorious beacon of lightTyrion_Lannister is a glorious beacon of lightTyrion_Lannister is a glorious beacon of lightTyrion_Lannister is a glorious beacon of lightTyrion_Lannister is a glorious beacon of lightTyrion_Lannister is a glorious beacon of light
 
Posts: 2,082
Join Date: Dec 2014
08-10-2017, 05:38 AM

up
Reply With Quote
(#10)
Old
ForgottenSand's Avatar
ForgottenSand ForgottenSand is offline
Senior Member
ForgottenSand is just really niceForgottenSand is just really niceForgottenSand is just really niceForgottenSand is just really niceForgottenSand is just really niceForgottenSand is just really niceForgottenSand is just really niceForgottenSand is just really nice
 
Posts: 658
Join Date: Jun 2017
08-10-2017, 05:51 AM

supiri! niyamayi
Reply With Quote
Reply

Bookmarks

Tags
මාවල්, mculk

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01901 seconds with 10 queries