කෙම් නෙවෙයි බං. වට පිට ඉන්න මිනිස්සු ගොඩක් වෙලාවට උන්ගේ ලිං හිඳෙයි කියලා බයට ප්‍රාදේශීය සභාවට හරි පොලීසියට හරි නල ලිඳ ගහන එක ගැන පැමිණිලි කරනවා. එ්ත් ගොඩක් තැන්වල අවට තියන ලිං වලට එච්චරම බලපෑමක් වෙන්නෙ නෑ නල ලිඳෙන්.
එහෙම පැමිණිල්ලක් දැමීමට පස්සෙ ඉතිං අාය කතා කරලා වැඩක් නෑ

දන්නවා නේ රජයේ අායතන වල කාර්යක්ෂමතාවය

Field එකට අැවිල්ලා inspection කරලා කරන්න තියන වැඩ කරද්දී හැට හුටහමාරක් දවස් යනවා.
එ් නිසා තමයි මම කිව්වෙ උදේ පාන්දරම වැඩේ පටන් ගන්න තරමට අැඟට ගුනයි කියලා.
නල ලිඳ ගැහුවට පස්සෙ ඔය මොකා පැමිනිලි කරත් වැඩක් නෑ. මානුෂීය අවශ්‍යතා විදියට නේ සලකන්නෙ. එ් නිසා වහන්න බෑ.

ලිඳක් භාවිතා කරන එක නවත්තන්න කියලා නීති පනවන්න පුලුවන් එ් ලිඳේ වතුර භාවිතයට නුසුදුසුයි (බැක්ටීරියා, අධික අම්ලතාවය) කියලා ඔප්පු කෙරොත් විතරයි මම දන්න තරමින්.