හොඳ බනක් හම්බුනා

Madyastha

Member
Mar 11, 2017
121
11
0
හොඳ බනක් හම්බුනා

ලංකාවෙ ගොඩක් අය ධර්මය හොයනව. හැබැයි ගොඩක් තැන් වල තියෙන්නෙ වැදි බණ. මම අහපු හොඳ බනක් තියෙනව පල්ලෙහා ලින්ක් එකේ. බුදු දහමයි විද්‍යාවයි අතර සංසන්දනයක් එක්ක කරන හොඳ දේශනාවක්. මේ හාමුදුරුවො වලස්මුල්ලේ අභය හිමි. උන් වහන්සේ ගිහි කාලෙ ඉන්ජිනේරුවෙක් සහ මනෝ විද්‍යාව පිලිඹද උපදේශකයෙක්. අහල බලන්න. ගන්න දෙයක් තියෙනව ජීවිතයට.

https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
 
  • Like
Reactions: Superuser

Prabhaswara

Member
Feb 26, 2017
100
22
0
උන්වහන්සේගේ දේශණා මමත් අසා තිබෙනවා. කාලීන දේශණා මාලාවක් කියල කියන්න පුලුවන්. උන්වහන්සේගෙන් බන අසා එක් තෙරණින් වහන්සේ නමක් රහත් වුනු බව පැවසෙනව.
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් මාර්ග ඵල, ධ්‍යාන ආදිය ගැන ප්‍රසිද්ධියේ නොකීම අරභයා එවන් සිල්වත් උතුමන් ගැන නොමනා බස් කීම

ඉහත වීඩියෝවේ විනාඩි 25න් පමණ ඉදිරියට වලස්මුල්ලේ අභය හිමි මෙසේ පවසනවා:

මේ ධ්‍යාන, මාර්ග ඵල තියෙන ඒවා හංගලා, හොරකං, හොරකමට නිකං හංගන් ඉන්න එකක් නෙවෙයි. දැන් මෙච්චර කාලයක් මේවා කිව්වෙ නෑ, ඇයි? කාටවත් නැති නිසා. කාටවත් නැති නිසා කට්ටියම තියෙනවා කියලා හිතාගෙන එකාට එකා හොරෙන් හිටියා අර අන්ධයෝ රෑන ඉතිරි අන්ධයොගෙ පස්සෙ යන්නා වගේ. ...

අභය හිමිගේ එම ප්‍රකාශය බුදු සසුනේ සීල සාරයේ පිහිටි භික්ෂූන් වහන්සේලාගේ ස්වරූපයට ගැළපෙන්නේ නැහැ. එවන් අය ධ්‍යාන, මාර්ග ඵල ආදිය ගැන ගිහියන් ඇතුළු අනුපසම්පන්නයින්ට නොකියනවා නම් එසේ නොකියන්නේ එවන් අයට එම ගුණාංග නැති නිසා හෝ හොරකමට යැයි යන අර්ථයන්ගෙන් ගැනීම සුදුසු නැහැ. ඇති ධ්‍යානයන්, මාර්ග ඵල ආදිය ගැන අනුපසම්පන්නයින්ට කීම විනය ශික්ෂාවට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා බුදු සසුනේ පැවිදි වූ සිල්වත් භික්ෂූන් වහන්සේලා සැබෑවටම ඔවැනි දේ තමා කෙරෙහි ඇතැයි දැනගත්තත් ඔවැනි දේ අනුපසම්පන්නයින්ට කියන්නේ නැහැ.

භික්ෂූන් වහන්සේලා ඔවැනි කරුණු අනුපසම්පන්නයින්ට කියනවා නම් එය මහණකමට ගැළපෙන ක්‍රියාවක් නොවෙයි. බුදුරජානන් වහන්සේ ඊට අදාලව පනවන ලද ශික්ෂාපදයට කියන්නේ "භූතාරොචනශික්ෂාපදය" කියලා. ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තිය පාළියේ භූතාරොචනශික්ෂාපදය [ http://thripitaka.org/view/vp/vp2p1/94 ] ගැන වැඩි විස්තර සඳහන්.

පාලියෙන් එය මෙසේ සඳහන්:

"යො පන භික්ඛු අනුපසම්පන්නස්ස උත්තරිමනුස්සධම්මං ආරොවෙය්‍ය භූතස්මිං පාචිත්තිය"න්ති.

එහි සිංහල පරිවර්තනය මෙසේ සඳහන්:

"යම් මහණෙක් අනුපසප්නක්හට උතුරුමිනිස්ධම ඇරොජන්නේ නම් විද්‍යමානයෙහි පචිති වේ" යයි.

විනය පිටකයේ භූතාරොචනශික්ෂාපදය ගැන විස්තරයේ "උත්තරීමනුස්සධම්ම" ලෙස සැලකෙන්නේ කවර කරුණුද යන්න සඳහන්. ඊට අනුව භික්ෂූන් වහන්සේලාට තමන්ගේ ඇති මාර්ග ඵල, ඥානදර්ශන, ධ්‍යාන ගැන පමණක් නොවෙයි, අඩු තරමින් තමන් ශූන්‍යාගාරයෙහි ඇලෙනවා යැයි වත් අනුපසම්පන්නයින්ට කියන්න විනයෙන් ඉඩක් නැහැ.

වලස්මුල්ලේ අභය හිමි භූතාරොචනශික්ෂාපදය ගැන නොදැන ඉහත පරිදි පවසන්න ඇති. ඉහත වීඩියෝවේදී අභය හිමියන් නොපැහැදුණු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ පැහැදීම වැඩි කිරීමටත් බුදුරජානන් වහන්සේ විනය පැනවීම කර ඇති බවට සඳහන් කොට ඒ විනය පැනවීමටම අඩංගු භූතාරොචනශික්ෂාපදයට ප්‍රතිවිරුද්ධ ලෙස කටයුතු කිරීමට අන් අයව යොමු කරන අයුරු දැකිය හැකියී. විනය පිටකයේ සඳහන්ව ඇති පරිදි භූතාරොචනශික්ෂාපදය පැනවීමේදීත් භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම ගැන බුදුරජානන් වහන්සේ මෙසේ පවසා තිබෙනවා:

මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදයට හෝ නො වෙයි. මෙය වැලිත් අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත් ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් වැටෙයි.

වැරදි වැටහීම නිසාදෝ වලස්මුල්ලේ අභය හිමි ඉහත වීඩියෝවේ විනාඩි 1, තත්පර 47 න් පමණ ඉදිරියට මෙසේ පවසනවා දැකිය හැකියී:

එතකොට තමන්ට මේ දැනෙන දෙවල්, තමන්ගේ තියෙන අත්දැකීම් අනුන්ට දැනගන්න තියෙන එකම ක්‍රමය තමයි අපි කියන්න වෙනවා ඉතින්. අපි කියන්නැතුව දැනගන්න ක්‍රමයක් නැහැ.

බුදුරජානන් වහන්සේ භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට නොකිව යුතු යැයි විනය පනවලා තිබියදී එසේ ශික්ෂාව පැනවීමට හේතු අභය හිමියන් විසින් ශික්ෂාපදය නොදක්නා ලද බව හෝ හරි හැටි නොවටහා ගැනීම ඉහත පරිදි පවසන්නට හේතු වන්නට ඇති.

බුදුරජානන් වහන්සේ විනය ශික්ෂාපද පනවා ඇත්තේ එක් එක් ශික්ෂාපදය පැනවීමට සුදුසු කාලය පැමිණි විට. භූතාරොචනශික්ෂාපදය පැනවීමට පෙර නම් භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිසත්, ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදය පිණිසත් හේතු වූ අවස්ථාවන් තිබෙන්නට ඇති. නමුත් සුදුසු කාලයේදී බුදුරජානන් වහන්සේ විසින් භූතාරොචනශික්ෂාපදය පැනවීමෙන් පසුව එය එසේ වන්නේ නැහැ. ඒ නිසා මෙකල භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිසත්, ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදය පිණිසත් හේතු වේ යැයි කීම නිවැරදි කීමක් නොවෙයි. මෙකල භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත්, ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් හේතු වෙනවා.

බුදුරජානන් වහන්සේගේ විනය පැනවීම නොසලකා හරිනවා නම් එවන් භික්ෂූන්, භික්ෂුණීන් වහන්සේලාගේ එම ක්‍රියාවන් සිල්වත් ක්‍රියාවන්, යහපත් ක්‍රියාවන් ලෙස දැකීම නුසුදුසුයි. මහණ වූ අය ඔවැනි ක්‍රියාවන්ට යොමු කිරීම බුදු සසුනේ චිරස්තිථියටත් බාධා ඇති කරනවා. එසේ වරදවා ගතහොත් බුදු සසුනේ මහණ දම් පුරණ හිස් පැවිද්දන් නම් බොහෝ වේවි, සැබැවින්ම සීල ගුණයෙන් යුතු පැවිදි පිරිස හිස් පිරිසකැයි වැරදි මතයකුත් සමාජයේ ඇති වේවි. එසේ වූවාම ගුණවත් පිරිසට තමන්ගේ ගුණවත් බව රැකගෙන ධර්ම ප්‍රතිපදාවේ යෙදීම දුෂ්කර වෙනවා. ඊට අමතරව වලස්මුල්ලේ අභය හිමිගේ එම අධාර්මික, අවිනය මතය ධර්මයට සහ විනයට අනුකූල යැයි වරදවා පිළිගන්නා පිරිස සිල්වත් භික්ෂූන්ට අභූතයෙන් චෝදනා කර බොහෝ පව් පුරවා ගැනීමකුත් කරන්න පුළුවන්. අධාර්මික, අවිනය මතයන් ධර්මයට සහ විනයට අනුකූල යැයි වරදවා දකින පිරිසගේ ධර්ම අවබෝධය කිරීමේ හැකියාව ඒ වැරදි දැකීම හේතුවෙන්ම දුර්වලයි.

Skylark
 
Jul 5, 2012
1,773
265
0
මේ හාමුදුරුවෝ වහරකගේ ගෝලයෙක්. දුක්ඛ අනිත්‍ය අනාත්ම වරදවා බන කියන, සරිරයෙන් පිටවන ඕරා එකක් ගැන කියවන, ඒ කියන ඕරා එකෙන් අනිත් අයටත් සමාධිය සහ ධ්‍යාන ලබා ගන්න උදව් වෙනවා කියන හාමුදුරුවෙක්.
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මේ අභය හාමුදුරුවො හැම පොයින්ට් එකක්ම ත්‍රිපිටකේ සාක්ෂිත් එක්ක පෙන්නනව!

ඉහත වීඩියෝවේ මාතෘකාවේ "සැබෑ නිරුක්ති අර්ථයන්" ලෙසත් සඳහන්. අභය හිමිගේ බණ අහපු/අහන අය එම වීඩියෝවේ එහිමියන් පවසන පරිදි බුදු ගුණ, දම් ගුණ සහ සඟ ගුණ විස්තර කෙරෙන ත්‍රිපිටකයේ තැන් ගෙන හැර දක්වනවාද?

මමත් ත්‍රිවිධ රත්නයේ ඒ ඒ ගුණය ත්‍රිපිටකයේ විස්තර කෙරෙන තැන් සොය සොයා ඉන්නේ. අභය හාමුදුරුවො හැම පොයින්ට් එකක්ම ත්‍රිපිටකේ සාක්ෂිත් එක්ක පෙන්නනවා යැයි කියන එකේ හාමුරුවන්ගේ බණ අහපු/අහන සමහර අය ඒ ගැන දන්නවා ඇතිනේ.

උදාහරණයකට ධර්මයේ ගුණ කීමේදී "ස්වාක්ඛාත" යන්න "ස්ව+ආකෘත, එනම් තමන්ට ඕනැ විදිහට කරාට හරියන්නේ නැහැ, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දීලා තියෙන විදිහට වඩන්න ඕනෑ" ලෙස විස්තර කිරීමට ඒ හාමුදුරුවෝ ත්‍රිපිටකයේ කවර තැන් සාක්ෂි ලෙස දෙනවාද? මම අහලා තියෙන්නේ "ස්වාක්ඛාත" යන්නෙහි අර්ථය "මනාව දේශනා කරන ලද" කියලා. කුමන හේතුවකටද "ස්වාක්ඛාත" යන වචනය "ස්ව + ආ + කෘත" ලෙස පද බෙදන්නේ?

මේ බන කියන අභය හාමුදුරුවොත් ඉන්ජිනිය කෙනෙක්, එයාට තව ඩිග්‍රි2ක් තීනව මනෝ වෛද්‍ය සින් එකකුයි තව මොකක්හරි එකකුයි!
...
එතකොට තමයි දැක්කෙ සීන් එක! මචන් එතන මහන වෙලා ඉන්න කට්ටියගෙන් 90%ට විතර ඩිග්‍රි තීනව. ඉන්ජිනියස්ල ඉන්නව පට්ට තොගයක්!

ඒ වාගේ පිරිස් ඔය වීඩියෝවේ කියවෙන "ස්වාක්ඛාත" යන්නෙහි අර්ථය වැනි දෑ හරිය කියලා දොහොත් මුදුනින් පිළිගන්නවාද? කොහොමද ඔවැනි කරුණු වලට "සැබෑ නිරුක්ති අර්ථයන්" යැයි පවසන්නේ? මට නම් පෙනෙන්නේ හාමුදුරුවොයි ඒ පිරිසයි පටලවාගෙන වගේ.

ත්‍රිපිටක මූලාශ්‍ර දැන ගන්න ඕනෑ නම් මමම ඒ හාමුදුරුවන්ගේ ඔක්කෝම දේශනා අහලා බැලිය යුතුය කියන පොත නම් පෙරළන්න එපා.

Skylark
 
Madyastha

Member
Mar 11, 2017
121
11
0

ඉහත වීඩියෝවේ මාතෘකාවේ "සැබෑ නිරුක්ති අර්ථයන්" ලෙසත් සඳහන්. අභය හිමිගේ බණ අහපු/අහන අය එම වීඩියෝවේ එහිමියන් පවසන පරිදි බුදු ගුණ, දම් ගුණ සහ සඟ ගුණ විස්තර කෙරෙන ත්‍රිපිටකයේ තැන් ගෙන හැර දක්වනවාද?

මමත් ත්‍රිවිධ රත්නයේ ඒ ඒ ගුණය ත්‍රිපිටකයේ විස්තර කෙරෙන තැන් සොය සොයා ඉන්නේ. අභය හාමුදුරුවො හැම පොයින්ට් එකක්ම ත්‍රිපිටකේ සාක්ෂිත් එක්ක පෙන්නනවා යැයි කියන එකේ හාමුරුවන්ගේ බණ අහපු/අහන සමහර අය ඒ ගැන දන්නවා ඇතිනේ.

උදාහරණයකට ධර්මයේ ගුණ කීමේදී "ස්වාක්ඛාත" යන්න "ස්ව+ආකෘත, එනම් තමන්ට ඕනැ විදිහට කරාට හරියන්නේ නැහැ, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දීලා තියෙන විදිහට වඩන්න ඕනෑ" ලෙස විස්තර කිරීමට ඒ හාමුදුරුවෝ ත්‍රිපිටකයේ කවර තැන් සාක්ෂි ලෙස දෙනවාද? මම අහලා තියෙන්නේ "ස්වාක්ඛාත" යන්නෙහි අර්ථය "මනාව දේශනා කරන ලද" කියලා. කුමන හේතුවකටද "ස්වාක්ඛාත" යන වචනය "ස්ව + ආ + කෘත" ලෙස පද බෙදන්නේ?

ඒ වාගේ පිරිස් ඔය වීඩියෝවේ කියවෙන "ස්වාක්ඛාත" යන්නෙහි අර්ථය වැනි දෑ හරිය කියලා දොහොත් මුදුනින් පිළිගන්නවාද? කොහොමද ඔවැනි කරුණු වලට "සැබෑ නිරුක්ති අර්ථයන්" යැයි පවසන්නේ? මට නම් පෙනෙන්නේ හාමුදුරුවොයි ඒ පිරිසයි පටලවාගෙන වගේ.

ත්‍රිපිටක මූලාශ්‍ර දැන ගන්න ඕනෑ නම් මමම ඒ හාමුදුරුවන්ගේ ඔක්කෝම දේශනා අහලා බැලිය යුතුය කියන පොත නම් පෙරළන්න එපා.

Skylark

Unwahansege bane ganna thiyena de araganna. anith ewa waradi kiyala hithenawanam bahara karanna. Unwahanse kiyana godak ewa dharmayata galapenawa kiyala nam penawa. Anichcha kiyna eke arthaya unwahanse kiyanne thripitaka sakshith ekkane. e nisa api eka therum ganna one. Budu guna pilibada unwahanse kiyana artha wada galapenawa kiyala hithenawa. Swakkatha kiyanne 'manawa deshana karana lada" kiwwata eke athi deyak nane. namuth Swa akrutha kiyana eke theruma dharmayata manawa galapenawa.
 
"ස්වාක්ඛාත" යන්නෙහි අර්ථය "මනාව දේශනා කරන ලද" යැයි කීවාට ඒකේ ඇති දෙයක් නැත්නම් ඔබම මේ ත්‍රෙඩ් එකේ ආරම්භයේ "මම අහපු හොඳ බනක් තියෙනව පල්ලෙහා ලින්ක් එකේ." යැයි කීවාට ඒකේ ඇති දෙයකුත් නැහැ. ඒ ඔබටම අනුව.

"ස්වාක්ඛාත" යන්නෙහි අර්ථය "මනාව දේශනා කරන ලද" යැයි කීවාට ඒකේ ඇති දෙයක් නැත්නම් "මනාව දේශනා කරන ලද" යන්නෙහි ප්‍රතිවිරුද්ධ අර්ථය සැලකුවොත් ඔබම මේ ත්‍රෙඩ් එකේ ආරම්භයේ "හැබැයි ගොඩක් තැන් වල තියෙන්නෙ වැදි බණ." යැයි කීවාට ඒකේ ඇති දෙයකුත් නැහැ. ඒ ඔබටම අනුව.

ඒ නිසා ඔබට අනුව ඔබම ඒ පවසලා තියෙන්නේ ඇති දෙයක් නැති කරුණු.

හ්ම්ම්ම්.... වලස්මුල්ලේ අභය හිමිගේ බන වලට "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ" යැයි ඒ බන ගෙන හැර දක්වපු කෙනාම කියනවා වගේ.... ගුණ කියන්නෙමැයි යන අදහස් ඇතිව තමන්ම දොස් කියනවා වගේ... හාමුදුරුවො වගේම අනුගාමිකයොත් පටලවාගෙන වගේ... එක් එක් අන්ධයාගේ අත් අල්ලාගෙන ගමන් කරන අන්ධ රැලක් වගේ...

උබ දන්න දර්මය මටත් කියන්නකො. තර්ක කර කර ඉඳල වැඩක් නෑනේ. මාත් බලන්නෙ නිවන් යන්න තමයි.
 
Prabhaswara

Member
Feb 26, 2017
100
22
0
උබ දන්න දර්මය මටත් කියන්නකො. තර්ක කර කර ඉඳල වැඩක් නෑනේ. මාත් බලන්නෙ නිවන් යන්න තමයි.

ඔව්. අප කල යුත්තේ තම තමන් දන්නා/අවබෝධ කල මට්ටමෙන් ධර්මය සාකච්චා කිරීම මිස හේතු ඵල විග්‍රහයකින් තොරව සියල්ලන් විවේචනය කිරීම නොවෙයි. යම් දෙයක් වැරදි නම් එහි වැරැද්ද හේතු පලානුකූලව පෙන්වා දී හරි දේ කුමක්ද යන්නත් පැවසිය යුතුව ඇත.
 
Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ජිංතක ජිල්ලබකිට;21330376 said:
    මේ හාමුදුරුවෝ වහරකගේ ගෝලයෙක්. දුක්ඛ අනිත්‍ය අනාත්ම වරදවා බන කියන, සරිරයෙන් පිටවන ඕරා එකක් ගැන කියවන, ඒ කියන ඕරා එකෙන් අනිත් අයටත් සමාධිය සහ ධ්‍යාන ලබා ගන්න උදව් වෙනවා කියන හාමුදුරුවෙක්.

    මටත් නිකන් ඒ වගේ එකක් හිතුනා..:baffled:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උබ දන්න දර්මය මටත් කියන්නකො. තර්ක කර කර ඉඳල වැඩක් නෑනේ. මාත් බලන්නෙ නිවන් යන්න තමයි.

    ඔීකගෙ බනේ තමයි ස්වාමින්වහන්සේලට හැංගි හැංගි පරිභව කරලා අපායෙ සිටිසන්ශිප් ගන්න එක.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,621
    5,474
    113
    උබ දන්න දර්මය මටත් කියන්නකො. තර්ක කර කර ඉඳල වැඩක් නෑනේ. මාත් බලන්නෙ නිවන් යන්න තමයි.

    :cool::yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    මේ බලන්න ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ පණ්‌ඩිතවග්ගයේ[1] ආරම්භයේ ඇති ගාථා දෙක:

    නිධීනංව පවත්තාරං යං පස්සෙ වජ්ජදස්සිනං
    නිග්ගය්හවාදිං මෙධාවිං තාදිසං පණ්ඩිතං භජෙ
    තාදිසං භජමානස්ස සෙය්‍යො හොති න පාපියො.

    ඔවදෙය්‍යානුසාසෙය්‍ය අසබ්භා ච නිවාරයෙ
    සතං හි සො පියො හොති අසතං හොති අප්පියො.

    මේ එම ගාථා වල සිංහල පරිවර්තනය:

    වරද දක්නා සුලු, නිගා කොට බණන සුලු, යම් කලණ මිතුරකු නිදන් සැල තුබූ තැන කියන්නකු වැනි කොට දක්නේ ද, එබඳු පණ්ඩිතයා සෙවුනේ ය. එබන්දකු සෙවුනහුට යහපතෙක් ම වන්නේ ය. අවැඩෙක් නො වන්නේ ය.

    යම් කලණ මිතුරෙක් කිසිවකුට අවවාද කෙරේ ද, අනුශාසන කෙරේ ද, අකුශලධර්මයෙන් වළකා ද, මෙබඳු කලණ මිතුරා බුද්ධාදී සත්පුරුෂයන්හට ප්‍රිය වෙයි. අසත්පුරුෂයන්හට අප්‍රිය වේ.

    මෙවන් ගාථා බොහෝම වටිනවා. යහපතක් වීම පිණිස, අවැඩක් නොවීම පිණිස ඔබත් මමත් කෙසේ නම් යොමු විය යුතු දැයි යන්න එම ගාථා වලින් තේරුම් ගන්න පුළුවන්. එම ගාථා වල කියැවෙන කරුණු වලට අනුව පණ්ඩිතයින් හඳුනා ගන්නත් අසත්පුරුෂයින් හඳුනා ගන්නත් හැකියි. උදාහරණයකට සදහම් දන්නා නිසා වරද දක්නා සුලු, නිගා කොට බණන සුලු, අවවාද කරන, අනුශාසන කරන, අකුශලධර්මයෙන් වළකන යම් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට අප්‍රිය වේ නම් එම පළමු පුද්ගලයාව අප්‍රිය කරන දෙවන පුද්ගලයාව අසත්පුරුෂයෙකු ලෙස හඳුනා ගන්න හැකියි.

    --

    1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ පණ්‌ඩිතවග්ගය [ http://thripitaka.org/view/bjts/sp18/67 ]"

    Skylark
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔව්. අප කල යුත්තේ තම තමන් දන්නා/අවබෝධ කල මට්ටමෙන් ධර්මය සාකච්චා කිරීම මිස හේතු ඵල විග්‍රහයකින් තොරව සියල්ලන් විවේචනය කිරීම නොවෙයි. යම් දෙයක් වැරදි නම් එහි වැරැද්ද හේතු පලානුකූලව පෙන්වා දී හරි දේ කුමක්ද යන්නත් පැවසිය යුතුව ඇත.

    එහෙම කරන්න පිරිමි කමක් තියෙන්න එපැයි. හැංගි මුත්තං පොන්නයා එහෙම කරන්නෙ නැහැ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ජිල්ලබකිට,
    ජිල්ලබකිට,
    කිය කිය කොපි පේස්ට් කර කර පෝස්ට් දාන වෙලාවෙ එ් ස්වාමින්වහන්සේලට කෝල් එකක් දිලා රෙකෝඩින් එකක් දාපන්කො සංවාදෙ.
    එහෙම නැතුව තැන තැන කැලැ පත්තර ගහන එක සහ පොන්න කමක් බන්.