මියන්මාර_චායාරූප
බෞද්ධ බහුතරයක් සහිත මියන්මාරය හැර පළා යන රෝහින්ග්‍යා ජන රැල්ල සම්බන්ධයෙන් දලයි ලාමා අදහස් පළ කළහ.
බුදුරජාණන් වහන්සේ සිටියා නම් විපතට පත් රෝහින්ග්‍යා ජනතාවට උපකාර කරනු ඇති බව උන්වහන්සේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් පැවසූහ.
රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්රචණ්ඩ ක්‍රියා අවසන් කිරීමට කටයුතු කරන ලෙස උන්වහන්සේ මීට ඉහත දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලත් එරට නිල නොවන නායිකා අවුන් සාන් සුචීගෙන් ඉල්ලීමක් කර තිබිණි.
මේ අතර මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා ඉලක්ක කෙරෙමින් එරට ක්‍රියාත්මකවන ආරක්ෂක හමුදා මෙහෙයුම් "වාර්ගික ශුද්ධයකට නිදසුනක්" බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා පවසයි.
"කෘර හමුදා මෙහෙයුම" අවසන් කරන ලෙස මානව හිමිකම් ප්‍රධානී සෙයිඩ් රාද් අල් - හුසේන් ම්යන්මාර ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
පසුගිය මාසයේදී රඛයින් ප්‍රාන්තයේ ප්රචණ්ඩ ක්‍රියා හටගැනීමත් සමග රෝහින්ග්‍යා මුස්ලිම් පවුල් 294,000 ක් පමණ අසල්වැසි බංග්ලාදේශ් වෙත පළා ගියහ.
රෝහින්ග්‍යා සන්නද්ධ පිරිස්වල ප්‍රහාරවලට තමන් ප්‍රතිචාර දක්වන බව පවසන මියන්මාර හමුදාව තමන් සිවිල් ජනයා ඉලක්ක කරන බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

Last edited:

සෙට් එකක් ආණ්ඩුව එක්ක ගේම ඉල්ලන්න ගිහින් දැන් සාමාන්‍ය මිනිස්සු දුක් විඳිනවා