~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,965
    1,490
    113
    Nawalapitiya
    නීල බිගු කැල තාමරස පෙල
    ආදරෙන් සනසාලා
    තිසර තුඩු මුදු තඹර පහසින්
    මෝහනය වීලා //

    මාරුතේ මතුරා යතේ
    සුරඟුන් නැගූ මුකුළු
    මාවතේ අතුරා ඇතේ
    සුරඟුන් නෙලූ කැකුළු //
    සුරඟුන් නෙලූ කැකුළු

    නීල බිගු කැල...//

    ජීවිතේ කිරි සාගරේ
    කළඹා දිනූ කිදුරී
    මීවිතේ මදුරා පුරා
    සඟවා නොයන් සොදුරී //
    සඟවා නොයන් ‍සොඳුරී

    නීල බිගු කැල...//
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,965
    1,490
    113
    Nawalapitiya
    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //

    මිණිසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ
    ඔබගේ සිනා දෑස නේදෝ
    නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
    ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
    සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
    වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ

    මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවි
    අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවි
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ
    දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ

    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වැටෙන් එහා මල් පඳුරේ
    ඔබ පිපී වැනේ අත නුදුරේ..//
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,965
    1,490
    113
    Nawalapitiya
    වැටෙන් එහා මල් පඳුරේ
    ඔබ පිපී වැනේ අත නුදුරේ..//
    මිලින වුනත් ඝණ අඳුරේ
    මල් නෙලන්න නම් තහනම්...
    මල් නෙලන්න නම් තහනම්...

    සුවඳ ඇදෙයි මුළු ලොවට හොරෙන්..
    නොවසා ඇති දොර කවුළු තුලින්..//
    සුවඳ දිඳී තිබුණත් මිදුලේ..
    මල් නෙලන්න නම් තහනම්...
    මල් නෙලන්න නම් තහනම්...

    වැටෙන් එහා...

    තෙමුනත් දෙකොපුල් උණු කඳුලින්
    ඇසුනත් කෙදිරිය මෘදු මුවගින්..//
    පිපුනු නිසා අන්සතු උයනේ...
    මල් නෙලන්න නම් තහනම්...
    මල් නෙලන්න නම් තහනම්...

    වැටෙන් එහා...
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,965
    1,490
    113
    Nawalapitiya
    වසත්කාලය මනරම් - ඔබ මලක් වෙනවානම්
    මගේ උයනේ නිකැලැල් - පීදිලා එනු හැම කල්
    මම දුරින් සුපිපෙන්නම් නුඹට ලංවෙනු තහනම්
    අනුන් සතු උයනේ මං පීදිලා ලත වෙන්නම්...

    නෙලනු බැරි මල් ඇයි මේ සොදුරු
    හිතක නැති මල් ඇයි මට නුදුරු
    පැතුම් මලේ රුසිරූ...මන්ද මට පසමිතුරු
    මලක් වී පැතු බඹරෙකු නොලැබූ
    පිපෙන්නට විය දෑතක නුහුරු
    ආදරේ සොඳුරු...මට නොවෙද පස මිතුරු

    වසත්කාලය මනරම්...

    නෙලු මලක් වුව මල් ලොව කවුරු
    දුරින් හිද මම නරඹමි රුසිරු
    නොවෙන් මට නපුරු...කඳුල මට මගෙ ලඟ මිතුරු
    හිත පුරා ඇවිදින ඔබෙ පිළිරු
    අහිමි දුක වලකමි කොයි අයුරු
    දුරින් හිද නුදුරු...නිවනු මැන ගිනි පුපුරු

    වසත්කාලය මනරම්...
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,965
    1,490
    113
    Nawalapitiya
    ගොළු හදවත විවර කරන්න
    නොඉඳ හිතේ තද කරන් මට කියන්න
    කඳුළු සලන්න ඉඩ නොතබන්න
    කඳුළු සලන්න ඉඩ නොතබන්න

    මුවගින් සිනා නගනවා
    නෙතගින් බැලුම් බලනවා
    බිඳු රහසක් පැවසෙනවා
    වාගේ මට වැටහෙනවා

    ගොළු හදවත විවර කරන්න...

    දැඩි සෙනෙහසක් තියෙනවා
    එය හිත තුල තෙරපෙනවා
    ඔබ තනියම දුක් වෙනවා
    වාගේ මට වැටහෙනවා

    ගොළු හදවත විවර කරන්න...

    ගීයෙන් ලොව අමතනවා
    මගෙ අදහස පවසනවා
    ඔබ නිහඬවම සිටිනවා
    මා හදවත වැළපෙනවා

    ගොළු හදවත විවර කරන්න...
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    දැන් සින්දු අහල අහල නේද ආවේ තවත් මදිද ඇහුව :D

    මූ තාම ගීත ලෝකෙ අතරමන් වෙලා ඉන්නේ
    මේවගෙ උන් තමා බොන්න එක්කන් යන්න ඕන
    සොට් එකක් දුන්නම එලි වෙනකම් හරි සින්ඩු කියයි :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //

    මිණිසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ
    ඔබගේ සිනා දෑස නේදෝ
    නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
    ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
    සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
    වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ

    මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවි
    අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවි
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ
    දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ

    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //

    :love::love::love:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,965
    1,490
    113
    Nawalapitiya
    මූ තාම ගීත ලෝකෙ අතරමන් වෙලා ඉන්නේ
    මේවගෙ උන් තමා බොන්න එක්කන් යන්න ඕන
    සොට් එකක් දුන්නම එලි වෙනකම් හරි සින්ඩු කියයි :P
    :baffled::baffled::baffled: සිංදු දන්නවා උනාට මුල් පදය ඇහුනම තමයි මතක් වෙන්නෙ