ලංකාවේ රෝත්ස්චයිල්ඩ් ( Rothschilds of Lanka?) පවුලද මේ ?

326

Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ලංකාවේ රෝත්ස්චයිල්ඩ් ( Rothschilds of Lanka?) පවුලද මේ ?

    මම උපුටා ගත්තේ මෙතැනිනි.
    https://www.facebook.com/nalinkalaya/posts/494895944223136

    විග්නේස්වරන් නොකී කතාව -1
    විග්නේස්වරන්ගේ කතාවලට සිංහල දේශපාලනඥයන්වත් මාධ්‍යවේදීන්වත් පිළිතුරු දෙන්නේ නැහැ. විග්නේස්වරන් මහා බුද්ධිමතෙක් නො වෙයි. සයිටම් ගැන පඬි කතා කියමින් අවසානයේ දී ආණ්ඩුවට සිංහලයන් මර්දනය කිරීමට උදව් උපකාර කරන මාධ්‍ය ලොක්කන්ට හා ඔවුන්ගේ මාධ්‍ය සේවක නිවේදකයන්ටත් විග්නේස්වරන් කියන දේ වාර්තා කිරීම හැර වෙන කියන්න දෙයක් නැහැ. සමහරවිට ඔවුන් සිතනවා ද දන්නේ නැහැ විග්නේස්වරන්ට පිළිතුරු දීම කාලය කා දැමීමක් කියා.
    විග්නේස්වරන්ට අනුව උතුරු පළාතේ හැමදාමත් ඉඳලා තියෙන්නෙ දෙමළ ජනයා. ඒත් දෙමළ ජනයා යනුවෙන් නම් කරන්න ජනවර්ගයක් තවමත් ලංකාවේ නැහැ. අප පහසුවට දෙමළ ජනයා කීවත් ඔවුන් දෙමළ කතාකරන ජනයා පමණයි. ජනමාධ්‍ය පඬියන් අප කියන කිසි දේකට වැදගත්කමක් දෙන්නේ නැහැ. අපේ දේ රැකගන්නේ යැයි කියන ජනමාධ්‍යවත් අපේ රැස්වීම් වාර්තා කිරීමට එන්නේ නැහැ. එන අයත් ප්‍රචාරයක් දෙන්නේ නැහැ.
    සමහරවිට ජනමාධ්‍ය පඬියන්ට අප කියන දේ නොතේරෙනවා වෙන්න පුළුවන්. එහෙත් ඔවුන්ගේ කතාවෙන් නම් පෙන්නුම් කරන්නේ සයිටම් නොවෙයි ඕනෑම අයිටම් එකක් ඔවුන්ට තේරෙන බවත් ඒ ඕනෑම එකකට ඔවුන්ට විසඳුම් ඇති බවත්. දෙමළ කතාකරන ජනයා ඉන්දියාවේත් ජනවර්ගයක් වූයේත් දහනවවැනි සියවසේ අග දී. ජනවර්ගයක් වෙන්න ඔවුන්ට ඔවුන් ගැන ම වූ විඥානයක් තියෙන්න ඕන. ජාතියක් වෙන්න පොදු සංස්කෘතියක් පමණක් නො වෙයි රාජ්‍යයක් තියෙන්නත් ඕන.
    වත්මන් උතුරු පළාතේ පෘතුගීසීන් එන විටත් බහුතරය සිංහල. ඒ සඳහා අවශ්‍ය ඓතිහාසික සාධක දෙන්න පුළුවන්. දෙමළ ජනයා වත්මන් උතුරු පළාතේ බහුතරය වීමට පටන් ගත්තේ දහහත් වැනි සියවසේ හා ඉන් පසුව ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන්. උතුරු පළාත් සභාවේ මහ ඇමති කනගසබාපති විසුවලිංගම් විග්නේස්වරන්ගේ පරම්පරාවේ ඉතිහාසයේ කුමක් ද? විග්නේස්වරන්ලා ලංකාවට ගෙනාවේ ලන්දේසීන්ගේ දුම්කොළ වගාවට. ඔවුන් කෝරමණ්ඩල වෙරළේ ප්‍රදේශයක වෙල්ලාලර් යනුවෙන් හැඳීන්වුණේ. ලන්දේසීන් මේ වෙල්ලාලයන් දකුණු අප්‍රිකාවටත් ගෙන ගියා. අදත් ඔවුන් දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රදේශයේ දකින්න පුළුවන්.
    මේ කරුණු මා අවුරුදු ගණනක් තිස්සේ කියන නමුත් ජනමාධ්‍ය පඬියන් ඒ තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ. ඒ සමහරවිට මා ඉතිහාසඥයකු, දේශපාලන විද්‍යාඥයකු, සමාජයීය විද්‍යාඥයකු, නීතිඥයකු නොවන නිසා වෙන්න පුළුවන්. ඔවුන් විග්නේස්වරන්ගේ ප්‍රකාශවලට දෙන තැන මගේ ප්‍රකාශවලට දෙන්නේ නැහැ. ඔවුන් අඩුම තරමෙන් මා බටහිර විද්‍යාව ගැන කියන දේටවත් වැදගත්කමක් දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කෘෂිකාර්මික වකුගඩු රෝගය ගැන උනන්දුවක් දක්වන්නේ අප ඒ සම්බන්ධයෙන් කළ දේ තුට්ටුවට දමමින්. සිංහල වෙදකමෙන් වකුගඩු රෝගය සුව වූ බවට ඔවුන් බටහිර වෛද්‍යවරුන්ගේ සහතික ඉල්ලා අපේ කම රැකගන්නවා!
    විග්නේස්වරන්ගේ සීයා පොන්නම්බලම් රාමනාදන්ගේ හා පොන්නම්බලම් අරුණාශලම්ගේ ඥාති සොහායරෙක්. ඔවුන් පොන්නම්බලම් කුමාරස්වාමි පවුලේ සාමාජිකයන්. රධිකා කුමාරස්වාමි හා ඇගේ සොහොයුරු මහා බැංකුවේ වත්මන් අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේ පවුලේ සාමාජිකයන්. ඔවුන්ගේ පවුලේ පිරිමි ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ. වත්මන් ඇමති ස්වාමිනාදන්ටත් මේ පවුලට නෑකමක් තියෙනවා. ඔහුගේ මව අරුණාශලම්ගේ මිණිබිරියක්. ඔහුත් රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්. ඉන්ද්‍රජිත් නම් රාජකීය විද්‍යාලයේ ටික කලක් සිට පසුව එංගලන්තයේ සුප්‍රසිද්ධ හැරෝ විද්‍යාලයේ ඉගෙනීමට ගියා.
    මේ පවුලේ ඉතිහාසය ආරම්භ වන්නේ 1783-1836 පේදුරුතුඩුවේ (දඹකොළ පටුනේ) ජීවත් වු කුමාරස්වාමි කෙනකුගෙන්. අද හින්දු වුවත් මේ පවුල මෑතක්වන තුරු ඇංග්ලිකන් ක්‍රිස්තියානි. ලංකාවේ සිංහල මෙන් ම දෙමළ දේශපාලන පවුල් බොහොමයක් මැතක්වන තුරු ඇංග්ලිකන් ක්‍රිස්තියානි. චන්ද්‍රිකා, රනිල්, ජේ ආර්, විග්නේස්වරන් ඒ සඳහා උදාහරණ. සුමන්තිරන් තවමත් මැතෝදිස්ත. අදත් රටේ නියම බලය ඇත්තේ ඔවුන්ට. මේ රට නැවත සිංහල බෞද්ධ රටක් බවට පත් කිරීම පහසු නැහැ.
    අර කුමාරස්වාමි මෙරට ප්‍රථම ඉංගිරිසි ආණ්ඩුකාරයා වූ ෆ්‍රෙඩ්රික් නෝත් පිහිටු වූ සෙමනේරියක පරිවර්තකයකු ලෙස පුහුණු ව ලැබුවා. ඔහු 1805 සිට පරිවර්තකයකු ලෙස කටයුතු කළා. ඔහු වයස විසිහයේ දී මුදලි කෙනකු ලෙස පත්වීමක් ලැබුවා. ඔහු එකල ඉංගිරිසි ආණ්ඩුවේ ඉහළ ම තනතුර දැරූ දෙමළ කතාකරන්නා. ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමට ගිය ඉංගිරිසි හමුදාවේත් පරිවර්තකයකු ලෙස ගියා. ඒ හමුදාව සමග නුවර ගිය තවත් දෙදෙනකු වූයේ චන්ද්‍රිකාගේ මුත්තකු හා ජේ ආර් ජයවර්ධනගේ මුත්තකු. එකී කුමාරස්වාමි 1819 දී ඉංගිිරිසි ආණ්ඩුකාර බ්‍රවුන්රිග්ගෙන් ඉංගිරිසි කිරීටයට කරන ලද සේවය සම්බන්ධයෙන් සම්මාන ලැබුවා.
    ඒ කුමාරස්වාමි වෙල්ලාල කුලයට අයත් නොවූ බවටත් කතාවක් තිබුණා. මේ ගැන ජේම්ස් පී රත්නම් කියා ඇති දේ පසුව කියන්නම්. එහෙත් එක් කරුණක් නොකියා ම බැහැ. වෙල්ලාල කියන්නේ ඇතැමුන් කියන ආකාරයට වෙල්ලා හළ නො වෙයි. වෙල්ලාර් වත්මන් දකුණු ඉන්දියාවේ කුලයක්. බ්‍රාහ්මණ කුල ක්‍රමයට (වර්ණ භේදයට) අනුව වෙල්ලාලයන් ශුද්‍රයන්. ඔවුන් ලංකාවේ දී නම් ඊනියා උසස් කුලයක්. වෙල්ලාල යනු වෙල්ලා හළ නම් දකුණු අප්‍රිකාවේ වෙල්ලාලයන් වෙල්ලාල වූයේ කෙසේ ද? (මතු සම්බන්ධයි)
    මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
    http://www1.kalaya.org
    නලින් ද සිල්වා
    2017 ඔක්තෝම්බර් 18
    - කාලය වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී -



    :shocked::confused:
     
    • Like
    Reactions: pga

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    එළකිරියේ ඉතිහාසේ ගැන කිසිම උනන්දුවක් නෑ වගේ.

    ඉතිහාසය නොදත් සමාජය අන්ධයෝ වෙති, කියල කව්දෝ කියල තියෙන්නේ ලංකාව දිහා බලල වෙන්න ඇති.:yes:

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නලින්ද සිල්වාට ආස නෑ..
    නමුත් මේ ලිපිය කියෙව්වම නම් මෙයගේ ලිපි කියවන්න ඕන කියල හිතුනා..

    ජේආර් ගෙ මුත්තා ඉංදියාවෙ ඉදන් ලංකාවට ඇවිත් හොරණින් කසාදයක් කොරගනිපු හම්බයෙක්... ජේආර් පරපුර ගැන ලොකු ආටිකල්1ක් ගියා මේකෙ ඉස්සර..
    සිරාවට ඔයි මේ රට පාලනය කරන්නේ බවුද්දයො නෙවේයි මහලොකු බවුද්ද රට
    :sorry:
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    උපුටා ගත්තේ මෙතනින් http://www1.kalaya.org/2017/10/2.html#more

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    විග්නේස්වරන් නොකී කතාව - 2

    මල්වතු අස්ගිරි ප්‍රකාශයට රනිල් බයවෙලා. ඒ නිසා ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඔහු සංඝ භේදය ඇති කිරීමට උත්සාහ කරනවා. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ රනිල්ට මල්වතු මහානායක හිමියන් නිකම් ම නිකම් මල්වතු මහානායක. රනිල් අහනවා අදාළ උභය පාර්ශ්වීය කාරක සභා රැස්වීමට මල්වතු මා නාහිමියන් සහභාගි වුණා ද කියා. රනිල් පිටරට ගිය විට ඔහු නැතිව අමාත්‍ය මණ්ඩලය රැස්වෙන අවස්ථා තිබෙනවා. ඒ රැස්වීම් ගැනත් රනිල් ප්‍රශ්න කරනවා ද? ලබන සතියේ ජනාධිපතිගේ සයිටම් ප්‍රකාශයත් සමග නැවතත් ව්‍යවස්ථාව අපට පෙනෙන්නට යට යවාවි. එහෙත් එය සම්මත කර ගැනීමට යටින් ක්‍රියා කරාවි. සයිටම් යොදා ගනිමින් මර්දනයක් දියත් වීමට ඉඩ තියෙනවා. ව්‍යවස්ථාව සම්මත කිරීමට කටයුතු කෙරෙන්නේ මර්දනය මගින්. රාමඤ්ඤ අමපුර නිකායේ ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශ ඉක්මන් වන්නේ නම් හොඳයි. එහෙත් අපට විග්නේස්වරන් අමතක කරන්න බැහැ.



    විග්නේස්වරන්ලා දයාන් ජයතිලකලා සිංහලයන්ගේ ඉතිහාසය නොදන්නා කම ප්‍රයෝජනයට ගන්නවා. ඔවුන් ද දන්නා ඉතිහාසයක් නැහැ. එහෙත් සිංහලයන් ඉතිහාසය ඉගෙන ගන්න කැමති නැහැ. අවුරුදු විසිපහකටත් ඉහත දිවයින පුවත්පතට මා දෙමළ කතාකරන්නන්ගේ ඉතිහාසය ලියන කල එහි කතෘ මණ්ඩලයේ අයකු මට කිව්වේ ඉතිහාසය ගැන නොව වර්තමානය ගැන ලියන ලෙසයි. ඉතිහාසය නොදැන අපට වර්තමානය තේරුම් ගන්න බැහැ. අද අපට ප්‍රශ්නයක් වී ඇත්තේ අප මෙරට ඒ ඒ ජනයාගේ ඉතිහාසය නොදැනීමයි. මුස්ලිම්වරුන් අටවැනි සියවසේ අරාබිකරයෙන් මෙරටට පැමිණ සිංහල කතුන් විවාහ කරගත් බව කියන විට අප ඒ පිළිගන්නවා. අප නිකමටවත් අසන්නේ නැහැ ඔවුන් අරාබි හෝ සිංහල හෝ කතා නොකර දෙමළ කතා කරන්නේ ඇයි කියා.



    දෙමළ කතා කරන ජනයාගේ ඉතිහාසය ගැන අපේ දැනුම විවිධ ආකාරයෙන් විකෘත වෙලා. දොළොස්වැනි සියවසට පෙර මෙරට දෙමළ ස්ථිර වාසස්ථාන නොතිබූ බව යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු ඉතිහාස මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල තම ආචාර්ය උපාධි නිබන්ධයේ සඳහන් කර තිබිය දී සිංහලයන් දෙමළ කතා කරන්නන්ගේ ඉතිහාසය එළාරටත් එහාට ගෙන යනවා. ඒ මහාවංසය වැරදියට වටහා ගැනීමෙන්. සොළීන් ගැන අප දන්නේ දෙවැනි සියවසෙන් පසුව. ඒ වත්මන් තමිල්නාඩුව යන නමින් හැඳින්වෙන දේශයේ. එළාර සොළී වන්න බැහැ. මහාවංසය ලියන කාලයේ නම් මෙරට සොළී ආක්‍රමණයක් තිබුණා. සොළී කියන්නේ රාජ වංශයක් පමණයි. දෙමළ කතාකරන ජනයා වෙනමයි. සියලු සොළී දෙමළ වුවත් සියලු දෙමළ සොළී වන්නේ නැහැ. ගණිතයේ කියන ආකාරයට පසු කාලීන සොළී යනු දෙමළ කතාකරන කුලකයේ උපකුලකයක් පමණයි. අප ඉතිහාසයේ දෙමළ යන නාමය සතුරන්ට යොදා ගත් පර්යාය නාමයක් බවට පත් වී තිබෙනවා. රාජාවලියේ පෘතුගීසීන්ට කියන්නේත් දෙමළ කියා. එපමණක් නො වේ. සිංහල සංස්කෘතියෙන් යම් ආභාසයක් ලබා ඇති කාම්බෝජයේත් සතුරන් දෙමළ නමින් හැඳින්වෙනවා.



    අද ලංකාවේ ජීවත්වන දෙමළ ජනයා ප්‍රධාන වශයෙන් ම ලන්දේසීන් හා ඉංගිරිසින් විසින් ආනයනය කරනු ලැබූවන්ගෙන් පැවත එන්නන්. විග්නේස්වරන් අවුරුදු දෙදහස් පන්සියයක් මෙරට දෙමළ ජනයා ජීවත් වූ බව කියන විට සිංහල දේශපාලනඥයන් ඔහුට අභියෝග කරන්නේ නැහැ. ඒ සිංහල දේශපාලනඥයන් ඉතිහාසය නොදන්නා නිසා. එහෙත් මේ අදාළ කරුණු අප අවුරුදු විසිපහකට වඩා කියන දේ. ඒ මා විසින් දැනගනු ලැබූ දේ නො වෙයි. විවිධ ඉතිහාසඥයන්ගෙන් සිංහල භාෂා විශාරදයන්ගෙන් මා දැනගත් දේ. එක් වාග් විද්‍යාඥයකු මට කීවේ මෙරට දෙමළ හා තමිල්නාඩුවේ දෙමළ අතර වෙනස අවුරුදු තුන්සිය පනහක් පමණ වන බවයි. එය 1650න් පසුව මෙරටට දෙමළ ජනයා ලන්දේසීන් විසින් ආනයනය කරනු ලැබූ බව සමග ගැලපෙනවා. මා කර ඇත්තේ සියලු කතා ගලපා එක් සංගත කතාවක් නිර්මාණය කිරීම පමණයි. එහි දී සොළී, පාණ්ඩ්‍ය, දෙමළ, දෙමළ කතාකරන, දෙමළ ජනවර්ගය ආදිය වෙන් කිරීමට මා කටයුතු කරනවා. මා අවශ්‍ය පරිදි සංකල්ප හා ප්‍රවාද නිර්මාණය කරනවා. එපමණයි.



    මේ කරුණු මා ලියා ඇති නමුත් සමාජගත වී නැත්තේ ඇයි ද යන්න තේරුම් ගැනීම තරමක් අපහසුයි. සමහර විට උගතුන්ගෙන් මට සහායක් නොලැබෙන නිසා එසේ වනවා විය හැකියි. එසේත් නැත්නම් මා ඉතිහාසඥයකු වාග් විද්‍යාඥයකු නොවන නිසා ජනතාව මා කියන දේ නොපිළිගන්නවා වෙන්න පුළුවන්. එහෙත් මා පශ්චාත් උපාධිය සඳහා නිබන්ධනයක් ඉදිරිපත් කෙළේ තාරකා විද්‍යාවේ විශ්ව වේදයෙන් වුවත් කිසිවකු මගෙන් එ සම්බන්ධවවත් අසන්නේ නැහැ. මේ දිනවල කතාවෙන තාරකා ගැටුම (එකතු වීම) හා අයින්ස්ටයිනීය ගුරුත්වජ තරංග පිළිබඳ ව කිසිම ජනමාධ්‍යවේදියකු මගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ මා ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් යැයි කියන නිසා ද දන්නේ නැහැ. සමහරු මේ තාරකා ගැටුම ඊයේ පෙරේදා දකුණු පළාතේ දිස් වූ ආලෝක ධාරා සමග සංසන්දනය කළා!



    පොහොසත් වංස කතා සාහිත්‍යයක් ඇති සිංහලයන් ඉතිහාසය ගැන නොදැන සිටීම, ඉතිහාස විඥානයක් නොමැති වීම පුදුමයට කරුණක්. ඔවුන්ට වියුක්ත භෞතික විද්‍යාව එතරම් ගෝචර නොවුණත් ඉතිහාසය දැන ගැනීමට උනන්දුවක් නැත්තේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. අද සිංහලයන් බොහෝ දෙනෙකු මෙරට දෙමළ ජාතිවාදයේ ඉතිහාසය දන්නේ නැහැ. ඇතැම් සිංහල ජාතිකවාදීන් ද සිතන්නේ ඊනියා දෙමළ ජනවාර්ගික ප්‍රශ්නය 1956න් පසුව ඇරඹුණු බව. ප්‍රාමාණික දේශපාලන විද්‍යාඥයන් යැයි කියා ගන්නා අය කියන්නේත් දෙමළ ජාතිවාදය සම්බන්ධ ප්‍රශ්න 1956න් පසුව ඇරඹුණු දේ ලෙස. එකල ලේක්හවුසියේ සිටි ටාසි විට්ටච්චි සිංහල දෙමළ කෝළාහල ගැන කියා ඇති දෙයින් දෙමළ ජාතිවාදී ඉතිහාසය පටන් ගන්නා ඊනියා දේශපාලන විද්‍යාඥයන් ඉන්නවා. ලේක්හවුසිය අනගාරික ධර්මපාලතුමාට පහර දුන් බව අමතක කරන්න එපා. රනිල්ගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ මෙන් ම මංගලගේ මවත් ලේක්හවුසියට සම්බන්ධයි.



    සිංහලයන් ඉතිහාසය නොදැනීම විග්නේස්වරන්ලා ගසා කනවා. චෙල්වනායකම් ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවූයේ 1949 දී. ඒ සිංහල රාජ්‍ය භාෂාව කිරීමට පෙර. නාගනාදන් සිංහලයන් ඉංගිරිසින්නේ නිදහස ලබා ගත් බවත් දැන් තියෙන්නේ දෙමළ අය සිංහලයන්ගෙන් නිදහස් වීම බවත් කීවේ පළමු පාර්ලිමේන්තුවේ රාජාසන කතා විවාදයේ දී. දෙමළ නායකයන් සෝල්බරි කොමිසම ඉදිරියට ගොස් සිංහලයන්ට වැඩි ආසන ගණනක් හිමි නොවන ආකාරයට මැතිවරණ ආසන වෙන් කරන ලෙස ඉල්ලා සිටියේ හතළිහේ දශකයේ මුල. එයටත් කලින් ජී ජී පොන්නම්බලම් පනහට පනහ ඉල්ලුවා. ඩොනමොර් කොමිසම ඉදිරියට ගිය විග්නේස්වරන්ගේ සීයා කෙනකු වූ පොන්නම්බලම් රාමනාදන් සර්වජන ඡන්දයට විරුද්ධ වුණා. ඒ සිංහලයන්ට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ආසන වැඩි ගණනක් හිමි වේය කියා.



    විග්නේස්වරන්ගේ පොන්නම්බලම් අරුණාශලම් සීයා 1913 පමණ මෙරට පළමු දෙමළ ජාතිවාදී සංවිධානය වූ හින්දු මහා සභාව ආරම්භ කළා. ඔහු එකල ව්‍යවස්ථාදායක සභාවේ සිංහල නියෝජනත්වය දෙමළ නියෝජනත්වයට වැඩි වීමට විරුද්ධ වුණා. රාමනාදන් සීයා මුස්ලිම් ජනයා ද දෙමළ ගොඩට දා ගත්තා. ඒ දෙමළ කතාකරන යන තේරුමෙන්. ඉනුත් පැහැදිලි වන්නේ මෙරට දෙමළ ජනවර්ගයක් නැති බවත් ඇත්තේ දෙමළ කතාකරන ජනයා පමණක් බවත්.



    දෙමළ ප්‍රශ්නය 1833 කරා දිව යනවා. ප්‍රශ්නය ඉංගිරිසින් විසින් බෞතීස්ම කරන ලද්දක්. ඉංගිරිසින් ඉංගිරිසි දත් දෙමළ ජනයා සිංහලයන්ට විරුද්ධව යොදා ගත්තා. ඉංගිරිසින්ට අවශ්‍ය වුණේ ඉංගිරිසි දත් වෙල්ලාලයන්, විශේෂයෙන් ම පොන්නම්බලම් කුමාරස්වාමි පවුළ, මෙරට නායකත්වයට පත් කරන්න. එහෙත් එය කර ගන්න බැරි වුණා. මේ කරුණු ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියේ සඳහන් වෙනවා. ඒ කරුණු අවුරුදු පතා නැවත නැවතත් කීමට සිදු වී තිබීම මගේ කරුමයක් වෙන්න ඕන. අද විග්නේස්වරන්ට ඇත්තේ තම පවුලට රටේ නායකත්වයට පැමිණීමට නොහැකි වීම පිළිබඳ ප්‍රශ්නයක්.

    .

    මෙරට දෙමළ ජනයාට ඇති ප්‍රශ්නයක් නැති බව මා සී ආර් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවති උගත් පාඩම් කොමිසමට කරුණු සහිත ව පෙන්වා දුන්නා. මගේ සාක්කිය අවසානයේ කොමිසමේ සාමාජිකයකු කීවේ මා කී දේ ඇත්ත නමුත් දෙමළ ජනයාට යම් කිසි දෙයක් දිය යතු බව! ඒ කොමිසමේ වාර්තාවේ දෙමළ ජනයාට සිදු වී ඇති අසාධාරණ ගැන කියනවා. එහෙත් ඒ අසාධාරණ මොනවා දැයි කියන්නේ නැහැ. එයට හේතුව කිවහැකි අසාධාරණයක් නොමැති වීමයි. (මතු සම්බන්ධයි)





    මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

    http://www1.kalaya.org

    නලින් ද සිල්වා

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    2017 ඔක්තෝම්බර් 20


    මේවා මම ආචාර්ය නලින්ද සිල්වා ගේ වෙබ් අඩවියෙන් අරගෙන මෙතන දමන්නේ කොල්ලෝ ටිකක් මෙතන ඉන්න නිසා කියවයි කියල හිතල.
    නමුත් ආචාර්යතුමා මේ ලිපියේ කියල තියෙන විදියටම සිංහලයින් ඉතිහාසය ගැන නම් කිසිම උනන්දුවක් නැහැ තමයි.:yes::yes::yes:

    "ප්‍රභාකරන් ඔහුගේ සියල බාප්පල හා මස්සිනාල" පොත මෙතනින් අරගන්න පුළුවන් කියවන්න කැමති කෙනෙකුට.

    http://www.kalaya.org/files/Prabhakaran_Ohuge_Seeyala_Bappala_ha_Massinala.pdf
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    නලින්ද සිල්වාට ආස නෑ..
    :sorry:

    Mama Muta Kamathi na, But ithin Good for the knowledge

    මනුස්සයෙකුට කැමති අකමැති වීම පෞද්ගලික කාරණාවක් නේ.

    නමුත් නලින් ද සිල්වා මහතා කියල තියෙන්නේ සිංහල බෞද්ධයින්ට පොදුවේ වැදගත් වෙන කාරණාවක් නිසා, ඔහු ගැන තියෙන පෞද්ගලික රුචි අරුචිකම් වලින් ඔබ්බට ගිහින් මේවා සාකච්චා කරන්න ඕන නැද්ද?
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    එළකිරියේ ඉතිහාසේ ගැන කිසිම උනන්දුවක් නෑ වගේ.

    ඉතිහාසය නොදත් සමාජය අන්ධයෝ වෙති, කියල කව්දෝ කියල තියෙන්නේ ලංකාව දිහා බලල වෙන්න ඇති.:yes:



    ලංකාවේ උන්ට ඉතිහාසේ වැඩක් නෑ
    කව්රු හරි දෙසපාලුවෙක් හරි පණ්ඩිතයෙක් හරි කිව්වොත් දෙමළ මිනිස්සුන්ට අසාදාරනයක් වෙලා තියෙනවා කියලා උඩ පැනගෙන එන්නේ සිංහලුන්ට තලන්න
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City

    ලංකාවේ උන්ට ඉතිහාසේ වැඩක් නෑ
    කව්රු හරි දෙසපාලුවෙක් හරි පණ්ඩිතයෙක් හරි කිව්වොත් දෙමළ මිනිස්සුන්ට අසාදාරනයක් වෙලා තියෙනවා කියලා උඩ පැනගෙන එන්නේ සිංහලුන්ට තලන්න

    මොන සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තත් වටිනම සබ්ජෙක්ට් දෙකක් තියෙනවා. එකක් සිංහල සාහිත්‍ය
    අනික ඉතිහාසය
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මම නම් ඕක කියවලා කාලයක් වෙනවා. කෝමත් kalaya සයිට් එකේ ඔක්කොම ලිපි කියක්වනවා, ඉතිහාසය ගැන ලිපි ටික නම් මරු. දේශපාලන ලිපි කවල නම් ඒ හැටි ගන්න දෙයක් නෑ..