සාම්පුර් නටබුන් පසුදා ඩෝසර්

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සාම්පුර් නටබුන් පසුදා ඩෝසර්

    පෙරදා හමු වු සාම්පුර් නටබුන් පසුදා ඩෝසර්

    (ත‍්‍රිකුණාමලය - අමදෝරු අමරජීව)

    පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් විසින් දින කීපයකට ඉහතදී සාම්පූර් සුඩකුඩා ප‍්‍රදේශයෙන් සොයාගනු ලැබූ අනුරාධපුර මුල් යුගයට අයත් බවට සැලකෙන ගරාවැටුණු චෛත්‍යයක් කිසියම් පිරිසක් විසින් පෙරේදා (18) ඩෝසර් කොට බිමට සමතලා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාම්පූර් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

    ගරාවැටුණු චෛත්‍යය අඩි 15ක පමණ වට ප‍්‍රමාණයකින් යුත් එකක් වන අතර පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම විසින් මේ ස්ථානය සොයාගැනීමෙන් පසුව චෛත්‍යයේ දත්ත සටහන් ලේඛනයක්ද සකස්කර තිබිණි.දින කීපයකට ඉහතදී පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම විසින් සොයාගනු ලැබූ මේ ස්ථානයට පෙරේදා (18) කඩාවැදුණු කිසියම් පිරිසක් ඩෝසර් යන්ත‍්‍ර යොදාගෙන ගරාවැටුණු චෛත්‍යය සමතලා කොට තිබිණියැයි පොලිසිය කියයි. චෛත්‍ය පිහිටා තිබූ ස්ථානය අසලින් පාදම් ගලක් හමුවූ බවද පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම සඳහන් කර තිබිණි.

    මෙම පුරාවිද්‍යා භූමිය ඩෝසර් යන්ත‍්‍ර යොදා සමතලා කර තිබෙන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව සාම්පූර් පොලිසිය එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමෙන් පසුව ඒ පිළිබඳව මූතුර් මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

    මේ පිළිබඳව ‘ලංකාදීපය’ කළ විමසුමකදී සේරුවිල මංගල රාජමහා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම හිමියන් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාත් නැගෙනහිර ආණ්ඩුකාරවරයා සහ ත‍්‍රිකුණාමල දිසාපතිවරයාත් දැනුම්වත් කළ බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වහාම නිලධාරින් කණ්ඩායමක් පිටත්කර යැවූ බව ත‍්‍රිකුණාමලය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ. සුමනදාස මහතා පැවැසීය. සාම්පූර් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.


    http://www.lankadeepa.lk/latest_news/පෙරදා-හමු-වු-සාම්පුර්-නටබුන්-පසුදා-ඩෝසර්/1-521829
    http://www.dailymirror.lk/article/V...EP-Dept-vows-to-take-legal-action-142572.html
    Before
    image_5964c90323.jpg


    After
    image_1513840767-12e688c60d.jpg
     
    • Like
    Reactions: ncdisa and EUMA175

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සිංහල බෞද්ධ උරුමය වැනසීම

    සිංහල බෞද්ධ උරුමය වැනසීම


    අද දොස්තර ඒකාධිකාරියේ ඊළඟ කොටස ලිවීමට සිටි නමුත් සාම්පූර් චෛත්‍යය කඩා සමතලා (ඩෝසර්) කිරීම ගැන යමක් ලිවීම අවශ්‍ය යැයි සිතෙනවා. සාම්පූර් තියෙන්නේ ත්‍රිකුණාමලය වරායේ (බොක්කේ) දකුණු පැත්තේ. එහි මැතක දී හමු වූ චෛත්‍යයක් මෙසේ එක් රැයකින් කඩා සමතලා කරලා. එසේ කෙළේ කවුරුන්ද කියා දැනට දැනගන්න විධියක් නැහැ. අනාගතයේ දී දැනගන්න පුළුවන් වේද කියා කියන්නත් බැහැ. එහෙත් මෙය පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගන්න කළ එකක් නම් වෙන්න බැහැ.

    මේ චෛත්‍යය අනුරාධපුර යුගයේ මුල් කාලයට අයිති බවයි කියැවෙන්නේ. සාම්පූර් ප්‍රදේශයට එකල කිනම් නමක් යෙදුණා ද කියා කියන්න දන්න අය ඇති. කොහොමටත් ඉන් කියැවෙන්නේ ඉතා ඈත කාලයේදීත් ඒ ප්‍රදේශයේ බෞද්ධයන් සිටි බවයි. ඒ බෞද්ධයන් සමහර විට මිහිඳු හාමුදුරුවන් ලංකාවට වැඩම කරන්නත් කලින් ඉන්න ඇති. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් වත්මන් නැගෙනහිර පළාතේ ම චෛත්‍යයක් ඉදි කෙළේ බුදු හාමුදුරුවන්ගෙ කාලෙමයි. අප තවමත් පුරුදු වෙලා ඉන්නෙ දේවානම්පිය තිස්ස රජුගෙන් පස්සේ බෞද්ධ සංස්කෘතියක් ගැන හොයන්න. ඊට පෙරත් බෞද්ධ සංස්කෘතියක් මෙරට තිබූ බව අමතක නොකළ යුතුයි.

    මේ බෞද්ධයන් සිංහලයන් හෝ ඔවුන්ගේ මුතුන් මිත්තන් හෝ විය යුතුයි. සිංහලයන් කියන්නෙ කාලිංග, වංග දේශවලින් ප්‍රධාන වශයෙනුත් ලාට මහාරාෂ්ට ආදී ප්‍රදේශවලිනුත් ලංකාවට (බොහෝ වෙලාවට රටේ නම එකලත් ලංකාව වෙන්න ඇති) පැමිණි ජනයා මෙරට සිටි යක්‍ෂ නාග දේව රාක්‍ෂස ආදී ගෝත්‍රත් සමග මිශ්‍ර වී නිර්මාණය වූ ජාතියක්. සිංහල ජාතිය ගොඩ නැගීමට දායක වූ සියල්ලන් සිංහලයන්ගෙ මුතුන් මිත්තන් ලෙස සැලකිය හැකියි. ඉංගිරිසියෙන් ප්‍රොටෝ සිංහල කියන වචනය යොදාගත හැකි වුවත් ඉන් කියැවෙන්නේ වෙනත් දෙයක් බවයි මගේ වැටහීම. කාලිංග වංග ජනයාගේ හා සිංහලයන්ගේ ජානවල සියයට විසිපහක පමණ සමාන බවක් තියෙන බව කියැවෙනවා. යක්‍ෂ නාග ජනතාව ගැන මහාවංශයේත් කියැවෙනවා. මෙරට සීහලේ වෙන්න ඇත්තෙ අප සිංහලයන් වූවාට පසුවයි. සිංහලාම් ඊළාම් සෙයිලාම් සිලෝන් ආදී වචන සීහලේ (සීහල) යන්න ඒ ඒ බසින් කී ආකාරයි. නාලන්දා විශ්වවිද්‍යාලයේ සීහළ විහාර තිබුණා. සිංහල හාමුදුරුවරු එහි ඉගැන්වූවා, ඉගෙන ගත්තා. විග්නේස්වරන්ට ඕන නම් මදුරාසි විශ්වවිද්‍යාලයේ ශබ්දකෝෂයේ ඊළාම් නිරුක්තිය කියවීමෙන් එහි සිංහලාම් මුල දැනගන්න පුළුවන්.

    මෙරට බෞද්ධ ඉතිහාසයේ (බෞද්ධයන්ගේ) උරුමක්කාරයන් වත්මන් සිංහල බෞද්ධයන්. මෙහි දෙමළ බෞද්ධයන් හිටි බවට සාක්‍ෂි නැහැ. පේරාදෙණියේ (ලංකා විශ්වවිද්‍යාලයේ) එස් ජී පෙරේරා ජෙසුයිට් දේවගැතිවරයාගේ දරු මුණුබුරන් වූ සිංහල බෞද්ධ විරෝධී ඉතිහාසඥයන්ට (ඔවුන්ගේ ඇති ඉතිහාසඥ කමක් නැහැ. ඔවුන් සුළු දත්ත ගබඩා පමණයි. ගූගල් ඔවුන්ට වඩා හොඳ දත්ත ගබඩාවක්) පුළුවන් නම් දෙමළ බෞද්ධයන් හිටි බවට සාක්‍ෂි ඉදිරිපත් කරන ලෙස අභියෝග කරනවා. අඩු තරමින් දහසය වැනි සියවසට පෙර මෙරට දෙමළ ජනයා ස්ථිර ව පදිංචිව සිටි බවට සාක්‍ෂි ඉදිරිපත් කරන්න පුළුවන් ද? ලන්දේසීන් තේසවලාමෙයි නීතිය (වත්මන් තමිල්නාඩුවේ මුස්ලිම්වරුන්ගේ නීතියක් - මේ කරුණු නැවත නැවත කීමට සිදුවන්නේ වත්මන් තරුණයන් මහන්සි වී අපේ පැරණි ලිපි නොකියවන නිසයි. මේ බව මුල් වරට අමිර්තලිංගම්ට හා අනෙක් දෙමළ ජාතිවාදීන්ට සර්වපාක්‍ෂික සම්මේලනයක දී කියා දුන්නේ ගාමිණී ඊරියගොල්ල මහතායි. ගාමිණී ඊරියගොල්ල ගැන අද බොහෝ දෙනාට මතකයක් නැහැ!). මෙරටට ගෙන් වූ වෙල්ලාලයන්ට පැනෙව්වේ ඔවුන් අස්වැන්න නෙළා ගැනීමෙන් පසු ආපසු තම නිජභූමියට යෑමට වැළැක්වීමටයි.

    එස් ජී පෙරේරා දේවගැතිවරයාගේ දරු මුණුබුරු ඊනියා ඉතිහාසඥයන් සිංහල බෞද්ධ ඉතිහාසය මකා දැමීමට උත්සාහ කරද්දී අසිංහල දේශපාලනඥයන් ප්‍රායෝගිකව ම ඒ දේ කරනවා. අර ඊනියා ඉතිහාසඥයන් ඉතිහාසය පාසල් අධ්‍යාපනයෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා. ඔවුන් බොහෝ දෙනා සිංහල බෞද්ධ විරෝධී චන්ද්‍රිකාගේ අනුගාමිකයන්. ඒ් ඉතිහාසය මකා දැමීමේ ක්‍රියාවලිය ආරම්භ කෙළේ එවකට අධ්‍යාපන ඇමති ව සිටි බදියුද්දීන් මොහොමඩ් ඇමතිවරයායි. අද ඉන්න බදියුද්දීන්ලා ඒ ප්‍රායෝගික ව ක්‍රියාත්මක කරනවා.

    සාම්පූර් චෛත්‍ය සමතලා කිරීමේ අරමුණ පැහැදිලියි. එයට අටුවා ටීකා අවශ්‍ය නැහැ. මේ නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය, සිංහල බෞද්ධ උරුමය සමතලා කිරීමේ අරමුණෙන් කළ එකක්. එය කෙළේ කවුද කියා සොයා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි වන්නට පුළුවන්. එහෙත් මෙය සිංහල බෞද්ධ විරෝධී දේශපාලන කටයුත්තක්. එසේ කීමෙන් සංහිඳියාවට බාධාවක් එල්ල වෙනවා කියන්න පුළුවන්. එහෙත් ඒ එක් අයකුවත් කට ඇරලා කියනව ද චෛත්‍යය සමතලා කිරීම සංහිඳියාවට බාධාවක් කියා.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බටහිර සංරක්‍ෂණ පිළිවෙළට මා විරුද්ධයි. ඒ සංරක්‍ෂණ ප්‍රතිපත්තිය ජීවමාන ඉතිහාසයක් නැති කෞතුක ඉතිහාසයක් පමණක් ඇති රටවලට හොඳයි. අපේ රටේ ඇත්තේ ජීවමාන ඉතිහාසයක්. මිසරයේ පිරමිඩ් ගොඩ නැගූ ජනතාව අද එහි නැහැ. බැබිලෝනියාවේ ලග්න මූලික ජ්‍යොතිෂය ගොඩ නැගූ අය අද එහි නැහැ. ඒ රටවල් අද මුස්ලිම් වෙලා. එහි ඇත්තේ කෞතුක ඉතිහාසයක්.එහෙත් මෙරට වත්මන් නැගෙනහිර පළාත ඇතුළු මුළු දිවයිනේ ම බෞද්ධ සංස්කෘතියක්, නකත් මූලික ජ්‍යොතිෂයක් ගොඩ නැගූ අයගෙන් පැවතෙන සිංහල බෞද්ධයන් තවමත් මෙරට ඉන්නවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජීවමාන ඉතිහාසය හා කෞතුක ඉතිහාසය ගැන දන්නේ නැහැ. ඔවුන් දන්නේ බටහිරයන් ඔවුන්ට ඉගැන්වු සංකල්ප ටිකක් පමණයි. ඔවුන් මුළු ලෝකයට ම පොදු වූ විකාශයක් ඊනියා ශිලා යුග ආශ්‍රිත ව දකින්න උත්සාහ කරනවා.

    එහෙම වුණත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අඩු තරමෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ගොඩනැගිලි ආරක්‍ෂා කිරීමට මෙයට වඩා මුදලක් වෙන්කළ යුතුයි. සිංහල යැයි කියා ගන්නා දේශපාලනඥයන්ට සාම්පූර් චෛත්‍යය සබිතාගේ නිවස තරම් වටින්නේ නැහැ. එහෙත් අසිංහලයන්ට සාම්පූර් චෛත්‍යය සමතලා කිරීම ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍යයයි. අප මතක් කර ගත යුත්තක් නම් වත්මන් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනගහනයක් ඇති වූයේ සෙනරත් රජු පෘතුගීසීන්ගේ අතවරවලට ලක් වූ මුස්ලිමුන් එහි පදිංචි කිරීමෙන් පසුව බවත් දෙමළ ජනගහනයක් ඇති වූයේ ඉංගිරිසින් මෙරටට ගෙන් වූ දෙමළ කතා කරන ජනයා එහි පදිංචි කිරීමෙන් පසුව බවත්. කසිකබල් ඉතිහසඥයන්ට රාජ්‍ය ලේඛනාගාරයට ගොස් ඉංගිරිසින් නැගෙනහිර පළාතේ දෙමළ කතා කරන ජනයා පදිංචි කළ ආකාරයත් ඒ නිසා එහි පිට්ටු බම්බු (පිටි පොල්) ජනගහන ව්‍යාප්තියක් (මුස්ලිම් දෙමළ) ඇති වූ ආකාරයත් දැනගත හැකියි. අවශ්‍ය නම් මුතුකුඩ නාට්‍යය නැරඹීමෙන් 1817-18 නිදහස් සටනෙන් පසු ඉංගිරිසින් ඒ ප්‍රදේශවලින් සිංහලයන් සමූලඝාතනය කළ හැටිත් දැනගන්න පුළුවන්.


    http://www1.kalaya.org/2017/12/blog-post_21.html
     
    • Like
    Reactions: deepwater

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    thawama sinhala unta terenne naha owa ,, owa tereddi godak dura gihin iwarai .. loke inna moodama jaathin gen ekak thama mama hithanne sinhala kiyanne. bada gana vitharai hithanne 99% kma ..
     
    • Like
    Reactions: pga

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    eka ponnayek athi mulu warigayakma nathi karanna
    e kale hitapu ponsla karapu wada wala wipaka thama

    e kale hitapu ponsla gedara yawwa ne ban.
    dan inna ponsla mukuth karanne nane ban.
    adugaane kawruth oka gana katha karanawath ahune nane.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    man kiwwe raja gana mara gana neme

    මොනවද බන් දොඩවන්නේ? දැන් හොරත් නෑ රජාත් නෑ
    තියෙන්නේ සහජීවන යහපාලනයක්
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    නැගෙනහිර උරුමය මකා දැමීම

    නැගෙනහිර බෞද්ධ උරුමයට අත්ව තිබෙන්නේ ඛේදනීය ඉරණමකි. එය වඩා තහවුරු වන්නේ පෙරේදා දිනයේ ජාතික පුවත්පතක පළවූ ප්‍රධාන සිරස්‌තලයට අදාළ වූ පුවතිනි. සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයෙන් සොයාගනු ලැබූ අනුරාධපුර මුල් යුගයට අයත් චෛත්‍යයක්‌ කිසියම් පිරිසක්‌ විසින් ඩෝසර්කොට සමතලා කිරීමේ පුවතයි. මෙම ගරාවැටුණු චෛත්‍යය ගැන පුරාවිද්‍යා නිලධාරීන් දත්ත සටහන් ලේඛනයක්‌ද සකස්‌ කර දින කිහිපයක්‌ යැමට ප්‍රථම එතැනට කඩාවැදුණු පිරිසක්‌ මේ වෙහෙර ඩෝසර් කර ඇත. එසේ නම් නැගෙනහිර බෞද්ධ උරුමය සුරක්‍ෂිතද? චෛත්‍ය ඩෝසර් කරන නූතන කාලිංග මාඝලා අත්අඩංගුවට ගැනීමට ආරක්‌ෂක අංශවලට නොහැකිද? සංහිඳියාව වෙනුවෙන් බෞද්ධ පුරාවස්‌තු විනාශය ගැන කටපියාගෙන සිටිය යුතුද?

    වර්ග අඩි පහළොවක පමණ වට ප්‍රමාණයෙන් යුතු වූ මෙම චෛත්‍යයේ ඉතිහාසය ඉතා සාහසික අන්දමින් විනාශ කර ඇත. නැගෙනහිර අන්‍ය ආගමික ස්‌ථානයක්‌ හදිසියෙන් හෝ ඩෝසර් වීමට නොව ගල් පහරක්‌ එල්ල වුවත් කලබල වන පුද්ගලයන් මේ ගැන නිහඬ මන්ද? ආගමික සංහිඳියාවට බෞද්ධ පුරාවස්‌තු විනාශය ගැන කතා කිරීම අකැපද? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ විනාශය ගැන කියන්නේ කවරක්‌ද? විල්පත්තු විනාශය මෙන්ම නැගෙනහිර සුඩකුඩා චෛත්‍යය විනාශ කිරීම ගැනද නිහඬව සිටිය යුතුද?

    වසර ගණනාවක පටන් නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීම සංවිධානාත්මකව සිදු වේ.

    මේ උරුමය විනාශ කිරීමත් සමගම ඒ බිම මතම අන්‍යාගමික ගොඩනැගිලි ඉදිවනවා පමණක්‌ නොව ජනාවාස ඇති කිරීමද ශීඝ්‍රයෙන් සිදු වේ. සාම්පූර්හි සිදු වන්නේද එයයි. මේ බෞද්ධ විරෝධී බලවේගවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේද?

    කාවන්තිස්‌ස රජු සේරුවිල චෛත්‍යය ඉදිකරන සමයේ ඒ අවට ස්‌ථානවලද වෙහෙර විහාර ස්‌මාරක ඉදිකරන ලද බව ශිලා ලේඛනවල සඳහන් වන බව පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති. විනාශ කරන ලද සාම්පූර් සුඩකුඩා චෛත්‍යයද කාවන්තිස්‌ස රජ සමයේ ඉදි වූවක්‌ බවට සැක නැත. එසේ නම් ඒ අතීත උරුමය විනාශ කිරීම කොතරම් ෙ€දනීයද?

    මේ චෛත්‍යයට සිදුවූ විනාශය ගැන පරීක්‍ෂණ පැවැත්වීම සාම්පූර් පොලිසිය මගින් අරඹා ඇත. නැගෙනහිර පළාතේ බොහෝ පුරාවිද්‍යා ස්‌ථානවලට හානි සිදු වුවද ඒවාට වගකිවයුතු කිසිවෙක්‌ එතෙක්‌ මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නැත. එසේම මේ චෛත්‍යය භූමියද තවත් මාස කිහිපයක්‌ යන විට ජනාවාසයක්‌ බවට පත්වීමට ඇති ඉඩකඩ බෙහෙවින් වැඩිය. චෛත්‍යයේ ගල්පුවරු යම්කිසි ජනපද වැසියකුගේ නිවසක මිරිස්‌ ගලක්‌ වීමටද බැරි නැත. මිරිස්‌ගල ඇඹරී යන්නා සේම බෞද්ධ උරුමයද ඇඹරී විනාශ වී යයි.

    නැගෙනහිර බෞද්ධ උරුමය ඇඹරී විනාශ වී ගියහොත් අනාගත පරම්පරාවට ඉතිරි වන්නේ කවරක්‌ද? ප්‍රභාකරන්ගේ ත්‍රස්‌ත මෙහෙයුම් පවතින සමයේදීවත් මෙවැනි පුරාවිද්‍යා විනාශයක්‌ හෝ වන විනාශයන් අසන්නට දකින්නට ලැබුණේ නැත. නමුත් අද යුද්ධය නිමවීමත් සමග නැගෙනහිර බෞද්ධ උරුමය මකාදැමීම වඩා වේගවත්ව සිදුවේ. මෙය වැළැක්‌වීම සඳහා කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ නැත. අසන්නට ලැබෙන්නේ වේදිකාවල වහසි බස්‌ පමණි.


    දිවයින කතුවැකිය
    http://divaina.com/daily/index.php/kathuwakiya/4920-2017-12-21-13-56-45
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,757
    113
    මාලඹේ
    මෙතෙන හින්දු කොවිලක් අටවලා තියෙනවා.
    ඒකේ ඉන්න පූසාරි තමා වෑඩේ කරලා තියෙන්නේ...
     

    Similar threads