කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ

    කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ මන්තර බලයෙන් උසාවියේ නඩුකාරතුමාව වරුවක් ගල් කරලා තියපු හැටි



    කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ කියන්නේ ලංකාවේ වැඩ ඉදපු යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් බොහෝ විස්කම් කරපු හාමුදුරුවන් වහන්සේ නමක්. අද කියන්නේ යන්නේ උන්වහන්සේට අගෞරව වෙන විදිහට කතාකරපු නඩුකාරවරයෙකුට උන්වහන්සේ විසින් මන්තර බලයෙන් දීපු අපුරු දඩුවමක් ගැන. දඩුවම තමයි වරුවක් ගල් කරලා තියපු එක.


    ඔන්න අවුරුදු සමයක උන්වහන්සේ මූලිකත්වය අරගෙන ගමේ අවුරුදු උත්සවයක් සංවිධානය කලා. ඔය අවුරුදු උත්සවේ කඹ අදිද්දි ඇති වෙච්ච පොඩි ගැටුමක් දරුණු තත්ට්වෙටම ගිහින් දෙතුන් දෙනෙක් පිහිපාරවල් කාල රෝහල් ගත කලා. ඔය අවුරුදු උත්සවේ සංවිධානය කලේ කොන්ඩදෙනියේ හමුදුරුවො නිසා උන්වහන්සේටත් නඩුවට සහභාගි වෙන්න සිද්ද වුනා. ඔන්න දැන් නඩු දවසෙ කොන්ඩදෙනියේ හාමුදුරුවොත් අසුන්ගෙන හිටිය. විනිසුරුතුමා එනකොට අපි හැමෝම නැගිටලා ආචාර කරනවා නේ. ඒක පූජ්‍ය පක්ෂයේ අයටත් පොදුයි. නමුත් කොන්ඩදෙනියේ හාමුදුරුවෝ නම් නෙවේ නැගිටල ආචාර කලේ.


    මේක දැකපු තෝල්ක තුමා ඔබ වහන්සේ නැගිටලා ආචාර කරා නම් නේද හොඳ කියල ඉතාම ගෞරවයෙන් යුක්තව හාමුදුරුවන්ට කිව්වා.


    මම ගරු කරන්නේ මට වඩා වැඩිමහල් භික්ෂුවකට විතරයි. මේ වගේ පඩියට වැඩකරන නඩුකාරයෙක්ට මම ගරු කරන්න අවශ්‍ය නෑ නේ


    මේ කටවාචාල උන්නාන්සෙව ගෙනියන්න මෙතනින් එලියට නඩු කාරයා කෑගැහුවා.
    හැමෝම තුෂ්නිම්භූත වෙලා හාමුදුරුවො දිහා බැලුවා. කොන්ඩදෙනියේ හාමුදුරුවො වචනයක් වත් කතා කලේ නෑ. අසුනින් නැගිට්ටා. තමන්ගේ කුඩේ කෙලවරින් හරියටම තුන් පාරක් ඇන්නා පොලවට. පිත්තල කොපුව වැදෙන හඩ උසාවිය පුරා දෝංකාර දුන්නා.


    මීලගට මොකක් වෙයිද හාමුදුරුවන්ගෙ වැඩ ගැන දන්න හැම පුද්ගලයෙකුගෙම මුහුනේ රැඳී තිබ්බේ කුතුහලයක් හාමුදුරුවෝන්ගේ ඇස් වලින් පිටවුනේ රතුම රතු ලේ බින්දු උන්වහන්සේ ඒ බිඳු දෙක තුනක් අතට අරගෙන නඩුකාරතුමාගේ පැත්තට විසි කරලා උසාවි භූමියෙන් පිටව ගියා.
    ඊට පස්සේ තමයි වැඩේ පටන් ගත්තේ. නඩුකාර උන්නාන්සේ නඩුව පටන් ගන්නකම් මිනිස්සු බලන් ඉන්නවා. ඒත් නඩුකාරතුමා කතා කරන්නේවත් නෑ. අඩුම ගානේ හෙලවෙන්නේ වත් නෑ. එතන හිටපු හැමෝටම වැඩේ තේරුනා. නඩුකාරතුමා හාමුදුරුවන්ට කතාකරපු විදිහ නිසා උන්වහන්සේ නඩුකාර තුමාව ගල් කරලා.


    ගිහින් හාමුදුරුවන්ට වැඳලා සමාව ගන්න එතන හිටපු වැඩිහිටියෙක් මේ සිද්ධියෙන් බය වෙලා ඉඳපු තෝල්ක මහතාට කිව්වා.


    පස්සේ තෝල්ක මහත්තයා තවත් පිරිසක් එක්ක ගියා කොන්ඩදෙනියේ හාමුදුරුවො වැඩ වාසය කල විහාරස්ථානයට. ගිහින් වැඳල සමාව ගත්තා.


    දැන් ඔයා ආපහු යන්න. භික්ෂූන් වහන්සේ නමකට උන්නාන්සේ කියන්න ගිහියන්ට කැප නෑ. ඒක නිසා මං පොඩි දඩුවමක් දුන්නේ. ඔය ඇත්තො උසාවියට ගිහින් මේ වැලි ටික ඒ හරියේ පොලවට ඉහින්න. එතකොට එතකොට අපේ නඩුකාරතුමාට සනීප වේවි.


    පස්සේ ඒ විදිහට කරල නඩුකාරතුමාව යථා තත්වෙට පත්කරගන්න පුලුවන් උණාලු.

    Source - Wishma lokaya
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කොන්ඩදෙනියේ හාමුදුරුවෝ ගැනනම් ගොඩක් කතා තියෙනවා නේද?:confused:කාලයක් ලංකාදීපේ ගියා. දිග ලිපියක්.
     
    • Like
    Reactions: pulgaka and Kevita

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    bump ahala thinawa koi kaleda indala thinne hamuduruwo

    ehema loku wistharayak danne ne bn.....:no:
    කොන්ඩදෙනියේ හාමුදුරුවෝ ගැනනම් ගොඩක් කතා තියෙනවා නේද?:confused:කාලයක් ලංකාදීපේ ගියා. දිග ලිපියක්.

    Ow bn, kathanam godak tiyenawa. :yes:

    wedakamuth kala neda me hamuduruwo
    :yes:


    :D:D:D
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    mama e pansalata giya balanna eka parak kochchiyakuth nathara kalalu
    yaapahuwe yanawanam gihen balanna yapahuwe idala 15min wage yanne
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔය හාමුදුරුවො කෝච්චි ඇන්ජින් නවත්තලා තියෙනවාලු ගල් තියලා. ඔය බත්තරමුල්ල කියන නගරෙට නම දැම්මෙත් ඔය කොණ්ඩදෙණියෙ හාමුදුරුවොලු. කාට හරි ඒ ආසන්නයේ ජීවත් වෙච්ච මිනිහෙක්ට "මුත්තර(මුත්‍රා) බල්ලා" කියල කියලලු හාමුදුරුවො කතා කරේ. එදා ඉඳන් ඒ ගම බත්තරමුල්ල කියල කිව්වලු.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    "Ube ammata hikuwet oya thatta keriya wenda athi, ekai uba ochara boru pampori gahanne"

    කාට හරි ගොඩාක් රිදිලා......:oo::dull:Rep කපලා.... නමක්වත් දන්න බැරි එකෙක්....

    මගෙත් කපලා තිබ්බා. හාමුදුරුවොන්ගෙ ඇබිත්තියද කොහෙද. :D
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔය හාමුදුරුවො කෝච්චි ඇන්ජින් නවත්තලා තියෙනවාලු ගල් තියලා. ඔය බත්තරමුල්ල කියන නගරෙට නම දැම්මෙත් ඔය කොණ්ඩදෙණියෙ හාමුදුරුවොලු. කාට හරි ඒ ආසන්නයේ ජීවත් වෙච්ච මිනිහෙක්ට "මුත්තර(මුත්‍රා) බල්ලා" කියල කියලලු හාමුදුරුවො කතා කරේ. එදා ඉඳන් ඒ ගම බත්තරමුල්ල කියල කිව්වලු.

    මචන් ඒ චාල්ස් ද සොයිසා නේද එහම කියලා අපහාස කළා කියන්නේ ?

    ... හාමුදුරුවෝ පන්සලටගිහින් මම උබට මුත්තර බල්ලෙක් එවන්නම් කියලා බල්ලෙකුට මන්තර කරලා එවලා තියනවා. ඌ චාල්ස් ද සොයිසාගේ කාලා පිස්සු හැදිලා තමා මිනිහ මැරිලා තියෙන්නේ. අද ලිෆ්ටන් වටරවුම ලග තියන පිළිමය චාල්ස් ද සොයිසාගේයි
     

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ ගැන documentary මොනවහරි තියේනම් මෙතන share කරගමුකෝ.
    මාත් ගොඩක් ආසයි මේ ගැන දැනගන්න. වෙනසේ ප්‍රෝග්‍රෑම් වගයක් ගිය මතකයි ගොඩක් ඉස්සර.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මචන් ඒ චාල්ස් ද සොයිසා නේද එහම කියලා අපහාස කළා කියන්නේ ?

    ... හාමුදුරුවෝ පන්සලටගිහින් මම උබට මුත්තර බල්ලෙක් එවන්නම් කියලා බල්ලෙකුට මන්තර කරලා එවලා තියනවා. ඌ චාල්ස් ද සොයිසාගේ කාලා පිස්සු හැදිලා තමා මිනිහ මැරිලා තියෙන්නේ. අද ලිෆ්ටන් වටරවුම ලග තියන පිළිමය චාල්ස් ද සොයිසාගේයි

    :yes: අන්න ඔව් සිරා. අපේ අත්තම්මා ඉස්සර පොඩි කාලෙ මට කියල දුන්නා. මට හරියට මතක නෑ දැන් නම්. ඔය සිද්ධිය තමයි වෙලා තියෙන්නේ. අත්තම්මේ ඔයා කියල දුන්න කතා මට තාම මතකයි. :(
     
    • Like
    Reactions: Kevita

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    :yes: අන්න ඔව් සිරා. අපේ අත්තම්මා ඉස්සර පොඩි කාලෙ මට කියල දුන්නා. මට හරියට මතක නෑ දැන් නම්. ඔය සිද්ධිය තමයි වෙලා තියෙන්නේ. අත්තම්මේ ඔයා කියල දුන්න කතා මට තාම මතකයි. :(

    මට ඔය කතාව කියලා දුන්නේ අපේ සියා (සුදු අත්තා) , අනේ අපේ ඒ සුන්දර අතීතය :)