සතර දැහැන් අත්දැකීම්

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
සතර දැහැන් අත්දැකීම්

සතර දැහැන් අත්දැකීම් ඇති අය මෙතන තමාගේ අත්දැකීම විස්තර කරන්න.
 
HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සතර ධ්‍යාන ගැනද අහන්නේ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar519731_4.gif
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රේලිජන් ඒවා ඒ සෙක්ෂන් එකේ දාපන් . පක බලන්නද ටෝක් එකේ දාන්නේ
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නිවන් පූර්ණයට සතර දැහැන් අවශ්‍යමද?
    මේ සටහන වෙන් වෙන්නේ මේ කාලේ අඩුවක් නැතිව පටලවාගන්න ධ්‍යාන හෙවත් දැහැන් ක්‍රමය බුදු දහම සේ පටලවාගෙන තිබීම ගැන ප්‍රඥාවන්තව විමසීම පිණිසයි.

    ලෝකෝත්තර ආර්ය මාර්ගයේ “සම්මා සමාධිය“ කියන ස්වභාවය තුල අත්දකින ලෝකේ කිසිවක් අල්ලානොගැනීමෙන් ප්‍රඥාවෙන් ලැබෙන උපේක්ෂාව මුසුවූ නිරාමිස සුවය බොහෝ දෙනෙක් පටලවාගන්නේ ලෞකික වූ ලෝකයා දන්නා හඳුනන සතර දැහැන් වලටමයි.

    ලෞකික ආර්ය මාර්ගය තුලදී සම්මා සමාධිය කියන අවස්ථාවේදී වැඩෙන්නෙත් ඒ දැහැන්ම තමයි. රූපාවචර අරූපාවචර ලෙසින් බෙදා දක්වන බ්‍රහ්ම තල වල ස්වභාවය තමයි සරලවම දැහැන් කියලා කියන්නේ.

    දැහැනක් ලෝකෝත්තර වෙන්නේ එය වඩන පුද්ගලයාගේ ආර්ය මානසිකත්වයක් ලැබූ විටයි. සරලව කියනවා නම් ත්‍රිලක්ෂණය අවබෝධය, චතුරාර්ය සත්‍යාවබෝධය, හේතු ඵල දහම් අවබෝධය පංචස්කන්ධ, පංචඋපදානස්කන්ධ, ධාතු, ආයතනය ආදී ලෙසින් කියන්නාවූ බුදු හිමියන් පෙන්වූ ධර්මාවබෝධය ලැබූ පුද්ගලයාගේ ස්වභාවය මත තමයි සියල්ල “ලෝකොත්තර“ වෙන්නේ. ලෝකයෙන් එතෙර වෙන පුද්ගලයාට ලෝකයේ සියලු දෑ ලෝකයෙන් එතෙර වීම පිණිස උපකාර වන නිසා තමයි “ලෝකෝත්තර“ කියන වචනය භාවිතයෙන් හඳුන්වන්නේ.

    රූපාවචර සතර දැහැන් මෙන්ම අරූපාවචර දැහැන් කියන්නේ කාම සුඛයෙන් ලබන්නට නොහැකි අසීමිත සුවයක් ලැබිය හැකි අවස්ථාවන්. හේතුව ඒවා බ්‍රහ්ම ස්වභාවයන් වීමයි. හැම කාලයකම මේවා ප්‍රකටයි. බුද්ධ ශාසනයෙන් පසුව වෙනත් ආගම් දහම් වලට හැරී දැහැන් වඩන ක්‍රම ලෙසින් ප්‍රකට වෙන්නෙත් මේ නිසාමයි. මේ ක්‍රමය හැමදාම තියෙනවා. බුද්ධ ශාසනයක් පවතින කාලයකත් තියෙනවා... ඒ නිසාමනේ ඉතින් මේකට අහුවෙන්නේ.

    ලෞකික ආර්ය මාර්ගයක ඉන්න කෙනාට... චතුරාර්ය සත්‍යාවබෝධය ආදී දහම් අවබෝධය නොලත් කෙනාට නිවන් දකින කමටහනක් වුණත් ලෞකික අරුතකින්ම වැඩෙනවා මිසක්... ලෝකයේ සුගතිගාමී පැවැත්මේම රැඳෙනවා මිසක්... ලෝකයෙන් එතෙර වීම පිණිස අරුතක් එයින් වැටහෙන්නේ නෑ.

    එහෙත් ලෝකෝත්තර දහම් ඇස පහල වූ තැන් පටන්ගෙන ඒ ආර්ය පුද්ගලයාට ලෞකික දෙයක් ලෙසින් සම්මත වූ සෑම දෙයක්මත් ලෝකයෙන් එතෙර වීම පිණිස කමටහනක්ම වෙනවා.

    ලෞකික වූ දැහැන් හෙවත් ධ්‍යාන ඒ පුද්ගලයාට ලෝකයෙන් එතෙර වීම පිණිස උපකාර වන දෙයක් බවට පත්වෙන්නේ එය අමුතුවෙන් පුරුදු පුහුණු කර ලබන ලෞකික සුවයක් ඔස්සේ ගොස් නොවේ. ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් ප්‍රඥාවෙන් දකින විදසුන් නුවණ පහල වන විට ඒ පුද්ගලයා තුල ක්‍රියාත්මක වෙන්නේ ලෝකොත්තර නිවීම පිණිස වූ “සම්මා දිට්ඨියයි“ ඒ අංගය වටකරගෙන එකතු කරගෙන අනෙක් අංග 7ම පහල වෙනවා.

    දැක්ම හරි ගිහින් නිසා දකින, අහන, විඳින, දැනෙන දෙයින් සකස් වූ ලෝකයේ ඇත්ත ඥානයක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම කාමච්ඡන්ද, ව්‍යාපාද, විචිකිච්ඡා, උද්ධච්චකුක්කුච්ඡ, ථීනමිද්ධ කියන්නාවූ පංච නීවරණ හෙවත් නිවෙන වැසෙන දහම් ඇතිවෙන්නේ නැති මොහොත ලැබෙනවා. ඒ මොහොතට ඒ පුද්ගලයා තුල ධ්‍යාන චිත්ත නැගී සිටිනවා. ඒවා තුලත් ක්‍රියාත්මක වෙන්නේම විදසුන නිසා ඒ පුද්ගලයාට ඒ ලැබෙන සියලුම දැහැන් ලෝකයෙන් එතෙර වීමට උපකාරයක් වෙනවා. ඒ නිසා සතර දැහැන් ලෝකෝත්තර ධ්‍යාන ලෙසින් විග්‍රහ කරනවා. ඒත් ඒ දැහැන් එසේ ලෞකික සහ ලෝකෝත්තර වූනේ අති සියුම් ලෙසින් යෙදෙන “සම්මා දිට්ඨිය“ නිසයි.

    ඒ දැක්ම නිවැරදි වෙච්ච ආර්ය ශ්‍රාවකයා ඒ දැහැන් වල එල්ලෙන්නේ නෑ... ඒ සුවයට වශී වෙන්නේ නෑ... ඒ බ්‍රහ්ම තල වල පැවැත්ම හෙවත් බ්‍රහ්ම යෝනියේ හටගත් ස්වභාවය නුවණින් දකිනවා... යෝනිසෝමනසිකාරයෙන් දකිනවා... ඒ පැවැත්ම තුල ඇති අනිච්ච දුක්ඛ අනත්ත බව අවබෝධ කරනවා... ඒ අනුව ඒ සියලු දෑ ඉක්මවා ගිය සියලු සංස්කරණයන් සමථයට පත්වූ ස්වභාවය අත්දකිනවා... “ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ...“ ආදී ලෙසින් පෙන්වූ අත්දැකීම ලබනවා... එය සිහි කරලා ලබන දෙයක් නොවේ... ප්‍රඥාවෙන් ඇත්ත ඇති සැටියෙන් දුටු නිසා ලබන අත්දැකීමක්!

    අරිහතුන්වහන්සේ අත්දකින නිවනම තමයි සෝතාපන්න වූ තැන් පටන්ගෙන අත්දකින්නෙත්. අරිහත්වය කියන්නේ ඒ නිවන සෑම මොහොතකම ක්‍රියාත්මක වීමයි. කිසි තැනක අල්ලා නොගත් ස්වභාවය... කිසිදු යෝනියක හටනොගන්නා ස්වභාවය ප්‍රඥාව පූර්ණය වීමයි...

    ඉතින් මේ අතිසියුම් අවස්ථාව අත්දකින්නට නොහැකි බොහෝ දෙනෙක් ලෞකික දැහැන් වලම ලෝකෝත්තර දැහැන් ලෙසින් පැටලෙනවා. දැහැන් වැඩෙන්නේ නෑ කියලා තවත් පිරිසක් කම්පා වෙනවා... බුදු හිමියන් නිතරම පැවසූ දෙයක් තමයි මේ ශාසනය සිහිය මුල්වී යන ශාසනයක් බව. එය නොදැන සප්ත බොජ්ඣංග වැඩෙන දහම් මග පසෙකලා දැහැන් පසුපස යන්නේ දැහැන් නැතිනම් නිවනක් නැති බව සිතමින්මයි.

    මේ විනාශය වලකා ගන්නට හැකිවෙන්නේ තම තමන්ටයි. බුදුහිමියන් කිව්වේ දහම් ප්‍රතිරූපක ප්‍රකට වෙනවා කියලයි. ඒත් ඒ ප්‍රතිරූපක කියන අයට දොස් කියන්නවත් විවේඡනය කරන්නවත් නෙවේ බුදු ඔවදන. “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව“ තමයි බුදු පියාණන්වහන්සේගේ සරලම අවවාදය. කාලාම සූත්‍රය තුලින් පෙන්වන්නෙත් ඒ අදහසමයි.

    ඒ නිසා ප්‍රඥාවන්තවන්න. මේ උතුම් බුද්ධ ශාසනය... උතුම් කළ්‍යාණ මිත්‍ර ඇසුර ඔබට මඟ හැරෙන විදිය ඔබටවත් සිතාගන්නට නොහැකි වේවි. හැමදාම කියනවා වගේ බුදු හිමියන්ගේ දහම මිස දේවදත්ත හිමියන්ගේ දහම පසුපස හඹා යන්නේ නැතිව බුදු වදන සහ දෙව්දත් වදන හඳුනාගන්නට දක්ෂ වන්න! අප්‍රමාදී වන්න!

    දැහැන් සුවයි තමයි... කාම සුවයට ලොල්වූ ඔබට පළමු වරට මේ වගේ දැහැන් අත්දැකීම් එනකොට “අයියෝ මොනවද මෙච්චර කාලයක් කර කර හිටියේ“ කියලා හිතෙයි තමයි... බ්‍රහ්ම ස්වභාවය අත්දැකීමක් විදියට දැනෙනකොට නිවන් දැක්කා වගේ දැනෙයි තමයි...

    සංඥා විපරීතය හඳුනාගන්නා දහම පසෙකලා නොදන්නා අරුත් ඇති අවබෝධ නොවූ දහම් පද පෙලකින් එන එන සංඥා මඟ හැරී යන විට අපූරුවට විදසුන් වැඩෙනවා කියලා හිතෙයි තමයි... මේ වගේ පැවැත්ම තුලම පැවැත්ම නැවතුණා යැයි විපරීත අදහස් ඇතිව මිත්‍යා දැක්මකින් ඇරඹි ගමන මිත්‍යා විමුක්තිය ලබමින් අවසන් වන විට අරිහත්වූණා යැයි සිතේවි තමයි...

    නිරෝධය යැයි නොදැනීම අසංඥ තල වල ස්වභාවයක් අත්දකින බව හඳුනාගන්නට නොහැකි වෙයි තමයි... ඒ නිසාමයි මේ විටින් විට අනතුර පෙන්වන්නට උත්සාහ කරන්නේ... සර්පයා නිවැරදි තැනින් හසු නොවුනහොත් සිදුවන විනාශය අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැති බව දන්නවානේ.

    සත්ධර්මය පරම දුර්ලභයි. ඒ පරම දුර්ලභ අති සියුම් ගාම්භීර සම්මා සම්බුදු කෙනෙකුට පමණක් විවර කර දෙන්නට හැකි පෙර නොඇසූ විරූ දහම ඥානයක් ලෙසින් ක්‍රියාත්මක වන තුරු තීන්දු තීරණ නොගෙන විවෘතව විමසන්නට ප්‍රඥාවන්ත වන්න යැයි තමයි කියන්නට තියෙන්නේ!

    මේ සියලු දෑ සම්බන්ධයෙන් ත්‍රිපිටකය පුරාවටද බුදු හිමියන් පෙන්වා දී තිබෙන ප්‍රඥාවන්ත වූ මඟ අනවබෝධයෙන් යුතුව විග්‍රහ කරගන්නට යෑමෙන් පැටලුමෙන් පැටලුමටම පත්වෙනවා. සියල්ල බොහෝ අපූරුවට පැහැදිලි යැයි බැලූ බැල්මට පෙනුනත් එය එසේ නොව සර්පයා වැරදි තැනකින් හසුවී මහා විනාශයකට පත්වී ඇති බව සැබෑම අවබෝධයක් ලැබූ යම් දිනක දකීවි... දැනේවි... අත්දකීවි! එහෙත් එය එසේ වන විට මේ බුද්ධ ශාසනයත් මඟ හැරී තියෙන්නටත් ඉඩ තිබේවි!

    “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය ඔස්සේ මේ සියලු කරුණු ගැඹුරින් විග්‍රහ කරගන්නට යෙදෙමු. එතෙක් සිහියෙන් නුවණින් විරියෙන් තෙරුවන් සරණ ලබමින් පිරිසිදු පිවිතුරු පෙර නොඇසූ විරූ දහම් සහිත බුදු වදනම විමසත්වා!!! එයම ලබත්වා!!! නිවනම වෙත්වා!!!

    මේ දැහැන් ගැනත්, ඒ ඒ චරිත ස්වභාවයන් ගැනත් ඉතාමත් කෙටියෙන් විනාඩි කිහිපයක් ඇතුලත් අංග සම්පූර්ණ විග්‍රහයක් කර දෙන උතුම් කළ්‍යාණ මිත්‍රයාණන්වහන්සේ නමක් වන පූජනීය වන්දනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ මේ දේශනාවද ප්‍රඥාවන්තව විමසන ඔබ සැමට උපකාරයක්ම වේවා!

    source - http://blog.nirvanadhamma.com/2017/03/blog-post.html
     
    • Like
    Reactions: sidathsaumya

    :):)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    විචක්ක, විචාර ,ප්‍රීති ,සුඛ, ඒකග්ගතා.
    මෙය පලමු ධ්‍යානයයි. ඒ හිත පහලවෙද්දී ඉහත ධ්‍යාන අන්ග පහලවේ.

    ඔන්න මේවෙලාවේදී කෙනෙක් තමුන් මෙච්චරකාලයක් පහල කල කාමාවචර සිත්වලින් මිදී අලුත්ම අත්දැකීම ලබන අවස්ථාවයි.

    කාමාවචර අත්දැකීම්.
    කේක් කෑල්ලේ රස, වාහනයේ ලස්සන, කාන්තාවකගේලස්සන,කැම්පස් තේරුනාම දැනෙන හැගීම

    ධ්‍යාන සිත.
    ඒකග්ගතාවය,නැවත නැවතත් ඒකග්ගතාවය.මේ ඒකග්ගතාවය පවත්වාගැනීමට ලොකු වෙහෙසක් දැරීමට ඔනෑනැත.ඒත් ඉහත කාමවචර සිතැති වෙලාවක නම්, කාම ආශ්වාදයගැනීමට ඒ අරමුන නැවත නැවත අරමුනුකල යුතුය. ධ්‍යාන සිත් පරම්පරාවන් පහලවෙනේද මුල් ධ්‍යාන සිත අරමුනුකරගනමය.
    ඒත් හිතට කාම සිත් පහලවන විට තරම් වෙහෙසක් වගේ වෙහෙසක් ධ්‍යානයේ ඉන්නවිට .දැනෙන්නේ නැත මට හිතෙන්නේ හෙතුවලෙස, අපි කාම සිත්පහල කරද්දී ඒ ඔස්සේ කාම විතර්කත් ගොඩනැගීමයි. ( උදා ඒ කෑල්ල ,වෙන එකෙක් සෙට් කරගනීද, ෆිනෑන්සුත් ගෙවන්න තියනවා ).
    නමුත් ප්‍රථම ධ්‍යානසිතතුල විතර්ක ගොඩ නැගීමක් නැත.ඒකග්ගතාවය පමනි.

    කෙලින්ම ඔපරේටින් සිස්ටම් එකට හිත සාමන කරල කතාකලොත්, උදේ ස්ටාර්ට් කලාම පැයක් විතර යද්දී මුලින් තිබ්බටවඩා ප්‍රොසෙස් වැඩිය.එනම් දවල්වෙද්දී ඔලුව පිරිලාය.ඒවෙලාවය ධ්‍යානයට ගියොත් විනාඩි 5කටවගේ, උදේ ඇහැරුනාට පස්සේ දැනෙන සැහැල්ලුවම දැනේ. කම්පියුටරය රීස්ටාර්ට් කලාට 100%ක් සමානයි.අත්‍යවශ්‍යම ප්‍රොසෙස් ටික විතරයි.

    නිතර නිතර ධ්‍යානයට සමවැදීමෙන්,එය හුරුවේ.එතකොට ඒනම මතක්කල සැනින් යන්නට පුලුවන්.පන්චවිධවශියෙන් වශීකරනවා කියන්නේ ඒකටයි.( ආවර්ජන වශිය ).පොදුප්‍රවාහනයේ යද්දී උනත් පැයක් දෙකක් ධ්‍යානයේ යන්න පුලුවන්.
    ටිකදවසක් නොකලාම අයෙත් ගන්න අමාරුයි, නැවත භාවනාව ටිකක් වඩලා විචක්ක විචාර හදාගන්න ඔන.

    දැනට ඇති.

    Thanks