මිල අධිකතම නිවස සෞදියේ ඔටුන්න හිමි කුමරු&#3495

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මිල අධිකතම නිවස සෞදියේ ඔටුන්න හිමි කුමරු&#3495

    ලොව මිල අධිකතම නිවස සෞදියේ ඔටුන්න හිමි කුමරුට

    සුනිල් ආනන්ද පැරිසියේ සිට
    ලෝකයේ වඩාත්ම මිල අධිකම පෞද්ගලික නිවාසය සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වූ වර්තමාන සෞදි රාජ්‍ය පාලනයේ දෙවැනියා වන මොහොමඩ් බින් සල්මාන් කුමාරයා විසින් පසුගියදා ප‍්‍රංශයේ අග නගරය පැරීසියට නුදුරු ඉව්ලින් ප‍්‍රදේශයේ ලූව්සිඑන් ග‍්‍රාමයෙන් යුරෝ මිලියන 275 ක් හෙවත් ඩොලර් මිලියන 300 කට මිලදී ගත්තේ ය.
    ප‍්‍රංශයේ පිහිටි කොජෙමැඩ් නම් අධි සුපෝඛභෝගී මන්දිර ඉදිකර අලෙවි කරන සමාගම විසින් ඉදිකර ඇති මෙය ලෝකයේ දැනට වඩාත්ම මිල අධිකම නිවස ලෙස හදුන්වයි.
    පැරීසියට නුදුරින් පිහිටි විදේශීය සංචාරකයන් නැරඹීමට අමතක නොකරන ලෝක ප‍්‍රසිද්ධ 16 වැනි ලූවී රජතුමාගේ වර්සයිල් මාලිගාවේ ආකෘතියට සමාන ලෙස සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පය භාවිතයෙන් නිම කළ මෙම මන්දිරය හෙක්ටයාර් 23ක් විශාල උද්‍යානයක් බඳු භූමියක පිහිටා ඇත්තේය.
    නවීන තාක්ෂණයෙන් යුත් සුව පහසු සිනමා ශාලාවක්, දැවැන්ත මින් මැදුරක්, පිහිනුම් තටාක, මිල අධික පෞරාණික ලාම්පු ආවරණ, කිරි ගරුඬ පිළිම, රත්තරන් ආලේපිත වර්ණවත් කුළුණු, අතින් පින්තාරු කළ වටිනා බිතු සිතුවම්, පාලනය කළ හැකි වතුර මල් හා වෙනත් බොහෝ නිර්මාණ වලින් සමන්විත මෙම නිවසේ විශාලත්වය වර්ග මීටර 5000කි. 14 වැනි ලූවී රජුගේ නමින් මෙම මන්දිරය නම් කර ඇත්තේය.
    2011 වසරේ සිට ඉදිකිරීම් ආරම්භ කළ මෙම මන්දිරය වසර 2017 දෙසැම්බර් මස හිමිකරුට භාර දෙන තුරු රහසක් ලෙස පැවැතුණ ද පසුගියදා ප‍්‍රංශ මාධ්‍ය විසින් ගැනුම්කරු ගැන තොරතුරු හෙළි කළේය. මෙම මන්දිරයේ හිමිකරු සවුදි අරාබියේ ඊළඟ ඔටුන්න හිමි සල්මාන් කුමාරයාගේ දුෂණය පිටු දැකීමේ නව ප‍්‍රතිපත්ති මත සවුදියේ කුමාරවරු හා උසස් රාජ්‍ය නිලධාරීන් 33ක් අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියේ තබා ඇත.
    ඔවුන් අතර පැරීසියේ අධි සුපෝඛභෝගි හෝටල් කිහිපයක් හා පැරිස් ඩිස්නිලන්තයේ වැඩි කොටස් හිමි ලොව ධන කුවේරයකු වන සවුදියේ අල් වලීඩ් කුමරුද ඉහත අත්අඩංගුවට පත් වූවන් අතර සිටියි. ඒ අතරම 2018 වසරේ ජනවාරි ආරම්භයේදීම තවත් කුමාරවරු 11 දෙනෙක් අත් අඩංගුවට ගත් බවද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
    ඒ අතරතුර මෙවැනි මිල අධික මන්දිරයක් මිලදී ගැනීම ගැන ප‍්‍රංශ මාධ්‍ය තුළ කෙරෙන විවේචන වල අඩුවක්ද නැත. එසේ නමුදු සල්මන් කුමරා මිලදී ගත් මන්දිරයේ ආරක්ෂාවට විශාල ආරක්ෂකයෝ පිරිසක්ද යොදවා ඇත.
    මිල අධික නිවෙස හේතුවෙන් පිටත සිට එය නැරඹීමට මහජනයාද උනන්දුවක් දක්වන බව මේ වන විට එය නැරඹීමට පැමිණි පිරිසට සාපේක්ෂකව තීරණය කළ හැකිය.
    image_2ead7de972.jpg
    image_4e93d6ddc3.jpg
    image_0d105322a1.jpg
    image_15746814a3.jpg
    image_07cd7c631c.jpg
    image_6c213e1491.jpg
     
    • Like
    Reactions: BINGU_PUTHA

    janish05656

    Well-known member
  • සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලිසල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි