පලවෙනි ත්‍රෙඩ් එක.මුල්ම දවස
අවුරුදු හතරක කාලයක් කිරියේ පෝස්ට් බැලුවා.ඒ අතරින් ඩ්‍රැගන් ඩී,රත්තරං මේ අයගේ ත්‍රෙඩ් වලින් ගොඩාක් දේවල් ජීවිතයට එකතු කරගත්තා.ඉතින් එකවුන්ට් එකක් හදාගෙන මුලින්ම කිරියේ පෝස්ට් එකක් දාන්නේ අද.මුලින්ම හැමෝටම ස්තුතියි.
දෙවනුව හැමෝටම කියනවා මේ පෝස්ට් එක බලන කාලය ඔයාලට අපතේ ගියානම් සමාවෙන්න.මොකද ජීවිතයේ විඳවීමේ නිමක් නැති නිසා ඔයාලගෙන් සහයෝගයක් බලාපොරොත්තුවෙන් මේක දැම්මේ.අවුරුදු 28කට කිට්ටු වෙනවා තවමත් ඉඩමක්වත් අරගෙන නැහැ.වාහනයක් කියලා සී ටී 100 බයික් එකක් තියෙන්නේ.ඉතින් ඒකට පට්ට ආදරෙයි.මගේ ජීවිතේ බර ගොඩාක් ඇදපු යකඩයෙක් නිසා.ස්ථාවරයි කියලා ජොබක් නෑ.පොඩි බිස්නස් එකක් තියෙනවා.ඒකෙන් 30000ක් වගේ ලැබෙනවා.කඩ කුලී , ලයිට් බිල් , දුරකථන බිල් එහෙම ගෙව්වාම 15ක් වගේ අතේ ඉතුරුයි.ඒක ඉතින් ගෙවල් කුලී කෑම බීම වලටත් මදි.මීට අමතරව ගෙවන්න ගත්තු දේවල් , ලෝන් සේරටම මාසෙකට 50000කට වඩිය ඕන වෙනවා.ඒවා වැඩියෙන් කීයක් හරි හම්බුනොතින් ගෙවන්නේ.මෙතනින් ඉදිරියට රෝල ගොඩාක් හිරවෙන තත්වයක් තියෙන්නේ.උපදේශනයක් දෙන්න පුළුවන් අය මෙතන ඇති.මෙතනින් උඩට යන්න විදියක් ගැන අදහස් එකතු කරන්න.ඒක ගොඩාක් වටිනවා.