මගේ බයික් එක ගැන අදහසක් දීපල්ලා <<Help Me>>
මචන්ලා මන් දැන් 2012 දෙසැම්බර් ඉඳන්ම පාවිච්චි කරන්නෙ Discover 125 Disc බයික් එක. දැන් වෙනකොට කිලෝමීටර් 157,000+ දුවලා තියෙනවා. බෝර් කරන්නත් උනා, ක්ලච් ප්ලේට් අරවා මේවා දාන්නත් උනා. රු.35,000ක් විතර වියදම් කරලා ඔය රෙපෙයාර් ටික කරගත්තත් බයික් එකේ ඔයිල් අඩු වෙන්න ගන්නවා මේ ලඟදී ඉඳන්. ඒ අස්සෙ හෙඩ් එකේ කෑම්ප් රේසර ( මට ඇහුනු විදියට ) නිතර යනවා හෙඩ් එක කැපිලලු, චේන් ස්පොකට් දාන්නත් වෙනවා. ආයේ බෝර් එක තියලා හෙඩ් එකත් ගහන්න රු. 20,000ක් විතර යනවලු. මන් කෝහොමත් දවසකට කිලෝ මීටර 140+ වගේ පැදෙනවා සතියෙ දවස් 5ක්. දැන් මගේ මූලික ප්රශ්නේ මේකයි. මට හොඳ ඔය ගාන වියදම් කරලා මේ බයික් එක හදා ගන්න එකද අලුත් බයික් එකකට යන එකද? අලුත් බයික් එකකට යනවනම් මන් සර්විස් කරන තැනින් (මදොල ඉෂාරා මෝටර්ස්) කිවුවා උන්ගේ සේල් එකේ (ඇහැලියගොඩ චනුක් ~ බජාජ් ඩීලර් කෙනෙක්) බයික් එකක් ගන්නවනම් පරන එකට රු. 90,000ක් අඩු කරන්නම් කියලා. මගේ කැමැත්ත තියෙන්නෙ පල්සර් 150කට (තෙල් ගැන ලොකුවට බැලෙන්නෙ නෑ). එතකොට මගේ අනිත් ප්රශ්න වෙන්නේ මෙන්න මේවා.
1. පරන ඩිස්කවරියම රෙපෙයාර් කරලා පදිනවද අලුත් එකකට යන එකද හොඳ?
2. අලුත් එකකට යනවනම් පල්සර් 150 හොඳද?
3. පරන බයික් එකේ කිසිම ඩැමේජ් එකක් නෑ, ටයර් මේ ලඟදි දැම්මේ, බැටරිය මේ ලඟදි දැම්මේ, බයික් එකට මන් හොඳට සැලකුවා, ඉතින් මේකට රු. 90,000 සාධාරනද?
4. පල්සර් 150යේ වාසි අවාසි මොනවද.? තෙල් කෙරුවාව කොහොමද.?
උබලගේ අදහස මොකද්ද කියලා මට කියාගෙන පලයල්ලා. ලොකු උදව්වක්.

genuine wage nah api kaden aran dana ewa 
natnam gn ekak gammu dura yanna hodai thel nam karanne nah 40+ parts ganan 

classic විතරනේ උබට හරියන්නේ