සම්බුදු නුවණින් දුටු අනාගත ලෝකය

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    සම්බුදු නුවණින් දුටු අනාගත ලෝකය

    අප පසු කරමින් සිටින්නේ ව්‍යවහාර වර්ෂ 2017 වර්ෂයයි. මිනිසා 20 වන ශත වර්ෂයට පා තබලා. පැරැණ්නන්ට වඩා අද ජීවත්වන සමාජය බොහෝ දියුණුයි කියා කියනවා. ඉදිරියේ ඉක්මන් දියුණුවට විද්වතුන් විශාල ලෙස පර්යේෂණ පවත්වනවා. තාක්ෂණික මෙවලම්, සොයාගැනීම් වැඩි දියුණු වෙනවා. සෑම පැත්තකින්ම අහන්න ලැබෙන්නේ අලුතින් සොයා ගත්තා. දියුණුවුනා කියන දේයි.

    ඇත්තෙන්ම අප ආදරයෙන් සරණ ගිය, දෙව් මිනිසුන්ගේ අසහාය ශාස්තෘන් වහන්සේ, සුගත තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකය ගැන වදාළේ මීට වඩා වෙනස් දෙයක්. උන්වහන්සේ මනු ලොවෙහි අනාගතය ගැන වදාළේ දියුණු වන ලොවක් ලෙස නොව දිනෙන් දින පිරිහෙන ලොවක් ලෙසයි. කෙනෙකුට මනුස්ස ලෝකය පිරිහෙනවා කීවාම සැකයක් හිතෙන්නත් පුළුවනි. මොකද හැම තැනම කථා කරන්නේ දියුණුව ගැන නිසා. අදින් අවුරුදු 2560 කටත් වඩා කලින් බුදුරජාණන් වහන්සේ මිනිසාගේ පිරිහීම ගැන දේශනා කළේ තමන් වහන්සේගේම සම්බුදු නුවණින් අනාගත ලෝකයේ ඇත්ත ස්වභාවය දැනගෙන සහ දැකගෙන යි. උන්වහන්සේ මහා සීහනාද සූත්‍රයේ දී වදාළා. “පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේ සිදු වියහැකි දේ සිදුවිය හැකි දේ ලෙසත්, සිදු නොවන දේ සිදු නොවන දේ ලෙසත් ඒ ආකාරයෙන්ම යථාර්ථයක් ලෙස ම අවබෝධ කරලයි ඉන්නේ. ඒ නුවණ තථාගත බලයක්” යැයි වදාළා. මෙවන් සම්බුදු නුවණකින්, සම්බුදු බලයකින් යුතු වු අපගේ ශාස්තෘන්වහන්සේ වදාළා වූ කරුණක් කෙසේ නම් වෙනස් වන්නද? ඒ වගේම ඔබ තේරුම් ගත යුතු අනෙක් කරුණ නම් බුදුරජාණන් වහන්සේ වදාළ නිසා මනුස්ස වර්ගයා පිරිහෙනවා නොව ධර්මතාවයක් ලෙස එය සිදුවන බව භාග්‍යවතුන් වහන්සේ බුදු නුවණින් දැක වදාළ බවයි.

    සැබවින්ම මනුස්ස ලෝකය දෙස බැලූවිට දියුණුවක් පෙනෙනවා තමයි. යාන වාහන, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ , සන්නිවේදනය, වෛද්‍ය විද්‍යාව, යුද්ධෝපකරණ ආදි නොයෙක් අංශවල දියුණුවක් තිබෙනවා. නමුත් ඒ ඊනියා විද්‍යාත්මක දියුණුවට වඩා වේගයෙන් මිනිසා අධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිහෙන අන්දම බොහෝ දෙනෙකුට පෙනෙන්නේ නැහැ. මිනිසාගේ අධ්‍යාත්මික ජීවිතය වේගයෙන් පිරිහෙන නිසා කොයිතරම් භෞතික දියුණුවක් ලැබුවද, එම භෞතික දියුණුවෙන් තම ජීවිත සුවපත් කර ගැනීමට මිනිසාට වාසනාව උදාවන්නේ නැහැ.

    භාග්‍යවතුන් වහන්සේ චක්කවත්තී සීහනාද සූත්‍රයේ දී මනුස්ස වර්ගයාට අනාගතයේදී සිදුවන මේ ව්‍යවසනය මෙසේ පෙන්වා වදාළා. “මහණෙනි, ධනය නැති උදවියට ධනය ලැබෙන පිළිවෙලක් නැති කල්හි දිළිඳු බව බොහෝ සේ පැතිරී ගියේය. දිළිඳු බව බොහෝ පැතිරී ගිය කල්හි අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගියේය. අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගිය කල්හි අවි ආයුධ ගැනීම බොහෝ පැතිරී ගියේය. අවි ආයුධ බොහෝ පැතිරී ගිය කල්හී මනුෂ්‍ය ඝාතන බොහෝ වැඩි වී ගියේය. මනුෂ්‍ය ඝාතන බොහෝ වැඩිවී ගිය කල්හි, බොරුකීම බොහෝ පැතිරී ගියේය. බොරු කීම බොහෝ පැතිරී ගිය කල්හි, කේළාම් කීම බොහෝ පැතිරී ගියේය. කේළාම් කීම බොහෝ පැතිරී ගිය කල්හි, වැරැදිකාම සේවනය බොහෝ පැතිරී ගියේය. වැරැදි කාම සේවනය බොහෝ පැතිරී ගිය කල්හි, දරුණු වචනයෙන් බැණ වැදීමත්, හිස්වචන කතා කිරීමත් යන මේ කරුණු දෙක බොහෝ පැතිරී ගියේය. මේ කරුණු දෙක බොහෝ පැතිරි ගිය කල්හි, අන්සතු දෙය තමා සතු කරගැනීමේ ආශාවත්, ද්වේෂයත් බොහෝ පැතිරී ගියේය. අන්සතු දෙය තමා සතු කරගැනීමේ ආශාවත්, ද්වේෂයත් බොහෝ පැතිරී ගිය කල්හි මිථ්‍යා දෘෂ්ටිය බොහෝ පැතිරී ගියේය. මිථ්‍යා දෘෂ්ටිය බොහෝ පැතිරී ගිය කල්හි අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යා ධර්මය යන කරුණු තුන බොහෝ පැතිරී ගියේය. මේ කුරුණු තුන බොහෝ පැතිරී ගිය කල්හි මවට නොසැලකීම ,පියාට නොසැළකීම , ශ්‍රමණයන්ට ගරු නොකිරීම, බ්‍රාහ්මණයන්ට ගරු නොකිරීම, ගුරුවරු කුල දෙටුවන්ට ගරු නොකිරීම යන මේ කරුණු බොහෝ පැතිරී ගියේය. මේ කරුණු බොහෝ පැතිරී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂත් පිරීහී ගියේය. පැහැයත් පිරිහී ගියේය. ඔවුන්ගේ ආයුෂත්, පැහැයත් පිරිහී යන විට දෙසිය පනහක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ දරුවෝ සියයක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.”

    දැන් අප පසුකරමින් සිටින්නේ මිනිසාගේ පරම ආයුෂ අවුරුදු සියයටත් අඩු වූ යුගයක නොවේද? මෙසේ මිනිසාගේ ආයුෂත්, පැහැයත් පිරිහෙන්නට හේතු වූයේ මනුස්ස වර්ගයාගේ අධ්‍යාත්මික ගුණ ධර්මයන්ගේ පිරිහීමයි.

    එහිදී භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් වදාළේ, “මේ මිනිසුන්ගේ දරුවෝ දස වසරක ආයුෂ ඇත්තෝ වන්නාහුද? එබඳු කාලයක් එන්නේය. මහණෙනි, දස වසරක් ආයුෂ ඇති මිනිසුන් අතර, පස් හැවිරිදි දැරියෝ පතිකුලයට යෑමට සුදුසු වන්නෝය. මහණෙනි, දස වසක් ආයු ඇති මිනිසුන් අතර, මේ රසයෝ අතුරුදහන් වන්නාහුය. එනම්, ගිතෙල්, වෙඬරු, තලතෙල්, මීපැණි, පැණි, ලුණු රසයන් ය.” ඔබ දන්නවා දැනටමත් ගිතෙල්, වෙඬරු, තලතෙල්, පාවිච්චිය මිනිසුන් ප්‍රතික්ෂේප කරලා. ලුණු පරිභෝජනය අඩුවෙලා. එසේනම් මීට අවුරුදු 2560ට කලින් බුදුරජාණන් වහන්සේ අනාගත ලෝකය ගැන වදාළේ කෙතරම් සත්‍යයක් ද?

    “මහණෙනි, දස වසක් ආයු ඇති මිනිසුන් අතර දස කුසල් සහමුලින්ම අතුරුදහන් වන්නේය. දස අකුසල් අතිශයින්ම ඉස්මතුව එන්නේය. මහණෙනි, දස වසක් ආයු ඇති මිනිසුන් අතර කුසලය වන නමවත් අසන්නට නො ලැබෙන්නේය. කුසල් කරන්නෙක් කෙසේනම් සොයන්නද? අවුරුදු දහයට ආයු අඩු වූ යුගයේ “හොඳ නරක” කියන දේ කණපිට පෙරලෙයි. මහණෙනි, මෙකල යම් කෙනෙක් මවුට සලකත් නම් පියාට සලකත් නම්, ශ්‍රමණයින්ට ගරුකරත් නම්, බ්‍රාහ්මණයින්ට ගරුකරත් නම්, කුල දෙටුවන්ට අවනත වෙත්නම්, ඔවුහු යම් සේ පුද ලබත්ද, ප්‍රශංසා ලබත්ද, එහෙයින්ම මහණෙනි, දසවස් ආයු ඇති අනාගත ලෝකයේ මිනිසුන් අතර යම් කෙනෙක් මවට නො සලකත්ද, පියාට නො සලකත්ද, ශ්‍රමණයින්ට ගරු නොකරත්ද, බ්‍රාහ්මණයින්ට ගරු නොකරත්ද, කුල දෙටුවන්ට අවනත නොවෙත්ද, ඔවුහු පිදුම් ද ලබන්නාහ. ප්‍රශංසා ද ලබන්නාහ.”

    “මහණෙනි, දස වස් ආයු ඇති මිනිසුන් අතර ‘මේ මවුතුමිය, මෑණියන්ගේ සොහොයුරියෝ ය, නැන්දණියෝ ය. ආචාර්යවරුන්ගේ බිරින්දෑවරු ය, ගරුකළ යුත්තන්ගේ බිරින්දෑවරුන් ය වශයෙන් ගරුසරු හැඟීම් නැති වන්නේය. එළු, බැටළුවෝ, කුකුළෝ ,ඌරෝ, බලු, සියල්ලු යම් සේ හැසිරෙත් ද, එසෙයින් ම ලෝක සත්වයෝ යහපත් කුලාචාර ධර්ම නොතකා, සිඳ බිඳ දමා හිතුමනාපයේ හැසිරෙන්නාහ.”

    මෙසේ ආචාර ධර්ම නොතකා අධම රාගයට, විෂම ලෝභයට පත්ව සංවාසයේ යෙදෙන ලෝකයක් දැන් පහළ වී නැතිද? ආචාර ධර්ම බිඳ හෙළා විෂම රාගය සමාජගත කිරීම පිණිස නීතිරීති පවා සම්පාදනය කිරීමට මිනිසා මේ වන විට පෙරමුණ ගෙන ඇත. “මහණෙනි, මිනිසුන්ගේ ආයුෂ දස වසක්ව ඇති කල්හී මිනිසුන් අතර එකිනෙකා කෙරෙහි දරුණු වෛරයක් පිහිටන්නේ ය. යම් සේ මුවන් මරන්නෙකුට මුවෙකු දැක්ක විට දරුණු වෛරයක පිහිටීමක් වෙයිද? දරුණු ද්වේෂයක, දරුණු මානසික ආවේගයක, දරුණු වධක චිත්තයක, පිහිටීමක් වෙයි ද? එසෙයින්ම මහණෙනි, දරුණු ද්වේෂයක් දරුණු මානසික ආවේගයක්, දරුණු වධක චිත්තයක් පුතු කෙරෙහි මව තුළත්, මව කෙරෙහි පුතු තුළත්, පුතු කෙරෙහි පියා තුළත්, පියා කෙරෙහි පුතු තුළත්, සොහොයුරා කෙරෙහි සොහොයුරිය තුළත්, සොහොයුරිය කෙරෙහි සොහොයුරා තුළත්, දරුණු වෛරයක් පිහිටන්නේ ය. දරුණු ද්වේෂයක්, දරුණු මානසික ආවේගයක්, දරුණු වධක චිත්තයක් පිහිටන්නේ ය.”

    මහණෙනි, දස වස් ආයු ඇති මිනිසුන් අතර සත් දිනක ආයුධ “අන්තඞකල්පය” වන්නේය. ඔවුහු ඔවුනොවුන් කෙරෙහි මෘග හැඟීමෙන් ලබන්නේය. ඔවුන්ගේ අත්වල තියුණු ආයුධ පහළ වන්නේය. ඔවුහු ඒ තියුණු ආයුධයෙන් ‘මූ මුර්ගයෙක්, මූ මුර්ගයෙක්,’ යනුවෙන් ඔවුනොවුන් මරා ගන්නාහුය. මේ ආකාරයට සත් දිනක් ඇතුළත දී මිනිසා විසින් දකින දකින සෑම මිනිසාම මරා දමන්නාහ. ඉතාමත් සුළු පිරිසක් මේ මිනිස් සංහාරයෙන් දිවි ගලවා ගන්නා අතර, ඔවුන් විසින් අප විනාශ වූයේ අපගේම අධ්‍යාත්මික ගුණධර්ම පිරිහීමෙන් බව තේරුම් ගෙන නැවත අධ්‍යාත්මික ගුණයෙන් වැඩෙන්නට වූ කළ මනුස්ස ලෝකය සැබෑ ලෙසම දියුණුවන බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
    දියුණුව යැයි කියමින් අප මේ යන ගමන වැටී ඇත්තේ විනාශය වෙත බව ඔබ නුවණින් තේරුම් ගෙන ගෞතම ශාසනයේ පිළිසරණ ලබමින් සැබෑම දියුණුවක් ඇතිකර ගනිමින් සසර දුකින් අත මිදෙන්නට නුවණැතියන් ලෙස අප අදිටන් කරගත යුත්තේ එහෙයිනි.
    .
    පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
    නිර්මාතෘ සහ අනුශාසක
    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
    .
    උපුටා ගත්තේ බුදුසරණ අන්තර්ජාල කලාපයෙනි
    http://www.lakehouse.lk/budusarana/2017/03/05/tmp.asp…
    .
    මුදුන (Muduna)
     
    Nov 20, 2012
    1,467
    477
    0
    සමහර දේවල් නම් ඇස් පනා පිටම ඇත්තයි කියලා පේන්න තියෙනවා.....

    ආහාර වල රසය අඩු වෙලා තමයි....

    අනික දිළිඳුකමින් පටන් ගත්තම අනිත් ඔක්කොම දම්වැලක පුරුකක් වගේ එකිනෙකට සම්බන්ධයි....

    අපි technology වලින් දියුණු උනාට මනුස්සකම් අතින් පිටිපස්සෙන්
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සොයන්නා;22929135 said:
    සමහර දේවල් නම් ඇස් පනා පිටම ඇත්තයි කියලා පේන්න තියෙනවා.....

    ආහාර වල රසය අඩු වෙලා තමයි....

    අනික දිළිඳුකමින් පටන් ගත්තම අනිත් ඔක්කොම දම්වැලක පුරුකක් වගේ එකිනෙකට සම්බන්ධයි....

    අපි technology වලින් දියුණු උනාට මනුස්සකම් අතින් පිටිපස්සෙන්


    "මිනිස්සු හරි මෝඩයි බබා."

    "I Love You"

    මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    Skylark
     
    Nov 20, 2012
    1,467
    477
    0

    :lol::lol::lol::lol:

    අන්න හරි උඹ තමයි අන්තිම මිනිහා මට උඹේ නම අමතක වෙලා තිබුනේ.....

    Skylark මුත්තගෙ අනිත් ෆේක් එකවුන්ට් එක.... :lol::lol:

    පින්වත්ත skylark....

    මම ඔබට ජිංතක ජිල්ලබකිට කියා අමතන්නද එසේ නැත්නම් ex-muslim ahmed කියා අමතන්නද එහෙම නැත්නම් harvard bio කියා අමතන්නද..... :lol::lol::lol:

    වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ ;)
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සොයන්නා;22931134 said:
    :lol::lol::lol::lol:

    අන්න හරි උඹ තමයි අන්තිම මිනිහා මට උඹේ නම අමතක වෙලා තිබුනේ.....

    Skylark මුත්තගෙ අනිත් ෆේක් එකවුන්ට් එක.... :lol::lol:

    පින්වත්ත skylark....

    මම ඔබට ජිංතක ජිල්ලබකිට කියා අමතන්නද එසේ නැත්නම් ex-muslim ahmed කියා අමතන්නද එහෙම නැත්නම් harvard bio කියා අමතන්නද..... :lol::lol::lol:

    වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ ;)


    පරක්කුත් වෙනවා! තව ත්‍රෙඩ් වලට යනකං මං මේ බලන් ඉන්නවා. ජහ, ජහ!

    Skylark


    * කාරණාව නොදන්නා අයට ඉඟි:
    http://www.elakiri.com/forum/showthread.php?p=22931164
    http://www.elakiri.com/forum/showthread.php?p=22931215