තම පවුල වෙනුවෙන් පලි ගත් රුසියානුවා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තම පවුල වෙනුවෙන් පලි ගත් රුසියානුවා

    තම පවුල වෙනුවෙන් පලි ගත් රුසියානුවා

    2002 දී ජර්මන් අහසේදී ගුවන් යානා දෙකක් එකිනෙකට ගෑටීමෙන් ජීවිත 71 නෑති වෙනවා. රුසියන් ජාතිකයෙක් වුනු විටලි කාලයෙව් ගේ බිරිද සහ අවුරුදු 10 ක් වයසෑති පුතා සහ අවුරුදු 4 ක දුවනියත් ඒ අතර සිටියා.

    මෙම අනතුර සිදු වුනේ අඩි 36000 පමණ ඉහල අහසේදී. DHL සමාගමට අයත් බඩු ගෙනයන ගුවන් යානයක් සහ රුසියාවේ සිට ලමුන් රෑගෙන පෑමීණෙමින් තිබූ ගුවන් යානයක් එකිනෙක් ගෑටුනා.

    මෙම ගුවන් යානා ඒ වනවිට පාලනය වුනේ සූරිච් හි ගුවන් ගමන් පාලකයන් මගිනුයි. එය අයත් වුනේ SKYGUIDE නම් පවුද්ගලික සමාගමකට. මෙම ගුවන් යානා දෙකේ ගමන් පත එකිනෙකට ගෑටෙන බවට රේඩාර් තිරයේ සටහන් වුවත් ඒ වනවිට සේවයේ යෙදී සිටි පීටර් නීල්සන් හට එය අවබෝධ වූයේ නෑ.

    ගුවන් ගමන් නීතී රීතී අනුව අඩුම වශයෙන් දෙදෙනෙකුවත් සේවයේ යෙදිය යුතු වුවත් මෙම සමාගම කටයුතු කල ආකාරය ඊට වෙනස් වුනා. මෙම අවස්ථාව වන විට නීල්සන්ගේ සහයකයා විවේකයක් ලබා ගනිමින් සිටියා. නීල්සන් හට එකෙනෙකට අඩි කිහිපයක් ඈතින් තිබූ තිර දෙකක නීරීක්ෂන කීරීමට සිදුව තිබුන අතර අවාසනාවට මෙම ගුවන් යානා දෙක නීරික්ෂනය කල යුතු තිරය ඔහුගේ කාර්යබහුල බව නිසා අවධානයෙන් මිදී තිබුනා.

    අනිත් අවාසනාවන්ත හේතුව වුයේ ඒ වනවිට ගුවන් යානා ගෑටීම් නීරීක්ෂනය කරන පද්ධතිය (ground base optical collision warning system )නඩත්තු කටයුත්තක් වෙනුවෙන් සේවයෙන් ඉවත් කර තිබුනා

    නමුත් ගුවන් යානා තුල සවිකර තිබූ TCAS පද්ධතිය ගුවන් නියමුවන්ට අනතුරු ඈගවීම ආරම්භ කර තිබුනා. මෙය ගුවන් යානා තුල ඉහල අහසේදී ගෑටුම් සිදු වීම වෑලක්වීමට සවිකල පද්ධතියක්. එමගින් DHL ගුවන් යානයට පහලට ගමන් ගන්නා ලෙසත් රුසියන් ගුවන් යානයට ඉහලට යන ලෙසත් දෑනුම් දීම ආරම්භ කර තිබුනා.
    DHL යානය තුල “ Traffic Traffic Descend Descend “යන නිවේදනයත් රුසියන් ගුවන් යානය තුල “ Climb Climb” යන නිවේදනයත් වාදනය වෙමින් තිබුනා සහ ඒ මොහොත වනවිට නියමුවන් එම අන පිලිපදිමින් සිටියා.

    එම අවාස්තාවේදීම ගුවන් පාලන මෑදිරියේ සිටි නීල්සන් මෙම ගුවන් යාන දෙක තිරයේ දකිනවා. ඔහු වහාම රුසියන් ගුවන් යානයට පහතට පෑමිණෙන ලෙස දන්වනවා. ඔහු දෑන සිටියේ නෑ TCAS මගින් ඊට ප්රතිවීරුද්ධ උපදෙස් ලබා දී ඈති බවත් DHL යානයද පහල බසිමින් සිටින බවත්.

    ඒ වනවිට යානා දෙක පෑයට කිලෝමීටර් 900 පමන වේගයකින් එකිනෙක වෙත ලන්වෙමින් තිබුනා. රුසියානු ක්රමය වූ ගුවන් ගමන් පාලකයාගේ අණට ප්රමුඛතාවය දීම අනුව රුසියන් ගුවන් යානයත් පහලට එමින් තිබුනා.

    තත්පර කිහිපයකින් රුසියන් යානයේ බද DHL යානයේ Vertical stabilizer යේ ගෑටීමට ලක්වෙනවා. රුසියන් යානය කෑබලි වලට වෙන්වී මගින් සහ යානයේ කොටස් පහලට වෑටෙනවා. DHL යානයද පහල වෑටීම ඈරබෙන අතර නියමුවන් එය යලි පාලනය කිරීමට ගන්නා උත්සහය Vertical stabilizer ය නෑතීවීම නිසා අසාර්තක වෙනවා.

    DHL.jpg


    ගුවන් යානය පොලවට වෑටුන ස්ථානයට මුලින්ම ආ පිරිස අතර විටලි කාලයෙව් ද සිටිනවා. ඔහු තම ආදරණීය දියණියගේ සිරුර අනතුර සිදුවූ තෑන සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් ගසක් මත තිබී සොයා ගන්නා අතර බිරිදගේ සිරුර අසල ඉරිගූ යායකද පුතුණුවන්ගේ සිරුර බස් නෑවතුමක් අසලද වෑටී තිබී සොයා ගන්නවා. ඔවුන්ගේ සිරුරු අඩි 35000 පමණ ඉහලක සිට වෑටී තිබුනේ.

    SKYGUIDE සමාගම පරික්ෂන පවත්වා අවසන් කරන අතර පීටර් නීල්සන් තම රෑකියාවට සමු දෙනවා. මේ අතර විටලි තම පවුලේ අය මිහිදන් කල සොහොන අසලම කාලය ගත කරනවා. සමාගම මගින් ඔහුට සෑලකිය යුතු මුදලක් වන්දී වශයෙන් දීමට උත්සහා කරනවා. ඒ වෙනවට ඔහු සමාගමට එරහිව ක්රියාමාර්ග ගෑනීමෙන් වෑලකිය යුතු බවද දන්වා සිටිනවා. මෙය විටලි කෝපයට පත් කරන අතර ඔහු සමාගමෙන් ඉල්ලා සිටින්නේ එහි ඉහල නිලධාරියා සහ මෙම අනතුරට වග කිවයුතු ගුවන් පාලක වරයා හමුවීමට අවස්තාවක් දෙන ලෙසයි. එය සමාගම මගින් ප්රතික්ෂේප වෙනවා.

    විටලි පවුද්ගලික පරික්ෂකයකු මගින් පිටර් නිල්සන්ගේ නිවසේ ලිපිනය සොයා ගන්නවා. ස්විස්ටර්ලන්තය වෙත පෑමිණ නීල්සන්ගේ නිවස සොයා ඔහු පෑමිණෙනවා. එහිදී විටලිගේ පිහි පහරට ලක්වෙන නීල්සන් මියයනවා. අවුරුදු අටකට සිරගත වන විටලි අවුරුදු දෙකකින් නිදහස් වෙන අතර දෑන් තමන්ගේ රටේ විශ්රාමිකව කල් ගෙවනවා.

    පසු කාලයක ඔහු පවසා තිබුනේ තමන්ට නීල්සන් මෑරීමට අදහසක් නොතිබූ බවත් තමන්ගේ පවුලේ ජායාරූපය පෙන්වූ විට ඔහු අප්රසන්න ලෙස හෑසිරුණු බවත් ඉන් අනතුරුව සිදූ වූ දේ ඔහුට මතක නෑති බවත් ය.

    maxresdefault.jpg


    මෙය ගුවන් අනතුරු ඉතිහාසයේ ඉතා අවාසනාවන්ත සිදුවීමක් ලෙස සෑලකේ. විටලි තමන්ගේ රටේ වීරයෙක් ලෙස සෑලකෙන අතර ඔහුගේ ක්රියාව බහුතරයක් රුසියානුවන් අනුමත කරන බවක් දක්වා ඈත. මෙම සිදුවීම පාදක කරගෙන AFTERMATH නම් චිත්රපටය නිර්මානය වී ඈත

    https://www.imdb.com/title/tt4581576/?ref_=nv_sr_1
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Aircrash Investigations Season Two "Deadly Crossroads" episode එක ආවේ මේ කතාව. රුසියන් ෆිල්ම් එකකුත් එන්න තියෙනව unforgiven කියලා. මේ අවුරුද්දේ එයි

    https://www.imdb.com/title/tt7394636/

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අඩේ කම්පුයුටර් එක ෂට් ඩවුන් කරද්දිමයි ත්‍රෙඩ් එක මාට්ටු උනේ...:oo:
    හෙට වෙනකන් බම්ප්...:dull:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    අනිවා මට උනා නම් මම උනත් කරන්නේ ඕකමයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala