Time table- හොල්මන් අවතාර පෙනෙන කාල සටහන

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025
    Time table- හොල්මන් අවතාර පෙනෙන කාල සටහන

    ඔබට හොල්මන් අවතාර පෙනෙන කාල සටහන
    real-ghosts.jpeg


    රෑ 6.00-7.15- කාලවලදී අපට මුණ ගැහෙන්නේ සාමාන්ය මලගිය නෑදෑයන්ගේ ආත්මයි...(නිදසුනකට තම මිය ගිය සියා හෝ ආච්චිගේ කාමරය තුලින් බැදුම් සුවදවල් පැමිණීම .තනිව ගමන් කරනවිට මෙය දැඩිව දැනේ......නමුත් දැනෙන්නේ එම පවුලේ සාමාජිකයෙකුට පමණි නැතොත් අන් අයට දැනුනහොත් එතන අවතාර බලපෑම් නොමැත)

    රැ 7.20 -8.00-මේ කාලයේදී බොහොමයක් බලපෑම් ඇතිවන්නේ මහසෝන් අවතාරය....හෝ ඔයවල් වල මාළු අල්ලන්නට පහර දෙන රලමහ අවතාරය ගේ බලපෑම් ය....(මේවා බොහොමයක් සිදුවන්නේ ග්රාමීය ප්රදේශවලය )

    රැ 8.21 - 9.30-මේ කාලයේදී බොහොමයක්ම ඉතාමත් දරුණු අවතාරවල බලපෑම් ලැබෙන වේලාවකි ....නිදසුනකට හිතේ සැනසිමකින් මිය නොගිය ආත්ම ..පලිගැනීමේ චේතනාවෙන් මියගිය අය ...මිනිසුන් බිලි ගැනීමට තැත් කිරීම (නිදසුනකට යක්කල මෝහිනී, රාගම සුදු අක්කා ,කිරිදිවැල මහේෂිකා, සීදුවේ හන්දිය අසල සිටින අවතාරය ... යන සිද්දි)

    රෑ 9.45-11.30-මෙම කාලයේදී බොහොමයක් බලපෑම් ඇතිවන්නේ ඉඩම් තණ්හාවෙන් මිය ගිය සහ නිධන් රකින බහිරවයන්ගේ මගිනි ( නිදසුනකට තම ඉඩමට තණ්හාවෙන් මියගොස් පසුව එය මිලදී ගන්න තැනැත්තා බිය වැද්දීම....නිධන් අසලට පැමිණෙන අය බියකර පලවා හැරීම විශේෂයෙන්ම බහිරවයාගේ පහරදීම් වලට සිල්වත් පුද්ගලයෝ හසු නොවෙති ඔවුනට ගෞරව කරති )

    රැ 11.32 -12.00-මෙම කාලවලදී වැඩියෙන්ම පහරදීම් වලට ලක්වෙන්නේ මොහිනිගේ අවතාරයෙනි මුණු පුස්තක හැකාගේ වාර්තා වලට අනුව මොහිනිගේ වැඩිම සහ දරුණුම පහර දීම් වලට ලක් වන්නේ මෙම කාලයේදී (නිදසුනකට බැන්දීයමුල්ල වෙල අසලදී ත්රි විලයකට ගොඩ වැදී රියදුරාගේ ලේ බිමට උත්සහ කිරීම...නැතහොත් රියදුරාට පෙනෙන ලෙස තම අතෙහි සිටින දරුවාගේ බෙල්ල අනුභව කිරීම ....සුදු ඇදගත් කතක් වාහනවල පැන අනතුරු කර තුවාල ලැබූ පුද්ගලයා ගේ මුහුණ අතගා සිනාසී අතුරුදහන් වීම මේවා බොහොමයක් සිදුවන්නේ නාගරික සහ අර්ධ ග්රාමීය පළාත් වලය )

    පාන්දර 12.07-2.00-මේ කාලවලදී අපට බලපෑම් ලැබෙන්නේ අප ආරක්ෂා කරන මලගිය ප්රාණකරුවන් හෝ හදිස්සියේ ම මියගොස් ඒ පිලිබදව තම මිතුරන්ට හෝ මවට දැනුම්දීමට පැමිණෙන හිත හොද ආත්මයි(නිදසුනකට හොදම යහළුවෙකු මිය ගොස් ඔබ ලගට පැමිණ ගිහින් එන්නම් මචන් කියා පැවසීම.....අම්මේ මම යන්නම් එහෙනම් කියා පැවසීම )මෙම කාල පරාසයේ 12.00-1.00 දක්වා අප නින්දෙන් දකින සිහින වලින් පවා මලගිය ඉතා හිතවත් නෑදෑයෙක් පෙනීම .......නැතහොත් තමුන් බලාපොරොත්තු වෙන දෙයක් සිහිනෙන් දුටුවහොත් එය නිතැතින්ම ඉෂ්ඨ වෙන සම්භාවිතාව වැඩිය

    පාන්දර 2.12-3.18-මේ කාලවලදී බොහෝ බලපෑම් ලැබෙන්නේ මල යක්ෂනියගෙනි නැතහොත් යක්ෂයාට සුවද වැටෙන වයසේ සිටින අවුරුදු 19 20 වයස් වල සිටින පවුලේ වැඩිමහල් පිරිමි දරුවා මෙම අත්දැකීමට හෝ වෙනත් බිය ඇතිවන සිද්දියකට මුහුණ දීමේ සම්භාවිතාව වැඩිය...

    පාන්දර 4.00-5.20 මෙම කාලය දෙවි දේවතාවුන් බහුලව සැරිසරන වේලාවකි විශේෂයෙන්ම දෙව් අප්සරාවියන් අහසින් ගමන් කරන්නේ මේ කාල පරාසයේදී ය නැතහොත් තම මියගිය පුද්ගලයකු ජිවත්ව සිටි කාලයේ කාල පින්දම් අනුව දේව භවයක ඉපදී ඇත්නම් ඔහු ජිවත්වුන් නිවස හෝ කාමරයෙන් සමන්පිච්ච මල් සුවදක් හැමීම හීනෙන් පැමිණ පින් ඉල්ලීම (නිදසුනකට තනිව යන විට දැඩි සුවද මල් හෝ පිච්ච මල් සුවදක් දැනීම.....නිදසුනකට දේවතා එලි වලින් යන දෙවි වරුන් වරියන් වෙහෙර විහාර ආගමික සිද්ධස්ථාන වැදපුදා ගන්නේ මෙම වේලාවේදීය මට්ට කොල්ලගේ බලපෑමද මේ වෙලව්දී එකවරක් සිදුවී ඇත )

    පාන්දර 5.30-6.14 මෙම කාලයේදී නැවතත් තම මලගිය හිතවතුන්ගේ හෝ ප්රදේශ වාසීන්ගේ අවතාර පෙනීම වැඩිය නිදසුනකට කිදගම්මුල්ලේ හෝටලය අසල සැරිසරන අවතාරය වැනි ඒවාය නමුත් හිරිහැරයක් නොමැත.

    පාන්දර 6.16-6.45 මෙම කාලය නැවතත් දෙවි වරුන්ගේ සැරිසරණ වෙලාවයි
    විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු දෙයකි

    උපුටා ගැනීම සත්‍ය හොල්මන් කථා ගූපය ඇසුරෙනි.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    පාන්දර 2.12-3.18-මේ කාලවලදී බොහෝ බලපෑම් ලැබෙන්නේ මල යක්ෂනියගෙනි නැතහොත් යක්ෂයාට සුවද වැටෙන වයසේ සිටින අවුරුදු 19 20වයස් වල සිටින පවුලේ වැඩිමහල් පිරිමි දරුවා මෙම අත්දැකීමට හෝ වෙනත් බිය ඇතිවන සිද්දියකට මුහුණ දීමේ සම්භාවිතාව වැඩිය...
    :rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: බෙන් 10

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    යක්කුන්ටත් ටයිම් ටේබල් තිනවා..මට තාම වෙලාවට ඔෆිස් එකට එන්න වත් බෑ...කුජීතයි නේ,
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Oya marichcha yakku jeewathwela innakotath time table ekakata wada kala nam me rata meeta wada godak duyunu wela