සිරවූ_තායිලන්ත_දරුවෝ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සිරවූ_තායිලන්ත_දරුවෝ

ලෙන තුළ සිරවූ තායිලන්ත දරුවෝ: "අපි වතුර සමග තරගයක" බ්‍රිතාන්‍ය නාවික හමුදාව සහ ඇමරිකානු සීල් භටයින් පෙරමුණ ගනියි.




_102392343_mediaitem102386393.jpg


ලෙන තුළ සිරවී සිටින දරුවන්ට ආහාරපාන සහ ලෝහමය කොළ වර්ගයකින් සාදන ලද පොරවන ලබා දී තිබේ

වර්ෂාපතනය තවදුරටත් වැඩිවීමට පෙර තායිලන්තයේ ජලයෙන් යට වී පවතින ලෙනක සිරවී සිටින පිරිමි ළමුන් දෙළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු ගලවා ගැනීමට සහන කණ්ඩායම් උත්සාහ දරමින් සිටිති.

දින කීපයක් ඇතුළත එම ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වන අතර, ලෙන තුළ ජල මට්ටම ඉහළ ගොස් දරුවන් රැඳී සිටින ස්ථානය ජලයෙන් යටවීමේ අවදානමක් පවතී.

වයස අවුරුදු 11 ත් 16 ත් අතර පිරිමි ළමුන් සහ ඔවුන්ගේ 25 හැවිරිදි පාපන්දු පුහුණුකරු ජුනි 23 දින වියළි කාලගුණයක් පැවති අවස්ථාවක ලෙනට ඇතුළු වී ඇති අතර හදිසියේ ඇද හැලුණු අධික වර්ෂාපතනයෙන් ඇති වූ ජල ගැලීම් නිසා එයින් පිටවන ස්ථානය අවහිර වී තිබේ.


_102390711__102386634_hi047948500.jpg


"දරුවන් සොයා ගැනීමට පෙර අපි කාලය සමග තරගයක යෙදුනා. දැන් අපි වතුර සමග තරගයක යෙදෙනවා"





ඔවුන් සොයා ගන්නා ලද්දේ ලෙන් මුඛයෙන් කිලෝමීටර හතරක් පමණ දුරින් පිහිටි ගල් පර්වතයක රැඳී සිටියදීය. මෙතෙක් කල් දරුවන් සිරවී සිටින ලෙන තිබෙන ප්‍රදේශයේ වියළි කාලගුණයක් පැවතුනද ඉතා ඉක්මනින් කාලගුණය වෙනස් වීමට ඉඩ ඇති බැවින් ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කිරීමට කටයුතු කර තිබේ.



_102390703__102389184_mediaitem102389183.jpg



ලෙන තුළට යෑමට සැරසෙන කිමිදුම්කරුවන්

"දරුවන් සොයා ගැනීමට පෙර අපි කාලය සමග තරගයක යෙදුනා. දැන් අපි වතුර සමග තරගයක යෙදෙනවා," යැයි ආණ්ඩුකාර නරෝන්ග්සක් ඔසොතනකොන් (Narongsak Osottanakorn) පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය. සිය පවුලේ සාමාජිකයන් සමග අදහස් හුවමාරු කරගැනීමට ළමුන්ට හැකිවන පරිදි දුරකථන පද්ධතියක් ස්ථාපනය කර ඇති නමුත් එහි රැහැන් තවමත් දරුවන් සිටින ස්ථානය දක්වා රැගෙන ගොස් නැත. මින් පෙර ලෙන තුලට රැගෙන ගිය දුරකථනය ජලයට වැටීමෙන් ක්‍රියා විරහිත වූ නිසා නව දුරකථනයක් එහි රැගෙන යාමට සිදුවිය. වර්ෂාව නතර වුවහොත් ජල මට්ටම අඩු වී දරුවන් පිරිසට ඇවිද හෝ ජලයේ පාවී ලෙනෙන් පිටතට පැමිණීමට හැකියාව තිබේ. නමුත්, ලෙන තුළ පවතින තත්වය නිසා ආරක්ෂාකාරීව ළමුන් පිටතට ගෙන ඒම අතිශය භයානක කාර්යයක් වී තිබේ.

උතුරු තායිලන්තයේ පිහිටි මෙම ලෙන් තද වැසි පවතින කාලය තුළ දී ජලයෙන් යටවන අතර, සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස තෙක් ගංවතුර බැස නොයයි. එම කාලයට පෙර ළමුන් එයින් පිටතට රැගෙන ඒමට නම් ඔවුන් සියලු දෙනාටම මූලික කිමිදුම් පුහුණුවක් ලබා දීමට සිදු වේ.
නමුත් අත්දැකීම් රහිත කිමිදුම්කරුවන් දැඩි අඳුරේ, මඩ සහිත පටු මාවත් ඔස්සේ රැගෙන ඒම ඉතා අනතුරුදායක බව විශේෂඥයෝ අනතුරු හඟවති.


_102390467__102386397_soldierswithsupplies.jpg



මේ අතර පොම්ප ආධාරයෙන් ජල මට්ටම අඩු කිරීමට බේරා ගැනීමේ කණ්ඩායම උත්සාහ කරමින් සිටිති. බ්‍රහස්පතින්දා (ජූලි 05) වන විට ජලය ලීටර මිලියන 128ක් පමණ පොම්ප ආධාරයෙන් ඉවතට යවා ඇති නමුත් ජල මට්ටම අඩු වන්නේ පැයකට සෙන්ටිමීටර 1.5ක් පමණි. මේ දක්වා සෙන්ටිමීටර 40කින් ජල මට්ටම අඩු වී ඇති අතර, සහන සේවකයන්ට ලෙන් මුඛයේ සිට කිලෝමීටර 1.5ක් එක දිගට ඇවිද යාමට හැකි වී තිබේ. ලෙන තුළ ජල මට්ටම අඩු වනතෙක් සිටියහොත් ඔවුන්ට මාස ගණනක් ලෙන තුළ රැඳී සිටීමට සිදුවන අතර, අවශ්‍ය ආහාර සහ අනෙකුත් ආධාර නිරන්තරව සැපයීමට සිදු වේ.


_102390470__102387936_mediaitem102387349.jpg



සෞඛ්‍ය සේවා කණ්ඩායම්


ලෙන් මුඛයේ සිට දරුවන් සිරවී සිටින ස්ථානයට ගමන් කර ආපසු පැමිණීමට පැය 11ක කාලයක් ගතවේ. මේ අතර, වෛද්‍යවරයෙකු සහ හෙදියක ඇතුළු කිමිදුම්කරුවන් හත් දෙනෙකුද තායිලන්තයේ උතුරු දිග පිහිටි ලෙනේ සිරව සිටින කණ්ඩායම හා එක් වී සිටිති.



_102390704__102387942_mediaitem102387345.jpg



මෙම සිද්ධිය ගැන ලොව පුරා මාධ්‍ය වාර්තා පළ වෙමින් තිබේ

"ඔවුන් මාගේ සොහොයුරන් ලෙස සලකා උදව් කරනවා"

බීබීසී වාර්තාකරු Helier Cheung සහ තම් ලුවන්ග් (Tham Luang) ලෙන් අසල සිට ගෙන එන වාර්තාවකි මේ: ජීවිතාරක්ෂක කණ්ඩායම් අතිශය දුෂ්කර තත්වයන් යටතේ කටයුතු කරමින් සිටිති. ලෙන් පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ට වඩා අධික වන අතර, බොහෝ ස්ථානවල අගල් ගණනක් ඝනකමින් යුතු තිබෙන මඩ තට්ටුවක් දැකිය හැකිය. ඒ හේතුවෙන් බොහෝ ස්ථාන ලිස්සා යන සුළු මතුපිටකින් යුක්තය.

_102390705__102388166_mediaitem102387347.jpg



ගලවාගැනීමේ මෙහෙයුම් අතරතුර ලෙන පිටත හමුදා ආරක්ෂක වළල්ලක් යොදා ඇත

එහෙත් ඉතා වේගයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී. මෝසම් වැසි ආරම්භ වූ පසු, මුදවාගැනීමේ මෙහෙයුම් වඩාත් අපහසු වනු ඇති බව සියල්ලෝ දනිති. මේ අතර, මෙහෙයුම් පහසු කිරීමේ අරමුණින් සිය ගණනක පිරිසක් ලෙන පිටත සිට සිය සහය ලබා දෙති. ලෙනට පිවිසෙන මාර්ගයේ මඩ මතට බොරළු දැමීමට මාර්ග ඉංජිනේරුවන් කටයුතු කරමින් සිටින අතර, සියලු දෙනා සඳහා උණුසුම් ආහාර සැපයීමට තායි රාජකීය මුළුතැන්ගේ සේවකයන් කටයුතු කරමින් සිටී. ඒ අතර, ස්වේච්ඡා සේවකයන් වතුර බෝතල් සහ අයිස්පලම් බෙදා හරිනු ලබයි.

_102390706__102389189_mediaitem102389188.jpg


සියලු දෙනා සඳහා උණුසුම් ආහාර සැපයීමට තායි රාජකීය මුළුතැන්ගේ සේවකයෝ කටයුතු කරමින් සිටිති.


මෙම ක්‍රියාන්විතයට සහය දක්වන එක් ස්වේච්ඡා සේවකයකු පැවසුවේ, ලෙන තුළ සිටින දරුවන් පෞද්ගලිකව නොදන්නා නමුත්, "ඔවුන් මාගේ සොහොයුරන් ලෙස සලකා උදව් කරනවා" යනුවෙනි.

20180704_Thailand_cave_rescue_tunnel_explainerNEW_780.png







_102390707__102380738_thai_cave_detailed_mapv2_976-nc.png











bbc-blocks-dark.png
 
Last edited:

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අම්මට සිරි වෙනවා, මුන්ට එන්න බැරි උනොත් වැස්සට කලින් සොරිම තමයි :sorry::sorry:
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,854
    6,989
    113
    අපේ දිහෑ
    පිස්සු ගේමක්නෙ දෙන්නෙ...
    අවුලක් නැතුව ළමයි එලියට ගන්නපුලුවන් වෙයි
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එහෙම තමා කලින් හිතුවේ. හැබැයි හැම සීසං එකකටම පස්සේ උමන් මාර්ග වෙනස් වෙන සීන් එකක් තියෙන්නේ. මුන් ආපු පාර සම්පූර්ණයෙන් වැහෙන්නත් පුළුවන්. ඒ වගේම දැනට හුස්ම ගන්න හුලන් එන තැන් වහෙන්නත් පුළුවන්. කොහොම හරි එලියට ගැනීම හැර වෙන විකල්පයක් නැති සීන් එකක් තියෙන්නේ.





    මාස 4 ඉන්න වෙනවා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,197
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකපාරක් ඔහොම හිරවුන පතලක සෙට් එකක් කැප්සියුල් එකකින් පිටට ගත්ත..... කන්ද උඩ ඉදලා කිලෝමීටරයක් හාරගත්තොත් තමයි ඉතින්.......:dull: