
අනේ මන්ද බන් ඉස්කෝලේ මුන්ට උගන්වන් නැද්ද ?ඉගෙනගන් නැද්ද කියලා. සමහර විෂයන්වල මුළු වාරෙටම පොත්වල ලියල තියෙන්නේ පිටුවයි දෙකයි.
තව ළමයි කීපදෙනකුගේ බැලුවමත් එහෙමයි. ළමයි ලකුණු අඩුවෙන් ගත්තම පන්ති බාර ටීචර්ලා දෙමව්පියෝ ගෙන්නනවා රිපෝර්ට් දෙන්න.අනිත් ළමයි ඉස්සරහ අඩු ලකුණු ගත්ත ළමයට පාච්චල් කරනවා.දෙමව් පියන්ගෙන් අහනවා දුර්වල විෂයන්ට පන්ති යවන්නේ නැද්ද කියල.මේ වාරේ ලකුණු 24 ගත්ත දරුවා රු.1500/=ටියුෂන් පන්තියට ගිහින් ඊළඟ වාරේ 80 ත් පන්නල ගන්නවා. එතකොට දුර්වල ළමයද?ගුරුවරය ද?අර ලකුණු 24 ගත්ත වාරේ හැමෝම අමාරුයි කියන ඉංග්‍රීසි වලට අර ගුරුවරයා පාච්චල් කරලා කතාකරන ළමයා ලකුණු 90 කට එහා ගන්නවා.එතකොට දුර්වල ළමයෙක් නම් එහෙම ලකුණු ගන්න පුලුවන්ද ?මේවා බොරු නෙමෙයි.සත්‍ය ජීවන අත්දැකීම්.මුන්ගේ රෙදි ගැලවෙන්න ඉතින් කතා කරන්න පුළුවන්.එහෙම වුනාම දරුවන්ගෙන් පලි ගන්න නිසා දෙමව්පියන් කටවහන් අහගෙන ඉන්නවා.දැන්නම් ඉස්කෝලවල අධ්‍යාපනය කියල බොරුව කරන්නේ බන්. 


මචන් උබ කියන විදියට වෙලා නම් සින් එක ටිකක් අවුල් වගේ



, වාරෙටම කොළ දෙකයි ලියල තියෙන්නේ කියන්නේ එක්කෝ ළමය ලියාගෙන නැහැ නැතිනම් ගුරුවරු උගන්වලා නැහැ

, අනිවා කොතන හරි වරදක් තියෙනව. ළමයි ටියුෂන් ගෙන්න ගන්න දගලනවානම්, එහෙම නැතිනම් ටියුෂන් යවන්න හේතු වෙන විදියේ දේවල් කරනවනම් මචන් එකත මොකක් හරි අවුලක් තියෙනවා. අවුලකුත් නෙමෙයි ගුරුවරයා වැරදි


.
මන් කතාකරන්නේ අපි ඉස්කෝලේ යන කාලේ උන්න ගුරුවරු ගැනයි මචන්, අවන්කවම එයාලානම් අපිට ඉගැන්නුවා, පොත් පිරෙන්න ලියාගන්න නෝට්ස් දුන්න, නොතේරෙන දේවල් කියලත් දුන්න, වාර විභාග වලට කලින් ආදර්ශ ප්‍රශ්න පත්තරත් සාකච්චා කළා, සමහර ගුරුවරු හවස පන්තිත් කළා හැබැයි ඔය කොච්චර මොක කලත් ඉගෙන ගනන උනන්දුව නැති උන් කට්ටි පැන පැන ඉදල විභාග කෙලවගත්ත, සමහරු හැමදේටම ඇවිත් හැමදේම කලත් විභාගෙදි හිතපු තරම් ප්‍රතිපල ගත්තේ නෑ, සමහරු විභාගත් ගොඩ දාගත්ත ස්පෝර්ට්ස් ඉවෙන්ට් එකකුත් කරන ගමන්ම, තවත් සමහරු හොදටම විභාග කරගෙන හොද තැන්වල, තව සමහරු ඉගෙනගන්න ගමන් පිස්සුත් කෙලලා සේරම ගොඩ දාගත්ත, මන් හිතන්නේ තවම ඔය මන් කියපු විදියේ කාණ්ඩ වලට අයිති උන් හැම ඉස්කොලේකම හැම වසරකම ඉන්නවා.
ගුරුවරු, ඉගෙනගන්න ලමයින් වගේම දෙමව්පියන්ගෙත් වගකීමක් තියෙනවා මචන් තමන්ගේ දරුවාන ගැන හොයල බලන්න, නිතර හෙවිල්ලෙන් ඉන්න වෙනවා. ළමයාගේ ලකුණු අඩු උනහම අම්මලා තාත්තල කොහොම හරි වියදම් කරලා පන්ති යවනවා, එහෙම පන්ති යනකොට එයාල ළමයි ඒ ඒ දවසේ කරපුව පාඩම් කරනව. දෙමවුපියෝ පොතුත් බලනවා එහෙම උනොත් ළමයටත් වෙන ඔප්ෂන් එකක් නෑ වැඩ ටික කරනවා ඇරෙන්න. එතකොට ඊලග වාර විභාගෙදි ලකුණු හොදට ගන්නවා, ඔන්න ඔහොම වෙන්නත් පුළුවන් මචන්. ඉස්කෝලේ හරියට උගන්වන්නේ නැතිද කියලත් අහුවෙනව දෙමවුපියෝ ළමයින්ගේ පොත් දවස ගානේ වගේ බලනවානම්, මොකද දවස් 3 ක් 4 කටම එක පිටුවක් වත් ලියල නැතිනම්, එහෙම උනහම ඉතින් දෙමව්පියෝ විදියට අඩුම ගැනේ ඉස්කෝලෙට ගිහින් බලන්න ඕනේ ඇයි මොකද මේ වෙලා තියෙන්නේ? ළමයට උගන්වලා නැතිද එහෙම නැතිනම් ළමය පන්තියේ ඉදල නැතිද? නැතිනම් වෙන මොකක් හරි දෙයක්ද කියල.

