ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පොත් බෙදා දිම පස්වන අදියරෙ(2019) නිමාව....
Reply
 
Thread Tools
(#1)
Old
rox2030's Avatar
rox2030 rox2030 is offline
Senior Member
rox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to behold
 
Posts: 8,809
Join Date: Oct 2010
Location: elakiri pot එක - කාමරේ
පොත් බෙදා දිම පස්වන අදියරෙ(2019) නිමාව.... - 01-23-2019, 02:09 AM

අසනිප තත්වය හෙතුවෙන් ත්‍රෙඩ් එක දැමිමට පරක්කු විම පිළිබදව කනගාටු වෙනවා මුලින්ම. එහෙනම් කිරියෙ හැමොහෙම මහන්සියෙ ප්‍රථිපලය මෙසෙ දිග හරින්නම්.

එලකිරියෙ සමාජිකයන්ගෙ මුලිකත්වයෙන් සහ අනෙක් අයගෙ උපකාරයෙන් අපිට පුලුවන් උනා 5 වෙනි වතාවටත් පොත් බෙදාදිමෙ වැඩපිලිවෙලක් සාර්තකව අවසන් කරන්නට.

ඉතින්, කලින් හතර වතාවෙ වගෙම මෙ පාරත් ගොඩක් හොදට කරන්න තමයි අපි සැලසුම් කරෙ.

මුලික විදිහට අපිට ලැබුණු පාසල් කිහිපයක් අතරින් එක පාසලක් තොර ගන්න උනා. අපි පාසල් කිහිපයක් බලන්නත් ගියා. ඉතින් අපිට ලැබුන පාසල් කිහිපය අතරින් අපි තොර ගත්තෙ අනුරාධපුර දිස්ත්‍රික්කයෙ පේමඩුව ගමෙ පිහිටි රාහුල පාසලයි.






අපිට මෙ පාසල ගැන කිව්වෙ අපෙම සාමජිකයෙක්. ඉතින් අපි එ යාලුවාගෙන් පාසලෙ විස්තර ටිකක් අහ ගත්තා. පසුව මම නි. විදුහල්පතිනියත් සමග සම්බන්ද වෙලා වැඩි විස්තර දැන ගත්තා.


ඉතින් යාලුවනේ මේ පාසලේ පහසුකම් අඩුවුනාට මේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්. ඉන්න ගුරුවරු කිහිපදෙනා සහ විදුහල්පති තුමා බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්.



ඉතින් අපි පාසලත් එක්ක දුරකතනයෙන් සම්බන්ද උනා. අපිට පාසලෙ තිබෙන සියලු අඩු පාඩු සදහන් කරන්න කිව්වා. එතකොට අපිට පුලුවන් එ අඩුපාඩු වලින් උපරිම ප්‍රමානයක් ලභා දෙන්න.


පොත් බෙදන වැඩෙ වෙන දවස වෙනකම්ම නි. විදුහල්පතිනියත් සමග සම්බන්ද වෙමින් විස්තර කතා කරා. වෙනදා වගෙම පාසලට සිග්නල් නොමැති ගැටලුවක් තිබෙන නිසා මට ලොකු ප්‍රශ්නයක් උනා. සමහර දවස් වල පාන්දර වගෙ වෙද්දි තමයි අවශ්ය විස්තර ලැබෙන්නෙ. අන්තර්ජාල පහසුකම් අඩු නිසා ඔක්කොම විස්තර ටික ලියාගන්න උනා.

ඔන්න ඉතින් පාසලෙන් ලොකු ලිස්ට් එකක් ලැබුනා. ඊට පස්සෙ එලකිරියෙ එ සම්බන්දව ත්‍රෙඩ් එකක් දැම්මා කට්ටියගෙන්ම උපකාර ලභා දෙන්න කියලා.



මෙන්න එ ප්‍රදාන ත්‍රෙඩ් එක.

http://www.elakiri.com/forum/showthread.php?t=1871874



ඔන්න ඉතින් අපෙ අය පොත්පත් භාර ගත්තා. ටික දවසක් යද්දි පොත් එකතු කරන තැන් බඩු වලින් පිරෙන්න ගත්තා. සමහර අය තැපැලෙන් බඩු එව්වා. අනික අපෙ එලකිරි අයට දැන් පොත් ත්‍රෙඩ් එක මතකයි. එක නිසා අපිට පහසුවක් උනා.


මම වගෙම අපෙ කිරියෙ ගොඩක් අයත් එයාලගෙ යහලුවන්ට මෙ ගැන කියලා තිබුනා. ඉතින් එයාලත් අපිට උදවු කරා. සමහරු මුදල් වලින් උදවුකරා. කලින් වතාවෙ පොත් වැඩෙට සම්බන්ද උන සියලුම දෙනා මෙකටත් සම්බන්ද උනා. එක අපිට ලොකු ශක්තියක් උනා.

පොත් පත් භාර දෙන්න කැමති අයව, එයාලට පහසුම ලගම පොත් එකතු කරන තැනට යොමු කරා. අපෙ සමහර යාලුවො අපෙ ගෙදරට ඇවිල්ල බඩු භාර දුන්නා. අපෙ පිටරට ඉන්න යාලුවොත් අපිට ගොඩක් උපකාර කරා. මම යවපු හැම PM එකකටම රිප්ලයි කරලා තිබුනා.


අපෙ කට්ටිය එයලගෙ ඔෆිස් වලට, ක්ලිනික් වලට, ගෙවල් වලට, ක්ලාස් වලට, කඩවල් වලට, බැංකු වලට වගෙ එක එක තැන් වලට පොත් පත් එකතු කරලා තිබුනා.

වෙනදා වගෙ නෙවෙයි මෙ පාර මම ලෙඩ උනා. ඩොක්ටර් කිව්වෙ නම් බඩෙ ගැස් ඇවිල්ල කියලා. හරියටම කිව්වොත් ජනවාරි 1 වෙනිදා. ජනවාරි 4 වෙනිදා වෙනකන් මම හිටියෙ ඇදෙ. හොස්පිටල් ඇඩ්මිට් උනොත් පොත් බෙදන එකට යන්න වෙන්නෙ නැති නිසා බෙහෙත් අරගෙන ගෙදරට වෙලා හිටියා.

ඉතින් වෙනදා මමම ගිහින් පොත් එකතු කරන් එන වැඩෙ මෙ පාර කරෙ මගෙ යහලුවන් පිරිසක්. මම එ අයව පිටත් කරලා බොහොමයක් පොත් ගෙදරට ගෙන්න ගත්තා. අනෙක් පොත් ටික වෙනදා වගෙම මමම අරගෙන ආවා.

ඔන්න ඔහොම ගෙදරට පොත් එකටු උනා. එවා පෙටිටි වලට දාල වෙන් කරා. එතකොට අපිට පහසු නිසා. පට්ට මහන්සියක් එනවා වැඩ කරද්දි එ වෙලාවෙ. එතකොට කරන්නෙ ටිකක් හාන්සි වෙලා ඉදලා ආපහු තව ටිකක් පෙට්ටි වලට දාපු එක. බෙහෙත් නිසා තොල කට වෙලිලා.



අපිට ගොඩාක් එලකිරියෙ අය උදවු කරා. ඔයාලා නැත්නම් අපිට මෙක මෙච්චර හොදට කරගන්න වෙන්නෙ නැහැ යාලුවනෙ. එක මම මතක් කරන්නම ඔනෙ. කිරියෙ අය එකාවගෙ අපිට උදවු කරා. එයාලගෙ කාලය කැප කරමින් පොත් අරන් දෙන්න මහන්සි උනා.

අපිට වැඩෙ සාර්ථක කර ගන්න උදවු කරපු අපෙ කිරියෙ සහ අනෙක් යාලුවො සියළු දෙනාවම අදරෙන් මතක් කරනවා.


(හැමොම අපිට උදවු කරා. මම නම් වශයෙන් මතක් නොකරන්නෙ, හදිස්සියෙන් හරි නමක් අමතක උනොත් කියලා.)

Last edited by rox2030; 01-23-2019 at 02:15 AM.
Reply With Quote
(#2)
Old
rox2030's Avatar
rox2030 rox2030 is offline
Senior Member
rox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to behold
 
Posts: 8,809
Join Date: Oct 2010
Location: elakiri pot එක - කාමරේ
01-23-2019, 02:09 AM



ඔන්න ඉතින් 5 වෙනිදා උදෙ 6 ට වගෙ බස් එක ආවා. කොහොම හරි ඔක්කොම ටික පැක් කරල අපි 7ට වගෙ පිට උනා.


අපි යන ගමන් සියා කෙනෙක් සහ ආච්චි කෙනෙක් කරන කොළ කැද කඩයකින් කොළකැද බිව්වා.

උදේට අපි කන්න ලැස්ති කරන් ආවෙ සිනි සම්බල් සමග පාන්. අනෙක් අය එවා රස කර කර කද්දි මට කන්න බොන්න දුන්නෙ කොමඩු, තැඹිලි වතුර සහ පසුව යොගට්.



අපෙ මුලින්ම ගියෙ නුවර දලදා මාලිගාවට.

ඊට පස්සෙ පොත් එකතු කරපු යෙහෙලියගෙ නිවසට. අපි එහෙට යද්දි විජෙ ඇවිල්ලා එයගෙ පොත් මලු ටිකත් අරගෙන. අපෙ දිවා ආහාරය ලැස්ති කරලා තිබුනෙ මෙ ගෙදර.


එහෙ ගිහින් දවල්ට කාලා එකතු වෙලා තිබුනු පොත් හා අනෙකුත් දෙවල් අරගෙන අපි අනුරාධපුරය බලා පිටත් උනා.


අපෙ රාත්‍රි නවාතැන්පල උනෙ DJ ලගෙ නිවසක්. දැන් DJ ලගෙ අය එ ගෙදර නැති නිසා වහලා තියෙන්නෙ. මාත් එක්ක නවතින තැන ගැන කතා කරද්දි DJ දවසක් ඇහුවා ගෙදර තියෙන්නෙ කාමර 2යි කමක් නැද්ද කියලා. මම කිව්වෙ අපෙ සෙට් එකට බිම උනත් නිදා ගන්න පුලුවන් කිසි අවුලක් නැහැ කියලා.පොත් ටික පැක් කරන්න පොඩි ඉඩක් ලැබුනොත් ඇති කියලා.




ඔන්න අපෙ අය වොශ් එකක් දාගෙන ඇවිල්ලා පොත් ටික පැක් කරන්න ගත්තා.










එ අතරෙ DJ ආවා. කට්ටියම පලවෙනි වතාවට DJ ව අදුන ගත්තා. පට්ට කොල්ලෙක් තමයි DJ. මිනිහා ආවෙ නිසක්න් නෙවෙයි. අපිට රැට කැම එක්ක. කොටින්ම කිව්වොත් කඩයක් දාන්න පුලුවන් කැම ටිකක් අරන් ආවෙ.

ඉතින් කට්ටිය රැට කාලා පාන්දර 3 වගෙ වෙනකන් පැක් කරා ලස්සනට. කවුරුත් නිදා ගත්තෙ නැහැ එක්කෙනෙක් හැර.








අපෙ ඊලග දවස වෙන් කරලා තිබුනෙ අටමස්ථාන වගෙම අනුරදපුර නගරයෙ අසිරිය විදින්න.

ඉතින් අපි උදෙන්ම නැගිටලා මිහින්තලය ඇතුළු අටමස්ථාන වැද ගත්තා.


























පාසල් යන පොඩි දරුවෙක් සිටින අම්ම කෙනෙකුටත් අපි පොත් පාර්සලයක් ලබා දුන්නා.





එ අතරෙ අපිට හම්බ උනා එලකිරි තවත් යාහලුවෙක්. මිනිහා K.සිරා. අපි ඉතින් මිහින්තලෙ ගිහිපු වෙලාවෙ එයලගෙ ගෙදරටත් ගොඩ උනා. එයාලගෙ තාත්තා අපෙ නම් අහනකොට කට්ටියා එක එක්කෙනාගෙ මුනවල් බලනවා. හෙතුව දන්නවනෙ.

ඔන්න කොහොම හරි අපි ගියා වැවකට නාන්න.













නාලා ඉවර වෙලා අපි ගියා K.සිරා ලගෙ ඉරිගු හෙනට. කරල් ටිය ලස්සනට පැහිලා. එයාලා නම් කිව්වෙ දැන් කරල් කඩන කාලෙ කියලා. වල් අලියාගෙන් තමා බෙර ගන්න අමාරු කියලා කිව්වෙ.














අපි යද්දි කට්ටිය අපි වෙනුවෙන් ඉරිගු කරල් 80ක් වගෙ තම්බන්න පටන් අරගෙන. සමහර එවා පුච්චන්න පටන් අරගෙන.









එ අතරෙ අපෙ අය අලින්ගෙන් අරක්සා වන්න හදපු පැලට නගින්න ගත්තා.








ඔන්න ඉතින් තම්බපු ඉරිගු වගෙම, පුච්චපු ඉරිගුත් කට්ටියම ර්ස බලන්න ගත්තා.


ඔක්කොම වැඩ ටික ඉවරකරලා අපි 7.30 වට ගෙ බස් එකට ආවා. එද්දි නම් අපෙ අය බයෙන් ආවෙ වල් අලි කෙස් එක නිසා.


අපෙ දෙවැනි දවසෙ නවාතැන්පල උනෙ පාසල කිට්ටුව නිවසක්. ඉතින් කට්ටියම රාත්‍රි අහාරය DJ ලගෙ නිවසින් අරගෙන අපෙ නවාතැන්පල බලා පිටත් උනා.


කට්ටියටම හොදටම මහන්සි නිසා ඉක්මනට නිදා ගත්තා. මොකද පහුවෙනිදා තමයි පොත් බෙදන දවස. සමහරු නම් ඇහැරිලා කොල් වල හිටියෙ.

Last edited by rox2030; 01-23-2019 at 02:30 AM.
Reply With Quote
(#3)
Old
rox2030's Avatar
rox2030 rox2030 is offline
Senior Member
rox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to behold
 
Posts: 8,809
Join Date: Oct 2010
Location: elakiri pot එක - කාමරේ
01-23-2019, 02:09 AM




ඔන්න ඉතින් කට්ටියම උදෙ ලැස්ති උනා. අපිට උදෙ කැම DJ ලගෙ නිවසින් තමයි සුදානම් කරලා තිබුනෙ. කට්ටිය උදෙට කාලා පාසල බලා පිටත් උනා.

අලි ප්‍රස්නයට පාසලට යන හරියෙ පාර වහලා උද්ගොශනයක් කියලා පාසලෙන් අපිට පනිවිඩයක් අවා. එක නිසා අපිට පාසලට යන්න සිදු උනෙ දුර පාරකින්.



ඔන්න ඉතින් අපි ස්කොලෙ කිට්ටුවටම ආවා. ස්කොලෙට ටික දුරක් තියලා අපි කට්ටිය ලැස්ති උනා.


අපි යනකොට ලමයිනපිව පිලිගන්න සූදානම් කරලාහිටියෙ. අම්මලා තාත්තලත් ඇවිල්ලා හිටියා.












අපිට තෙ මෙසයක් ලැස්ති කරලා කියලා විදුහල්පති තුමා කිවා. තෙ ටිකක් බිලම ඉදිරි වැඩ ටික කරමු කිව්වා.





එ අතරෙ අපෙ යාලුවො, අම්මලා සහ තාත්තලා කිහිප දෙනෙක් අපි ගෙනාපු බඩු බස් එකෙන් එලියට ගන්නවා.












අපි එ ටික පිලිවෙලට සකස් කරා.























ඔන්න ඉතින් අපි තෙ ටික බිලා ආවා. පාසලෙ මල්ලි කෙනෙක් උත්සව සභාව අරම්භ කරා,








විදුහල්පතිතුමා අපිව සදරයෙන් පිලිගනිමින් කතාවක් කරා.





අපෙ සහොදරයෙක් පොඩි කතාවත් සිද්ද කරා. එහිදි එලකිරි.කොම් කියන්නෙ කුමක්ද?, එලකිරි පොත් බෙදාදිමෙ වැඩපිලිවෙල සහ එයට උපකාර කල සියලු දෙනාවම මතක් කරා.
ඉගෙනිමෙ වැදගත්කම වගෙම අන්තර්ජාල භාවිතාව ගැනත් පොඩි හැදින්විමක් සිදුකරා.







2019, O/L විභාගය ලියන්නට සිටින පාසලෙ හොදම දරුවගෙ ඉදිරි අද්‍යාපන වියදම් දරන්නට අපෙ සාමජිකයින් පොරොන්දු උනා.

එ වගෙම 2018 OL හොදම ප්‍රතිපල ලැබෙන දරුවගෙත් ඉදිරි අද්‍යාපන වියදම් දරන්නට අපෙ සාමජිකයින් පොරොන්දු උනා.



පාසලෙ නංගිලා දෙන්නෙක් ලස්සනට සිංදුවක් ගායනා කරා.









නි. විදුහල්පතිනියත් ඉතා හැගුම්බර කතාවක් කරා. ඇත්තටම එතුමිය අපිවත් හොදින් රැකබලා ගත්තා අපි හිටපු දවස් 3 තුල. අපෙ අවශ්යතා හා උවමනා ගැන නිතරම සැලකිලිමත් උනා අපෙම අම්මා කෙනෙක් වගෙ. විශ්‍රාම යන්නට මත්තෙන් පාසලට මෙවැනි දෙයක් ලභා දිමට හැකිවිම පිලිබදව එතුමිය එලකිරි සාමාජිකයින්ට ස්තුති කරා.





දෙමාපියන් වෙනුවෙන් තාත්තා කෙනෙක් කෙටි හැදින්විමක් සිදු කරා.






අපි පොත් කට්ටලය දිරාපත් වෙන කවරයක තමයි දැම්මෙ. පරිසර හිතකාමි නිසා. වසරින් වසර වෙන වෙනම අපි එවා පැක් කරගෙන අරන් ගියෙ.


මුලින්ම 1 වසරෙ සිට අවසානයට 10 වසර දක්වා ළමයින්ට පොත් ලබා දුන්නා.

























































පාසලට රැගෙන ගිය දෙවල් වලින් සංකෙතාත්මකව අපි විදුහල්පතිතුමාට පිලිගැන්වුවා.







































ඊට පස්සෙ අපිට පාසලෙන් සුදානම් කරලා තිබුන දිවා ආහාරය ගැනිමට ගියා.







පසුව විදුහල්පතිතුම සහ ගුරු මන්ඩලය සමග අපි ඡායාරුපයකට පෙනි හිටියා.





ගුරුවරුන්, දෙමවුපියන් සමග කතා කොට අපි නැවත කොළඹ බලා ගමන් ආරම්භ කරා.




ඉතින් යාලුවනෙ..... ඔන්න ඔහොමයි වැඩෙ සිද්ද උනෙ. මම හොදට ලියන්න නම් දන්නෙ නැහැ. පුලුවන් විදිහට ලිව්වෙ. අපෙ අනෙක් අයත් තව පොටො දමයි. ගොඩාක් වෙලාව ගියා ලියන්න.





පුංචි මල් කැකුළු පුබුදුවන්න, එයාලගෙ අනාගතයට රුකුලක් වෙන්න සහයොගය දිපු අපෙම කිරියෙ අයට කිරිය වෙනුවෙන් මම ගොඩක් ස්තුති වෙනවා.





අපි පාර්සලෙ දුන්න ගමන්ම පොඩි පැටවු එක ලිහලා බලද්දි එයාලගෙ මුනට ආව සතුට දැක්කම අපිටත් කදුලු ආවා වගෙ උනා. එ වෙලාව එ තරම්ම මිහිරියි.


අපිව පහසුකම් දිලා අපිව එයාලගෙම පුතාල වගෙ බලාගත්තු DJ සහ එයලගෙ පවුලෙ අයව කිරිය වෙනුවෙන් මම නැවතත් මතක් කරනවා. අපෙන් ගිලිහි යන මනුස්සකම තවමත් මිනිසුන් අතර තිබෙන බව ඔවුන්ගෙ ක්‍රියාවෙන් අපෙ යහලුවන් සැම දෙනාටම සිතුනි.

මෙ සියලුම ක්‍රියාවෙ ගෞරවය අපෙ කිරියෙ හැම දෙනාටම අයිතියි.

නැවතත් ඔයාලා හැමොටම ගොඩක් පින්.

අපි ආයෙමත් හමුවෙමු 6 වන අදියරෙන්.

කිරියෙ හැමොටම ජය වෙවා...






Last edited by rox2030; 01-23-2019 at 02:51 AM.
Reply With Quote
(#4)
Old
rox2030's Avatar
rox2030 rox2030 is offline
Senior Member
rox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to behold
 
Posts: 8,809
Join Date: Oct 2010
Location: elakiri pot එක - කාමරේ
01-23-2019, 02:10 AM

Randoms....



























Last edited by rox2030; 01-23-2019 at 02:54 AM.
Reply With Quote
(#5)
Old
rox2030's Avatar
rox2030 rox2030 is offline
Senior Member
rox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to behold
 
Posts: 8,809
Join Date: Oct 2010
Location: elakiri pot එක - කාමරේ
01-23-2019, 03:03 AM

Received
Reply With Quote
(#6)
Old
sadamol buwa's Avatar
sadamol buwa sadamol buwa is offline
Senior Member
sadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to behold
 
Posts: 14,228
Join Date: Mar 2016
Location: නෙතූෂි අක්කි ගාව
01-23-2019, 03:12 AM

දාලා දාලා.... අපි හිතුවා උඹ මැරිලද දන්නෑ කියලා... මැසේජ් එකකටවත් රිප්ලයි නෑනේ.... මහරෑ ඇහැරගෙන් ඉන්නැතිව නිදාගනින්.. ඔය ලෙඩේ ඉක්මනට හොඳවෙන්න...
Reply With Quote
(#7)
Old
rox2030's Avatar
rox2030 rox2030 is offline
Senior Member
rox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to beholdrox2030 is a splendid one to behold
 
Posts: 8,809
Join Date: Oct 2010
Location: elakiri pot එක - කාමරේ
01-23-2019, 03:27 AM

Quote:
Originally Posted by sadamol buwa View Post
දාලා දාලා.... අපි හිතුවා උඹ මැරිලද දන්නෑ කියලා... මැසේජ් එකකටවත් රිප්ලයි නෑනේ.... මහරෑ ඇහැරගෙන් ඉන්නැතිව නිදාගනින්.. ඔය ලෙඩේ ඉක්මනට හොඳවෙන්න...



ow saho.. epa wela hitiye. den nam tikak ok. ehenam mama nidi hode... gnt
Reply With Quote
(#8)
Old
sadamol buwa's Avatar
sadamol buwa sadamol buwa is offline
Senior Member
sadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to beholdsadamol buwa is a splendid one to behold
 
Posts: 14,228
Join Date: Mar 2016
Location: නෙතූෂි අක්කි ගාව
01-23-2019, 03:32 AM

Quote:
Originally Posted by rox2030 View Post
ow saho.. epa wela hitiye. den nam tikak ok. ehenam mama nidi hode... gnt
එල එල නිදියපං.... ලඟදිම හම්ඛෙමු...
Reply With Quote
(#9)
Old
lakshane251's Avatar
lakshane251 lakshane251 is offline
Senior Member
lakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of lightlakshane251 is a glorious beacon of light
 
Posts: 2,189
Join Date: Apr 2009
Location: උබල එන්නද ?
Send a message via Skype™ to lakshane251
01-23-2019, 07:23 AM

Ekath hari
Reply With Quote
(#10)
Old
harindugamlath's Avatar
harindugamlath harindugamlath is online now
Senior Member
harindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to all
 
Posts: 25,256
Join Date: Dec 2008
01-23-2019, 07:35 AM

Elakiri.... Dote sita oba amathami.
Reply With Quote
Reply

Bookmarks

Tags
! පින් හැමෝටම, book donation, niyama wadak

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06070 seconds with 10 queries