කුරුස යුද්ධයේ සටන්කරුවෝ_ටූටෝනික් නයිට්ව&

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කුරුස යුද්ධයේ සටන්කරුවෝ_ටූටෝනික් නයිට්ව&

    කුරුස යුද්ධයේ සටන්කරුවෝ - ටූටෝනික් නයිට්වරු

    ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයෝ ඔක්කොටම,

    කුරුස යුද්ධය,ලෝක ඉතිහාසයේ ලියවුනු වඩාත් අඳුරු කාල පරිච්ඡේදයක් කීවොත් මම නිවැරදියි.
    ඒ වගේම තමයි අදටත් ලෝකයේ ගැටුම් රාශියකට මුල පිරුණු අතිශයින් සංකීර්ණ සිදුවීම් දාමයක් තමයි කුරුස යුද්ධ කියන්නේ.
    කුරුස යුද්ධ ඉතිහාසය කියන්නේ ශතවර්ෂ ගණනක් පුරාවට විහිදුනු යුධමය, දේශපාලනික, ආගමික, ආක්‍රමණ, සංක්‍රමණ,
    වෙළඳ සම්බන්ධතා රාශියක් ඇති වුනු සහ නැති වුනු පොදුවේ ලෝකයේම සමාජයීය ගමන් මග වෙනස් වුනු සිදුවීම් රාශියක් හා බැඳුනු අතිශයින් සංකීර්ණ ඉතිහාස වෘතාන්තයක්.

    ඉතින් මේ අඳුරු ඉතිහාසයේ එක් කොටස්කරුවන් පිරිසක් පිලිබඳ සංක්ෂිප්ත කරුණු අඩංගු ඉතිහාස හූයක් තමයි අද මම ඔබට ඉදිරිපත් කරන්නේ.

    OVMqfw2.jpg


    කුරුස යුද්ධය

    ක්‍රි:ව ආරම්භයේදී මෙලොව පහල වුනු ජේසුස් නම් ජුදා ශාස්තෘවරයාගේ මරණයත් සමගම රෝමානු කතෝලික ධර්මයේ ආරම්භය සිදුවනවා.
    ඊට පෙර ජුදා සමාජයේ පැවතුනේ ජුදා ආගමයි.
    මේ සමයේ ඊශ්‍රායලය ඇතුළු මධ්‍යධරණී භුමිය, උතුරු අප්‍රිකානු භුමිය,මධ්‍යම, නැගෙනහිර,බටහිර යුරෝපයේ කොටස් පාලනය කෙරුනේ රෝමානු අධිරාජ්‍යය විසිනි.
    ජේසුස් වහන්සේ කුරුසපත් කිරීමෙන් අනතුරුව ඔහුගේ ශ්‍රාවකයන් විසින් රෝම අධිරාජ්‍යයේ සෑම අස්සක් මුල්ලක් ඔස්සේම ජේසුස් දේශනාකළ ධර්මය රැගෙන යනවා.
    මෙසේ යුරෝපයට කතෝලික ආගම අවශෝෂණය වීම සිදුවනවා.
    ඉන්පසු යුරෝපයේ කතෝලික ධර්මය වෙනස්කම් වලට භාජනය වෙමින් එහි මුල්බැස ගන්නා අතර,
    කාලයත් සමගම යුරෝපියන් ඊශ්‍රායලය සහ මැදපෙරදිගට ආගමික වන්දනා සහ වෙළඳාම මුලික කරගත් සංචාර සිදුකරනු ලබනවා.
    මේ ඔස්සේ ආසියානුවන් උරුමකරගත් දැනුම,තාක්ෂනය,වෛද්‍යය විද්‍යාව වැනි සංකල්පත්,
    වෙළඳාම නිසා විශාල ධන සම්භාරයකුත් උරුමකරගන්නා යුරෝපියෝ ක්‍රමයෙන් දියුණු රාජ්‍යත්වයක් කරා යොමුවෙනවා.
    ඒ සමගම යුරෝපය තුල අනවරත බල අරගලද නිර්මාණය වන නමුත් මේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය කරමින්
    ක්‍රි:ව 05 සියවසේ අග භාගයේදී මුහම්මද් නබි (Holy Prophet ) මැදපෙරදිග උපත ලබනවා.
    ඒ සමගින් මුළුමහත් මැදපෙරදිග භුමිය තුල සීඝ්‍රයෙන් ඉස්ලාම් ධර්මය පැතිරෙන අතර,
    ක්‍රි: ව පළමු සහශ්‍රකය ( 1000 AD ) වනවිට මුළු මැදපෙරදිග භූමියම ඉස්ලාමයේ ආධිපත්‍යයට යටත් වෙනවා.

    YTDOqFl.jpg

    ඉස්ලාම් යනු වඩාත් නුතන ආගමක් සහ ව්‍යාප්තවාදී ලබ්ධියක්ද දේ.


    මේ සමගින් යුරෝපිය සංචාරකයන්ට සහ වෙළඳුන්ට විවිධ බාධා සහ විරුද්ධතා එල්ල වීමත් සමග,
    යුරෝපය එකපෙළකට එක්ව ඉස්ලාම් ආධිපත්‍යයෙන් ජෙරුසලම මුදාගැනීම අරභයා කුරුස යුද්ධ ආරම්භ වෙනවා.
    සරලවම කුරුස යුද්ධ වල ආරම්භය මෙසේ වුවත් කුරුස යුද්ධ වලට දිය හැකි නිවැරදිම අර්ථකථනය මෙය නොවේ.
    එය සංකීර්ණ ආක්‍රමණ, යුධ, වෙළඳ සහ දේශපාලනික ගැටුම් රාශියක් මිශ්‍ර වුනු සියවස් 02 කිට්ටු කාලයක් පුරාවට දිවුණු සිද්ධි දාමයකි.

    ZK9bICe.jpg



    ටූටොන් වරු , ශු.රෝම අධිරාජ්‍යය, කුරුස යුද්ධ , ටූටෝනික් නයිට්වරු සහ ඔවුන්ගේ ඉතිහාසය - වර්තමානය

    මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමත් සමග පැමිණි Windows 98 OS හරහා නොමිලේ ලබා දුන් පරිඝනක ක්‍රීඩාවක් ඔබ යම් කෙනෙකුට මතකද ?
    Age of empires...පසුව මෙහි ඊළඟ අදියරයන් Age of empires 2, Age of Kings, Age of conquer ආදී වශයෙන් එළිදැක්විණි.

    Ab6znr5.jpg

    Age of empires 2


    ඒ පරිඝනක ක්‍රීඩා මාලාව නිර්මාණය කර ඇත්තේ සැබෑ ඉතිහාස කරුණු පාදක කරගෙනයි.
    එනම් විවිධ ජාතින් සහ ඔවුන්ට අනන්‍ය වූ ගෘහ නිර්මාණය, පාලකයන් සහ නායකයන්,
    සටන්කරුවන්,ආදී ලෙසයි.
    උදාහරණ ලෙස සැරසන් වරුන්ගේ ආවේනික සටන්කරුවන් - මම්ලෙක් වරු ( Mamluk ), එංගලන්තයේ - දිගු දුනුවායන් ( Longbowman ),
    බයිසැන්ටියන් - byzantine cataphract ආදී ලෙස දැක්විය හැකියි.
    එමෙන්ම මෙහි ටූටොන් වරු සහ ටූටෝනික් නයිට් වරු නම් පිරිසක්ද වෙයි.
    Age of empires ක්‍රීඩා මාලාවේ දැඩි රසිකයෙක් ලෙස මම බොහෝ කැමැත්තක් දැක්වූ සටන්කරුවෙකි මේ ටූටෝනික් නයිට් වරු.
    විශේෂත්වය නම් අන් නයිට්වරු මෙන් දිගු ආයු කාලයක් ( Life ) නැතත්, දැඩි සන්නාහ සහ සටනේදී තුවාල සහ අබාධ වලට අවම ප්‍රතිරෝධයක් තිබීම නිසා
    තම ආයු කාලය මෙන් දෙගුණයක් වූ අශ්වාරෝහකයෙක් හෝ වෙනත් සටන්කරුවෙක් සමග වුවත් සටනකදී ටූටෝනික් නයිට්වරයා ජය ලබයි.
    එමෙන්ම වේගවත් සුව වීමේ ගුණයකින් ( Healing power) යුක්ත වෙයි.

    RXuziCJ.jpg


    ඉතින් පස්සේ කාලෙක අන්තර්ජාලය සමීප වීමත් එක්ක මේ ටූටෝනික් නයිට් වරු කියන්නේ කව්ද ?
    මොනවද එයාලා කලේ, කොහෙද එයාලා හිටියේ? වගේ කරුණු හොයන්න ආසාවක් ඇති වුනා.


    Teutons හෙවත් ටූටොන් වරු

    ක්‍රි:පූ පළමු සහ දෙවන සහශ්‍රකය වන විට මධ්‍යම ආසියානු භුමියේ සිට සංක්‍රමණය වුනු ආර්ය ජනයා කොටසක් නැගෙනහිර යුරෝපයත්,
    සයිබිරියානු තැනිතලාව සහ වර්තමාන රුසියානු භූමියේත් තම ආධිපත්‍යය පතුරුවනු ලැබීය.
    ඒ වනවිටත් යුරෝපයේ ආර්ය නොවන ගෝත්‍රික ජනයා ජීවත් ව සිටියහ.

    කෙසේ වෙතත් ටූටෝන් වරු පිලිබඳ පළමුවෙන් සටහනක් තබන්නේ ක්‍රි:පූ 04 වන සියවසේ ජීවත් වුනු ග්‍රීක දේශාටන සංචාරකයෙකු වන Pytheas විසිනි.
    ඔහුගේ සටහන් වල සඳහන් වන පරිදි ටූටෝන් වරු යනු වර්තමාන ඩෙන්මාර්ක් - ජර්මන් දේශ සීමාවේ උඩින් පිහිටි '' Jutland '' නම් ප්‍රදේශයේ උතුරු මුහුද ආශ්‍රිතව ජීවත් වුනු ගෝත්‍රික ජන කොට්ඨාශයකි.
    එමෙන්ම ඔහු තවදුරටත් සඳහන් කරන්නේ ටූටෝන් වරු සහ '' ගෝත්‍ '' වරු ( Visigoths and the Ostrogoths ) එකම භූමියක ජීවත් වූ බවයි.
    මීට වෙනස් අදහසක් , මතයක් ද පවතී.
    ක්‍රි:පූ පළමු සියවසේ අග භාගයේ විසු ග්‍රීක දාර්ශනිකයෙකු සහ ඉතිහාසඥයෙකු වන '' Strabo '' සඳහන් කරනුයේ ටූටෝන් වරු පුරාන ආර්ය - සෙල්ටික් වරුන්ගෙන් පැවත එන ජන කොට්ටාශයක් බවයි.
    එමෙන්ම Marcus Velleius Paterculus නම් රෝම ඉතිහාසඥයාද ඒ බව තහවුරු කරයි.
    ඔවුන්ට අනුව ටූටෝන් වරු යනු පුරාණතම ජර්මානු ගෝත්‍රයකි.
    එමෙන්ම ප්‍රසිද්ධ රෝම දේශ ගවේෂකයෙක් සහ සිතියම් නිර්මාණකරුවෙකු වූ ටොලමි ගේ සිතියම් වලට අනුවද '' Jutland '' යනු ටූටෝන් වරුන්ගේ භූමියකි.

    HNXiAvN.jpg

    jutland peninsula


    එකිනෙකට තරමක් වෙනස් මති මතාන්තර කොයි හැටි වෙතත්, පොදුවේ පිළිගැනීම ටූටෝන් වරු ආදී ජර්මානු ගෝත්‍රයක් බවයි.
    එනම් වර්තමාන ජර්මනිය, පෝලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනයේ මුල් පදිංචිකරුවන් කොටසක් බවයි.
    (පෞද්ගලිකව මම විශ්වාසකරන පරිදි ටූටෝන් වරු යනු ඉපැරණි අ'නාර්ය යුරෝපීය ගෝත්‍රයක් බවයි.
    ඊට හේතුව ලෙස මම දකින්නේ උතුරු මුහුද ආශ්‍රිත වයිකින් වරු මෙන් සුදු හම, කහ/රතු/ රන්වන් කේශ,යෝධ ශරීර ප්‍රමාණය උරුම ලක්ෂණයි )

    කොයිහැටි වෙතත් ටූටෝන් වරු පිලිබඳ වඩාත් පැහැදිලි සාක්ෂ්‍ය හමුවන්නේ රෝමානු ඉතිහාසයෙනි.
    රෝමානු අධිරාජ්‍යය සමයේ උතුරු යුරෝපා ප්‍රදේශ පාලනය කෙරුනේ Roman Republic හෙවත් රෝමානු අධිරාජ්‍යයේ පරිවාර බල ප්‍රදේශ ලෙසයි.
    එනම් මේ ජනතාව බදු ගෙවනු ලැබුවේ රෝමයටයි.
    ඕනෑම අධිරාජ්‍යය පාලනයක අත්තනෝමතික බවට එරෙහිව ස්වදේශික ජනයා එරෙහි වීමේ ස්වාභාවධර්මතාවය මෙන්ම Roman Republic යටතේ
    පාලනය වුනු උතුරු යුරෝපා ජනයාද රෝම පාලනයට එරෙහිව අවි ආයුධ අතට ගෙන යුද්ධ මගට එළඹිණි.
    එම යුද්ධය හැඳින්වෙන්නේ Cimbrian War (113–101 BC) ලෙසයි.
    එම යුද්ධයේදී රෝමයට එරෙහිව Cimbri , Teutones, Ambrones , Tigurini යන ගෝත්‍රවල ජනයා යුධ වැදිණි.
    එය රෝම ඉතිහාසයේ රෝමානු ලීජන හමුදාවක් වඩාත් අපහසුතාවයට පත් වුනු යුද්ධ වලින් එකක් සේ සැලකේ.
    එම යුධ ඉතිහාස වාර්තා වල ටූටෝන් වරු පිළිබඳව පැහැදිලිව සඳහන් වේ.

    Holy Roman Empire ( ශු. රෝම අධිරාජ්‍යය ) සහ ටූටෝනික් නයිට්වරු ( teutonic knights )

    ටූටෝනික් නයිට්වරුන්ගේ ඉතිහාසය දෙස බැලීමේදී සෘජුවම ජර්මානු ඉතිහාසය හා සබැඳේ.
    ක්‍රි:පූ 27 දී රෝමයෙන් ආරම්භ වී ක්‍රි: 1454 කොන්ස්තන්තිනෝපල නගරයෙන් අවසන් වුනු රෝම අධිරාජ්‍යය යටතේ සියවස් 15 අධික කාලයක් බොහෝ යුරෝපා රාජ්‍යයන් පාලනය විය.
    ක්‍රි; ව 395 වන වන විට රෝම අධිරාජ්‍යය සමය Western Roman Empire ලෙසද, ක්‍රි:ව 476 සිට,
    අවසානය තෙක් කාල වකවානුව Eastern Roman Empire හෙවත් Byzantine Empire ( බයිසැන්ටියන් අධිරාජ්‍යය ) ලෙසද සැලකේ.

    bQsaiju.jpg



    බයිසැන්ටියන් අධිරාජ්‍යයේ නැගිසිටීමත් සමග බොහෝ බටහිර සහ මධ්‍යම යුරෝපා රාජධානි රෝමානු පාලනයෙන් මිදී ස්වයං රාජ්‍යත්වයක් කරා යොමුවිය.
    බයිසැන්ටියන් අධිරාජ්‍යය පැවතුනේ මධ්‍යධරණී මුහුද කේන්ද්‍ර කරගෙන කොන්ස්තන්තිනෝපලය අගනුවර කොට ඉතාලිය, තුර්කිය, ග්‍රීසිය, මැද පෙරදිග කොටසක් සහ උතුරු අප්‍රිකාව යන භූමි කොටසේය.

    Holy Roman Empire ( ශු. රෝම අධිරාජ්‍යය )

    ජර්මානු ඉතිහාසයේ වැදගත් කාල පරිච්ඡේදයකි.
    ක්‍රි:ව 476 දී Western Roman Empire බිඳ වැටීමෙන් පසු මධ්‍යම, උතුරු සහ බටහිර යුරෝපා රාජ්‍යයන් වෙනමම රාජ්‍යත්වයක් කරා එළඹිණි.
    ක්‍රි:ව 700 - 800 පමණ කාලය වන විට බොහෝ ඉතාලි රාජ්‍යයන් බයිසැන්ටියන් පාලනයෙන් මිදුණි.පසුව රෝමයේ වතිකානයේ පාප් තුමාගේ පුර්ණ
    අනුදැනුම සහ මගපෙන්වීම යටතේ ශු. රෝම අධිරාජ්‍යය බිහි කෙරුණි.
    ක්‍රි:ව 800 දෙසැම්බර් වලදී එවකට පාප් වරයා වුනු 3 වන ලියෝ පාප් වහන්සේ විසින් ( Pope Leo III ) ප්‍රංශ සහ ලොම්බාර්ඩි රාජ්‍යයන් වල රජු වුනු
    Charlemagne or Charles the Great ( 1 වන චාර්ල්ස් ) රජු ශු රෝම අධිරාජ්‍යයේ පාලකයා වශයෙන් පත්කරන ලදී.
    එතැන් පටන් ක්‍රි:ව 1806 දී ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයා විසින් යුරෝපය ආක්‍රමණය කරන තෙක් ශු. රෝම අධිරාජ්‍යය පැවතිනි.
    ක්‍රි:ව 962 දී ශු. රෝම අධිරාජ්‍යයේ පාලකයා වනුයේ Otto 1 හෙවත් Otto the Great නම් ජර්මානු රජු විසිනි.
    මේ සමයේදී ශු. රෝම අධිරාජ්‍යයට බොහිමියාව, බර්ගන්ඩිය, ඉතාලිය වැනි පරිවාර රාජ්‍යයන්ද එකට එකතුකොට පාලනය කරන ලදී.

    qDAFcUG.gif

    Holy roman empire ( 962 - 1806 AD )


    ඉස්ලාමය නැගී සිටින සමය වන විට යුරෝපයේ නැගෙනහිර කොටස තුර්කි බයිසැන්ටියන් අධිරාජයයත්,
    මධ්‍යම බටහිර සහ උතුරු යුරෝපයේ රාජ්‍යයන් එක්ව ශු.රෝම අධිරාජ්‍යය විසිනුත් බටහිර ප්‍රංශය ස්වයං වෙනමම පාලනයකුත් පැවතිනි.
    කුරුස යුද්ධ සඳහා කුරුස පාර්ශ්වය වෙනුවෙන් නායකත්වය දෙනු ලැබුවේ ශු. රෝම අධිරාජ්‍යය සහ පාප් තුමා විසිනි.
    ටුටෝනික් නයිට් වරුන්ගේ ඉතිහාසය ඇරඹෙන්නේ කුරුස යුද්ධය සමගිනි.
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ටූටෝනික් නයිට්වරු ( teutonic knights ) සහ ශු දේශයේ සිදුවූ කුරුස යුද්ධ

    ඉතිහාස විචාරකයන් සහ ඉතිහාසඥයන් විසින් කුරුස යුද්ධ යන පොදු නාමය යටතේ ඉතිහාසයේ පැවති යුධ ගැටුම් කිහිපයක් විස්තර කරයි.
    නමුත් මෙහිදී මා සාකාච්ඡා කරන්නේ ශු. රෝම අධිරාජ්‍යය සහ ඉස්ලාම් කලිෆාව අතර ශු දේශයේ ( In the holy land ) පැවති කුරුස යුද්ධයයි.
    එමෙන්ම කුරුස යුද්ධ ආරම්භ වන්නේ මෙතැන් සිටයි.
    මෙහිදී ප්‍රධාන පාර්ශව 02 වේ.
    යුරෝපය ප්‍රමුඛ රෝමානු කතෝලික පල්ලිය සහ ඉස්ලාම් කලිෆාව ඇතුළු මැද පෙරදිග මුස්ලිම් කොට්ටාශයයි.
    වසර 200 ආසන්න කුරුසු යුධ ඉතිහාසය සංක්ෂිප්තව වාක්‍යය කිහිපයකට ගෙනහැර දැක්වීම කල හැක්කක් නොවන නිසා මෙසේ සරලව දක්වන්නම්.

    ක්‍රි:ව 1095 දී 2 වන අ(ර්)බන් පාප් වහන්සේ විසින් ශුද්ධවූ දේශයේ,
    ( මෙහිදී ශුද්ධවූ දේශය යනු ජේසුස් වහන්සේ ජීවත් වුනු ඊශ්‍රායලය / පලස්තීනය ඇතුළු ජුදා දේශයයි )
    චාරිකා වල නිරත යුරෝපීය කතෝලික වන්දනාකරුවන්ට සහ වෙළඳුන්ට මැද පෙරදිගට ඇතුළු වීමට අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සලසා දෙන මෙන්
    බයිසැන්ටියන් අධිරාජ්‍යයාගෙන් ( Alexios I ) ඉල්ලා සිටින ලදී.
    මේ සමය වන විට තුර්කි - බයිසැන්ටියන් අධිරාජ්‍යයේ බල තරමක් දුරට හීන ව තිබුණු අතර ඇනටෝලියාවේ ( වර්තමාන තුර්කිය ආශ්‍රිත පෙදෙස් )
    බලය තුර්කි සෙල්ජුක් ( සුන්නි මුස්ලිම් වරු ) යටතේ තිබිණි.
    ඊශ්‍රායලය ඇතුළු මැදපෙරදිග ශු දේශයටත් නැගෙනහිර බයිසැන්ටියන් අධිරාජ්‍යටත් ඇතුළු වීමට ගොඩබිම් මග වැටි තිබුනේ මේ ඇනටෝලියාව හරහාය.
    මෙසේ දුර්වල බයිසැන්ටියන් හමුදාවලින් සහය නොලැබෙන තැන පාප් වහන්සේ විසින් ''ෆ්රෑන්ක් '' වරු යටතේ හමුදාවන් පිටත් කර සෙල්ජුක් වරුන්
    සමග සටන් වැද කොන්ස්තන්තිනෝපලය ඇතුළු ඇනටෝලියාව යටත්කොට ඉන් නොනැවතී ජෙරුසලම ද ඉස්ලාම් ආධිපත්‍යයෙන් නිදහස් කොට
    ජෙරුසලම් රාජධානිය එහි පිහිටුවන ලදී.මෙම යුද්ධය පුරා වසර 04 පැවතී අතර මේ පළමු කුරුස යුද්ධයයි.

    gPVyXUX.jpg

    ඇනටෝලියාව - වර්තමාන තුර්කිය ආශ්‍රිත ප්‍රදේශය.( කොන්ස්තන්තිනෝපලය යනු වර්තමාන ඉස්තාන්බුල් නගරයයි )


    ඉන්පසු විටින් විට ඉස්ලාම් කලිෆාව සහ ශු රෝම අධිරාජ්‍යය විසින් නැවත නැවත යුධ වැදුණු අතර මෙය වසර 200 කිට්ටු කාලයක් පුරා ඇවිලිණි.
    මෙසේ දෙපාර්ශවය අතර කුරුස යුද්ධ 09 පැවතිනි.

    ඉතිහාස වෘතාන්ත තුල අපි අසා ඇති රිචර්ඩ් ද ලයන් හාර්ට් ( Richard the Lionheart ), සලාදීන් ( Saladin ),
    ෆෙඩ්රික් බාබරෝසා ( Frederick Barbarossa ) වැනි චරිත මෙන්ම නයිට් ටෙම්ප්ලර් වරු ( Knights Templar ), අරාබි මම්ලුක් වරු ( Mamluk ),
    ටූටෝනික් නයිට්වරු ( teutonic knights ) නයිට් හොස්පිටලර් වරු ( Knights Hospitaller ) වැනි සටන්කරුවෝ
    සියල්ල හමු වන්නේ මේ කුරුස යුද්ධ වලදීය.

    ටූටෝනික් නයිට්වරු ( Teutonic knights )

    කුරුස යුද්ධයේදී කුරුස පාර්ශවය වෙනුවෙන් සටන් වැදුණු ප්‍රධාන හමුදාමය නිකායන් 03 වේ.
    ඒවා බිහිවූ කාලවකවානු අනුව පිලිවෙලින්,

    නයිට් හොස්පිටලර් වරු
    නයිට් ටෙම්ප්ලර් වරු
    ටූටෝනික් නයිට් වරු

    සැබවින්ම ටූටෝනික් නයිට් වරු යනු රෝමානු කතෝලික ආගමික නිකායකි.
    ක්‍රි:ව 1187 දී 03 කුරුස යුධ සමයේදී Battle of Hattin සටනේදී ජෙරුසලමේ බලය කුරුස පාර්ශවය අතින් ගිලිහි ඉස්ලාමයට යටත් වූ පසු
    එතෙක් ජෙරුසලමේ බලාත්මක වූ රෝහල් ( මේවා නයිට් හොස්පිටලර් වරු යටතේ ශු දේශයට පැමිණෙන යුරොපියන්ගේ වෛද්‍යය සේවාවන් උදෙසා කැප කොට තිබිණි ) පද්ධතිය බිඳ වැටිණි.
    මෙයින් වසර කිහිපයකට පසු 3 වන සෙලෙස්ටීන් පාප් වහන්සේ විසින් ජර්මානු වෙළඳුන්ගේ අදහසක් අනුව ජෙරුසලමේ Acre ( ඒක්‍රා ) හිදී නැවතත්
    මේ රෝහල් ආරම්භ කරන අතර ක්‍රි:ව 1198 වන විට 3 වන සෙලෙස්ටීන් පාප් වහන්සේ විසින් මෙය පුර්ණ කතෝලික ආගමික නිකායක් ලෙස බල ගැන්විණි.

    bimDkBF.jpg

    වර්තමාන acre නගරය - මෙය ජෙරුසලමේ පිහිටා ඇත.


    එය නම් කෙරුනේ '' Order of Brothers of the German House of Saint Mary in Jerusalem '' නැතහොත් Teutonic Order ( ටූටෝනික නිකාය ) ලෙසය.
    මෙහි මූලික ආකෘතිය ටෙම්ප්ලර් නයිට් වරුන්ගේ ආකෘතියට සමාන විය.
    එනම් මෙහි ප්‍රධානියා '' Grand Master '' නම් වේ.මේ තනතුර දරනු ලබන්නේ පත්වීමේ සිට ජීවිත කාලයටමය.
    මේ නිකායේ සාමාජිකයන් ටූටෝනික් නයිට්වරු ලෙස හැඳින්විණි.මෙයට ඇතුලත් විය හැක්කේ ජර්මානු ජාතිකත්වයක් සහිත රදළ පිරිමි පාර්ශවයට පමණි.
    ඔවුන්ගේ මුලිකම අරමුණු වුයේ ජෙරුසලමට පැමිණෙන වන්දනාකරුවන්ගේ වෛද්‍යය සේවාවන් සහ ආරක්ෂාව වෙනුවෙන් කැපවීමයි.

    මෙසේ ජෙරුසලමේ Acre කේන්ද්‍ර කර ගනිමින් Heinrich Walpot von Bassenheim පළමු ග්‍රෑන්ඩ් මාස්ටර් වරයා යටතේ ටූටෝනික් නිකාය ආරම්භ විය.
    මෙහි සිව්වන ග්‍රෑන්ඩ් මාස්ටර් වරයා Hermann von Salza (1209–1239) යටතේ මේ නිකාය පුර්ණ වශයෙන් හමුදාමය කටයුතු සඳහා බලපැවැත්වෙන ලෙස වෙනස් විය.
    එයින් පසු ඔවුන්ගේ අරමුණු යුධමය කටයුතු වෙනුවෙන් යෙදවිණි.මේ කාලය වනවිට පැවතියේ 05 වන කුරුස යුද්ධ සමයයි.
    මෙහිදී කුරුස පාර්ශවය වෙනුවෙන් ටූටෝනික් නයිට්වරු සෘජුවම යුද්ධය සඳහා දායක විය.

    FfB2wCb.jpg

    Hermann von Salza (1209–1239)


    ටූටෝනික් නයිට් වරුන්ගේ යුධ සන්නාහ සහ නිල ඇඳුම සුදු ලෝගුවේ කළු කුරුසයකින් සමන්විත වූ අතර,
    ඒ කුරුසය ටෙම්ප්ලර් වරුන්ගේ කුරුසයේ හැඩයට වඩා වෙනස් වේ.
    එමෙන්ම ටෙම්ප්ලර් වරු හිස පමණක් ආවරණය කොට මුහුණ නිරාවරණය වෙන යකඩ සන්නාහයක් පැළඳි අතර ටූටෝනික් වරු සම්පුර්ණ හිස, මුහුණ සියල්ල ආරක්‍ෂිත වැසුමකින් ආවරණය කරලීය.
    එමෙන්ම ටෙම්ප්ලර් වරුන්ට සාපේක්ෂව බරින් වැඩි සන්නාහ සහ ආරක්‍ෂිත ආවරණ සහිත යුධ ඇඳුමකි.
    එමෙන්ම දෙපාර්ශවයම භාවිතා කලේ දිගින් සහ බරින් වැඩි වක් නොවූ දෙමුවහත් කඩු සහ දිගින් ඉතා විශාල හෙල්ලයන්ය.
    පිරිස් බලය, යුධ ශක්තිය සහ රණශුරත්වය අතින් ටෙම්ප්ලර් වරු ඉදිරියෙන් සිටියහ.

    FaVRxyL.jpg


    WNRxNGW.jpg

    ටූටෝනික් නයිට් වරුන්ගේ යුධ සන්නාහ සහ නිල ඇඳුම


    05 වන සහ 06 වන කුරුස යුධ සමයන් හිදී ටූටෝනික් නයිට් වරු කුරුස යුද්ධ සඳහා යුධමය දායකත්වය සැපයු අතර,
    05 වන කුරුස යුද්ධයේදී ( 1217–1221 ) ඊජිප්තු Ayyubid Sultanate හමුදා ඉදිරියේ පරාජයවිය.
    Frederick II රජු විසින් මෙහෙයවූ 06 කුරුස යුද්ධයේදී ( 1228–1229 ) Hermann von Salza ග්‍රෑන්ඩ් මාස්ටර් වරයා යටතේ සටන් වැදුණු ටූටෝනික් නයිට් වරු ජයග්‍රහණය ලැබිය.
    07 / 08 සහ 09 වන කුරුස යුද්ධ සඳහා ටූටෝනික් නයිට් වරු ප්‍රබල දායකත්වයක් නොදුන් අතර ඒ සමයන් හිදී ටූටෝනික් වරු ප්‍රශියන් යුද්ධය සඳහා
    දායකත්වය ලබා දිනි.
    ( Prussian Crusade ). ප්‍රශියන් වරු යනු බෝල්ටික් කලාපයේ ජීවත් වුනු ගෝත්‍ර වේ.
    මේ ටූටෝනික් වරු ශු. රෝම අධිරාජ්‍යය සහ ඉස්ලාම් කලීෆාව අතර පැවතුනු කුරුස යුද්ධ වලට අමතරව ශු. රෝම අධිරාජ්‍යයේ වෙනත් පරිවාර යුද්ධ සඳහාද සක්‍රීය දායකත්වයක් ලබා දිනි.

    ක්‍රි; ව 1291 දී ඒක්‍රා හි වැටීම හෙවත් Siege of Acre (1291) ජෙරුසලම සැරසන් මම්ලුක් වරුන් විසින් යටත් කර ගැනීමත් සමග,
    ශු.රෝම අධිරාජ්‍යය සහ ඉස්ලාම් රාජ්‍යයන් අතර සියවස් දෙකක් පුරාවට දිවුණු කුරුස යුද්ධය නිමාවට පත් විය.

    4LWzLo2.jpg

    Siege of Acre (1291) ජෙරුසලම සැරසන් මම්ලුක් වරුන් විසින් යටත් කර ගැනීම


    මේ ඉතිහාසය මීට වඩා වෙනස් ආකාරයකින් ලියවීමට ඉඩ තිබුණු එක් කරුණක් මම මෙහි දක්වන්නම්.

    පෘතුවි ඉතිහාසයේ ගොඩබිමින් විශාලතම අධිරාජ්‍ය තැනු ගෙන්ගිස් ඛාන් ගේ මොන්ගොල් අධිරාජ්‍යය ක්‍රි:ව 13 වන සියවසේ සීඝ්‍රයෙන් චීන දේශ සීමාවේ සිට යුරෝපය පුරා පැතිරෙමින්,
    තම අනසක පැතිරෙව් නමුත් 1260 දී සැරසන් මම්ලුක් වරුන් අතින් ගලීලයේදී පරාජයට පත් විය.
    මේ පරාජය කුරුස පාර්ශවයට තදින්ම බලපෑ කාරණාවකි.
    මොන්ගොල් අධිරාජ්‍යය එදා පරාජය නොවුනා නම් ඉතිහාසය වෙනත්ම හැරවුම් ලක්ෂ්‍යයකට දිශානති වන්නට ඉඩ තිබුණි.

    ශු. කුරුස යුද්ධ වලට අමතරව ටූටෝනික් වරු තවත් විශාල යුධ සංග්‍රාම වලට දායකත්වයක් ලබා දුන් නමුත් ඒවා සියල්ල එකින් එක මෙහි ගෙනහැර දැක්වීම අනවශ්‍ය යයි සිතමි.
    කොයිහැටි වෙතත් ටූටෝනික් නිකාය විසින් මේ යුද්ධ වලදී උපයා ගත් ධනස්කන්ධය අති මහත්ය.

    State of the Teutonic Order

    ආගමික නිකායකින් ආරම්භ වුවත් සැබවින්ම ටූටෝනික් ඉතිහාසයම ලියැවී ඇත්තේ යුද්ධ සහ ආක්‍රමණ මතිනි.
    වර්තමාන බෝල්ටික් මුහුද ආශ්‍රිත රටවල් වන පෝලන්තය, එස්තෝනියාව, ලැටිවියාව, ලිතුවේනියාව වැනි රටවල් අතීතයේ ප්‍රශියාව ලෙස හැඳින්විණි.
    ටූටෝනික් වරු කිහිප අවස්ථාවකම ප්‍රශියාවේ බලය තහවුරු කර ගැනීමට උත්සහ කලත් ඒවා ව්‍යර්ථ විය.

    1224 දී ජර්මානු රජු වූ Frederick II ශු. රෝම අධිරාජ්‍යයා විසින් ප්‍රශියාවේ කොටස් ජර්මානු රාජධානියට ඈඳා ගෙන ඒවා ශු. රෝම අධිරාජ්‍යයේ
    කොටස් බවට නිල වශයෙන් තහවුරු කොට එවකට පාප් වරයාගේ ( Pope Honorius III ) යටතට පවරා ගැනිණි.
    ක්‍රි;ව 1230 දී මුළු ප්‍රශියාවම යටත් කර ගැනීමේ යුධ මෙහෙයුම ටූටෝනික් වරුන් විසින් ආරම්භ කෙරුණි.
    එතැන් සිට සියවස් 03 කාලයක් යුද්ධ සහ ආක්‍රමණ මතින් ටූටෝනික් වරු මුළු ප්‍රශියාවම යටත් කරගෙන ශු. රෝම අධිරාජ්‍යය යටතේ පාලනය කෙරුණි.

    oysm5Ax.jpg

    State of the Teutonic Order යටතේ අල්ලා ගත් ප්‍රශියානු භුමිය


    සියවස් ගණනාවක් තිස්සේ බලයෙන් සහ අධිරාජ්‍යත්වයෙන් මත් වී සිටි යුරෝපයත් කතෝලික පල්ලියත් රෝමානු කතෝලික ධර්මය පැහැදිලි ලෙසම
    විකෘති සහ අනන්‍ය ලෙස වෙනස් මගකට යොමුකරලීම නිසා කතෝලික දහමට අභියෝගයක් පල්ලිය තුලින්ම බිහි විය.
    1517 දී ජර්මානු පූජකයෙකු වූ මාර්ටින් ලුතර් ( Martin Luther ) විසින් කතෝලික ධර්මයේ සිදුවිය යුතු සංශෝධන ඉදිරිපත් කිරීමත් සමග මේ අභියෝගය කරලියට ප්‍රවිෂ්ඨ විය. එතනින් පසු ලුතේරියන් ධර්මය ප්‍රචලිත විය.කතෝලික ධර්මය කොටස් වලට බිඳීම ආරම්භ වුයේ ඉන් පසුවය.


    ZOHoqCN.jpg


    LSOdY3O.png

    මාර්ටින් ලූතර් සහ ලුතෙරියානු ධර්මයේ සලකුණ ( Luther's rose )


    මේ සමයේදී ටූටෝනික් වරුන්ට එරෙහිව පෝලන්ත රජු විසින් යුධ ප්‍රකාශ කෙරිණි. Polish-Teutonic War (1519–1521)
    එවකට ග්‍රෑන්ඩ් මාස්ටර් වරයා වුනු Albert of Brandenburg-Ansbach විසින් ලුතේරියන් දහම වැළඳ ගැනීමත් සමග ටූටෝනික් බලය ප්‍රශියාවෙන් නිමා වුනු අතර,ඔහු ප්‍රශියාවේ ඩියුක් වරයා ලෙස පත් විය.( Duke of Prussia. )
    පෝලන්තය ඇතුළු බහුතරයක් ප්‍රශියානු රටවල් ලුතේරියන් දහම වැළඳ ගත්තේය.

    WvHtP7x.jpg

    Albert, Duke of Prussia

    මෙයින් පසු ටූටෝනික් නිකායේ හමුදාමය තත්වය ගිලිහුණු අතර, ශු රෝමානු අධිරාජ්‍යයේ අවසානය තෙක් ආගමික නිකායක් ලෙස කටයුතු කෙරුණි.
    ප්‍රශියානු ලුතේරියන්කරණයෙන් පසු කතෝලිකයන්ට පමණක් විවෘත ව තිබුණු ටූටෝනික් නිකාය ප්‍රොතෙස්තන්ත සහ ලුතේරියන් ආගමිකයන්ට ද විවෘත විය.
    1806 දී නැපෝලියන් අධිරාජ්‍යයා විසින් යුරෝපය යටත් කොට 1809 දී ටූටෝනික් නිකාය විසුරුවා හැරියේය.නමුත් සීමිත ටූටෝනික් නයිට් වරු පිරිසක් විසින් ඔස්ට්‍රියාවේ ටූටෝනික් නිකාය පවත්වාගෙන ගිය අතර දෙවන ලෝක යුද්ධයට මුල් වූ හිට්ලර් ගේ නාසි පක්ෂය විසින් ටූටෝනික් නිකාය තහනම් කෙරුණි.
    නමුත් යුද්ධයෙන් පසු නැවතත් ජර්මනිය, පෝලන්තය සහ ඔස්ට්‍රියාවේදී නැවතත් ටූටෝනික් නිකාය ආරම්භ කල අතර වර්තමානයේදීත් එය ආගමික සහ
    සමාජ සේවා සපයන ආගමික නිකායක් ලෙස පවතී.

    ටූටෝනික් නිකායේ ප්‍රධාන මුලස්ථාන වල විකාශනය

    ක්‍රි:ව 1192 දී ජෙරුසලමේ Acre වලින් ඇරඹි ටූටොනික නිකාය ඉන්පසු ඉතාලියේ වැනිසියටත්, පෝලන්තයේ Marienburg වලටත්, ඉන්පසු ප්‍රශියාවටත් ( Königsberg - මෙය වර්තමාන රුසියාවට අයත්ය. ) ඉන්පසු ජර්මනිය හරහා වර්තමානයේ ඔස්ට්‍රියාවේ වියානා නුවරට ත් වශයෙන් වෙනස් විනි.
    ඒවා පිලිවෙලින් වර්ෂ අනුකුලව පහත දක්වා ඇත.

    Acre (1192–1291)
    Venice (1291–1309)
    Marienburg (1309–1466)
    Königsberg (1466–1525)
    Mergentheim (1525–1809)
    Vienna (1809 – present)

    වර්තමානයේ මෙහි ග්‍රෑන්ඩ් මාස්ටර් වරයා Grand Master - Frank Bayard නම් පුජකයාය.

    H9LZWJi.jpg

    Marienburg (1309–1466) Malbork Castle in Poland

    3s6L0wK.jpg

    Königsberg Castle - මෙය වර්තමානයේ රුසියාවට අයත්ය


    NXoOlIQ.jpg

    Mergentheim teutonic castle & museum

    JtK22CP.jpg

    ඔස්ට්‍රියාවේ වියානා නුවර වර්තමාන ටූටෝනික් නිකායේ දේවස්ථානය

    ජර්මනියේ, ඔස්ට්‍රියාවේ, පෝලන්තයේ වැනි රටවල අදටත් දක්නට ඇති ඉපැරණි බලකොටු සහ දේවස්ථාන බොහොමයක් ටූටෝනික නිකාය විසින් ගොඩනගන ලද ඒවාය.

    මේ ටූටෝනික් නයිට් වරුන්ගේ ඉතිහාසය පිලිබඳ කෙටි සටහන් විස්තරයකි..
    සිංහල පාඨකයන් වෙනුවෙන් ටූටෝනික් වරු පිලිබඳ ලියවුනු ලිපි සොයා ගැනීම අපහසු නිසා මේ ලිපිය ලියන්නට සිත් විය.

    තොරතුරු ලබා දීමේදී මාගේ ඥාති සොයුරිය ලබා දුන් උපකාරය ස්තුතිපූර්වකව මතක් කර සිටිමි.
    තොරතුරු සහ ඡායාරුප විකිපීඩියා ඇතුළු අන්තර්ජාලයෙනි.
    සටහන මා විසිනි.
    :yes::yes::yes:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපරාදේ බං මම උඹේ වැඩකට නැති කමෙන්ට් එකකට රෙප් දුන්නා කලින්.. :no:
    සෑහෙන කට්ටක් කාලා දාපු මේ ත්‍රෙඩ් එකට දෙන්න රෙප් නෑ දැන්..:dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපරාදේ බං මම උඹේ වැඩකට නැති කමෙන්ට් එකකට රෙප් දුන්නා කලින්.. :no:
    සෑහෙන කට්ටක් කාලා දාපු මේ ත්‍රෙඩ් එකට දෙන්න රෙප් නෑ දැන්..:dull:

    එහෙනම් දවස් 3,4 පස්සේ දීපන්.... :lol::lol::lol::lol:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නියමයි.
    Kingdom of Heaven ෆිල්ම් එක බලන්න කැමති අය. එකේ තියනවා සලහදීන් සිටින කාලයේ සිදුවෙච්චි කුරුස යුද්ධයක් ගැන.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    තෑන්ක්ස් මචන්.
    සමාජය දියුණුවෙනවත් එක්ක මිනිස්සුන්ගෙ සිතීමේ හැකියාවත් දියුණු උනා. ආයිත් කුරුස යුද්ධ ඇති වෙන එකක් නෑ.
    රෙප්+
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කියවන්නත් කලින්ම REP දීල යුතුකම් ඉටු කළා ඕන්. මේ වගේ එකකට නොදෙන රෙප් කොස් කොටන්නද?
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83


    තොරතුරු ලබා දීමේදී මාගේ ඥාති සොයුරිය ලබා දුන් උපකාරය ස්තුතිපූර්වකව මතක් කර සිටිමි.
    තොරතුරු සහ ඡායාරුප විකිපීඩියා ඇතුළු අන්තර්ජාලයෙනි.
    සටහන මා විසිනි.
    :yes::yes::yes:



    ඥාති සොයුරියගේ photo එකක් නැතුව REP දෙන්න අමාරුයි. :rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්මෝ මේක නම් සුපිරිම සුපිර්.. Acre නගරය දැක්කම ගාලු කොටුව මතක් උනා..:love::love::love: නියමයි මචෝ.මහන්සි වෙලා තියනවා විස්තර හොයන්න..:yes::yes: ඉතිහාසය මරු සබ්ජෙක්ට්1ක් තමා... ජය වේවා....!!! රෙප්++++

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :confused:
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සියවස් ගණනාවක් තිස්සේ බලයෙන් සහ අධිරාජ්‍යත්වයෙන් මත් වී සිටි යුරෝපයත් කතෝලික පල්ලියත් රෝමානු කතෝලික ධර්මය පැහැදිලි ලෙසම
    විකෘති සහ අනන්‍ය ලෙස වෙනස් මගකට යොමුකරලීම නිසා කතෝලික දහමට අභියෝගයක් පල්ලිය තුලින්ම බිහි විය.
    1517 දී ජර්මානු පූජකයෙකු වූ මාර්ටින් ලුතර් ( Martin Luther ) විසින් කතෝලික ධර්මයේ සිදුවිය යුතු සංශෝධන ඉදිරිපත් කිරීමත් සමග මේ අභියෝගය කරලියට ප්‍රවිෂ්ඨ විය. එතනින් පසු ලුතේරියන් ධර්මය ප්‍රචලිත විය.කතෝලික ධර්මය කොටස් වලට බිඳීම ආරම්භ වුයේ ඉන් පසුවය.






    ඔය කුරුස යුද්දය ඇති වුනේ බලයම විතරක් නෙමේ ..... ඔය කුරුස යුද්දයත් එක්ක අනිත් රටවලින් හොයාගත්ත පොත පත ඉතිහාසය වැනි කරුණු රැගත් සැහෙන පරණ ලිපි තාමත් වතිකානයේ පුස්තකාලයේ කාටවත් බලන්න බැරි කොටසේ ඉතුරුවෙලා තියෙනවා...... ඉතිහාසේ සමහර කරුණු වෙනස් කරන්න පුළුවන් සැහෙන දේවල් එකේ තියෙනවා ..... එත් අවාසනාවකට ඒවා එලියට දෙන්නේ නැ





    40+:cool::cool: