තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    ආයුබෝවන් එළකිරි සාමාජිකයිනි.
    අලුත් වැඩක් පටන් ගන්න හිතුව.හැබැයි මීට කලින් එළකිරි සමූහයේ මේ වගේ දෙයක් තියෙන්න ඇති කියල මම හිතනවා.
    නමුත් මෑත කාලයේදී මේ වගේ නූලක් දැක්කේ නැති නිසා පටන් ගන්න හිතුන.:)

    ඡායාරුප.
    :love::love::love:

    xHWPSdv.jpg



    ඔව් මේ නූල තුලින් මම බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ වගේම වෙනත් රටක වුනත් අපි මගතොටේ, සංචාරක ඉසව් වල,
    මුහුදු වෙරළේ වගේම මහ මුහුදේ, කැලෑ ඇතුලේ, ගංගා දිය ඇලි වගේම මහා පාරේ, ගෙදර වත්තේ ඔය ඕනෙම තැනකදී අපි දකින ස්වාභාවධර්මයේ
    සුන්දර මොහොතක්, පාරේදී දකින ඕනෙම මොහොතක් නගන ඡායාරුප මේකේ පළකරන්න අවස්තාව තියෙනවා.
    සංස්කරණය කරපු ඡායාරුපයක් වුනත් ඇතුලත් කරන්න පුළුවන්.
    :yes::yes::yes:

    අද වන විට ඡායාරුප පලකරලා යම් මුදලක් ලබා ගන්න පුළුවන් වෙබ් අඩවි ලෝකේ තියෙන බව ඇත්ත.
    නමුත් එලකිරිය කියන්නේ අපේ තැනක්, අපි ආදරේ කරන තැනක්. අපි හැම දෙයක්ම නොමිලේ බෙදාහදා ගන්න තැනක්.
    ඒක නිසා කැමති ඕනෙම කෙනෙකුට මේක සමග එකතු වෙන්න පුළුවන්.:cool:

    එතකොට මේ යටතේ



    Nature photos
    Street photos
    Landscape
    Underwater
    Wildlife photos
    Gardening
    Sceneries
    Historical,religious,attractive places
    Moment captures
    photo manipulation
    Macro ..........ect

    වගේ ඕනෙම මාදිලියක ඡායාරුප පල කරන්න පුළුවන්.

    හැබැයි කොන්දේසි කිහිපයක් තියෙනවා.

    - තමුන්ට පළ කරන්න පුළුවන් තමුන් ගත්තු ඡායාරුප පමණයි.

    - ඡායාරුප අයිතිය සඳහන් කරලවත් වෙනත් කෙනෙකු ලබා ගත් පින්තුර මේකේ දාන්න එපා.( Avoid Copyrights issues )

    - අන්තර්ජාලයෙන් අරගෙන මේකේ පළ කරන්න එපා.

    - ඡායාරුප වල පුද්ගල අනන්‍යතා තියෙනවා නම් ඒ අදාළ පුද්ගලයන්ට හානි වෙන අයුරින් පල කරන්න එපා.
    ( Expose issues. Especially in street photography, moment captures,Sceneries )

    - ඡායරුපකරණයේ පොදු නීති වලට යටත් ව පින්තුර පල කරන්න.

    - වනජීවී ඡායාරුපකරණය ( Wildlife photos ) යටතේ කුරුළු කුඩ, කුරුළු පැටවුන් සහ Flasher භාවිතා කරමින් ගනු ලැබූ සත්තුන්ගේ සමීප ඡායාරුප පල නොකිරීම.

    - පරිසර පද්ධතියකට හානි දායක වෙන පින්තුර පල නොකරන්න.

    - විවාහ උත්සව, නිරූපණ ක්ෂේත්‍රයේ, උත්සව අවස්ථා ආදී වෘත්තීය මට්ටමේ සහ වාණිජ අරමුණකින් යුතු ඡායාරුප පල කිරීමෙන් වළකින්න

    - 800 x 600 ( 15 " monitor ) .සහ 1024x768 ( 17 " monitor ) හැකිතරම් ප්‍රමාන වලට වඩා කුඩා හෝ විශාල ලෙස පල කිරීමෙන් වලකින්න.
    ( ඉහත ප්‍රමාණ දෙක ඇතුලත ඡායාරුප පළකරන්න )

    - ඡායාරුප හොඳ මට්ටමේ වෙබ් අඩවියකට උඩුගත ( upload ) කරන්න.
    ( කාලයක් යනවිට සමහර පින්තුර පෙන්නුම් නොකෙරෙන අවස්තාවන් ඇති නිසා. මම ඡායාරුප upload කරනුයේ imgur අඩවියටයි.)

    - Elakiri.com කියන්නේ පොදු තැනක්. ඒ නිසා තමුන්ගේ ඡායාරුප ඕනෙම කෙනෙකුට දකින්න වගේම පාවිච්චියට උනත් ගන්න පුළුවන් නිසා මෙතන පලකරන්න අකමැති නම් දාන්න එපා.
    තමුන්ගේ ඡායාරුපයක් අනවසරයෙන් කෙනෙක් ලබාගෙන තියෙනවා නම් ඒ වගකීම ඇඩ්මින් ට හෝ ත්‍රෙඩ් එක දාපු මට ගන්න බැහැ.
    තමුන් කැමති නම් දියසලකුණු / ලෝගෝ එකක් යොදන්න.

    කොන්දේසි වගේම පහත කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න පුළුවන් නම් වටිනවා.

    හැමෝටම හොඳ මට්ටමේ කැමරා නැති වුනාට ප්‍රශ්නයක් නෑ. :sorry:
    තමුන්ගේ අතේ තියෙන ජංගම දුරකතනයෙන්, ඩිජිටල් කැමරාවෙන් උනත් හොඳ පිතුර ගන්න පුළුවන්.
    ඒ වගේම තමුන්ගේ පින්තුර ලස්සන නෑ, අඩුපාඩු තියෙනවා කියල අවතක්සේරු වෙන්නත් එපා.
    මොකද ඕනෙම කෙනෙක් දෙයක් පටන් ගන්නේ මුල ඉඳලම නිසා.:yes:
    ඒ වගේම මේ ත්‍රෙඩ් එක තුලින් අපි පුළුවන් ආකාරයෙන් හොඳ ලස්සනට ඡායාරුපයක් ගන්නේ කොහොමද කියල ඉගෙන ගමු.
    ඒක තමුන්ට වගේම අනිත් කෙනාටත් වටිනවා.තමුන් දන්න දේ කැමති නම් අනිත් කෙනාට කියල දෙන්න.:D

    පුළුවන් කමක් තියෙනවා නම් ඡායරුපයේ සැකසුම් ( settings ), ආලෝක තත්වය ( lighting ), එහෙම නැත්තම් දුරකතනයේ කැමරා විස්තර වගේ දත්ත එක්ක පලකරන්න.
    ඒක තව කෙනෙකුට උපකාර වෙන්න පුළුවන්.
    ඒ වගේම ඡායාරූපයට අදාළ මාතෘකාවක් හෝ දළ විස්තරයක් ( heading or caption ) සමග පලකරන්න.:yes:
    ඒ වගේම ඔබේ වටිනා අදහස්, යෝජනා ඉදිරිපත් කරන්න..:yes:


    මමත් කිසිම දවසක ඡයරුප ශිල්පියෙක් නම් නෙවේ. මට DSLR කැමරාවක් ඇත්තෙත් නෑ ගන්න ආසාවකුත් නෑ.:no:
    මම පාවිච්චි කරන පොඩි ඩිජිටල් කැමරාවෙන් තමා පින්තුර ගන්නේ.
    ඒ වගේම මම ඡායාරූපකරණය කියන විෂය ඉගෙනගෙනත් නෑ.
    මට අවශ්‍ය ඇත්තටම හොඳ මට්ටමේ පින්තුරයක් ගන්න පමණයි.
    ඒක නිසා මමත් ඡායාරූපකරණය ගැන නොදන්නා දෙයක් ඉගෙන ගන්න කැමතියි.:rolleyes:

    එහෙනම් ඡයාරුපකරණයට කැමති, ඉගෙනගන්න ආසා ඕනෙම කෙනෙකුට මේ ත්‍රෙඩ් එක විවෘතයි.
    :love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth


    photography නම් හරියට දන්නේ නැත :P


    :love::love::love:
    නියමයි, එක්සියා....වටිනම මනුස්සයෙක් පළවෙනිම කමෙන්ට් එක දැම්මේ....සන්තෝසයි. මේ ෆෝන් එකෙන් ගනිපු එකක්ද ?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    :love::love::love:
    නියමයි, එක්සියා....වටිනම මනුස්සයෙක් පළවෙනිම කමෙන්ට් එක දැම්මේ....සන්තෝසයි. මේ ෆෝන් එකෙන් ගනිපු එකක්ද ?


    :love::love:

    ඔව් බන් phone එකෙන් ගත්තේ :)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :love::love:

    ඔව් බන් phone එකෙන් ගත්තේ :)

    සමහර ෆෝන් වල මැක්‍රෝ ඔප්ෂන් එක තියෙනවා නේ.....
    මලක් වගේ පොඩි object එකක් macro වලින් zoom කරලා නැද්ද ?:rolleyes:

    මට ස්මාර්ට් ෆෝන් එකක් නම් නෑ. හැබැයි මම යාලුවෙකුගේ ෆෝන් එකකින් macro දාලා ගත්තු පින්තුරයක් මේ.
    Samsung J series එකක්....වර්ගේ හරියටම දන්නේ නෑ.


    cFul1yl.jpg
     
    • Like
    Reactions: janaka_jr

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    සමහර ෆෝන් වල මැක්‍රෝ ඔප්ෂන් එක තියෙනවා නේ.....
    මලක් වගේ පොඩි object එකක් macro වලින් zoom කරලා නැද්ද ?:rolleyes:

    මට ස්මාර්ට් ෆෝන් එකක් නම් නෑ. හැබැයි මම යාලුවෙකුගේ ෆෝන් එකකින් macro දාලා ගත්තු පින්තුරයක් මේ.
    Samsung J series එකක්....වර්ගේ හරියටම දන්නේ නෑ.


    ..

    මේකේ නම් නැහැ :no: portrait තියනවා :P

    phone වලට වෙනම සෙට් කරන්න පුළුවන් macro lenses තියනවා :yes::yes:

    දිගටම කරගෙන යන්න මාත් පුළුවන් විදියට දාන්නම් ;)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මේකේ නම් නැහැ :no: portrait තියනවා :P

    phone වලට වෙනම සෙට් කරන්න පුළුවන් macro lenses තියනවා :yes::yes:

    දිගටම කරගෙන යන්න මාත් පුළුවන් විදියට දාන්නම් ;)

    එල එල බන්....... :D
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    කාලයක් මගේ හිතේ තිබ්බ දෙයක් අද ඩෝඩෝ මලයා එලිදක්වලා...:D:D




     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Alupola Falls - Balangoda.
    Sony Digital W-650 camera.
    Natural Evening lighting.( around 6 pm )


    E0Y0k1w.jpg


    අලුපොල ඇල්ල රත්නපුර මචන් (වේවැල්වත්තෙ )



    මම ඇවිදපු තැන් වල photos නම් ඕනි තරම් තියනව මචන්. ඇලි 40ක් 50ක් ඇති.. . Photos මෙතන දැම්මොත් මාව නිකන්ම expose වෙනව බන්.. අපේ family එකේ ටික දෙනෙකුත් කිරියෙ ඉන්නව.. :(
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කාලයක් මගේ හිතේ තිබ්බ දෙයක් අද ඩෝඩෝ මලයා එලිදක්වලා...:D:D



    :love::love:
    ආ මේ ඉන්නේ තවත් ට්‍රැවල් කරන ලොකු අයියා කෙනෙක්......දාමු දාමු....ඔයාලගෙන් ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩයි.
    අපේ පින්තුරු වල හොඳ, නරක අඩුපාඩු, වෙනස් විය යුතු සහ නොයුතු දේවල් ගැන පොඩ්ඩක් කියල දෙන්න.
    :yes::yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අලුපොල ඇල්ල රත්නපුර මචන් (වේවැල්වත්තෙ )

    මම ඇවිදපු තැන් වල photos නම් ඕනි තරම් තියනව මචන්. ඇලි 40ක් 50ක් ඇති.. . Photos මෙතන දැම්මොත් මාව නිකන්ම expose වෙනව බන්.. අපේ family එකේ ටික දෙනෙකුත් කිරියෙ ඉන්නව.. :(

    ඔව් ඔව් රත්නපුර - බලංගොඩ ( වේවැල් වත්ත පාරේ )

    :sorry::sorry:
    ගෙදර මිනිස්සු නැති, මේ වගේ දර්ශනය විතරක් තියෙන ඒවා දාන්න, ඔයත් එක්ස්පෝස් නොවෙන විදිහට.
    :rolleyes:
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    UxOSQxW.jpg


    මේ අඹේවෙල ෆාම් එක
    හවස 6:30ට විතර ගත්තු එකක්....

    ලෙන්ස් එක නම් 18-55
    ISO 800
    S/P 1/8 විතර.... හරියටම මතක නෑ....


     
    • Like
    Reactions: EvilEye