මහ රෑ සර්වර් ඩවුන් උනොත්

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මහ රෑ සර්වර් ඩවුන් උනොත්

    මහ රෑ සර්වර් (DC, ERP, or File Server) ඩවුන් උනොත් මොකද්ද කරන්න පුලුවන්.. ඔෆිස් එකට යන්නත් බෑනේ රීස්ටාට් කරන්න.
    මේ වගේ වෙලාවක දෙන්න පුළුවන් ඉක්මන් විසදුම් මොනවද? කියල අහපු ත්‍රෙඩ් එකේ ප්‍රතිචාර අනුව මන් අද කියන්න යන්නේ අපිට අපේ සර්වර් එක පිසිකලි ඇක්සස් කරන්න බැරි අවස්ථාවක ඒ කියන්නේ රෑ 12ට, එහෙම නැත්නම් නිවාඩු දවසක, නැත්නම් සර්වර් රූම් එකට යන්න විදියක් නැති වෙලාවක සර්වර් එක ෆ්‍රීස් උනොත්, හාඩ්වෙයා හරි සොෆ්ට්වෙයා හරි ෆේලියර් එකක් නිසා හරි මොකක්හරි හේතුවක් නිසා සර්වර් එක ඩවුන් වෙලා නම් අපිට රිමෝට් ලොග් වෙන්නත් බැරි අවස්ථාවක අපිට උදවුවට ගන්න පුලුවන් ෆීචර් එකක් ගැන.


    මේක හරහා අපිට සර්වර් එක ෂට් ඩවුන් වෙලා තියෙන වේලාවකදී උනත් අපේ වෙබ් බ්‍රව්සර් එකෙන් සර්වර් එකට රිමෝට් ලොග් වෙලා පවර් ඔන් කරන්න. ඊට අමතව බයෝස් වල සෙටින්ග්ස් වෙනස් කරන්න, හාඩ්වෙයා ඩීටෙල්ස් බලන්න, වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක වැඩ කරන්නේ කෙලින්ම ඩිවයිස් එකේ හාඩ්වෙයා එක්ක. මේකෙ ෆර්ම්වෙයා එක බයෝස් වගේම වෙනම ෆ්ලෑෂ් මෙමරි එකක් ඇතුලෙ වගේම ඒක රන් වෙන්න වෙනම ප්‍රොසෙසර් එකකුත් තියෙනවා. ඒ නිසා මේකට අත්‍යවශ්‍යම වෙන්නේ නෙට්වර්ක් ඇක්සස් සහ පවර් එක විතරයි. මේ විදියට කියන්නේ අවුට් ඔෆ් බෑන්ඩ් මැනේජ්මන්ට් (Out-of-Band Management) කියල. එතකොට ඉන් බෑන්ඩ් මැනේජ්මන්ට් (In-Band Management) කියන්නේ සර්වර් එකේ ඕඑස් එක බූට් උනාට පස්සේ මැනේජ් කරන්න පුළුවන් VNC, SSH, Teamviewer වගේ ඒවාට. මේ විදියෙන් අපිට බයෝස්, UEFI ඇක්සස් කරන්න බැහැ.

    = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = =

    මේ Out-of-Band Management Interface එක විවිධ සර්වර් බ්‍රෑන්ඩ් වලට වෙන වෙනම නම් වලින් හදුන්වල දීල තියෙනව. පල්ලෙහා තියෙන විදියට ඒ නම් වෙනස් වෙනව. මෙතනින් මට හම්බෙලා තියෙන්නේ HP, Dell සර්වර්ස් විතරක් නිසා ඒ ගැන විතරක් කියන්නම්.

    HP: iLO (Intergrated Lights Out)
    --- මේක HP ProLiant සහ Integrity සර්වර්ස් වල තියෙනවා. රිමෝට් KVM ෆීචර් එක පේ කරලා ගන්න ඕන.
    Dell: iDRAC (Integrated Dell Remote Access Controller)
    --- මේකේ Enterprise, Express කියල දෙකක් එනවා Express එකේ KVM/Virual media ඔප්ෂන් එක නැහැ.
    Intel: AMT (Intel® Active Management Technology)
    --- මේක ඩෙල් සර්වර් වලත් තියෙනවා.
    Supermicro: IPMI (Intelligent Platform Management Interface)
    IBM: IMM (Integrated Management Module)

    අපි දැන් බලමු මේක කොහොමද කන්ෆිගර් කරන්නේ කියල. හැබැයි මෙතැනදී අපිට පොඩි වෙලාවකට සර්වර් එක ඩවුන් කරන්න වෙනවා මොකද මේක එනේබල් කරන්න නම් සර්වර් එක රීස්ටාර්ට් කරන්න වෙන නිසා. ඩවුන් කරන්නම බැරි නම් පිසිකල් සර්වර් එක වචුවල් සර්වර් එකක් විදියට කන්වර්ට් කරන විදියක් තියෙනවා ඒක මං ඊළඟ ත්‍රෙඩ් එකේ දාන්නම්. අපි මුලින්ම බලමු Dell සර්වර් එකක AMT එනේබල් කරන විදිය.

    ස්ටෙප් 01:
    මුලින්ම සර්වර් එක රීස්ටාට් කරන්න. ඊට පස්සේ පොස්ට් ස්ක්‍රීන් එක එනකොට Ctrl + P ඔබන්න. (එතකොට මේ වගේ ස්ක්‍රීන් එකක් ඒවි. එහෙම ආවෙ නැත්නම් බයෝස් වලට ගිහින් බලන්න AMT Options කියල තියෙනවනම් ඒක එනේබල් කරන්න.) මේකේ MEBx Login කියන එකට යන්න. එතකොට පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. මෙතන ඩිෆෝල්ට් පාස්වර්ඩ් එක දෙන්න "admin" කියල. ඒක වැඩ නොකලොත් "P@ssw0rd". ඊට පස්සේ නිව් පාස්වර්ඩ් එකක් දෙන්න කැපිටල් ලෙටර් එකක්, අකුරු ඉලක්කම් නොවන එකක් සහ නම්බර් එකක් ඇතුලත් අකුරු 8කර නොඅඩු එකක්.

    iBRS5Swl.jpg


    ස්ටෙප් 02:
    දැන් කරන්න තියෙන්නේ නෙට්වර්ක් සෙටින්ග්ස් හදාගන්න. අපි මේක ඇක්සස් කරන්න යන්නේ වෙබ් බ්‍රවුසර් එකෙන් නේ. මෙතනදී අපි සර්වර් එකට දීල තියෙන ස්ටැටික් අයිපී එකම ගන්නත් පුළුවන්, එත් ඊට වඩා හොඳයි වෙනම අයිපී එකක් දෙන්න පුලුවන්නම් මොකද එකම එක පැටලෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා. පාස්වර්ඩ් එන්ටර් කරලා ලොග් උනාට පස්සේ Intel AMT Configuration වලට යන්න. මේ වගේ ඔප්ෂන් පෙන්නයි එතන.
    WmQKMa3.jpg


    මෙතනින් නෙට්වර්ක් සෙටප් එකට ගිහින් TCP/IP සෙටින්ග්ස් වලට යන්න. ඊටපසේ DHCP ඩිසේබල් කරලා ඉතිරි ටිකත් ෆිල් කරන්න ඔයාලගේ නෙට්වර්ක් එකේ ඩීටෙල්ස් අනුව.
    vfh0Nya.jpg


    ඊට පස්සේ නෙට්වර්ක් සෙටප් එකේ Network Name Settings වලට ගිහින් සර්වර් එකේ නමයි, ඩොමේන් නේම් එකයි දෙන්න. දැන් ආපහු මුලට ඇවිත් Activate Network Access කියන එකට ගිහින් එනේබල් කරන්න. ඒ අතරේ අනික් ඒවත් ඔක්කොම(manageability feature selection,SOL/IDER,Legacy Redirection Mode,KVM Feature Selection) එනේබල් කරන්න

    ස්ටෙප් 03:
    ඔක්කොම හරිද කියල බලල exit වෙලා සර්වර් එක රීස්ටාර්ට් කරන්න. දැන් අපි හදපු එක වැඩ කරනවද බලන්න නෙට්වර්ක් එකේ තියෙන වෙන පීසී එකක බ්‍රව්සර් එකේ මේ විදියට එන්ටර් කරන්න. http://"මුලින් දුන්න ip එක":16992 යුසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ගහල ලොග් වෙන්නයි තියෙන්නෙ. මේකෙන් කරන්න පුළුවන් දේවල් ටික දැන් ඔයාලටම බලාගන්න පුළුවන් මේ විදියට ලොග් වෙලා.

    UOU6OWv.png


    = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = =

    අපි දැන් බලමු HP සර්වර් එකක iLO කන්ෆිග් කරන්නෙ කොහොමද කියල. මේකෙදි අපි මුලින්ම චෙක් කරගන්න ඕන සර්වර් එක iLO සපෝර්ට් ද කියල. සපෝර්ට් නම් මේ වගේ ස්ටිකර් එකක් එළියෙන් ගහල තියෙනව වගේම වෙනම iLO ඊතනෙට් පෝට් එකකුත් එනවා. එක නෙට්වර්ක් කේබල් එකකින් නෙට්වර්ක් එකට කනෙක්ට් කරගන්න.
    SGHmgW7.jpg


    ස්ටෙප් 01:
    සර්වර් එක රීස්ටාර්ට් කරගන්න ඕනි. රීස්ටාර්ට් වෙලා බයෝස් ස්ක්‍රීන් එක ආවම F8 ප්‍රෙස් කරන්න. ඊට පස්සේ මේ වගේ එකක් එයි.

    k4Ne1u5.jpg


    ස්ටෙප් 02:
    දැන් මේකේ Network ටැබ් එකේ DNS/DHCP වලට ගිහින් DHCP ඩිසේබල් කරගන්න. ඊට පස්සේ NIC and TCP/IP වලට ගිහින් නෙට්වර්ක් සෙටින්ග්ස් හදන්න. කැමතිනම් User ටැබ් එකට ගිහින් යූසර්නේම් පාස්වර්ඩ් වෙනස් කරගන්න.

    d0ps3qq.jpg


    2eBCskq.jpg


    ස්ටෙප් 03:
    කලින් වගේම වෙන පීසී එකකින් iLO සෙටින්ග් වල දුන්න ip එකට ලොග් වෙලා යූසර්නේම් පාස්වර්ඩ් ගහල ලොග් වෙන්න. මේකේ URL එකේ අන්තිමට පොර්ට් එක එන්ටර් කරන්න ඕනේ නෑ ඩිෆෝල්ට් එන්නේ 443 (https) නිසා. Administration > Acess Settings > Web Server SSL Port එකට 1024~65535 අතර පෝට් එකක් දාගන්න.

    FnG1WyT.png


    = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = =

    දැන් මේකට රිමෝට් ලොග් වෙන්න ඕනනම් අපිට රවුටර් එකෙන් පොර්ට් එකක් ඕපන් කරන්න වෙනවා. මෙතැනදී ඩිෆෝල්ට් පොට් එක වෙනස් කරන්න පුළුවන් Intel AMT සහ HP iLO වල. ඊට පස්සේ අපිට පුළුවන් ඕනෑම තැනක ඉදන් අපේ සර්වර් එක කන්ට්‍රෝල් කරන්න ලග ඉන්නව වගේ. :love:

    සමහර තැන්වල අඩුපාඩු ඇති, දන්න කෙනෙක් ඉන්නවනම් නිවැරදි කරන්න. :yes:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Rep ++
    Smahara PC walath Wake On Lan feature eken mewidiyatama on karanna puluwan.

    ඔවු එක ඇත්ත එත් කරුමෙට සර්වර් එක ස්ටක් උනාම ඔය මොකුත් වැඩ නැතුව යනවනෙ :sorry: මාත් මුලින්ම WOL සෙටප් කරල තිබ්බේ එත් වැඩේ හරිගියෙ නෑ :sorry: