ඕලු ඇල්ල, වවුලලගල සහ වීඔය....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕලු ඇල්ල, වවුලලගල සහ වීඔය....

    ඕලු ඇල්ලේ, වවුලලගල සහ වී ඔයේ අසිරිය සොයා සබරගමුවට....​

    ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට,
    කාලෙකට ඉස්සර ගියපු පොඩි සංචාරයක තොරතුරු ටිකක් බෙදා ගන්න හිතුනා.
    මේක මීට අවුරුදු 03 විතර උඩදී, ඒ කිව්වේ 2016 අවුරුද්දේ නිදහස් දවසේ ගියපු තනි දවසේ සංචාරයක්.
    ගමන සංවිධානය කලේ අපේ ගමේ මිත්‍රයෝ විසින්.දැනට අවුරුදු 7 විතර ඉඳල අවුරුද්දේ පෙබරවාරි 04 දා නිදහස් දවසේ අපි පුරුද්දක් විදිහට ගමනක් යනවා.
    මේ 2016 දී ඒ වගේ ගියපු ගමන.අපේ ගමනාන්තය විදිහට තෝර ගත්තේ ලංකාවේ තවත් සුන්දරම දිය ඇල්ලක් වෙන ඕලු ඇල්ල සහ වවුලලගල කියන කන්ද.
    මේ ගැන අපි දැනගත්තේ Travel with chathura වැඩසටහනෙන්.

    නිදහස් දිනය හැමෝටම නිවාඩු නිසා යන පිරිස මුලින් සුදානම් කළා. ඊට පස්සේ දවස් 2,3 විතර කලින් ඕලු ඇල්ලට යමු කියල තීරණය කරලා,වාහනයක් සුදානම් කර ගත්තා.ගමන ගැන සංක්ෂිප්ත විස්තරයක් ත්‍රෙඩ් එකේ අන්තිමට ලියල තියෙනවා.
    තනි දවසේ ගමනක් නිසාත්, කෑම බීම සේරම පිටින් ගන්න නිසාත්, ඒ දවස් වල ලංකාවටම තිබුණු අධික පෑවිල්ල නිසා වැස්සෙන් බාධා නැති නිසාත් අපිට අමතර කිසිම බඩු මුට්ටුවක් සුදානම් කරන්න තිබුනේ නැහැ.

    ගමන සිද්ධ වුනු විදිහ ගැන කෙටියෙන් කියනවා නම්,

    අපේ ගමන් මාර්ගය වුනේ, ගම්පහ - ඌරාපොල - රුවන්වැල්ල - යටියන්තොට - පරුසැල්ල සීපොත් පාර - දොඹෙපොල - ඕලූ ඇල්ල - වවුලලගල.
    උදෙන්ම පිටත් වෙලා රුවන්වැල්ලෙන් උදේට කාලා අපි ඔලු ඇල්ල ලඟට එද්දී උදේ 9 විතර ඇති.
    ඕලු ඇල්ල කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ උසින් වැඩිම දිය ඇල්ල.ඕලූ ඇල්ල නිර්මාණය වෙන්නේ වී ඔය මගින්.ඕලු ඇල්ල අසලින් තියෙන ලී පාලම
    තමයි ලංකාවේ වාහන ගමන්කරන්න හැකි එකම ලී පාලම.
    අපි යන කොටත් ඕලු ඇල්ල සෑහෙන දුරට වතුර හිදිලා තිබුනේ.ඕලු ඇල්ලේ ඉස්සරහින් බොහොම ගාම්භීරව නැගී ඉන්නේ දූල්ගල ගිරි මුදුන.
    ( මේ දූල්ගල කන්ද මම මුලින්ම දැක්කේ ඒ වෙලාවේ,ඒක දැකපු මොහොතේම ලොකු ආසාවක් ආවා මේ කන්දට යන්න ඕනේ කියල.
    හැබැයි ගෙදර ඇවිත් ඒ ගැන විස්තර හොයද්දි කිසිම තොරතුරක් ලැබුනේ නැහැ. නමුත් උත්සාහය අත් නොහැරම ඊට මාස කිහිපයකට පස්සේ එතකොට මම වැඩ කරපු ආයතනයේ යාලුවෙක් එකතු කරගෙන ඒ කන්ද නගින්න පුළුවන් වුනා.
    ඒකත් ලොකු අත්දැකීම් ලබපු ගමනක්. ඒ ගැනත් ඉස්සරහට ලියන්නම්)


    5tBi0F6.jpg


    q2Utniy.jpg

    ඔලු ඇල්ල අසලින් තියෙන ලී පාලම


    Ey0CYeT.jpg

    ඉදිරියෙන් පෙනෙන දූල්ගල කඳු පර්වතය.

    TENU6j4.jpg


    sYLgWe9.jpg


    y6lH1mh.jpg


    nno0HgG.jpg


    RAtdpfF.jpg


    ghU2pnR.jpg


    D6umAAV.jpg

    ඕලු ඇල්ලෙ පහල කොටස්

    ඕලු ඇල්ල ළඟ ටික වෙලාවක් ගත කරපු අපි ඊළඟට සුදානම් වුනේ ඇල්ලේ මුදුනට යන්න.ඉතින් අපි ගලින් ගලට අඩිය තියල, සමහර තැන් වලින් දෙබුක්කාවල් සහ කටු පඳුරු මැදින් ගිහින් ඇල්ලේ මුදුනටම ගියා.
    ඇල්ලේ වතුර අඩු නිසා ලොකු බාධාවකින් තොරව පැයකින් වගේ අපි මුදුනට ආවා.

    mQoFA9V.jpg


    kGmdYcf.jpg

    ගල් දෙබුක්කවල්, කටු පඳුරු මැදින් ඇල්ලේ මුදුනට

    pmXojVK.jpg


    wcKLM2f.jpg


    MBn0fOb.jpg

    ඇල්ලේ උඩම මහල( වැස්ස තියෙද්දී නම් මාරම ලස්සනට ඇති )


    3HWx5kt.jpg


    nUFwF6Y.jpg

    ඇල්ලේ මුදුනේ දිය පහර

    O7IPonx.jpg


    nEw9jyL.jpg


    c7C8FEs.jpg


    ඔය විදිහට මුදුනෙත් මොහොතක් ගත කරපු අපි ආපහු පහලට ඇවිත් අපේ ඊළඟ අරමුණ වුනු වවුලලගල කන්ද නගින්න පිටත් වුනා.

    EVokSv7.jpg

    ඔය තියෙන්නේ වවුලලගල.

    වවුලලගල කන්ද පිහිටලා තියෙන්නෙත් ඒ කිට්ටුවමයි. වවුලලගල ට නගින්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. දොඹෙපොල පැත්තෙන් වගේම අමනාවල පැත්තෙනුත් පුළුවන්.
    අපි පාවිච්චි කලේ දොඹෙපොල පන්සල ලඟට ගිහින් එතනින් උඩට නගින්න.සීපොත් පාරේම ඕලු ඇල්ල ළඟ ඉඳල ආපහු චුට්ට දුරක් පහලට ගිහින් පේරගස් හංදිය කියන පාරෙන් හැරිලා වී ඔය හරහා වැටුණු සපත්තු පාලමකින් එගොඩ වෙලා දොඹෙපොල පන්සල ලඟට ඇවිත්, එතනින් අපේ වාහනය නවත්තලා ඉතුරු ටික ගම්මුන්ගෙන් අහගෙන උඩටම ගියා.
    වවුලලගල කියන්නේ ලොකු අමාරුවක් නැතුව මුදුනට යන්න පුළුවන් කන්දක්.මොකද ගමන යන්න තියෙන්නේ ගම මැදින්. කන්ද මුදුනටම වගේ වෙන්න ගෙවල් පිහිටලා තියෙනවා.කන්දේ ඉතිරි 3 පැත්තෙන් තමා ප්‍රපාතය තියෙන්නේ.
    ඔය විදිහට පැයක විතර ගමනකින් අපිට පුළුවන් වුනා වවුලලගල කන්ද මුදුනට එන්න. කන්ද මුදුනේ විශාල තැනිතලාවක්.

    KHWAY3R.jpg


    r6AoOxK.jpg

    ගම මැදින් පාර අහගෙන කන්ද කරා...

    dyGy9sE.jpg


    9ribRfS.jpg


    BIxL3v7.jpg


    mRFWoYc.jpg


    B1k0iYZ.jpg


    56MY4t4.jpg

    කන්දේ ඉහලට වෙන්නට ඇති තේ වතු..

    8tr7uTb.jpg


    mSelrX3.jpg

    ඔය තේ වතු අතරින් පේන්නේ දූල්ගල කන්ද.

    AE1iWfL.jpg


    nzbgfXX.jpg


    tPjQLhT.jpg

    වවුලලගල මුදුන.

    5JKpazC.jpg

    වවුලලගල මුදුන.

    b8KmSNG.jpg

    මුදුනේ දකින්න ලැබෙන එකම ලොකු ගහ.


    කන්ද උඩට අංශක 360 වපසරියක් පේනවා.ඉස්සරහින් වේවැල්තලාව කඳු, සන්නිවේදන කුළුණු,අනෙක් පැත්තෙන් දූල්ගල පර්වතය,ඈතින් දොළොස්බාගේ කඳු පංතීන්, දොඹෙපොල, අමනාවල,දේදුගල,සීපොත් පාර,වී ඔය එහෙමත් ලස්සනට පේනවා.
    ඉතින් ඒ ලස්සන දකින්න නම් ඉතින් එතනට යන්නම වෙනවා.අපි ගිය කාලවකවානුවේ නම් තද පෑවිල්ල නිසා හැම දේම අව්වට වේලිලා තිබුනේ.
    වැස්ස කාලෙක නම් මීට ලස්සනට කොළ පාටින් දකින්න පුළුවන්.

    vSuFTCc.jpg

    ඔය පේන්නේ දොඹෙපොල පන්සල

    9QNd8at.jpg

    දූල්ගල කඳු පර්වතය.

    9PrkRJT.jpg


    DHozgDL.jpg

    වේවැල්තලාව කඳු සහ සන්නිවේදන කුළුණු.

    Y7mNd5B.jpg


    xzHmTgx.jpg


    swmnVjU.jpg


    gOxn88g.jpg


    83i7uP4.jpg

    ඔය ඈතින් පෙන්නේ දොළොස්බාගේ කඳු පන්තීන්.

    wsZIDOK.jpg


    lO4gBQd.jpg


    lJ7lUkt.jpg



    අව්වයි, ගමන් මහන්සියයි, වතුර තිබහයි නිසා අපි ඉක්මනට ආපහු පහලට ආවා.
    එතකොට දවල් කාලයත් පහු වෙලා නිසා අපි වැඩි වෙලා නොගෙනම කිට්ටුවෙන් තිබුණු රෙස්ට් හවුස් එකෙන් කෑම අරගෙනම පහලින් ගලා ගෙන ගිය වී ඔයෙන් හොදට නාගෙන ඉර බහින්න කිට්ටු වෙද්දී අපේ ගමන අවසන් කළා.


    gYEGOsk.jpg


    sAlQyd5.jpg

    ඉර බහින යාමයේ වී ඔයෙන් හොඳට නාගෙන ආවා. මහන්සිය කොහෙන් ගියාද දන්නේ නැහැ.

    2TOwwFX.jpg

    ගමනේ අවසාන සමූහ ඡායාරුපය

    එහෙමනම් ඉදිරියටත් මේ වගේ සංචාරක නූලකින් හම්බ වෙන්නම් ( දූල්ගල ගිරි ශිඛරය නැගපු හැටි ගැන ඊළඟට ලියන්නම්.)එතකන් ආයුබෝවන් අපේ කිරී වාසීන්ට..
    :):):)

    ගමනේ සංක්ෂිප්ත සටහන

    ගමනාන්තය - ඕලු ඇල්ල සහ වවුලලගල

    සිතියම් - පහතින්

    TF3a5DG.jpg


    cvSvQkW.jpg


    ගමන් මාර්ගය - ගම්පහ - රුවන්වැල්ල - යටියන්තොට ( කොළඹ සිට එන්නේ නම් අවිස්සාවේල්ල හරහා පැමිණිය හැක ) - සීපොත් පාර - ඕලු ඇල්ල.
    ඕලු ඇල්ල පිහිටා ඇත්තේ මාර්ගය අයිනේම නිසා පහසුවෙන් ලඟා විය හැක.

    සීපොත් මාර්ගයේ ඕලු ඇල්ලට කලින් පේරගස් හන්දියෙන් දොඹෙපොල ගමට පිවිසිය හැක. දොඹෙපොල පන්සල අසලින් වවුලලගල කරා ලඟා විය හැක.

    විශේෂ සටහන් - ඕලු ඇල්ල යනු ක්ෂණයකින් ජලය වැඩි වන ස්ථානයකි. ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.
    ඇල්ලේ මුදුනට යාමට තේ වතු මැදින් අඩි පාරක් ඇත.
    වවුලලගල මුදුනේ ජල මුලාශ්‍ර නොමැත. ජලය පහලින් රැගෙන යන්න.මග දිගටම ගම්මාන බැවින් ඔවුන්ගේ ජන ජීවිතයට බාධා වෙන අයුරින් කටයුතු නොකරන්න.
    වවුලලගල මුදුන යනු අධික ලෙස අකුණු වදින භූමියකි. අකුණු ගසන අවස්තාවන් වලදී සංචාරයෙන් වැළකෙන්න.
    වැසි සමයන් හිදී කූඩැල්ලන් බහුලය.ඊට සුදානමින් යන්න.
    පොලිතීන්, ප්ලාස්ටික් හැකි තරම් අවම කරන්න.ඒවා නියමිත පරිදි බැහැර කරන්න.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    පට්ට පට්ට...අපි දන්නේ වත් නැති අහලවත් නැති තැන්වල නේ උබ අපිව එක්කන් යන්නේ... ජය වේවා...!